News Category
From Date
To Date
Maximum Number of Result

රට අරාජික කරන ගේම් පැලෑන් එකක් රටේ රාළ හෙළි කරයි

Feb 2, 2025 at 04:50 PM
|

මහ බැංකු හොරු සහ බහාලුම් හොරු මාතෘකාව යටතේ රටේ රාළ නමින් අනුවර්ථ නාමයකින් පෙනී සිටින ලියුම් කරුවෙකු විසින් සමාජ මාධ්‍ය වෙත යොමුකර ඇති ලිපියක් එහි ඇති වැදගත්කම සලකා පහතින් පළ කරන්නෙමු.

උපුටා ගැනීම
''මහ බැංකු හොරු සහ බහාලුම් හොරු.
රටේ රාළට ලියපු " අනුර ගැන බරපතල සැකයක් " සහ " ජවිපෙ දේශපාලන දඩයමකට සැරසෙනවාද " ලිපි දෙකෙන් පස්සේ රටේ රාළගේ සමීපතම යාලුවෝ කීපදෙනෙක් කිව්වේ වීසා එකක් හදාගෙන පිටරටකට යන්න බලන්න කියලයි. තවත් සමහරු ඇහුව්වේ ජවිපෙ එතෙන්ට පත්වෙන හැටි කියන්න කියලයි.මේ ප්‍රශ්න දෙකටම උත්තර දෙන්න රටේ රාළ හිතුවා. ආණ්ඩුව අන්තිමටම දාගත්ත කේෂ් එක තමයි බහාලුම් කේෂ් එක.දැන් බස්නාහිර ආණ්ඩුකාරවරයා ඒ බහාලුම් ගේන්න තමන් හෝ තමන් කලින් හිටපු company එක සම්බන්ධ නෑ කියලා කියනවා.
එහෙම චෝදනා කරපු අයට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් පැමිණිලි කරලා. යුසුෆ් එහෙම නෑ කිව්වට තවමත් ඒ කතාව පිලිනොගන්න විශාල පිරිසක් ඉන්නවා.ඇත්තටම යුසුප්ට තමන්ගේ නිර්දෝශීභාවය ඔප්පු කරන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලීසිය ගානේ බඩගාන්න ඕනි නෑ.ආණ්ඩුව පැත්තෙන් බඩු ගෙනාවේ කොහෙන්ද,කාටද, මොනවද ගෙනාවේ කියලා කිව්වා නං ඉවරයි.ඒක කරන්න බැරි මේක ඇතුලේ හොර වැඩක් තියන හින්දායි කියලා ඕනිම කෙනෙකුට සාධාරණ සැකයක් තියනවා.
ගිය නුවන ඇතුන් ලවාවත් අද්දන්න බෑ කියනවා. දැන් ඉතින් මේක අනුරගේ මහා බහාලුම් වංචා විදිහට ඉතිහාස ගතවෙනවා.ඒකට බයියෝ සහ ජෙප්පෝ අපිට වෛර කරලා වැඩක් නෑ.මේකත් හරියට රනිල්ට බැංකු හොරා කිව්වා වගේ කතාවක්.ඒ අර්ථයෙන් හිතුවොත් අනුරට බහාලුම් හොරා කියන එක අසාධාරණ නෑ.දැන් මේ ආණ්ඩුවේ විවෘතභාවය,විනිවිදභාවය සම්බන්ධ ප්‍රශ්නක් රට ඉස්සරහා මතුවෙලා තියනවා.
ආණ්ඩුව රටේ ප්‍රශ්න විසදන්නේ නැතිව දේශපාලන දඩයම පටන් අරන්.හොරු ඇල්ලීම දියාරු කරමින් දේශපාලන දඩයම උඩට ගේන බව පේනවා.මේ තත්වය එන්න එන්නම නරක අතට හැරෙන එක නවත්තන්න බෑ.ආර්ථික අර්බුදය තීව්‍ර වෙන්න වෙන්න ආණ්ඩුවේ දේශපාලන දඩයමත් වැඩි වෙනවා.හෙට දවසේ මතු වෙන ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයක් බවට පත්වෙන එක නතර කරන්න බෑ.අනුර නෙවෙයි දෙවියන් වහන්සේ ඔතන හිටියත් රට ගොඩනගන්න නම් සාමුහික උත්සාහයක් ගන්න ඕනි.
