News Category
From Date
To Date
Maximum Number of Result

රනිල් අගමැති කාලයේදී අපේ රණවිරුවන් යුද අපරාධකාරයින් ලෙස පිළිගැනීම සමග සළකන විට ෂම්මි සිල්ව කරල තියෙන්නෙ බොහොම සුළු වරදක් - ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටු ලේකම්

Nov 12, 2023 at 02:38 PM
|

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය හෙවත් අයිසීසීය මගින් ක්‍රීඩා ඇමතිවරයා පවසන ආකාරයට අත්තනෝමතික ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවීම පිළිබඳව ලංකා ලීඩර් වෙබ් අඩවියට ප්‍රකාශයක් කරමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටු ලේකම් යසස් ධර්මදාස මහතා ඉහත ප්‍රකාශය කරන්නට යෙදුනි. 

ඒ මහතාගේ සම්පූර්ණ ප්‍රකාශය පහත සඳහන්වේ.

"මේ වෙනවිට අප රටට හතුරු සියළුම බලවේග උච්ච අවස්ථාවට පත්ව ඇති බව පෙනෙන්නට ඇත. මෑතම සිදුවීම වන්නේ ක්‍රික්ඉන්ෆෝ කියන ආකාරයට ෂම්මි සිල්ව ICC යට ගොස් ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය තහනම් කිරීමට ඉල්ලා සිටීම සහ ඒ අනුව අයිසීසිය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය ඒකමතිකව තහනම් කිරීමයි.

පාර්ලිමේන්තුව විසින් පක්ෂ විපක්ෂ සියල්ලේ එකඟතාවය ඇතිව දූෂණයකට විරුද්ධව ගන්නාලද ක්‍රියාමාර්ගයකදී, රජයට නීතිපති සහාය නොලැබීමෙන්, ඊට විරුද්ධව ස්වාභාවික යුක්තිය පසිඳලීමේ ක්‍රියාපටිපාටියෙන් බැහැරව අධිකරණයේ 301 කාමරය ඒකමතිකව ක්‍රියාකර ඇතැයි ක්‍රීඩා ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී පවසන ලදී. එසේනම් එම අනීතිකවූද, ප්‍රාථමික ගෝත්‍රික වරිග සභාවකවත් නොකරන්නාවූ ආකාරයටම, එම වරදම ඒකමතිකව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයද සිදුකර ඇති බව පෙනෙන්නට ඇත.

ක්‍රික්ඉන්ෆෝ සඳහන් කරන ආකාරයට ෂම්මි සිල්ව එවන් ඉල්ලීමක් කර ඇත්නම් අනිවාර්යයෙන්ම එය දේශ ද්‍රෝහී ක්‍රියාවක් ලෙස සැළකිය යුතුයි. තම රටට එරෙහිව එවන් ඉල්ලීමක් කිරීමට ඉතාමත්ම පහත් නීචකුලයක පුද්ගලයෙක්වත් පෙළඹෙනු ඇතැයි සිතීමට නොහැකියි. එය දැන් සිදුව ඇති බැවින් අපට එය විශ්වාස කිරීමට සිදුව ඇත. එම නීචයින් ඉන් ඔබ්බට ගොස් ඒ පැනවූ තහනම සමරමින් කොළඹ සුප්‍රසිද්ධ හෝටලයක ජයපැන් බිව්ව බව විපක්ෂ නායකවරයා ප්‍රකාෂ කර ඇත.

ඒ අතර ජනාධිපති කාර්‍ය ප්‍රධානී සාගල රත්නායක මහතා අයිසීසිය පැනවූ තහනමට හේතුවූ පාර්ලිමේන්තු ක්‍රියාව කිසිදු පදනමක් නැති චෝදනා මත පදනම්ව සිදුකල ක්‍රියාවක් බව පවසා ඇත. එම ප්‍රකාෂයෙන් කාරණා දෙකක් පැහැදිලිවේ. එක්කො ජනාධිපති කාර්‍ය ප්‍රධානීට දැනුමක් නෑ කෝප් කමිටු සහ විගණකාධිපති වාර්තා පිළිබඳව. එසේ නොමැතිනම් ජනාධිපති කාර්‍ය ප්‍රධානීට අවශ්‍යයි එම වාර්තා නොසලකා හරිමින් කටයුතු කිරීමට. එසේනම් එයින් පැහැදිලි වෙන්නෙ වක්‍රාකාරයෙන් ජනාධිපති කාර්‍ය ප්‍රධානීද ක්‍රිකට් තහනමේ ආශිර්වාද අනුග්‍රහයෙකු බවයි. ජනාධිපති කාර්‍ය ප්‍රධානීගේ අවබෝධය ක්‍රිකට් කොමිටිය නිර්දෝශයි යන්නනම් ජනාධිපතිවරයා ඇමතිවරයා විසින් පත්කරන ලද අතුරු කමිටුව ඉල්ලා අස්කරගන්නා ලෙස පැවසීම පුදුමවිය යුතු කාරණයක් නොවනු ඇත.

