News Category
From Date
To Date
Maximum Number of Result

මරණය ඉදිරියේ නොසැලුණු මිනිසුන් වියට්කොන් ගරිල්ලා සටනේ අසහාය වීරයා Nguyễn Văn Trỗi..!

Jan 31, 2025 at 10:54 AM
|

ශ්‍රේෂ්ඨ වියට්කොන් ගරිල්ලන් විසින් නිර්මාණය කරන ලද අසහාය සටන් කරුවෙකු ලෙස Nguyễn Văn Trỗi හැඳින් විය හැක. ඇමෙරිකානු අධිරාජ්‍යවාදීන්ට එරෙහිව සටන් වැදුණු වියට්කොන් භටයන් මෙන්ම වියට්නාම් වැසියන් තරමට පරිත්‍යාගයන් කල තවත් මිනිස් කොට්ටාශයක් මේ ලොව ඇතිදැයි සැකය. දැවැන්ත මර්ධනයක් අභියස එඩිතර බව ලොවට පෙන්වූ කුඩා මිනිසුන්ගේ අරගලය අවසානයේ නිමාවට පත් වුයේ ඇමෙරිකානුවන්ට සදාකාලික අමතක නොවන පාඩමක් උගන්වමිනි.
තම මව්බිමේ නිදහස වෙනුවන් ඕනෑම අභියෝගයක් බාර ගැනීම ඔහුගේ ඒකායන පැතුම විය. සමාජවාදී චින්තනයෙන් පෝෂණය ලැබූ ඔහුගේ කය මෙන්ම සිතද වානේ මෙන් සවිමත් විය. වියට්නාම් වැසියන්ට දිගින් දිනගටම එල්ල කරන සංහාරක බෝම්බ වර්ෂාවට ප්‍රතිචාර දැක්වීමට Nguyễn Văn Trỗi වුවමනා විය. ඔහුගේ පාර්තනාව කුටප්‍රාප්තියට පැමිණියේ දකුණු වියට්නාමයට පැමිණෙන තම මව්බිමේ පරම සතුරා විනාශ කිරීමේ මගට අවතීර්ණ වෙමිනි. එකල එක්සත් ජනපද ආරක්ෂක ලේකම් වුද , දිගු කලක් සීඅයිඒ සංවිධානයේ ප්‍රධානියා වුද Robert McNamara සමග වියට්නාමයේ ඇමෙරිකානු තානාපති වූ Henry Cabot Lodge Jr. යන දෙදෙනාම එකවර මරා දැමීම ඔහුගේ සැලසුම විය. ඔවුන් දෙදෙනා 1963 මැයි 23 වෙනි දින දකුණු වියට්නාමයට පැමිණි අතර, තම මව්බිම වනසා දමන ප්‍රධාන සතුරා ගේ ඉරණම වෙනස් කිරීම පිණිස ඔහු තම උදරය මත බෝම්බ අතුරා ඔවුන් වෙත පැන සිය දිවි නසා ගැනීමට තීරණය කළේය. කෙසේ වුවද , ඔහුගේ ඉලක්කයට ලඟා වීමට ප්‍රථමයෙන් ආරක්ෂක අංශයේ අත්අඩංගුවට පත් විය.
අනතුරුව ඇමෙරිකන් ගැති දකුණු වියට්නාම් පාලනය විසින් ඔහු ප්‍රසිද්ධියේ වෙඩිතබා මරා දැමීමට තීන්දු කළේය. වියට්කොන් ගරිල්ලා සටන් ඉතිහාසයේ ප්‍රථම වරට සාමාජිකයෙකු ප්‍රසිද්ධියේ වෙඩි තබා මරා දැමීමට තීන්දු කලේ ඔහු වෙනුවෙනි. මෙම නඩු තීන්දුව අතර තුර තවත් අපුරු සිදුවීමක් වෙනිසියුලාවේ සිදු විය. FALN, නොහොත් වෙනිසියුලානු කොමියුනිස්ට් සටන්කාමීන් විසින් ඇමෙරිකානු ගුවන් හමුදාවේ ලුතිනන් කර්නල් වරයෙකු වූ Michael Smolen