රනිල් ජනාධිපති විදිහට ඉන්දැද්දිත් රටේ රාළ කළේ ඒ යෝජනාව.ඇත්තටම දැනුත් ප්‍රායෝගික වෙන්නේ ඒකම තමයි.හැබැයි ජවිපෙ කියන්නේ හොරු දුෂිතයෝ එකක් බෑ කියලනේ.ජවිපෙට තව වැඩි දවසක් ඔය කතාව කියන්න බෑ.දැන් ජවිපෙටත් හොර සහ දුෂිත ලේබල් වැදිලා ඉවරයි. බහාලුම් හොරකම කියන්නේ ඒවායින් එකක් විතරයි.ජවිපෙට ජනතාව හොරු අල්ලන්න වගකීම දුන්නේ ඉතාමත් විශ්වාසයෙන්.
ජවිපෙ කියන බොරුවලට රැවටෙන්න එපා කියලා රටේ රාළ දිගටම කිව්වත් ජනතාව එදා ඒක විශ්වාස කළේ නෑ.හැබැයි දැන් ජවිපෙත් වරායෙන් නීති විරෝධී විදිහට බහාලුම් පන්නනකොට ජනතාවට ඒ සැකය ඇවිත් තියනවා.ඒවා යුසුෆ්ගේ කොම්පැණියේ නෙවෙයි නං යුසුෆ් චෝදනාවෙන් නිදහස් වෙයි.හැබැයි අනුර ඇතුළු ආණ්ඩුවට චෝදනාවෙන් නිදහස් වෙන්න බෑ.එහෙනම් ඒවා ගේනාවේ කාටද කියන ප්‍රශ්නය ආයෙත් එනවා. ආර්ථික අර්බුදය ඉස්සරහා ජනතාව පාරට එන එක අනුරගේ බණවලින් නවත්තන්න බෑ.
ඒ වගේ තත්වයක් යටතේ ජවිපෙ කොහොම හැසිරෙයිද?ජවිපෙ ආණ්ඩුවක් මීට කලින් කවුරුත් දැකලා නෑ.ඒක නිසා ජවිපෙ හැසිරීම ගැන guess කරන්න කාටවත් බෑ.හැබැයි ජවිපෙ ඇතුලේ අවුරුදු 20 ක් හිටපු කෙනෙක් විදිහට රටේ රාළට ඒ ගැන විග්‍රහයක් තියනවා.ඒ වගේම ජවිපෙන් අයින් උනාට පස්සේ ජවිපෙ ගෙනාපු මර්ධනය ගැනත් රටේ රාළට අද්දැකීමක් තියනවා.මේ අර්බුදය විසින් නිර්මාණය කරන දැවැන්ත දේශපාලන අර්බුදය නියතයක්.ජනතාව මේ ආණ්ඩුවට එරෙහිව පාරට එනවා.ඒක ගෝඨාභයගේ ආණ්ඩුවට උනාට වඩා ඉක්මනට වෙන එකත් ස්ථිරයි.
ඒ වගේ තත්වයක් යටතේ අනුර සහ ජවිපෙ - මාලිමා ආණ්ඩුව මොකක් කරයිද?ඕක තමයි ගොඩක් අයට තියන ප්‍රශ්නය.එතනදී අනුරට options තුනක් තියනවා.එකක් තමයි රටේ මතුවෙන අර්බුදයේ උපරිම තැනදී ගෝඨාභය වගේ පිටිපස්සේ දොරෙන් පැනලා යන්න.රටේ රාළට ඒ ගැන තියෙන්නේ පනහට පනහේ අදහසක්.මොකද අනුරගේ දේශපාලන ඉතිහාසයම කියන්නේ පැනලා යෑම් සහ මඟහැරීම්.
