News Category
From Date
To Date
Maximum Number of Result

මහපාරට වැටුණු Clean Sri Lanka .....!!!

Jan 12, 2025 at 08:54 AM
|

ශ්‍රී ලංකාවේ මෑතකාලීනව ලක්ෂ 70 කට ආසන්න පිරිසකට දැඩි වුවමනාවක් තියෙනවා රට පිළිවෙලක් කර ගන්න... ඒකට ලංකාව සිංගප්පූරුව වගේ කර ගන්න කිව්වත් කමක් නෑ.. ඒකනේ ලී ක්වාන් යූ ,.. මහතිර් මොහොමඩ් , හෙව්වෙ. එහෙම ගෙනාපු ලී ක්වාන් යූ පැනලා යන්නත්.. මහතීර් මොහොමඩ් ගෙදර යන්නත් හේතුව තනි පවුලක් අතට බලය ලබාදීම සහ පවුලේ කෑම මේසය මත තීරණ ගැනීම කියලා ඔබ අප  හැමෝම දන්නා කරුණක් නෙ. හැබයි එදා සිංගප්පූරුව නම්.. ලංකාවක් වෙන සිහිනයට ගියා... හෝ ගෙනගියා හෝ යැව්වා. ඒත් ලංකාවේ අපි තාම ලී ක්වාන් යූ සොයනවා. සිංගප්පූරුවක් කරල දෙන්න කියලා කියනවා.... Keep Singapore clean  වැනි සංකල්ප ගැන කතාවෙනවා.. Water poliution... Environment poliution ර්‍..sound poliution.. සහ තවත් බොහෝ දූෂණ.. අවභාවිතා ගැන සංකල්පිකව කතා බහ වෙනවා.... ඒ අල්ලපනල්ලේ තමයි සුභ වෙලාවක.. රට අනුරට දෙන්නේ... හැබැයි ඒත් කියන්නේ රට හදල දෙන්න.. නොකිය කියන්නේ ලංකාව සිංගප්පූරුවක් කරල දෙන්න කියලනේ.... 

අනුර දිසානායක ජනාධිපතිවරයා ගේනවා Concept එකක්.. Clean sri lanka

කියලා. මේක දැන් රාජ්‍ය මට්ටමින් ජනගත කර අවසන්.... නමුත් ජනමාධ්‍ය තුළ.. සමාජ මාධ්‍ය තුළ... සාමාන්‍ය ජන සමාජය තුළ... මේ ගැන හරි කියවීමක් නැහැ.. ඒ නිසා මට අනුව "අන්ධයින් අලියා ගැන කිව්වා වගේ"  තමා  clean sri lanka රට්ටු කියවා ගත්තේ.....!

 ඒ අනුව තමයි clean sri lanka මහපාරට වැටෙන්නේ.. ඒ පොලීස් අන්ධයා එය කියවාගත් අයුරට දැන් වැඩේ නම් නැගලා යනවා දැන් සිංගප්පූරුවක ජීවත්වීමට බලා සිටින ලංකාවේ වැසියෝ අහනවා... මේක ද clean sri lanka කියන්නේ කියලා... බස් ත්‍රීවීල් clean කරන්න ද රට අනුරට දුන්නේ කියලා. 69 ලක්ෂයේ හදවත බඳු පිරිස් එහෙම හිතත් දී පාර්ලිමේන්තුවේ. විපක්ෂයේ ඉතිරිවෙලා ඉන්න බස් මුදලාලිලා. සහල් මුදලාලිලා. මධ්‍ය මුදලාලිලා ලෙස කජු සීයාගේ ළමයි ටිකත්. Clean sri lanka පාරට වැටීම ගැන උෂාර් වී කෑ ගහනවා.. මෙන්න තරණ්‍යයේ හීන මරනෝ කියලා. රනිල් කියපු මාල බ්‍රේස්ලට් කතාව ... සජිත් කියපු උසනම් සිකුරිටි.. මිටිනම් කම්කරු කතාව..නාමල් ගේ නිල් බලකා කතා වස්තුව.. සහ සෑම තරුණ තරුණියක්ම නටන්න.. ගයන්ත හෝ අඩුම තරමේ කොටස් දෙතුන් සීයක ඉටිකිරිස් ටෙලියක රඟපාන එක තමා තාරුණ්‍යයේ හීන කියලා හිතන මාධ්‍ය මුදලාලි මහත්තයෙක් මහපාරේ තරුණ හීන මරණවෝ කියන එක අපට හිතාගන්න පිළිවන්... ඒත් රතුකමීසදාරින සහෝදරවරුන් 159 ඉන්න ආණ්‌ඩුවේ.. එකෙක් ට ඇයි බැරි කට ඇරලා කියන්න,ඉන්දීය යකඩ  තොරොම්බල් කෑලි ලංකාවේ අනාගත තරුණ පරම්පරාවේ තව දුරටත් හීනයක් නොවේය, කියලා.ඒ අතර තුර හරිනි අගමැති තුමිය පාර්ලිමේන්තුවේ දී කියනවා.... අපිත් තාම මේ clean sri lanka concept එක අධ්‍යයනය කරමින්.. මහජන අදහස් ද එකතුකර ගනිමින් ඉදිරියට යන ගමන් කියලා........?

