News Category
From Date
To Date
Maximum Number of Result

ලංකාව ලස්සන රටක් වෙන්නෙ අපි තනි තනියෙන් ගන්න උත්සාහයන් ඔක්කොගෙම එකතුවක් නිසා

Jan 8, 2025 at 10:58 AM
|

මම අද තිස්සමහාරාමෙ කඩේකට වෙලා ඉද්දි මේ පින්තූරෙ ගත්තෙ. මේ ඉන්න මනුස්සයා මේ විදේශීය කාන්තාවට රටේ බලන්න යන්න පුළුවන් තැන්, ඒව තියෙන දුර, යන්න එන්න ලේසිම විදිහ, ගැන හරි ලස්සනට ඉංග්රීසි කෑලි දදා පැහැදිලි කලා. කොහොම හරි මෑන්ට සාමාන්යෙන් හොඳ ඉංග්රීසි කතා කිරීමේ හැකියාවක් තිබ්බා. දෙන්න මේ කඩේට ගොඩ වෙලා තියෙන්නෙ මොනා හරි කන්න. මේ සුදු ජාතික ගෑනු කෙනා ෆෘට් සැලඩ් එකක් ඕඩර් කලා.
දැන් ඔන්න දෙන්න කතාව දාන් ඉන්න අතරෙ මේ මනුස්සයා ඉන්න තැනට හොඳටම බීල වැනි වැනි තව ලංකාවෙ මනුස්සයෙක් ඇවිත් බනින්න පටන් ගත්තා. " උබ කොහොමද එහෙම මිනිස්සුන්ට කතා කරන්නෙ මේ අපේ අය මුන්ව දෙන්න බෑ" වගේ ඒව කිය කිය බනින්න පටන් ගත්ත. ඒකත් හරි ලස්සනට හැන්ඩ්ල් කරල ඒ මනුස්සයව කඩෙන් එලියට ගිහින් දාලා ආයෙ ඇවිත් මේ මනුස්සය අර ගෑනු කෙනාගෙන් සමාව ගත්තා. එහෙම සමාව අරං කියනව පොඩ්ඩක් ඔහොම ඒව වෙනව ඒව ගනන් ගන්න එපා ලංකාවෙ ඊට වඩා ලස්සන ඕන තරම් දේවල් තියෙනව කියල තව ලැමිනේට් කරපු දෙකට තුනට නවපු බෝඩ් එකක් අරං ඒකෙන් ලස්සන පින්තූර වගයක් පෙනුව යන්න පුලුවන් තැන් වල. ඒ ගමන් අරක අමතක කරල දාන්න එයා අර ගෑනු කෙනාගෙන් බලන්න යන්න තැන් ආස විදිහ කෑම බීම ගැන අහන්න පටන් ගත්තා. තව මේ මනුස්සය කියනව ඔය දුර බස් වලට මේ බස් ස්ටෑන්ඩ් එකට හෝල්ට් දෙකක් විතර කලින් මිනිස්සු නැගල සුදු මිනිස්සුන්ට පාර කියන්න උන් ගෙ ඇඟේ එල්ලෙන්න හදන හොරු ඉන්නව උන්ට අහුවෙන්න එපා කියල.
මාත් දැන් බත් එක කකා ඕක බලන් ඉන්නව. පස්සෙ ඔන්න අර සුදු ගෑනු කෙනා ඕඩර් කරපු ෆෘට් සැලඩ් එක අරං වේටර් මල්ලි කෙනෙක් ආවා. දැන් ෆෘට් සැලඩ් එක ලංකන් ස්ටයිල් එකට වැනිලා අයිස්ක්රීම් ස්කූප් එකක් එහෙම දාලා ලස්සනට මේසෙ උඩින් තිබ්බ ගමන් මේ සුදු ගෑනු කෙනා කිව්වා ඒක කන්න බෑ කියල. දැන් ඔක්කොම