News Category
From Date
To Date
Maximum Number of Result

ලංකා ඉතිහාසයේ විශාලතම ත්‍රස්ත බෝම්බය පිපිරී වසර 29යි

Feb 3, 2025 at 12:44 PM
|

ලංකා ඉතිහාසයේ විශාලතම  ත්‍රස්ත බෝම්බය පිපිරී  2025 ජනවාරි 31 දිනට වසර 29යක් ගතවී ඇත.  ඒ් මහ බැංකු බෝම්බ ප්‍රහාරයයි. එයින්  91 දෙනෙකු  මරුමුවට පත් වී 1,400ක් තුවාල ලැබීය LTTE ම්ලේජ්ජ ත්‍රස්තවාදීන් කොළඹ නගරයම දෙදරුම් කවමින් මහා බැංකුව පුපුරුවා හැරියේය...

මේ සම්බවන්ධයෙන් පසුගියදා සමාජ මාධ්‍ය තුළ සංසරණය වන මෙම ලිපිය කාලීන වැදගත්කම සලකා මෙසේ පළ කරන්නෙමු. 


වසර 29 පෙර අද වැනි දිනක LTTE ම්ලේජ්ජ ත්‍රස්තවාදීන් කොළඹ නගරයම දෙදරුම් කවමින් මහා බැංකුව පුපුරුවා හැරියේය...

සියයකට අධික පිරිසක්‌ මරුමුවට පත්කර තවත් 400 ක්‌වූ සංඛ්‍යාවක්‌ බරපතල තුවාල ලැබූ කොටුවේ මහ බැංකුවට එල්ලවූ වාහන බෝම්බ ප්‍රහාරයට අදට (31) වසර 25 ක්‌ ගතවේ. 1996 ජනවාරි 31 වැනිදා සිදුවූ මේ සමූල මිනිස්‌ ඝාතනය මෙරට සැබෑ "කළු ජනවාරි" මාසය ලෙස හැඳින්විය හැක. මේ විනාශකාරී ක්‍රියාදාමය නිසා රුපියල් මිලියන 1500 කට අධික දේපළ විනාශයක්‌ සිදුවිය. මෙහිදී දරුවන්ට දෙමවුපියන් ද මව්වරුන්ට තම දූ පුතුන් ද අහිමි විය. වාහන බෝම්බයට ගොදුරු වූ බොහෝ දෙනෙකුගේ සිරුරු කැබලි බවට පත්වී තිබිණි. මේ විනාශයට යොදා ගනු ලැබුවේ හැරිසයිට්‌ හෙවත් සී. 4 නමැති අධිබල පුපුරණ ද්‍රව්‍ය නිසා ඇතැම් අහිංසකයන්ගේ සිරුරු අළු බවට පත්වී තිබිණි.

කොළඹ කොච්චිකඩේ, ජම්පටා වීදියේ සිට ධාවනය වූ අංක 42-6452 දරන ලොරිය කොටුවට එනතුරුත් කිසිදු පරීක්‍ෂාවකට ලක්‌නොවී තිබිණි. එහෙත් මහබැංකු බෝම්බ ප්‍රහාරයේ ඝාතකයන්ගෙන් දෙදෙනකු අසුවීමෙන් මෙම සමූල ඝාතනය මෙහෙය වූයේ ඝාතකයා සහ අලුගෝසුවා ප්‍රභාකරන් යෑයි හෙළි විය. මෙම වාහන බෝම්බය පිපිරීමත් සමගම ඊට සම්බන්ධව ත්‍රස්‌තයන් දෙදෙනකු මහ බැංකු මූලස්‌ථානය අසල සිට දෙපැත්තට වෙඩි තබමින් යෝර්ක්‌ වීදිය ඔස්‌සේ පැමිණ ත්‍රිරෝද රියකට නැගී පලා යන අවස්‌ථාවේ පොලිසියට ලත් තොරතුරු මත ඔවුන් පසුපස හඹා යැමේදී ඔවුන් රෝහිනී පටුමගේ බේකරියකට රිංගා තිබේ.