මහපාරට වැටුණු Clean sri lanka  ගැන නැතත්. ජාතිකත්වය ගැන කතාකරන අපට මේ රට ගැන  ගැඹුරු කියවා ගැනීමක් තියෙනවා. ඒ නිසා දේශපාලනයෙන් තොරව මේ රට ගොඩ යන්න ඕන කියල හිතන එකෙක් හැටියට මගේ අදහස ලියන එක යුතුකමක් කියලා හිතෙනවා... 

ශ්‍රී ලංකාව කියන්නේ අවුරුදු දහස් ගණනක තමන්ටම ආවේණික වූ සංස්කෘතික සභ්‍යත්වයකින් යුත් රටක්... ඉතින් ඒ අදීන සභ්‍යත්ව සංස්කෘතික ගුණාත්මකභාවයන් කියවාගන්න නූතන නැපෝලිගේ ළමයින්ට මිනුම් දඬු නැහැ. ඒ නිසා තමා ලංකාවේ සමාජ ආර්ථික දේශපාලන ගැටලු විසඳන්න යන රාජ්‍ය පාලකයන් ට පැනලා දුවන්ට වෙන්නේ....! 

 දැන් රිලව්.. වඳුරු.. ලේන්නූ.. ඌරන්.. මොනරරුන්.. ඉත්තෑවන් ගේ ප්‍රශ්නය ලාල්කාන්ත සහෝදරයා අල්ලා ගත් හැටි බලන්න.. *හුණුවටයේ අසඩක්*නඩුකාරය වගේ.... (රජයේ උද්‍යානයේ එළවලු නිෂ්පාදනය අඩුවෙලා තියෙන්නේ මොකද්ද ඇහැව්වම රාජ පුරුෂයෝ කියන්නේ.. හාවො ගහණය වැඩි වෙලා කියලා. අසඩක් නඩු කාරයා කියනවා.. වහාම.. රාජ උද්‍යානයට එන හාවුන් අල්ලා මරා මස්කොට දත්වලින් විකා ගිලදමා විනාශ කළ යුතුය කියලා)

 මේ රටේ මහා සංස්කෘතියත් එක්ක ගත්තහම... අද ශ්‍රී ලංකාවේ මිනිස්සු සත්ව ඝාතනයෙන්.. වන සතුන් දඩයමින් ඈත් වෙලා. සමහර ගෙවල්වල ඉතුරු පහතවෙන ආහාර වනසතුන් ආහාරයට ගන්නවා... ගෙවතු වල පලතුරු ගස් වැල් වැඩිවෙලා. අපේ සංස්කෘතිය ඇතුලේ අපේ මිනිස්සු තනියම කිසි දෙයක් භුක්ති වින්දේ නෑ... පන්සලට පල්ලියට කෝවිලට විතරක් නෙවී... සතාසීපාවනුත්ටත් කොටසක් ඉතිරි කළා.කුඹුර කපද්දී ගිරා/කුරුලු කොටුව ඉතිරි කලා. බෞද්ධ වුනත්.. කතෝලික වුනත්.. හින්දු වුනත් සංස්කෘතිය ඒක.. ඉතින් මේක කියවාගන්නේ නැතිව ලංකාවේ සමාජ ආර්ථික දේශපාලන ප්‍රශ්න වලට විසඳුම් සොයන්න ගිහාම වෙන්නේ. සිංගප්පූරුව හැදීම කෙසේ වෙතත් පස්ස දොරෙන් දුවන්න තමා.....! 