කන්ෆියුස් මාත් බලන් ඉන්නව ඉතින්. ඕන දේ ඕඩර් කරල ගෙනාවට පස්සෙ එපා කිව්වම කඩේ එකාටත් මල පැනල. දැන් අර මනුස්සය ඇහුව ඇයි එප කියන්නෙ කියල. බලද්දි සුදු ගෑනු කෙනාට කිරි ඇලර්ජිලු. අයිස්ක්රීම් දාපු නිසා කන්න බැරිලු. ඔය ගොඩක් යුරෝපීය රටවල අයට ඔහොම ආසාත්මිකතා වැඩී. දැන් කොල්ලත් කන්ෆියුස් අර මනුස්සයත් කන්ෆියුස්. කොල්ලට නම් වැඩිය සුදු ගෑනු කෙනා කිව්ව එක තේරුන් නෑ වගෙ.
එක පාරම අර ගයිඩ් මනුස්සය ඒක අරං කිව්වා මේක මම කන්නම් මේ මැඩම්ට අයිස්ක්රීම් නැති එකක් ගේන්න කියල. ඒක හරි ලස්සන මොහොතක්. තමන්ට කන්න උනේ මේ අහක යන එකක් නෙ අතේ තියෙන ගානකටනෙ තට්ටු වෙන්නෙත් ඒත් ඉතින් ඒක කන ගමන් ඒ මනුස්සය එතන හිටිය තව ගෑනු කෙනෙක්ට කියනව මෙහෙම, බන් දැන් මේක එපා කිව්වම අපිට මොකුත් කරන්න බෑනෙ අරං මේ ගෑනිගෙ ඔලුවෙ හලන්නද එහෙම බෑනෙ ඉතින් බන් මේක ඕනෙ උනත් එපා උනත් කාලා ඒ මනුස්සයගෙ මේ මොහොත හොඳ එකක් කරන එකයි වැදගත්. අනික මේ මිනිස්සුන්ට කාට හරි ලංකාව හොඳ රටක් කියන්නත් එහෙම නැති ජරා රටක් කියන්නත් ඔය වෙන පොඩි සිද්ධිය ඇති. ඒ හින්ද මේක කනව. මගෙ අතේ සල්ලි කීයක් හරි තියෙන හින්ද කනව මිසක් මේක කන්න බෑනෙ නැත්තන්. ඒකට තමයි මේ වචනයක් දාලා මිනිස්සුන්ට පාරක් පෙන්නලා කීයක් හරි හම්බ කරගන්නෙ. හොර බොරු නෙවේ ජීවිතේ මේක කරන්නෙ සතුටින් බන් කියල. මට මේක ඉංග්රීසියෙන් කියාගන්න බැරිනම් බන් අතින් පයින් හරි කියනව එහෙමත් බැරි නම් ඇඳල හරි පෙන්නනව කියල.
කොහොම උනත් මෙහෙම මිනිස්සු ලංකාවෙ සංචාරක ක්ෂේත්රයට ලොකු සේවාවක් කරනවා. හොරුත් ඇති. ඒත් මේ මනුස්සය හරි සාධාරණ හොඳ කොලිටි මනුස්සයෙක්. මං කියන්නෙ බිම්මට්ටමේ හෝ ඉහලම මට්ටමක මග පෙන්වන්නෙක් උනත් සාධාරණව අවංකව මෙහෙම වැඩ කරන්න ඕනෙ.
කලු වෙලා කෙට්ටුවට මූනෙ හැම රැල්ලක්ගානෙම වියලි කලාපෙ මිනිස්සුන්ගෙ ජීවන අරගලේ නිරූපණය කරන මේ මනුස්සයට තව හරියන්න ඕනෙ. ❤️
ලංකාව ලස්සන රටක් වෙන්නෙ අපි තනි තනියෙන් ගන්න උත්සාහයන් ඔක්කොගෙම එකතුවක් නිසා. 💫
ජය වේවා...!
06.01.2024
~කෝනාර
Copied