කෙටියෙන් සඳහන් කරන්නේනම් පෙනෙන ආකාරයට විගණකාධිපති වාර්තා මගින් දූශිත ගනුදෙනු යැයි හඳුන්වන ලද ගනුදෙනු සිදුකරන ලද ආයතනයකට එරෙහිව ගන්නාලද ක්‍රියා මාර්ගයක් පිළිබඳව උරණවුන එම දූශිතයැයි සඳහන් ආයතනයේ ප්‍රධානීන් විසින් තමුන්ට එරෙහිව සිදුකලාවූ ක්‍රියාවට පලිගැනිමක් ලෙසට තමුන්ගේ වගකීම තිබෙන්නේ යැයි වටහාගෙන ඇත්තාවු හාම්පුතා මගින් මුළු රටටම බලපවත්වන ආකාරයේ ඳඬුවමක් ලබාදී ඇත.

මේ තත්ත්වය 2015දී රාජපක්ෂවරුන්ගෙන් පලිගැනීමට අපේ රණවිරුවන් යුද අපරාධකරුවන් ලෙස සැලකීමට වත්මන් ජනාධිපති එවක අගමැතිව සිටි කාලයේදි ක්‍රියාකිරීම සමග ගැළපෙන බව පෙනෙන්නට ඇත. එලෙස ජිනීවාහි මානව හිමිකම් සමුළුවේදී අපේ රණවිරුවන් යුද අපරාධකරුවන් විලස වත්මන් ජනාධිපති ඇතුලු යහපාලන රජය 2015දී පිලිගැනීම සමග සළකා බලනවිට ෂම්මි සිල්වගෙ මෙම නිහීන තුච්ඡ ක්‍රියාව ඉතා සුළු දෙයක් ලෙස සැළකිය හැකියි.

වත්මන් පත්කරනලද ජනාධිපති රනිල් වික්‍රමසිංහ අගමැතිව සිටි 2015 වසරේදී ඇමරිකාව ප්‍රමුඛ රටවල් අටක් විසින් අපේ රණවිරුවන් යුද අපරාධකරුවන් ලෙස සළකා ගෙන එන ලද යෝජනාවලියට කිසිදු විරෝධයක් නොමැතිව එම යෝජනා අගයකරමින් සම අනුග්‍රහයදී පිළිගැනීම සිදුකරනලදී. ඒ පිළිගැනීම හේතුකරගෙන මානව හිමිකම් කඩනොකරනු යන ආයුධය අවභාවිතා කරමින් ත්‍රිවිධ හමුදාව අකර්මණ්‍ය කරමින් හැටනම ලක්ෂයක ජනතාවක් ඡන්දය දෙමින් පත්කල ජනාධිපට්තිවරයෙක්ව බලයෙන් පහකළ බවට මෑතකදී එලි දැක්වුන ග්‍රන්ථ දෙකකම සටහන්ව තිබුන. මෙහි අරමුණ බෙදුම්වාදී න්‍යාය පත්‍රය හා සර්දාර් පණික්කාර් න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමක් බව අරගල සමයේ නොපෙනුණත් අරගලයේ සියළුම ආයතන ක්‍රියාත්මක කල ප්‍රභල පක්ෂයක් පසුව ප්‍රකාෂකර තිබුනෙ ඔවුන් විප්ලවය කියා ප්‍රතිවිප්ලවයකට සහයෝගය දී ඇති බවයි.