 දැන් clean sri lanka මහපාරට වැටීම ආර්ථික වශයෙන් රට ගොඩ දාගන්න යොදාගන්නේ කෙසේ දැයි.. අපේකම ඉදිරියේ තබාගෙන සලකා බලමු. බුදු හාමුදුරුවෝ දේශනා කළේ.... සබ්බේ සත්තා උම්මත්තකා කියලා. එහෙම ගත්තහම බස් පිස්සෝ... ත්‍රීවීල් පිස්සෝ සමාජයක ඉන්න පිළිවන්... දැන් අපේ ගමේ මම දන්න කෙනෙක් හිටියා.... (විස්තර කියන්න බෑ.) හොඳ රජයට සම්බන්ධ රැකියාවක් කළා. හොඳ දරු පවුලක් හිටියා.. ගේ දොර ඉඩකඩම් පිළිවෙලට හොඳ තත්ත්වයේ තිබුණා.. හැබයි ඔහු එක අමුතු දෙයක් කළා.. ඔහුගේ පාපැදියේ ඉදිරිපස අනේක විධ අලංකාර මල්වලින් සරසලා තිබුණා. විවිධ අංගෝපාංගත් ඒ අතර තිබුණා... ඒක ඒ කාලේ අපේ සමාජය කියවාගන්නේ Abnormal වැඩක් විදිහට.. නව යොවුන් වියේ දී නම්.. එවැනි වැඩ සාමාන්‍ය වුනත්.. වයසින් මුහුකුරා යද්දී ඒවා වෙන එක අසාමාන්‍යයි තමයි.

 දැන් එතකොට ලංකාවේ බහුතරයකට පිස්සුද.... නැත.. ඒක නෙවෙයි ඇත්ත... තමන්ගේ හීන.. අරමුණු.. මැරුණු.. ඔත්පලවුනු සමාජයක් අනුන්ගේ හීන තමන්ගේ හීන කරගන්න එක සාධාරණයි. එක නව යොවුන් වියේ තරුණයෙක්.. තමන්ගේ නිඳන ඇඳ බස් එකක් වගේ සකස් කර ගෙන තිබෙන අයුරු  අන්තර්ජාලයේ තියෙනවා. ..සමහර ත්‍රීවීල් තොරන් වගේ.. මේවට කියන්නේ යකඩ හීන කියලා ලු.. ලු හොඳේ.. මම නෙමෙයි කියන්නේ...හොඳේ.. සමාජ මධ්‍ය තමා බෙරිහන් දෙන්නේ.. දැන් මේක ලංකාවේ උපසංස්කෘතියක් ගාණට දියුණු වෙලා.. පාසල් දරුවන් අධ්‍යාපන චාරිකාවක් යනවනම්.. මේ වගේ පාට පාට ලයිට් දාපු බස්වල ගිහින්... යනකං.. එනකං ඕකෙ නටලා එනවා.. අධ්‍යපන චාරිකාව අවසානයේ ළමයි දන්නව ද දන්නෙ නෑ.. ගියේ කොහේ ද කියලවත්...?