උපුටා ගැනීම මුහුණු පොතෙන්

සම්බන්ධිත පුවත් | Related News

සාම්ප්‍රදායිකව හෘද රෝග විශේෂඥයන් බටහිර බෙහෙත් වට්ටෝරු නියම කළද ආහාර රටාව වෙනස් කිරීම මගින් රෝගී තත්ත්වයන් අවම කිරීමට හැකි බව පෙන්වා දෙන හෘද රෝග විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා එලෙස කටයුතු කරන්නේ කෙසේද යන්න පැහැදිලි කරන වීඩියෝවක් පහතින් දැක්වේ.
අතීත හෙළයන් යනු භූමියට පමණක් නොව, මහා සාගරයටත් එකසේ බලය පැතුරූ, ලෝකයේම ගෞරවයට පාත්‍ර වූ අතිශය දියුණු ජාතියක්! අපේ ඉතිහාස පොත්වල මේ ගැන සවිස්තරාත්මකව නොතිබුණත්, ලෝකයේ පැරණි ඓතිහාසික වාර්තා, විශේෂයෙන්ම චීන සහ ග්‍රීක ජාතිකයන්ගේ ලියවිලි පරීක්ෂා කිරීමේදී අපට අපේ මුතුන්මිත්තන්ගේ නාවික තාක්ෂණය ගැන අදහාගත නොහැකි තරම් අභිමානවත් තොරතුරු රැසක් අනාවරණය වනවා.
ව්‍යාපාරික ලෝකයේ හැම සුදූ කෙළියක්ම හැමෝටම එකලෙස ජය ගෙනෙන්නේ නැත. පසුගියදා LOLC සමූහය මාලදිවයිනේ හෝටලයක් විකුණා ඩොලර් මිලියන 57ක දැවැන්ත ලාභයක් ලබද්දී, ලංකාවේ පැරණිතම බහුජාතික සමාගමක් වන හේලීස් (Hayleys PLC) සමූහයට මාලදිවයිනෙන් අත්ව ඇත්තේ කණගාටුදායක ඉරණමකි.
පසුගිය මැයි 28 වැනිදා කොළඹදී පැවැත්වුණු ශ්‍රී ලංකා වුෂු සම්මේලනයේ වාර්ෂික මහා සභා රැස්වීම දැඩි උණුසුම් මුහුණුවරක් ගත් බව වාර්තා වේ. වසර 32ක කාලයක් තිස්සේ වුෂු ක්‍රීඩාවේ පරිපාලනය හසුරුවන නිලධාරී පාර්ශවය විසින් ඉදිරිපත් කරන ලද මූල්‍ය හා අයවැය වාර්තාවල පවතින බරපතල අක්‍රමිකතා හේතුවෙන් සභාව තුළ මෙම නොසන්සුන්කාරී තත්ත්වය හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.
එක්සත් රාජධානියේ සෙන්ට්‍රල් ලැන්කෂයර් විශ්වවිද්‍යාලය විසින් ලංකාවේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීමට එරෙහිව එවකට සමාජවාදී ශිෂ්‍ය සංගමයේ කටයුතු කළ වර්තමාන සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සිදුකළ ප්‍රකාශයක් පහත වීඩියෝවේ දැක්වේ.
රෙදි උස්සගෙන, මෙන්නෝ කපිල මුස්ලිම් මුඩුක්කු කාරයො දෙන්නෙක් දාල ඇප තියලෝ ඒ නිසා රංග උත්තමයා මැදිහත්වෙලා උසාවියෙන් ඇප අවලංගු කරලෝ, මෙන්න කපිල චන්ද්‍රසේන තව හොරයක් කරලා මාට්ටු වෙලෝ කියල මැයි හය, හත් වෙනිද රෙදි උස්සගෙන කෑගහපු තරිඳු උඩුවර ගෙදර සහ ෆසීර් කියල යූ ටියුබර්ස්ලා දෙන්නෙක් ඉන්නවා.
තාක්ෂණය කියන්නේ අපේ වැඩ පහසු කරන අපූරු මෙවලමක්. හැබැයි ඒ තාක්ෂණය අපේ පවුල් ජීවිතය ඇතුළට ආවොත් මොකද වෙන්නේ? මේ දවස්වල මුළු ලෝකයම කතා වෙන ජපානයෙන් ඇහෙන කතාව මේකට හොඳම උදාහරණයක්.
Alexander Cunningham යනු ඉන්දියානු පුරාවිද්‍යා ඉතිහාසයට ඉතා බලපෑම් කළ පුද්ගලයෙකි. ඔහු බෞද්ධ ස්ථාන, අශෝක ශිලා ලේඛන, පැරණි නගර සහ චීන සංචාරක වාර්තා භාවිතයෙන් ඉන්දියාව හා දකුණු ආසියාවේ බොහෝ ස්ථාන හඳුනාගැනීමට උත්සාහ කළේය.