එහිදී ඔවුන් ඇඳ සිටි බෝම්බ ඇඳුම ඉවත දමා පලා යැමට උත්සාහ කරත්ම අවට රැස්‌වූ ජනතාවගේ සහාය මත අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිවිය.

එම බේකරිය පරීක්‍ෂා කිරීමේදී ත්‍රස්‌තවාදීන් දෙදෙනා ගෙන ආ ටී. 56 ප්‍රහාරක අවි 2 ක්‌ පුපුරණ ද්‍රව්‍ය අඩංගු ජැකට්‌ 2 ක්‌ සහ අත්බෝම්බ 4 ක්‌ අසුවිය. මේ ත්‍රස්‌තවාදීන් දෙදෙනා නම් විග්නේශ්වරන් නාදන් හෙවත් කාලි සහ කදිරගාමර් තම්බි සිවකුමාර් නොහොත් රගුය.

මෙකී මහ බැංකු ප්‍රහාරය සම්බන්ධව අධිකරණය හමුවේ සාක්‍ෂි දුන් රජයේ රස පරීක්‍ෂක සරත් ගුණතිලක මහතා අඩු තරමින් කිලෝග්‍රෑම් 250 ක්‌ පුපුරණ ද්‍රව්‍ය ඊට අඩංගු වී තිබූ බවයි. 

අත්අඩංගුවේ පසුවූ ත්‍රස්‌තවාදීන් දෙදෙනාගෙන් එක්‌ අයෙක්‌ වූ පස්‌වැනි විත්තිකරු පැවසුවේ වාහන බෝම්බය සමග මැරුන රාජු නමැති කළුකොටි මරාගෙන මැරෙන ත්‍රස්‌තවාදියා සමග සෝනිබේස්‌ කඳවුර කඳවුරට පැමිණ ප්‍රභාකරන්, පොට්‌ටුඅම්මාන්, චාල්ස්‌ සමග සාකච්ඡා කළ බවත් එහිදී ප්‍රභාකරන් විසින් රාජුට රිදියෙන් තැනූ සිහිවටනයක්‌ දුන් අතර එහි ශ්‍රී ලංකාවේ සිතියම කොටා ඊළාම් රාජ්‍යය ද දක්‌වා තිබූ බවයි.

ප්‍රභාකරන් විසින් "රාජුට" දුන් සිහිවටන ඵලකය සිය දිවි නොතකා කොටින් සිටින මුතූර්හි පොල්වත්තකට ගොස්‌ එහි පිහිටි නිවසක තිබියදී සොයා ගත්තේ ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක නිලබ්දීන්ය.

මෙම නිවසේ සිටියේ රාජුගේ පියායි. එම නිවසේ ට්‍රන්ක්‌ පෙට්‌ටියක්‌ පරීක්‍ෂා කළ නිලබ්දීන් සුදුපාට කවරයක දමා තිබූ එම සිහිවටනය සොයා ගනු ලැබීය. ඒ වන විට තමිල්නාඩු පොලිසිය ප්‍රභාකරන්ගේ ඇඟිලි සලකුණු ශ්‍රී ලංකා රහස්‌ පොලිසියට සපයා තිබිණි.

මෙම සිහිවටන ඵලකය ඇඟිලි සටහන් අංශය වෙත යොමු කිරීමෙන් පසු උප පොලිස්‌ පරීක්‍ෂක නෝමන් පෙරේරා, පොලිස්‌ සැරයන් ආර්. එම්. ටී. බී. රත්නායක හා පොලිස්‌ සැරයන් පී. කේ. ආරියපාල යන නිලධාරීන්ගේ විමර්ශනයට ලක්‌විය.

එම විමර්ශනයේදී සනාථ වූයේ කරිකාලන් හෙවත් වේළුසාමිගේ පුතා හෙවත් ප්‍රභාකරන්ගේ ඇඟිලි සලකුණු එහි තිබූ බවයි.