 පසුගිය වසර 5..6.. තුළ යතුරු පැදිය ලක්ෂ 10 ට ආසන්න වුනා.. ත්‍රීවීලර් ලක්ෂ 15..20 වුනා.. වාහන ගැන කුමන කතා ද... සමහර හීන මැරිලා නෙවෙයි.. යම් පිරිසක් හොරකම්කරගෙන.. ඉතින්. අපේ අනාගත පරම්පරාවට හොඳ චිත්‍රපටයක් රස විඳින්න... වේදිකා නාට්‍යයක් බලන්න.. වෙනත් හොඳ නිර්මාණයක් රස විඳින්න තියෙන අවස්ථා ඇහිරිලා...ඒවා ගැන සමාජ කථිකාවක් අදටත් නෑ. ඉතින් ඉන්දියන් යකඩ කෑලි හීන කරගෙන ඉන්න පරම්පරාවක් ඇතිවීම සාධාරණ යි. දඬුමොණරය හදපු රටේ.. රාවණා ගේ ජාන තියෙනවුන් ඉන්න රටේ අපේ වුන්ට වාහන මවන්න පුළුවන් කම තිබිය දී. ඒකට ඉඩ නොදී අපේ ඩොලර් ටික ඉන්දියාවට දීල.. තොරොම්බල් කෑලි ගෙන්නන එකයි... ඒවා අනාගත පරපුරක හීන වෙන එකයි තමා දුක....මේක අමිත් මුනින්ද්‍රදාස ල වගේ ශ්‍රේෂ්ඨ ඉංජිනේරුවෝ මෑතකාලීනවත් බිහි වෙච්චි රට බොලව්....දැන් උපදිනකොටම දියසෙන් ලා මරාදමන රටක් වෙලා.විශ්ණු අවතාරවලින්. රාම අවතාරවලින් වෙලාගත්තූ රටක් වෙලා. රාවණා හදපු පාලම හනුමාන් පාලම වුණා වගේ ම පිළිවන් නම්.. හනුමාන් පාලමට පණ දීපල්ලා.. එතකොට අපේ එවුන්ගේ හීනෙ වෙන්නේ. හින්දි කෑල්ලක් නැන්දම්මාගේ ලේලි කරන එක. එතකොට ගමේ ලස්සනම ලේලි අපෙ අම්මගේ වේවි කියලා.. සමාජ මාධ්‍යය විසින් ඊළඟ පරම්පරාවට හීනයක් හදලා දුන්නම තොපිට තේරේවි ඒ හීනෙන් අපේ රට මුදවාගන්න එක නම්.. මේ ඉන්දියන් තොරොම්බල් කෑලිවලින් තරුණ පිරිස මුදවාගන්න එක තරම් පහසු නොවන බව...! 

බස් සිය ගණනනක්  තියෙනවා කියන ජගත් විතාන කලුතර මන්ත්‍රීතුමා කියනවා... මම ඉන්දියාවෙන් අලුතින් බස් එක ගෙනත් මගේම ගරාජ් එකට දාලා .. ගලවලා.. තීන්ත ගාලා.. පෑස්සුම් දාලා.. රිවට් කරලා.. සකස්කරලා තමයි ලු එළියට දාන්නේ... ඉතින් ඕක තමයි එකලස් කරනව කියන්නෙත්.. විමල් වීරවංශ සහෝදරයා කර්මාන්ත ඇමති කාලයේ "සම්මත මෙහෙයුම් පටිපාටිය" (standard 0paration procedure) SOP  කියල පනතක් සම්මත කලා. දේශීය කර්මාන්ත කරුවාට අවශ්‍යය ශක්තිමත් පදනම  ඒ පනතින් ගන්න පුලුවන්... ඉතින් ආණ්‌ඩුවට තියෙන්නේ බස් ජගත් සහ තවත් ඒ වගේ දැනුම.. අවශ්‍යතාවය තියෙන අයව සම්බන්ධ කරගෙන.. Latec ... Ashok Layland .. TATA වගේ අපේ එවුන්ගේ ඔලු පාවිච්චි කරලා ලංකාවට ආවේණික බස් හදන්න පටන් ගන්න.. එතකොට ඔය යකඩ හීන.. බස් ත්‍රීවීල් පිස්සුව දේශීය නිර්මාණයක් විදිහට ලංකාවේ ආර්ථිකයත් ඔසවාගෙන උඩට මතුවෙයි..... එහෙම නැතුව මෙන්න මහපාරේ අහිංසක හීන මරනෝ කිව්වම. ඒකට බයේ ගැසට් ගහන එකවත්. පස්සා දොරෙන් පැනලා යන්න වෙන තැනට වැඩ කරගන්න එක නෙවී හපන්කම... අපේ අනාගත පරම්පරාව මේ වැරදි. නරක.. භයානක හීනෙන් ඇහැරවන එකයි යුග මෙහෙවර විය යුත්තේ...! 