හැබැයි දැන් තත්වය ඊට වඩා වෙනස් කියලා රටේ රාළත් පිලිගන්නවා.අනුරට ඊළඟ උත්තරය විදිහට තියෙන්නේ පවතින තත්වයට අනුගත වෙමින් පොදු ක්‍රියා මාර්ගයකට එන එකයි.එතනදී රටේ රාළ යෝජනා කරන්නේ අනුරගේ ජනාධිපතිත්වය යටතේම සර්ව පාක්ෂික ආණ්ඩුවක්.ඒ වගේ එලියේ ගොඩනැගෙන ජනතා බලයට නායකත්වයට දෙන්න මහජන කවුන්සිලයක්.මේ ත්‍රිත්වයේ එකතුවකින් ගෙනියන ජාතික එකඟතා වැඩපිලිවෙලක්.
ඒ හරහා අනුරගේ කාලය සම්පුර්ණ කිරීමේ ක්‍රියාවලියකට යන්න පුලුවන්.එතනදී හැදෙන්නේ නිර්පාක්ෂික ජනාධිපති භූමිකාවක්,සර්වපාක්ෂික ආණ්ඩුවක්,ජාතික එකඟතා වැඩපිලිවෙලක් සහ ශක්තිමත් මහජන කවුන්සිලයක්.අනුරට ඒ යෝජනාවත් පිලිගන්න බැරි නං තියෙන්නේ ජනතා නැගිටීමත් එක්ක ගැටුමකට යන එක විතරයි. ඒකට මර්ධනය ක්‍රියාත්මක කරන්න ඕනි.
ඔය උත්තර තුන අනුර ඉස්සරහා තියනවා.අනුරට තමන්ගේ අභිමතයට පරිදි ඕනිම උත්තරයක් එදාට තෝරගන්න පුලුවන්.මෙතනදී අනුර තුන් වෙන උත්තරය තෝරනවා නම් මර්ධනය කියන එක හැම කෙනාටම එනවා.විශේෂයෙන්ම සමාජ ක්‍රියාකාරීන්ට සහ විපක්ෂයේ සියලු දෙනාට මර්ධනය එනවා.ඒක සජිත්ටද,රනිල්ටද මහින්දට කියලා නෑ.මතක තියාගන්න දැන් රාජ්‍ය බලය තියෙන්නේ පන්ති වෛරය ඇඟට කාවද්දපු කණ්ඩායමක් අතේ.
රනිල්ලාට,සජිත්ලාට,මහින්දලාට.....එයාලා සලකන්නේ එයාලගේ පන්තියට හතුරු අය විදිහටයි.රටේ රාළලාට සලකන්නේ එයාලගේ පන්තියේ ඉන්න හතුරෝ විදිහටයි.ඔය දෙගොල්ලන්ටම එයාට තියෙන්නේ එක උත්තරයයි.ඇත්තටම ඒ මර්ධනයෙන් බේරෙන්න ඕනි නම් විපක්ෂයටත් තියෙන්නේ එකම එක උත්තරයයි.ඒ තමයි සමස්ථ විපක්ෂයම එකට එකතුවීම විතරයි.එහෙම නැතිව එජාප සහ සජබය විතරක් එකතු උනා කියලා වැඩක් නෑ.දැන් ඒ කතාව විපක්ෂයේ තැන් තැන්වලින් මතුවෙන්න පටන් අරන්.
එහෙම අදහසක් රවී කරුණානායක කියනවා රටේ රාළ දැක්කා.රවී කියන්නේ පොදු ගමනක් වෙනුවෙන් සියලු විපක්ෂ කණ්ඩායම එකතු වෙන්න ඕනි කියලයි.රනිලුත් පහුගිය දවසක පක්ෂ ගණනාවක නියෝජිතයින් හමුවෙලා තිබ්බා.දැන් විපක්ෂයට සමගිවීම හැර වෙන උත්තරයක් නෑ.එක්ව මුහුණ දීමේ උපක්‍රමයකට යන්න ඕනි වෙලාවක් මේක.ඊළඟට විපක්ෂයේ ඇතැම් අයට චෝදනා තියනවා.ඒවා ඔප්පු කරලා නීතියෙන් දඩුවම් දෙන එක ආණ්ඩුවේ වැඩක්. ආණ්ඩුවට එහෙම කරන්න බැරි උනොත් ඒ සියලු චෝදනවලින් විපක්ෂය නිදොස්කොට නිදහස් වෙනවා.
ඒ අර්ථයෙන් හිතුවත් විපක්ෂයට එකතු වෙන්න කිසිම බාධාවක් නෑ.අවශ්‍ය වෙන්නේ පොදු සතුරාට එරෙහි ශක්තිමත් එකතුවක්.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ."