කොටුවේ මහබැංකු බෝම්බ පිපිරවීම සම්බන්ධව ප්‍රභාකරන්, පොට්‌ටුඅම්මාන් ශිවසංකර්, කන්දයියා ජීව මොහාන් හෙවත් චාල්ස්‌ විග්නේශ්වරනාදන්, කදිරගාමම් තම්බි, සෙල්ලයියා නවරත්නම්, රාජදුරේ සතුරුකුලසිංහම්, කන්දයියා ශ්‍රී ගනේශ්, රාමයියා පාවනී සහ කරුපයියා කමලනාදන් යන ත්‍රස්‌තයන්ට එරෙහිව චෝදනා 715 ක්‌ ඉදිරිපත් විය.

මින් ප්‍රභාකරන් ඇතුළු ත්‍රස්‌තයන් සිව් දෙනකුට චෝදනා 51 ක්‌ එල්ල විය. ප්‍රභාකරන් ජීවතුන් අතර සිටියදීම මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය මහතා වසර 200 ක සිරදඬුවමක්‌ හා නිශ්චල චංචල දේපළ සියල්ල රාජසන්තක කිරීමට ද නියෝග කළේය.

තමා විසින් රාජු නමැති කළු කොටි ත්‍රස්‌තයාට තෑගි කළ සිහිවටන ඵලකය පොලිස්‌ පරීක්‍ෂක නිලබ්දීන් විසින් සොයාගත් බව හෙළිවීම නිසා ප්‍රභාකරන් දැඩි ලෙස කෝපයට පත් විය.

ඒ නිසාම කොටි නිලබ්දීන්ව ඝාතනය කිරීමට සත් වතාවක්‌ම දැරූ උත්සාහය ව්‍යාර්ථ විය. අද නිලබ්දීන් විදේශ රටක ජීවත්වේ. ප්‍රභාකරන්ගේ ඇඟිලි සටහන් සනාථ කිරීමට සිය දිවි නොතකා සාක්‍ෂි දුන් ඇඟිලි සටහන් අංශයේ හිටපු පොලිස්‌ නිලධාරීන්ට රුපියල් 5000 ක මුදලක්‌ මෑතකදී ලබාදීමට පොලිස්‌ දෙපාර්තමේන්තුව උත්සාහ කළ අවස්‌ථාවේ විශ්‍රාමික පොලිස්‌ සැරයන් ආර්. එම්. ටී. බී. රත්නායක එය ප්‍රතික්‍ෂේප කළේය.

මෙලෙස සරත් අඹේපිටිය මහතා ප්‍රභාකරන්ට වසර 200 ක්‌ සිරදඬුවමක්‌ නියම කළ බව ඇසීමෙන් කොටි න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම් කෝපිවිෂ්ඨ වී, "අපි ශ්‍රී ලංකා රාජ්‍ය නායකයන්ව වසර 1000 කට සිරයට නියම කරනවා"යෑයි පැවසීය.

මෙයට වසර 25 කට පෙර කොටුවේදී මහ දවල් රාජ්‍ය සේවක සේවිකාවන්, නිලධාරීන් සසහ සිවිල් වැසියන් සමූල ඝාතනවීම සම්බන්ධයෙන් කොටුවේ දුම්රිය ස්‌ථානය හෝ ලිප්ටන් වටරවුමේදී විරෝධතාවන් පැවැත්වුණේ නැත. සැබෑ "කළු ජනවාරිය" යනු අදයි. එහෙත් ප්‍රභාකරන්ගේ මවගේ අවමඟුලට සහභාගි වූවෙක්‌ හා ද්‍රවිඩ නිජබිම පිළිගත යුතුයි හා කොටින්ට සටන් කිරීමේ හිමිකම ඇති බවට පැවසූවෙක්‌ එක්‌වී පසුගියදා ව්‍යාජ කළු ජනවාරියත් ප්‍රකාශයට පත් කිරීමට දැරූ උත්සාහය අසාර්ථක විය.