 එම නිසා. කජුසීයා ගෝල්ෆේස් එන්න කලින්, මහපාරට වැටුණු Clean sri lanka යකඩ හීන නොමරා ගොඩදා ගතයුත්තේ ඒ අයුරින් මිස අන්ධයන් ලවා අලියා චිත්‍රයට නැගීමෙන් නොවන බව මගේ අදහසයි..


දර්ශනය ඔබට මඟ  වේවා..!


චන්දන සපුවිතාරණ (සපූ) 

සම්බන්ධිත පුවත් | Related News

ජතික ජනබලවෙගයේ යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී එලන්කුමාරන් කරුණානාදන් විසින් නිකුත් කළ මැතිවරණ ප්‍රචාරක ගීතයකින්, ත්‍රස්තවාදී එල්.ටී.ටී.ඊ නායක ප්‍රභාකරන්ගේ නායකත්වය උත්කර්ෂයට නංවා ඇති බව සිවිල් ක්‍රියාකාරිනී ජිහාන් හමීඩ් මහත්මිය විසින් මුහුණු පොතේ සටහනක් තබා තිබේ.
ජාතික ජනබලවේගය විසින් ප්‍රදේශීය මැතිවරණ සඳහා දෙමළ භාෂාවෙන් ගීත කිහිපයක් නිර්මාණය කර ඇති බවත්, එම ගීතවල දෙමළ ජාතිවාදී අදහස් සහ එල්.ටී.ටීය සම්බන්ධ රූප භාවිතා කරන බවට සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වන බව අන්තර්ජාල නාලිකාවකින් හෙලිදරව්වක් සිදුකර තිබේ.
හෙළයේ මහැදුරු මහාචාර්ය නලින් ද සිල්වා මැතිඳුන්ගේ වර්ෂ පූර්ණ ගුණානුස්මරණය ඉකුත් දා කොළඹ පදනම් ආයතනයේදී පැවැත්විණි.
තමන්ව රුහුණු විශ්ව විද්‍යාලයේ උපකුලපති ධුරයෙන් ඉවත් කරන ලද්දේ වර්තමාන ආණ්ඩුවට සම්බන්ධ ආචාර්ය සංගම්වල නියෝජිතයන් සහ ආණ්ඩුවට සම්බන්ධ ශිෂ්‍ය සංගම් විසින් බව රුහුණු විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය සුජීව අමරසේන මහතා පවසයි.
බොරුවෙන් බලයට පත්වූ ආණ්ඩුව තමන්ට කප්පම් ගෙවන ව්‍යාපාරිකයන්ට හැරුනු විට වෙනත් කිසිඳු පුද්ගලයකුට ව්‍යාපාරයක් කිරීමට සහන නොදෙන බවත්, අනුර කුමාර ජනාධිපති වී කුඩු, රත්‍රං, ආයුද කන්ටේනර් 320ක් එළියට දැමූ බවත් එක්තරා පුද්ගලයකු විසින් පවසන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ඉන්දු - පාකිස්තානු ගැටුම සමස්ත කලාපයටම ඉතා දරණු ලෙස දැනෙන බවත්, 1960 සිට පවත්වාගෙන ගිය ඉන්දු ගංගාවේ ජලය පාකිස්ථානය සමග බෙදා ගැනීමේ ගිවිසුම අත්හිටුවීම හරහා ඉන්දියාව පාකිස්තානයට එරෙහිව ඉතා දරුණු තීරණයක් ගෙන ඇති බවත්, ඉන්දියාව සමග බලශක්ති හෝ වෙනත් ඕනෑම ගිවිසුමකට එළඹී ඇති කලාපයේ අනෙකුත් රටවල්වලටද මෙය හොඳ පාඩමක් බවත් ආචාර්ය දයාන් ජයතිලක මහතා පවසයි.
වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.
සියවස් 17ක් තිස්සේ මෙරට ජනයා විසින් දිවිහිමියෙන් ආරක්ෂා කරගන්නා ලද දළදා වහන්සේ සම්බන්ධව සහ මෙම සියවස් 17 තිස්සේ දළදා වහන්සේ සම්බන්ධ දිගහැරුනු එම ඓතිහාසික කතන්දරයේ සවිස්තරාත්මක අනාවරණක් සමාජ මාධ්‍ය ක්‍රියාකාරික ඉසුරු ප්‍රසංග සිදුකර තිබේ.
උතුම් දළඳා ප්‍රදර්ශනය සම්පූර්ණයෙන්ම අසාර්ථක, කලබගෑනියක් වීමේ වගකීම පැහැදිලිවම රජය භාරගත යුතුය.