මෙහිදී මතුවෙන තවත් ප්‍රභල කාරණයක් වන්නේ තම රටේ පාර්ලිමේන්තුවට වග නොකියන ස්වාධීන ආයතනයක් ලෙස සිතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කිරීම. එමගින් ඔවුන් පෙන්වා දුන්නේ තම හාම්පුතාවන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් රටට ඳඬුවම් ලබාදිය හැකි බවයි. මෙම කාරණය රටේ සියළු දේශ හිතයිශී ජනතාවගේ දැඩි අවධානයට යොමුවිය යුතු ඇස් ඇරවිය යුතු කාරණයක් ලෙස සැළකිය යුතුයි. එනම් ස්වාධීන SLC වගේම මහ බැංකුවද IMF කියන ආකාරයට ස්වාධීන කළහොත් සිදුවන්නේ කුමක්දැයි සළකා බැලිය යුතුයි. යම් හෙයකින් මහබැංකුවටද දූෂණ චෝදනා එල්ලවී පාර්ලිමේන්තුවෙන් ඊට විරෝධයක් මතුවුව හොත් ස්වාධීන මහබැංකුවද තම හාම්පුතාවන IMF මගින් රටට ඳඬුවම් දීමට කටයුතු නොකරන්නේ යැයි විශ්වාසයක් තැබිය හැකිද?"

සම්බන්ධිත පුවත් | Related News

කිසියම් පක්‍ෂයක් ඒ ඒ පළාත් පාලන ආයතනයේ බහුතර බලයක් ලබා ගැනීමට අසමත් වුණේ නම් ඊළඟට සභාපතිවරයා හෝ නගරාධිපතිවරයා තෝරා පත් කර ගත යුත්තේ ඡන්දයකින් බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් පවසයි.
(නැගෙනහිර චීන විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ මෙන්ම ගුවාන්චා මාධ්‍ය දායකයේ මහාචාර්යවර්යෙකු වන ලියු ජුන් සහ මොස්කව් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක, නැගෙනහිර චීන සාමාන්‍ය විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ තරුණ පර්යේෂක යැං ෂුපින් විසින් රචිත ලිපියකි.)
හිටපු රුසියානු ජනාධිපතිවරයා මෙන්ම රුසියානු ආරක්ෂක කවුන්සිලයේ වත්මන් නියෝජ්‍ය සභාපතිවරයා වන දිමිත්‍රි මෙදෙව්දෙව් දීර්ඝ තීසීයක් ඉදිරිපත් කරමින් නව ජාත්‍යන්තර අපරාධ අධිකරණයක අවශ්‍යතාවය පෙන්වා දෙයි.
නව නාසිවාදී බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදයෙන් රට බේරාගත් වීරෝධාර රණවිරුවන්ට උපහාර පුදන 'යුගන්ධර' විජයග්‍රහණයේ රණවිරු ප්‍රණාමය මැයි 18 වැනි දා සවස 3 ට කොළඹ 07 පදනම් ආයතනයේ දී පැවැත් වේ.
ලංකා විදුලිබල මණ්ඩලය පාඩු බව ඔප්පු කිරීම සඳහා චේතාන්විතවම ආණ්ඩුව ක්‍රියාකරමින් සිටින බවත්, ජනවාරි මාසය තෙක්ම ලංකා විදුලි බල මණ්ඩලය ලාභ ලබා ඇති බව දත්ත අනුව පැහැදිලි වන බවත්, ජනවාරියේ සිට අප්‍රේල් මාසය දක්වා එහි පාඩුව රුපියල් කෝටි 2000ක් වී ඇති බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
පේරාදෙණිය විශව විද්‍යාල සිසුන් වසරක් පාසා ගලහා හන්දියේ නිර්මාණය කළ පහන් කූඩුව විශ්ව විද්‍යාල පාලන අධිකාරය තහනම් කර ඇති බවට පුවතක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ඉන්දියාව භූ දේශපාලන වෛශ්‍යාවක් ලෙස දේශපාලන විචාරකයන් පවා හඳුන්වන බවත්, ඔවුන් ආර්ථික වාසිය තකා චීනයත් සමග ගනුදෙනු කළ ද, රෑට නිදාගන්නේ අමෙරිකාව සමග බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
කැළණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වේ.
ඉන්දියානු ව්‍යාප්තවාදය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා නිවැරදිව විග්‍රහ කරගනිමින් න්‍යායාත්මකව පැහැදිලි කර ඇති බවත්, ඉන්දියානු න්‍යායපත්‍රය ඉදිරියට රැගෙන යාමට නම් ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ගැටුම් නිර්මාණය කර ශ්‍රී ලංකාව දුර්වල කළ යුතු බව ඉන්දියාව දැන සිටි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ප්‍රධාන පුවත්

චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?

