News Category
From Date
To Date
Maximum Number of Result

ක්ෂණික නූඩ්ලස් ගැන ඔබ නොදත් දේ........

Dec 30, 2024 at 08:23 PM
|

ක්ෂණික නූඞ්ල්ස් කියන්නේ අපි හැමෝම ගොඩක් ආසාවෙන් කන්න කැමති දෙයක්. විශේෂයෙන්ම කුඩා දරුවන්ගේ ප‍්‍රධාන ආහාරයක් බවටත් අද වෙනකොට මේ ක්ෂණික නූඞ්ල්ස් පත්වෙලා ඉවරයි. විවිධ රස වලින් වෙළදපොළේ තියන මෙම ක්ෂණික නූඞ්ල්ස් වලට කුඩා දරුවන් වගේම කාර්ය බහුල වැඩිහිටියනුත් ගොඩදෙනෙක් අද වෙනකොට ඇබ්බැහි වෙලා ඉවරයි. අද මම කියන්න හදන්නේ ක්ෂණික නූඞ්ල්ස් වල ගොඩාක් අය නොදැකපු පැත්තක් ගැන. 

සාමාන්‍ය නූඞ්ල්ස් වලින් ක්ෂණික නූඞ්ල්ස් වෙනස් වන ප‍්‍රධාන සාධකය තමයි ඒවාගෙ අඩංගු වෙන රස කාරක පැකට්. ක්ෂණික නූඞ්ල්ස්වල රස කාරක පැකට් 2ක් හෝ කිහිපයක් අඩංගුවෙනවා. ක්ෂණික නූඞ්ල්ස් වල අලූ‍ත්ම සාමාජිකයා තමා කප් නූඞ්ල්ස් කියන්නේ. කාර්ය බහුල ගෘහණියන් බොහෝ වෙලාවට කුඩා පාසල් දරුවගේ කෑම පෙට්ටියට පිසින ලද ක්ෂණික නූඞ්ල්ස් පැකට් එකක් දාන්න පුරුදු වෙලා තියෙනනේ උදේට ගෘහණියන්ගේ කාර්යබහුලත්වය නිසා වගේම කුඩා ලමුන්  ක්ෂණික නූඞ්ල්ස් වලට දක්වන දැඩි කැමත්ත නිසා.  

ක්ෂණික නූඞ්ල්ස් මේ තරමටම අපේ ජීවිත වලට සමීප වුන නිසා නොදැනුවත්වම අපිට සමීප වුන නරක ප‍්‍රතිඵලත් එමටයි.  අද වෙනකොට විවිධ රට වල සිදුකල පර්යේෂණ වලින් අපි මේතරම් සමීප කරගත්ත ක්ෂණික නූඞ්ල්ස් අපිට කොච්චර කරදර ගේනවද කියල ඔප්පු කරල තියනවා.  පෝෂණවේදීන් ක්ෂණික නූඞ්ල්ස් හදුන්වන්නේ බාල තත්වයේ ආහාරයක්  ( වමබන දෙදා * විදිහට. ඒකට හේතුව ක්ෂණික නූඞ්ල්ස් වල තියන අධික පිටි ගතිය , ලූ‍ණු ගතිය , තෙල් ගතිය සහ විවිධ ආකලන වර්ග ( ්ාාසඑසඩැි *. 

අපි ගන්න ක්ෂණික නූඞ්ල්ස් වලට අම්ල යාමක ( ්ජසා රුටමක්එදරි* , රස උත්දීපක ( කේඩදර ැබය්බජැි*  , ආහාර පරිරක්ෂක ( චරුිැරඩ්එසඩැි*  , ප‍්‍රති කැටිකාරක (්බඑසජ්නසබට ්ටැබඑි* වැනි කෘතිම ආකලන එකතුකරනවා. මෙම ආකලන බොහෝමයක සෝඩියම් අඩංගුවෙනවා. ලංකාවේ වැඩිහිටි පුද්ගලයෙකුට දිනකට ගතහැකි උපරිම සෝඩියම් ප‍්‍රමාණය 2000 පට ( එක තේ හැන්දක්* වුනාට සමහර ක්ෂණික නූඞ්ල්ස් එක පැකට් එකක සෝඩියම් 2000 පට ට වඩා තියෙනවා.  කප් නූඞ්ල්ස් වල තියන සුප් ගතිය නිසා ඒවගේ තියන සෝඩියම් ප‍්‍රමාණය නූඞ්ල්ස් පැකට් වල තියන ප‍්‍රමාණයට වඩා වැඩියි. මේ විදිහට අධික ලෙස සෝඩියම් පරිභෝජනය කලාම අධි ?ධිර පීඩනය , ආඝාතය , වකුගඩු නරක් වීම සහ පිලිකා වගේ දරැණු රෝගවලට තියන අවදානම වැඩිවෙනවා. විශේෂයෙන්ම වකුගඩු වර්ධනය වෙම්න් පවතින අවධියේ ඉන්න කුඩා ලමයින්ට වකුගඩු රෝග වැළදෙන්න ලොකුම හේතුවක් තමා මේ ක්ෂණික නූඞ්ල්ස්.