අත්අඩංගුවට ගෙන තිබුනි. වෙනිසියුලානු සටන්කාමීන් විසින් ප්‍රකාශයට පත් කලේ වීරෝධාර වියට්කොන් භටයා , Nguyễn Văn Trỗi මරණයෙන් මුදවා ගැනීම පිණිස තම භාරයේ සිටින ඇමෙරිකානු හමුදා නිලධාරියා ප්‍රාණ ඇපයෙන් නිදහස් කිරීමට තමන් සුදානම් බවය. . එයට එකඟතාවය පලකල ඇමෙරිකානු බලධාරීන් විසින් දෙපාර්ශවය අතර පැවති සාකච්චාවකින් අනතුරුව Nguyễn Văn Trỗi මරා නොදමන බවට සපත වෙමින් තම හමුදා නිලධාරියා බේරාගත්තේය. ඉන් පැය කිහිපයකට පසුව දකුණු වියට්නාමයේ සයිගොන් නගරෙයේ පිහිටි Chí Hòa හිරගෙදර දී ඔහු ප්‍රසිද්ධියේ මරා දැමීමට ඇමෙරිකන් පාලනය මෙන්ම ඔවුන්ගේ ගැත්තන් තීන්දු කලේ ලොවම විශ්මයට පත් කරමිනි. ඇමෙරිකානු දේශපාලනයේ සත්‍යය එයයි.
ඔහු මරා දැමීමට රැගෙන ආ මොහොතේ දෙස් විදෙස් පුවත් පත්කලාවේදීන් එම මොහොත සජීවී වාර්තාකරණයට සුදානම් විය. එම මොහොතේ මාධ්‍යවේදීන් අමතා අභීතම මෙසේ ප්‍රකාශ කළේය නුඹලා පුවත්පත් කලාවේදීන් ලෙස මාගේ මව් බිමේ සිදුවන මිලේච්ච ඇමෙරිකානු ආක්‍රමණය ගැන ලෝකයේ අනිත් කොටසට දැනගැනීමට සටහන් තබපල්ලා.මාගේ රටේ සෑම අඟලක්ම විනාශ කරමින් , ජනතාව සමුලඝාතනය කරමින් එල්ල කරන බෝම්බ වර්ෂාව ගැන ලියපල්ලා.මේ මරා දමන මොහොතේදී මම කියන්නේ කිසි දිනක මා මගේ මව්බිමට හෝ ජනතාවට එරෙහි නොවූ බවයි. නමුත් මගේ මව්බිමටත් ජනතාවටත් එරෙහි වුයේ ඇමෙරිකානු මිලේච්ච ආක්‍රමනිකයායි අන්න ඒ ගැන ලියපල්ලා " . ඔහුට වෙඩි තැබීමට විනාඩි කිහිපයකට පෙර එතනට කැඳවු පියතුමෙකු පාපයෙන් මිදීමට පාපොච්චාරණය කිරීමට සැරසුණි. එවිට ඔහි පිය තුමාට මෙසේ කියන්නේය. "මම කිසි දිනක පව් කර නැත, ඇත්ත වශයෙන්ම පව් කමා කිරීමට පාපොච්චාරණය කල යුත්තේ ඇමෙරිකානුවන්ය. "
අවසානයේ යැංකි හිතවාදී හමුදාවන් ඔහුගේ හිස එල්ලකර ඉලක්කය ගත්තේය. වෙඩි හඬ නික්මෙන්නට සුළු මොහොතකට පෙර වියට්නාම් අරගලය දිනේවා යනුවෙන් හඬ නැගුවේය.
වියට්නාමයේ බොහෝ වීදි ඔහුගේ නමින් නම් කෙරුණි. විදේශ රටවල පවා ඔහු වෙනුවෙන් ම්නොයෙකුත් මතක සටහන් ඇති කළේය. විශේෂයෙන්ම කියුබාවේ ගුවන්තනාමෝ නගරයේ පිහිටි පේක්ෂකයින් 15000 ක් පමණ අසුන් ගත හැකි පාපන්දු පිටිය නම් කරන ලද්දේ Nguyen Van Troi Stadium ලෙසය . අභීත වියට්කොන් සටන්කාමි සගය, ඔබට විප්ලීය ආචාරය.
- උපුටාගැනීමකි

