පුද්ගලික වෛද්‍ය විද්‍යාල කා සඳහා ද?
ශ්‍රී ලංකාවේ පවතින සැමට සාධාරණ ප්‍රවේශය යන මූලධර්මය මත පවතින නිදහස් අධ්‍යාපනය විනාශ කිරීමේ කුමන්ත්‍රණය නැවත වරක් ක්‍රියාත්මක වෙමින් පවතී. එහි නවතම උත්සාහය වන්නේ දිගින් දිගටම අසාර්ථක වූ පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපන කඩ නැවත වරක් ක්‍රියාත්මක කිරීමට උත්සාහ දැරීමයි.
2022/23 වසරේ දී ජීවවිද්‍යා විෂය ධාරාවෙන් උසස් පෙළ විභාගයට පෙනී සිටි සියලුම සිසුන් සංඛ්‍යාව 40,329 කි. එයින් A සාමර්ථ 3ක් ලබා ඇත්තේ 817කි. (2.03%)
S සාමාර්ථ 3කට වඩා ලබා විශ්ව විද්‍යාල "අවම ප්‍රවේශ සුදුසු කම" ලබා ඇත්තේ 23,178 කි. (57.47%)
(Source - Department of Examination/performance of candidates - 2022/23)
රාජ්‍ය විශ්ව විද්‍යාල තුළ 2024 වසරට වෛද්‍ය පීඨ 12ක් සඳහා බඳවාගැනීම් සිදුකරයි. වෛද්‍ය උපාධි පාඨමාලාව සඳහා සමස්ත ප්‍රවේශ සංඛ්‍යාව 2085 කි.
දන්ත ශල්‍ය වෛද්‍ය විද්‍යාව සදහා 130කි.

විද්‍යා අංශයේ පමණක් පාඨමාලා 36ක් සඳහා සිසුන් 9562ක් බඳවා ගැනේ. මීට අමතරව තවත් පාඨමාලා 38කට ඇතුළත් වීමේ හැකියාව ජීව විද්‍යා ධාරාවේ සිසුන්ට විවෘතය. එනම් "අවම" වශයෙන් ජීව විද්‍යා විෂය ධාරාවේ සිසුන් 12,000කට පමණ රාජ්‍ය විශ්ව විද්‍යාල තුළ අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව හිමි වී තිබේ.
(source - University Grant commission/admission hand book)
මේ දත්ත සලකා බැලීමේදී පෙනීයන්නේ පාලකයන් විසින් සිදුකරන අරමුදල් කපා හැරීම්, කකුලෙන් ඇදීම්, නොසලකා හැරීම් මධ්‍යයේ වුවත් විද්‍යා අංශයෙන් උසස් පෙළ අවම ලෙස සමත් වූවන්ගෙන් 51.7% ක ප්‍රමාණයක් රාජ්‍ය විශ්ව විද්‍යාල තුළ අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව ලබා ගන්නා බවයි. එයිනුත් 9%ක් වෛද්‍ය ශිෂ්‍යයන් වේ. ඒ අනුව, ආසන්න වශයෙන් උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් සමත්වන සෑම දහ දෙනෙකුගෙන්ම එක් අයෙක් වෛද්‍ය පීඨ වලට ඇතුළත් වෙයි.
එසේ නම් පුද්ගලික වෛද්‍ය විද්‍යාල කා සඳහා ද? රටේ දරුවන් සඳහාද.? නැත්නම් ලාභ හඹායන ව්‍යාපාරිකයන් සඳහා ද..?
උපුටා ගැනීම Doctors For Free Education ෆේස්බුක් පිටුවෙන්
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..