ප්‍රධාන පුවත්

සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.

බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත් බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙන්දේසි කිරීම වහාම නවත්වා, ඒය ඉන්දියාවට බාරදිය යුතු බව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි.

මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මේ වනවිට නිකුත්වී ඇති ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය බහුතර ආසන සංඛ්‍යාවක ඉදිරියෙන් සිටියද සභා පිහිටුවීමේදී කිසියම් අර්බුදකාරී තත්ත්වයකට පත්වෙනු ඇති බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි

ඉන්දියාව විසින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් හත්දෙනෙකු පමණ මියගොස් ඇති බව පාකිස්ථානය ප්‍රකාශ කර ඇත.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි

2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබේ. ඒ අනුව අද (06) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,759ක ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..

ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI), ශ්‍රී ලංකා ජාතික ඖෂධ නිෂ්පාදකයින්ගේ මණ්ඩලය (NCPMSL) සහ ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය (SLPMA) යන සංගම්වල සභාපතිවරුන් විසින් මෙම ඒකාබද්ධ ලිපියට අත්සන් තබා ඇත.

දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිහිටි පුරාණ ස්තූපයකින්1898 දී සොයා ගන්නා ලද පූජනීය බෞද්ධ ධාතු 300කට අධික එකතුවක් ලලිත කලා, එකතු කළ හැකි භාණ්ඩ සහ ස්වර්ණාභරණ සම්බන්ධ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය තැරැව්කාර ආයතනයක් වන සොතෙබිස් විසින් ලබන සතියේ (මැයි 7) වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.

ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)

වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.

අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)

ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම් මගින් රටේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකි බව ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය පවසයි.

අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)

පසුගිය දා ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ එකඟතාවයෙන් නිලධාරීන් පිරිසක් විසින් අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට පටහැනි, ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනි බව තර්කානුකූලව, තාක්ෂණික ක්‍රමවේද අනුව ඔප්පුකර සෑදූ ලියවිල්ලක් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට භාරදුන් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම ඊයේ(02) සිදුවිය.

ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)

පසුගියදා ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් කිහිපයකට අත්සන් කළ බවත්, එහෙත් මේ වන තෙක් කිසිඳු මාධ්‍යයකට සහ ජාතික සංවිධානයකට මෙම ගිවිසුම් පිළිබඳව තොරතුරු හෙළිදරව් කර නොමැති බවත් නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධී බවත්, එමගින් රට විනාශ වන බවත් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..

ඉන්දියාවත් සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළකරමින් ඊයේ(01) ජාතික සංවිධාන විසින් අත්සන් කළ ජාත්‍යන්තර පෙත්සම භාරදීම සඳහා අද(02) ජාතික සංවිධාන නියෝජිතයෝ පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ සිටියහ.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම අද(02) සිදුවිය.

ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)

ලෝකයේ බලසම්පන්න රාජ්‍යයන් හා කුඩා රාජ්‍යයන් අතර ඇතිවන ගිවිසුම්වලදී බලසම්පන්න රාජ්‍යයන් දෙකක් අතර ගිවිසුම්වලට වඩා වෙනස් අයුරකින් ක්‍රියාත්මක වන බවත්, එහිදී කුඩා රාජ්‍යයන්ගේ නායකයන් බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.