සම්බන්ධිත පුවත් | Related News

මෙහි දැක්වෙනුයේ ජේතවනාරාම චෛත්‍යයේ අභ්‍යන්තර සංයුතිය කෙසේදැයි විදහා දැක්වීම සඳහා ඉදි කරන ලද දැනට පොළොන්නරුව කෞතුගාරයේ තැන්පත් කර ඇති ජේතවනාරාමයේ හරස්කඩ ආකෘතියකි.
දුදස්සන තට්ටේ ගාලා සිවුරක් දාගෙන ඉන්නවා. මේ වෙස්වලාගැනීම දකින අපේ සමහරු දුදස්සනට “හාමුදුරුවෝ, හාමුදුරුවෝ” කියලා ආමන්ත්‍රණය කරනවා. ගිහිගෙය අත්හැරලා පැවිදිවෙච්ච බෞද්ධයෙක්ට තමයි අපි “හාමුදුරුවෝ” කියලා කියන්නේ. ඉතින් මේ ආමන්ත්‍රණයට පාත්‍රවීම සඳහා යම් අයකු විසින් සම්පූර්ණ කළ යුතු මූලික ම අවශ්‍යතාව තමයි බෞද්ධයෙක් වීම. බෞද්ධයෙක් වෙන්නේ නැතුව කවුරු හරි තට්ටේ ගාලා සිවුරක් පටලවාගත්ත පමණින් ඒ පුද්ගලයා “හාමුදුරුවෝ නමක්” (බෞද්ධ භික්‍ෂුන්වහන්සේ නමක්) වෙන්නේ නෑ.
මම දැන් කටුගාන කතාව දිගු උනත් ගන්න දෙයක් තියෙනවා.. කැමති නමි කියවන්න. විශේෂයෙන්ම රජයේ සේවකයෙක් නමි ..
"අනුර පොඩි මිනිහෙක්" කියලා ප්‍රසාද් සිරිවර්ධන මන්ත්‍රිතුමා කියන කතාවක් මේ දවස්වල හරිම ජනප්‍රියයි..
ඉතිහාසය යනු අතීත සිදුවීම් පිළිබඳ තොරතුරු දැනගැනීම පමණක් නොව, වර්තමානය අවබෝධ කරගනිමින් අනාගතය වඩාත් යහපත් ලෙස ගොඩනඟා ගැනීමට මඟ පෙන්වන වටිනා විෂය ක්ෂේත්‍රයකි.
නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ ට එරෙහිව මැතිවරණයට පෙර සිදුකළ ප්‍රකාශයක් ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වන අතර එහිදී වත්මන් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහට දැඩි විවේචන එල්ල කරන අයුරු දක්නට ලැබේ.
කොළඹ ආනන්ද විද්‍යාලයේ උසස් පෙළ පන්තියක ඉගෙනුම ලැබූ මේ තරුණ සිසුවාට හැමදාම පාසල ඇරුණු පසු අමුතු පුරුද්දක් තිබුණා. පාසල නිම වූ සැණින් ප්‍රධාන ගේට්ටුව අසලට එන ඔහු, කවුරුන් හෝ එනතුරු බලා සිටිනවා. ටික වේලාවකින් එතැනට එන මැදිවියේ කාන්තාවක් සමඟ ඔහු නිවස බලා පිටත්ව යනවා.
පූජ්‍ය හකුරුවෙල චන්දාලෝක හිමිගේ මුහුණු පොතේ පළකළ අදහසක් පහතින් දක්වා තිබේ. චන්ද්‍රාලෝක හිමියන්ගේ මේ ප්‍රකාශය නිවැරදි නම් සිදුවීම් පෙළගැස්වී ඇති ආකාරය පිළිබඳව මෙරට ජනයා නිවැරදිව අවබෝධ කරගත යුතුය

ප්‍රධාන පුවත්

මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර

වත්මන් රජය අමු අමුවේ හමුදාව පාවා දෙමින් ඉතාම පහත් දේශද්‍රෝහී ක්‍රියාවක් සිදු කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා පවසයි.

හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..

හිඟුරක්ගොඩ විවිධ සේවා සමුපකාර සමිතියට අයත් ඉන්ධන පිරවුම්හලකදී, ඉන්ධන බවුසරයකින් ඉන්ධන බාමින් සිටියදී ඩීසල් භූගත ටැංකියට පෙට්‍රල් ලීටර් 2,000කට ආසන්න ප්‍රමාණයක් මුසු වීමේ සිද්ධියක් හේතුවෙන් ඉන්ධන නිකුත් කිරීම ඇණහිට ඇති බව වාර්තා වේ.

හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..

හඳුනා නොගත් පියාසර වස්තූන් (UFO) සම්බන්ධයෙන් දශක හතකට අධික කාලයක් සිදුකළ විමර්ශනවලට අදාළ රහස් ලිපිගොනු 40ක් සහ මීට පෙර ප්‍රසිද්ධ නොකළ හමුදා වීඩියෝ දර්ශන තුනක් අමෙරිකාව විසින් ප්‍රසිද්ධ කර ඇත.

අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි

ශ්‍රී ලංකාවේ අතීත උරුමයන් සහ නිදහස් සටනේ විරුවන් නොසලකා හරින ආකල්පමය පරිහානියක් වර්තමානයේ දක්නට ලැබෙන බවත්, එසේ අතීත උරුමයන් නොසලකා හරින්නේ නම් රටක් හා ජාතියක් ලෙස පැවතිය නොහැකි බවත් ශ්‍රී ලංකාවේ ස්‍යාමෝපාලී මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියෝ පවසති.

මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..

