
ගෙයින් ගෙට ගොස් පාන් විකිණූ “Perera and sons"
" ගෙයින් ගෙට ගොස් පාන් විකිණූ පෙරේරා පවුලෙන් බිහිවූ රටම දන්න “Perera and sons”
වසර 1902 දී කේ. ඒ. චාල්ස් පෙරේරා මහතා, දකුණු පළාතේ කෝදාගොඩ නම් ගමේ සිට, එක් පාන් තැටියක් පමණක් භාවිත කරමින් පළමු පාන් ගෙඩිය පුළුස්සන විට තමාගේ මෙම සුළු ව්යාපාරය අනාගතයේදී ශ්රි ලංකාව පුරා ම විසිරී තිබෙන ව්යාපාර ජාලයක් බවට පත්වේවි යැයි කිසිසේත්ම නොසිතන්නට ඇත.
ඔහු පුළුස්සන ලද පාන් ඔහුගේ සහයක ඇන්තනී බාස් ගේ සහය ඇතිව, ගෙයින් ගෙට ගොස් විකුණන්න පටන් ගත්තා. ඔහුගේ නිෂ්පාදිතයන්ගේ ඇති ගුණත්වය නිසා පාරිභෝගිකයන්ගේ විශ්වාසය දිනා ගැනීමට ඔහුට හැකි වුණා. වැඩි කලක් නොගොස් ම පාරිභෝගිකයන් සංඛ්යාව එන්න එන්නම වැඩිවුණා. මෙයින් ධෛර්යයටපත් වූ ඔහු, තමාගේම බේකරියක් ආරම්භ කළා.
වසර ගණනාවකට පසු චාල්ස් මහතාගේ පුත් ඇල්බට් පෙරේරා Perera & Sons ව්යාපාරයට, පළමු විදුලි උදුන සවිකළා. මෙසේ වසර 116ක් පුරා පරම්පරාවෙන් පරම්පරාවට ඔහුගේ දරු මුණුබුරන් විසින් P & S ව්යාපාරයට විවිධ නව තාක්ෂණය, නව රසයන්, නව නිෂ්පාදිත හා නව අදහස් එකතු කරමින්, අද වන විට ශ්රී ලංකාවේ ප්රමුඛතම බේකරි නිෂ්පාදකයෙක් ලෙස කීර්තියක් දිනා ගෙන තිබෙනවා.
වර්තමානයේ එහි කළමනාකරණ අධ්යක්ෂ වරයා වන්නේ කේ. ඒ. චාල්ස් පෙරේරා මහතාගේ මී මුණුබුරා වන ගිහාන් පෙරේරා මහතායි.
P & S ව්යාපාරය ඔවුන්ගේ නිෂ්පාදිතයන්ගේ ගුණත්වය එක ලෙස පවත්වා ගනිමින් සහ නවීනතම නිෂ්පාදන උපකරණ හා තාක්ෂණය භාවිත කරමින් පාරිභෝගිකයා ගෙවන මුදලට සාධාරණ වටිනාකමක් ලබාදීමට කටයුතු කරන බැවින්, වසර 116 ක් පුරා ව්යාපාර ක්ෂේත්රයේ රැඳී සිටීමට හැකියාව ලැබී තිබෙනවා.
ගෙයින් ගෙට ගොස් නිෂ්පාදිත විකිණීමෙන් ආරම්භ කළ ව්යාපාරය වර්තමානයේ, කේක් නිෂ්පාදනයේ සිට ආහාර සැපයීම (catering) දක්වා විවිධාංගීකරණය වූ නිෂ්පාදිත රැසක් සපයමින්, ආහාර සහ පාන වර්ග කර්මාන්තයේ ප්රමුඛයා බවට පත්වී ඇත.
ඔබටත් මේ වන විට යම්කිසි ව්යාපාරයක් ආරම්භ කිරීම පිළිබඳව යම් අදහසක් තිබෙන්නට පුළුවන්. එම අදහස පිළිබඳ දිගින් දිගටම සිතමින් නොසිට ඔබට එය ව්යාපාරයක් ලෙස ආරම්භ කිරීමට හැකිනම් අනාගතයේදී එය ඔබ නොසිතන මානයකට දියුණු කිරීමට ඔබට පුළුවන් වේවි. සරලවම කිව්වොත් එයට අවශ්ය වන්නේ ඔබේ උත්සාහය ධෛර්යය පමණයි.
උපුටා ගැනීමක්
මුල් හිමිකරු ට ස්තූතියි
ගාල්ල ඉමදූව කෝදාගොඩ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කෙහෙලිය අත්අඩංගුවට
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..