සම්බන්ධිත පුවත් | Related News

ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රිනියට චීනයට යන ගුවන් යානයට ගොඩවීමට නොහැකි වූ පුවතක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ සංවාදයක් නිර්මාණය වී ඇත.
ආන්තවාදයට විරුද්ධව කටයුතු කිරීම ආරම්භ කළේ 2002 වසරේදී එක්තරා ක්‍රිස්තියානි දෙමළ පූජකවරයකු විසින් බුදුපිළිමයක් පාගාගෙන සිදුකළ යාඥා කිරීමක් දැකීමෙන් පසුව බවත්, එදා එය දැක දැඩි කෝපයක් ඇති වූ බවත් ගලගොඩ අත්තේ ඥානසාර හිමි විසින් ප්‍රකාශ කරන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
Born Again ඇදහීම ශ්‍රී ලංකාවේ මුලින්ම ආරම්භ වෙන්නේ දශකයකට එකහමාරකට කලින්.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38(2) වගන්තියට අනුව ජනාධිපතිවරයෙකුට එරෙහිව දෝෂාභියෝගයක් (Impeachment) ගෙන ඒමට පැහැදිලි ප්‍රතිපාදන ඇත.
භාස්කර II (භාස්කරාචාර්ය) යනු බ්‍රහ්මගුප්තගෙන් වසර 500කට පමණ පසු, එනම් ක්‍රි.ව. 12 වන සියවසේදී (ක්‍රි.ව. 1150 දී පමණ) විසූ තවත් ශ්‍රේෂ්ඨ ඉන්දීය ගණිතඥයෙකු සහ තාරකා විද්‍යාඥයෙකි. ඔහු බ්‍රහ්මගුප්ත ඉදිරිපත් කළ මූලික ගුරුත්වාකර්ෂණ අදහස් තවදුරටත් පුළුල් කරමින්, සිය සුප්‍රසිද්ධ “සිද්ධාන්ත ශිරෝමණී” නම් ග්‍රන්ථයේ "ගෝලාධ්‍යාය" නම් පරිච්ඡේදය තුළ මේ පිළිබඳව ඉතා පැහැදිලි විද්‍යාත්මක විග්‍රහයක් සිදු කළේය. සර් අයිසැක් නිව්ටන්ට වසර 500කට පෙර, භාස්කර II විසින් ගුරුත්වාකර්ෂණය සහ ආකාශ වස්තූන්ගේ පැවැත්ම ගැන ප්‍රකාශ කළ ප්‍රධාන කරුණු මෙසේය.
2050 වන විට ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනගහණය සිංහල ජනගහණය අභිබවා යන බවත්, සිංහල ජාතිය මහ ජාතිය ලෙස මෙරට තුළ ජීවත්වන අවසාන සියවස මෙය බවත් මුස්ලිම් පූජකවරයකු විසින් පවසන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.
දණපතියන්ගේ කැසිනෝ බදු ඉවත් කර සබන් කැටේ බදු වැඩිකර හාල් මාෆියාව ඇතිකළේ වත්මන් ආණ්ඩුවේම පිරිස බව දේශපාලන වේදිකා තුළ ඇතිවූ කතාබහ ආශ්‍රයෙන් සමාජ මාධ්‍යයේ පළ වූ වීඩියෝවක් පහතින් දැක්වේ.
රනිල් වික්‍රමසිංහ මහතාව බොහෝ දෙනෙකු විශාල ලෙස අපවාදයට ලක්කළ බවත් පහර ගැසූ බවත්, එතරම් අපහාස විඳගත් ජනාධිපතිවරයකු තවත් නොමැති බවත් රංගන ශිල්පී කලන ගුණසේකර පවසයි.

ප්‍රධාන පුවත්

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.