මාතලේ අලුවිහාරය ආශ්‍රිතව මුස්ලිම් පල්ලියක ඉදිකිරීම් සම්බන්ධයෙන් පළ වූ පුවතක් පිළිබඳව නීතිමය තත්ත්වය සොයා බැලීමට සහ අවශ්‍ය නීතිමය පියවර ගැනීමට සූදානම් බව පූජ්‍ය ගලගම කුසලධම්ම හිමියෝ පවසති.

ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වන සංවත්සර උත්සවය අද පෙරවරුවේ කැළණිය - නාගානන්ද අන්තර්ජාතික විශ්වවිද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය වාතාවරණය හමුවේ හෝමූස් සමුද්‍ර සන්ධියේ පාලනය ඉරානය සහ ඕමානය එක්ව පිහිටුවා ගන්නා ඒකාබද්ධ යාන්ත්‍රණයකට නතුවීම නොවැළැක්විය හැකි බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..

යාපනය ප්‍රධාන වීදියේ (Main Street) වසර නවයක පමණ කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය 'මාතර ඇඹුල හෝටලය' නම් ආපනශාලාවේ ඉදිරිපස කොටස යාපනය මහ නගර සභාව මගින් කඩා බිඳ දැමීමත් සමඟ, එම නගරයේ නීති ක්‍රියාත්මක කිරීමේ සමානාත්මතාවය සහ සංහිඳියාව පිළිබඳව ප්‍රදේශවාසීන් අතර දැඩි කතාබහක් මතු වී තිබේ.

නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..

එළඹෙන නොවැම්බර් 30 වැනිදා දිවයින පුරා රාජ්‍ය සේවයේ ක්ෂේත්‍ර කිහිපයක් ඒකාබද්ධව දීපව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.

ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..

ඇමරිකානු පුරවැසියන්ගේ අදහස් වාරණය කිරීමට සහ 2024 ජනාධිපතිවරණය ඇතුළු මැතිවරණ ක්‍රියාවලීන්ට බලපෑම් කිරීමට ඇමරිකානු ජාත්‍යන්තර සංවර්ධන නියෝජිතායතනය (USAID) කටයුතු කර ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනාධිකාරිය විසින් ප්‍රසිද්ධියට පත් කරන ලද නවතම ලේඛන මඟින් අනාවරණය වී තිබේ.

ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි

කෘෂිකර්ම අමාත්‍ය ලාල් කාන්ත මහතා විසින් වී ගොවිතැන අධෛර්යමත් කිරීම සඳහා ගොවීන්ට බලපෑම් කරමින් සිදුකරන ප්‍රකාශ පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධාන වලින් මතය විමසන ලදී.

චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..

1990 දශකයේ සෝවියට් සංගමය බිඳ වැටීමෙන් පසු ගොඩනැඟුණු ඇමරිකානු නායකත්වයෙන් යුත් ඒකධ්‍රැව ලෝක රටාව නිල වශයෙන් අවසන් වීමේ සන්ධිස්ථානයක් ලෙස චීනයේ ෂෙන්ෂෙන් නගරයේ පැවති 33 වැනි APEC සමුළුවට සමගාමීව සිදු වූ ඇමරිකානු, චීන සහ රුසියානු නායකයන්ගේ හමුව හැඳින්විය හැකි බව ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ මහතා පවසයි.

යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..

මෙරට යුද සමයේදී සහ ඉන් අනතුරුව මානුෂීය සහ වෛද්‍ය සේවකයින්, පහසුකම් සහ මෙහෙයුම් වෙත එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් රාජ්‍ය ආරක්ෂක අංශවල මැදිහත්වීම පිළිගෙන, රජය විසින් ප්‍රසිද්ධියේ සමාව අයැදිය යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාවක් හරහා නිර්දේශ කර තිබේ.

රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්

රුසියානු අධීක්ෂණ ආයතනයේ ප්‍රධානියාගේ කොළඹ සංචාරයේ වැඩසටහන ආරම්භ කරමින් රුසියානු නීතිපති ඇලෙක්සැන්ඩර් ගුට්සාන් මහතා ශ්‍රී ලංකාවේ නීතිපති පාරින්ද රණසිංහ මහතා හමුවිය.

සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන

මෑතකදී අභාවප්‍රාප්ත වූ සිවාජලිංගම්ගේ අවසන් කටයුතුවලට අවසන් ගෞරව දැක්වීම සඳහා මෙරටට පැමිණි බව සඳහන් ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ (තිරුවාමාවලන්) හැසිරීම සහ එම සංචාරය හමුවේ රජය දක්වන ප්‍රතිචාර සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සුරේන් රාගවන් මහතා දැඩි විවේචන එල්ල කරයි.

ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..

අනුරාධපුර පූජා නගර සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ඉන්දීය මූල්‍ය ආධාර මෙතෙක් අවසන් වශයෙන් තීරණය කර නොමැති බව කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශකයෙක් පවසයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.