ප්‍රධාන පුවත්

ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

බෙදුම්වාදීන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ආණ්ඩුවත් විපක්ෂයත් බරපතළ ලෙස මානසික බාධක පනවාගෙන සිටින බවත්, එල්.ටී.ටී.ඊ කොටි ත්‍රස්තයන් සැමරීම ඔවුන් විසින් කිසිඳු බාධාවකින් තොරව පාර්ලිමේන්තුව තුළ දී පවා සිදුකරමින් සිටින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!

දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ගේ (අවි දැරූ/නොදැරූ) සහ ඉන්දියාවේ වුවමනාවට 80 දශකයේදී ලංකාවේ ස්ථාපිත කළ පළාත් සභා ක්‍රමය පිළිබඳව නැවතත් විමසා බැලිය යුතුය.

මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..

වැරදි විදිහට කටයුතු කරන මූල්‍ය ආයතන රට තුළ තිබේ නම් මහ බැංකුව ඊට නීතිමය පියවර ගතයුතු බවත්, එසේ නොමැතිව දැන්වීම් ප්‍රචාරය කිරීමෙන් පමණක් ඒවාට එරෙහිව කටයුතු කළ නොහැකි බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය

රටවල් කිහිපයක් ඉලක්ක කරගනිමින් ශ්‍රම සාධක මත පදනම් වූ නව තීරුබදු ක්‍රමවේදයක් හඳුන්වා දීමට ඇමරිකා එක්සත් ජනපදය පියවර ගෙන ඇත. මෙරටින් යවන අපනයන භාණ්ඩ සඳහා ද සියයට 12.5 ක බද්දක් මෙයට ඇතුළත් වන අතර, මෙම තීරණය සම්බන්ධයෙන් ලංකා වාණිජ මණ්ඩලය සිය කනස්සල්ල පළ කර සිටියි.

මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට

සිදත්ත තිලකසිරි හෙවත් "සුදා" නමැති කුප්‍රකට අන්වර්ථ නාමයෙන් හඳුන්වන යූටියුබ් කරුවකුට එරෙහිව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් ලිඛිතව පොලිස්පතිට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?

ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු ආචාර්ය විනෝද් සුරනා සහ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අතර හමුවක් සිදුව ඇති බව වාර්තා වේ.

චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය (UNODC) ද පෙන්වා දෙන ආකාරයට මාර්ගගත වංචා මධ්‍යස්ථාන අග්නිදිග ආසියාවේ සිට අනෙකුත් කලාප වෙත ව්‍යාප්ත වෙමින් පවතින බවයි. එලෙසම අපරාධ ජාල මිනිස් ජාවාරම් සමඟ වඩාත් සංකීර්ණ ලෙස සම්බන්ධ වෙමින් ඇති බවද එම නිවේදනය පවසයි.එලෙසම චීන ජාතිකයන් මෙම අපරාධවල ප්‍රධාන ගොදුරු කණ්ඩායම් අතර සිටින බවද තහවුරු වී තිබෙන බවද එම නිවේදනය මගින් පවසයි.

සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගෙන වර්ග සංහාරයක් සිදුකළා.. දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් සිදුකළා කියලා උතුරු පළාත් සභා ප්‍රකාශනයෙන් කියවෙනවා.. - ජීවන්ත පීරිස් පූජකවරයා යළිත් කියයි..

දකුණේ සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගනිමින් වර්ග සංහාරයක් සිදුකර ඇති බවත්, එය ආරම්භ වූයේ උතුරට එරෙහිව නොව දකුණට එරෙහිව බවත් ජීවනිත පීරිස් පියතුමා පවසයි.