(නැගෙනහිර චීන විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ මෙන්ම ගුවාන්චා මාධ්‍ය දායකයේ මහාචාර්යවර්යෙකු වන ලියු ජුන් සහ මොස්කව් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක, නැගෙනහිර චීන සාමාන්‍ය විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ තරුණ පර්යේෂක යැං ෂුපින් විසින් රචිත ලිපියකි.)

ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ඉන්දියාව භූ දේශපාලන වෛශ්‍යාවක් ලෙස දේශපාලන විචාරකයන් පවා හඳුන්වන බවත්, ඔවුන් ආර්ථික වාසිය තකා චීනයත් සමග ගනුදෙනු කළ ද, රෑට නිදාගන්නේ අමෙරිකාව සමග බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ඉන්දියානු ව්‍යාප්තවාදය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා නිවැරදිව විග්‍රහ කරගනිමින් න්‍යායාත්මකව පැහැදිලි කර ඇති බවත්, ඉන්දියානු න්‍යායපත්‍රය ඉදිරියට රැගෙන යාමට නම් ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ගැටුම් නිර්මාණය කර ශ්‍රී ලංකාව දුර්වල කළ යුතු බව ඉන්දියාව දැන සිටි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..

බෞද්ධයන් අත්‍යාගමීකරණයට ලක්කරන බවට චෝදනා එල්ලවී ඇති චාල්ස් තෝමස් නමැති පුද්ගලයා විසින් මල්වතු විහාර පාර්ශ්වයට අයත් පාදෙණිය රජ මහා විහාරයේ දී පැවැත්වීමට නියමිත වඩසටහනක් සම්බන්ධයෙන් බෞද්ධ ජනතාවගේ විරෝධය මේ වන විට එල්ලවී ඇති බව සඳහන් කරමින් මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ විසින් පාදෙණිය රජ මහා විහාරධිපති හිමියන්ට යොමුකළ ලිපියක් අප වෙත ලැබී තිබේ.

නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)

ඉන්දියාව සම ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් අවබෝධතා ගිවිසුම්වලට ලඝුකළ නොහැකි බවත්, මෙම ගිවිසුමේ ඇති වගන්ති මගින් ලංකාව තුළ මෙම ගිවිසුමේ අඩංගු කරුණු ක්‍රියාත්මක වීමේ දී නීතිය අනුව කටයුතු කිරීම පවා වළක්වා ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සභික දුමින්ද නාගමුව මහතා පවසයි.

නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..

දෙවන ලෝක යුද්ධය අවසන් කළ දිනය සහ, නාසිවාදී පැසිස්ට්වාදය පරාජය කළ දිනයද මැයි 9 වැනි දා වන අද දිනය බවත්, ලෝකයේ සියලු ජනයාට සහ සතා සිවුපාවාට පවා නිදහසේ ජීවත්විය හැකි ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නාසිවාදී පැසිස්ටිවාදය පරාජයට පත්කළ දිනය වන්නේ අද බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි

කියෙව් පරිපාලනය කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව “සම්පූර්ණ සටන් විරාමයකට” සූදානම් බව යුක්රේන නායක ව්ලැඩිමීර් සෙලෙන්ස්කි නිවේදනය කර තිබේ.

මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)

බලයට පත්වී මාස 6ක් තුළ මෙතරම් පසුබෑමකට ලක්වූ ආණ්ඩුවක් ලොව කිසිඳු රටක නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.

අවුරුදු අසූවක් යනු දිගු කාලයකි. එවැනි කාලයක් තුළ, ලෝකය සිතාගත නොහැකි තරමට වෙනස් වන අතර, වරක් සමීප යැයි හැඟුණු සිදුවීම් පුරාවෘත්තය තුළ මැකී යයි.

මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල

‘මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්’ යයි පිවිතුරු හෙල උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..

පසුගියදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (07) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්

අල්ලස් කොමිසම විසින් අද (7) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මැයි 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.

බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත් බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙන්දේසි කිරීම වහාම නවත්වා, ඒය ඉන්දියාවට බාරදිය යුතු බව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.