
නීතිඥවරුන් කණ්ඩායමක් විසින් ලලිත් කොතලාවලව නිවාස අඩස්සියේ තබාගෙන සිටි බවට ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ගේ සංගමයේ සභාපතිගෙන් ප්‍රකාශයක්
සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ අධිපති ලලිත් කොතලාවල මහතාව නීතිඥවරුන් කණ්ඩායමක් විසින් නිවාස අඩස්සියේ තබාගෙන සිටි බවට තොරතුරු ලැබී ඇතැයි අද (09) අධිකරණයේදී ප්‍රකාශයක් ඉදිරිපත් කෙරුණි.
ගෝල්ඩන් කී සමාගමේ මුදල් තැන්පත් කළ තැන්පත්කරුවන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමකට අදාළ මෝසමක් අද කැඳවූ අවස්ථාවේදී පෞද්ගලිකව පෙනී සිටිමින් ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ගේ සංගමයේ සභාපති මාකෝ පෙරේරා මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද ඒ බව සඳහන් කළේය.
එස්. තුරෛරාජා, අචල වෙංගප්පූලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම නඩුව කැඳවනු ලැබීය.
එම මෝසම කැඳවූ අවස්ථාවේදී ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ගේ සංගමයේ සභාපති මාකෝ පෙරේරා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, ඉකුත්දා මරණයට පත්වූ ලලිත් කොතලාවල මහතා මිය යාමට පෙර නීතිඥවරුන් කණ්ඩායමක් විසින් ඔහුව ඔහුගේ නිවසේ නිවාස අඩස්සියේ තබාගෙන සිටි බවට තොරතුරු දැනගන්නට ලැබී ඇති බවය.
ඒ පිළිබඳව සහ තම තැන්පතු පිළිබඳව කරුණු දැක්වීමට අවස්ථාවක් ලබාදෙන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඊට පිළිතුරු දුන් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු තුරෛරාජා මහතා කියා සිටියේ මෙය ශ්‍රේෂ්ඨාධිකරණය බවය.
ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඕනෑම පුද්ගලයෙකුට පැමිණෙන ඕනෑම අවස්ථාවක කරුණු දැක්වීමට හැකියාවක් නොමැති බවත් ඔහු සඳහන් කළේය.
ඒ සඳහා පූර්ව අවසරයක් ලබාගත යුතු බව පෙන්වාදුන් විනිසුරුවරයා අතරමැදි පාර්ශ්වකරුවකු වශයෙන් ඊට අවශ්‍ය අනුමැතිය ලබාගෙන තිබේදැයි විමසා සිටියේය.
ඊට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කළේ එවැනි අවසරයක් ලබාගෙන නොමැති බවය.
ඒ අනුව මෝසමක් ගොනු කොට නිසි අවසරය ලබාගෙන ඊට අදාළව ඉදිරියේදී කරුණු දැක්වීමට පියවර ගන්නා ලෙසත් විනිසුරුවරයා ගෝල්ඩන් කී සංගමයේ සභාපතිවරයාට නියෝග කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