එසේ වුවත් ඝාතක ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදී භීෂණයට ලක්‌වී මියගිය මේ සිවිල් වැසියන් අප අද දින සිහිපත් කරන්නෙමු. අපේ රටට අවශ්‍ය ද්‍රෝහීන් නොව දේශප්‍රේමීන් යැයි පැවසුවේ බ්‍රිතාන්‍යයේ අගමැතිවරයකු වූ වින්සන්ට්‌ චර්චිල්ය..!!!

සම්බන්ධිත පුවත් | Related News

ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රිනියට චීනයට යන ගුවන් යානයට ගොඩවීමට නොහැකි වූ පුවතක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ සංවාදයක් නිර්මාණය වී ඇත.
ආන්තවාදයට විරුද්ධව කටයුතු කිරීම ආරම්භ කළේ 2002 වසරේදී එක්තරා ක්‍රිස්තියානි දෙමළ පූජකවරයකු විසින් බුදුපිළිමයක් පාගාගෙන සිදුකළ යාඥා කිරීමක් දැකීමෙන් පසුව බවත්, එදා එය දැක දැඩි කෝපයක් ඇති වූ බවත් ගලගොඩ අත්තේ ඥානසාර හිමි විසින් ප්‍රකාශ කරන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
Born Again ඇදහීම ශ්‍රී ලංකාවේ මුලින්ම ආරම්භ වෙන්නේ දශකයකට එකහමාරකට කලින්.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38(2) වගන්තියට අනුව ජනාධිපතිවරයෙකුට එරෙහිව දෝෂාභියෝගයක් (Impeachment) ගෙන ඒමට පැහැදිලි ප්‍රතිපාදන ඇත.
භාස්කර II (භාස්කරාචාර්ය) යනු බ්‍රහ්මගුප්තගෙන් වසර 500කට පමණ පසු, එනම් ක්‍රි.ව. 12 වන සියවසේදී (ක්‍රි.ව. 1150 දී පමණ) විසූ තවත් ශ්‍රේෂ්ඨ ඉන්දීය ගණිතඥයෙකු සහ තාරකා විද්‍යාඥයෙකි. ඔහු බ්‍රහ්මගුප්ත ඉදිරිපත් කළ මූලික ගුරුත්වාකර්ෂණ අදහස් තවදුරටත් පුළුල් කරමින්, සිය සුප්‍රසිද්ධ “සිද්ධාන්ත ශිරෝමණී” නම් ග්‍රන්ථයේ "ගෝලාධ්‍යාය" නම් පරිච්ඡේදය තුළ මේ පිළිබඳව ඉතා පැහැදිලි විද්‍යාත්මක විග්‍රහයක් සිදු කළේය. සර් අයිසැක් නිව්ටන්ට වසර 500කට පෙර, භාස්කර II විසින් ගුරුත්වාකර්ෂණය සහ ආකාශ වස්තූන්ගේ පැවැත්ම ගැන ප්‍රකාශ කළ ප්‍රධාන කරුණු මෙසේය.
2050 වන විට ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනගහණය සිංහල ජනගහණය අභිබවා යන බවත්, සිංහල ජාතිය මහ ජාතිය ලෙස මෙරට තුළ ජීවත්වන අවසාන සියවස මෙය බවත් මුස්ලිම් පූජකවරයකු විසින් පවසන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.
දණපතියන්ගේ කැසිනෝ බදු ඉවත් කර සබන් කැටේ බදු වැඩිකර හාල් මාෆියාව ඇතිකළේ වත්මන් ආණ්ඩුවේම පිරිස බව දේශපාලන වේදිකා තුළ ඇතිවූ කතාබහ ආශ්‍රයෙන් සමාජ මාධ්‍යයේ පළ වූ වීඩියෝවක් පහතින් දැක්වේ.
රනිල් වික්‍රමසිංහ මහතාව බොහෝ දෙනෙකු විශාල ලෙස අපවාදයට ලක්කළ බවත් පහර ගැසූ බවත්, එතරම් අපහාස විඳගත් ජනාධිපතිවරයකු තවත් නොමැති බවත් රංගන ශිල්පී කලන ගුණසේකර පවසයි.

ප්‍රධාන පුවත්

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.