භාණ්ඩාගාර කොල්ලය ගැන භාණ්ඩාගාර වාර්ෂික වාර්තාවේ කිසිම සඳහනක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්

මහා භාණ්ඩාගාරයේ සිදුවූ අපකීර්තිමත්ම මංකොල්ලය ඩො.මි. 2.5 ක මුදල තුන්වන පාර්ශවයක් අතට පත්වීම පිළිබඳ මුදල් අමාත්‍යාංශයේ 2025 වාර්ෂික වාර්තාවේ කිසිදු සදහනක් නොවේ යයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

සහල් ආනයනය කරන්නේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් නොවේ.. නිලධාරීන්ගේ සහ ඇමතිවරුන්ගේ අතයට කොමිස් ලබාගැනීමේ "ජානගත බැඳීමක්" නිසා.. - ජාතික ගොවිජන එකමුතුවෙන් චෝදනා

රට තුළ අවශ්‍ය තරම් සහල් සහ වී සංචිත පවතිද්දී නැවත සහල් ආනයනය කිරීමට කටයුතු කළහොත්, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ පාරිභෝගික කටයුතු අමාත්‍ය වසන්ත සමරසිංහට ගමට එන්න ඉඩ නොතබන බවට ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් අනතුරු අඟවයි.

ජනපති අනුර හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්

'ජනපති අනුර කුමාර දිසානායක මැතිතුමා හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ. 2026 ජනවාරි 1 දාට භාණ්ඩාගාරයේ මුදල් ශේෂය රු.මිලියන 915 යි. 2024 දෙසැ. 31 වෙනිදා වන විට රු.බිලියන 805 ක් භාණ්ඩාගාරයේ මුදල් ශේෂය තිබුණා. රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ගෙදර යවන කොට බිලියන 800 ක් තිබුණා. මේ ආණ්ඩුවේ පළමු අවුරුද්ද තුල භාණ්ඩාගාරයේ මුදල් ශේෂය වැඩිවුනේ රුපියල් බිලියන 110 කින් විතරයි' යැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

බටගොඩ 'සෙනෙහසේ කැදැල්ල' වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන්ම ගිනිබත් වෙයි.. - 11ක් මරුට - තුනක් අතුරුදන්

අඟුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ වැඩිහිටි රැඳවුම් මධ්‍යස්ථානයක හටගත් ගින්නෙන් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තවත් තිදෙනෙකු අතුරුදන්ව ඇති බව පොලීසිය පවසයි.

ගෝඨාභය කොටු කරන්න නින්දිත වෑයමක් ක්‍රියාත්මකයි.. - සරත් වීරසේකරගෙන් හෙළිදරව්වක්

පාස්කු ප්‍රහාරය විමර්ශන වලදී ISIS ත්‍රස්තයන් පිටුපස නොයා ගෝඨාභය සහ සුරේෂ් සලේ පිටුපස යාමෙන් පෙනෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව මෙම පාස්කු ප්‍රහාරය ගෝඨාභයගේ පිට දැමීමට දරණ නින්දිත උත්සාහයක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා පවසයි.

හුදෙකලා සිද්ධීන් පදනම් කර ගනිමින් මහා සංඝරත්නයට අපහාස කිරීමේ දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි

හුදෙකලා සිද්ධීන් පදනම් කර ගනිමින් මහා සංඝරත්නයට අපහාස කිරීමේ දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති.

අනු‍ර මේ ගෙනියන්නේ අහිංසකයන්ගේ ලේ උරා බොමින් ගජමිතුරන්ට “රෝල්ස් රොයිස්” පුදන නරුම පාලනයක්.. - විමල් වීරවංශ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කොන්දේසි ඉදිරියේ දණ නමා, කිසිදු හෘද සාක්ෂියක් නොමැතිව රටේ පොදු ජනතාව මත බර පිට බර පටවමින්, පහළ පන්තියේ මිනිසාගේ ලේ උරා බොන ඉතාම නරුම සහ දුෂ්ට පාලනයක් වත්මන් රජය විසින් ගෙන යමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ජනාධිපතිවරයාට හා රජයට දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් ප්‍රකාශ කරයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.