ක්ෂණික නූඞ්ල්ස් වල රැලි එකිනෙක ඇලෙන එක වැලක්වීමට වැක්ස් වර්ගයක් භාවිතාකරනවා. ඒ වැක්ස් තමා ක්ෂණික නූඞ්ල්ස් වලට උණු වතුර දැම්මාම තෙල් තට්ටුවක් පාවෙනවා වගේ අපිට පේන්නේ .ඒ වැක්ස් වර්ග ක්ෂණික නූඞ්ල්ස් හදනකොට උණු වතුර දැම්මාම උණු වතුරේ දියවෙලා අපේ ශරීරයට උරාගැනීමට ලේසි තත්වයකට පත්වෙනවා.මෙම වැක්ස් වර්ග අපේ ශරීරයට උරාගෙන අක්මාව සහ වකුගඩු වල තැන්පත්වෙලා එම අවයව වලට හානි කරනවා. 

ක්ෂණික නූඞ්ල්ස්වල රස වැඩි කරන්න මෙනොසෝඩියම් ග්ලූටාමේට් ( පදබදිදාසමප ටකමඒප්එැ * නැතහොත් ඵීඨ බහුලව භාවිතාකරනවා. ඵීඨ වලින් කුකුලූ‍ මස් රස නූඞ්ල්ස් වල රස වඩා කුකුලූ‍ මස් රස කරනවා. ඉස්සෝ රස ක්ෂණික නූඞ්ල්ස්වල රස වඩා ඉස්සෝ රස කරනවා. ආහාර වලින් දීර්ඝකාලීනව ඵීඨ ශරීරයට ලැබුනාම විවිධ ආසාද්මිකතා වලට , පපුව දැවිල්ලට , හිසරදය සෑදීමට , මතක ශක්තිය අඩුවෙන්න වගේම ක්ෂණික නූඞ්ල්ස් කෑවට පස්සේ අධික පිපාසයටත් හේතු වෙනවා. ලංකාවේ දැනට තියන නීතියට අනුව අවුරුදු 3ට අඩු ලමයි වෙනුවෙන් සකස් කරලතියන ආහාර වලට ඵීඨ දානඑක තහනම්. ඒතරම් ඵීඨ දරුවන්ට අහිතකර වුනාට ලංකාවේ ගොඩක් අම්මලා තමන්ගේ දරුවට අවුරුද්දක් සම්පූර්ණ වුනගමන් ක්ෂණික නූඞ්ල්ස් කවනවා. ඒවගේම ලංකාවේ නීතිය අනුව වියලි නූඞ්ල්ස්වලට ඵීඨ දානඑක තහනම්. ඒ හින්ද තමයි නූඞ්ල්ස් පැකට් ඇතුලේ වෙනමම තියන රසකාරක පැකට් එකේ ඵීඨ අඩංගුවෙන්නේ. 

කප් නූඞ්ල්ස් සෑදීමේදී උණු ජලය ප්ලාස්ටික් භාජනයට දැම්මහම ඒ තුනී ප්ලාස්ටික් භාජනයේ අඩංගු පිලිකා කාරක සංඝටක උණු ජලයේ දියවෙලා නූඞ්ල්ස්වලට මිශ‍්‍ර වෙනව කියල නිරීක්ෂණය කරල තියනවා. එම පිළිකා කාරක නිසා විශේෂයෙන්ම ආහාර ජීරණ පද්ධතිය අශ‍්‍රිතව පිළිකා ඇතිවීමේ අවධානම වැඩිවෙනවා. ආසියාවේ රටවල්වල ක්ෂණික නූඞ්ල්ස් පරිභෝජනය ගොඩක් වැඞී. ඒක නිසා ක්ෂණික නූඞ්ල්ස්වල අහිතකර බලපෑමත් අපේ රටවල්වලට ගොඩක් වැඞී. ඒවගේම ක්ෂණික නූඞ්ල්ස්වල අහිතකර බලපෑම් වැඩිපුරම එල්ලවෙන්නේ කාන්තාවන්ට කියලත් විද්‍යාඥයින් සොයාගෙන තියනවා. ඔවුන් කියන විදිහට සතියකට දෙපාරක් හෝ ඊට වැඩි වාර ගානක් ක්ෂණික නූඞ්ල්ස් ආහාරයට ගැනීම හෘද රෝග සහ පිළිකා සදහා අවධානම් සාධකයක්.

ක්ෂණික නූඞ්ල්ස්වල තියන තෙල් දීර්ඝ කාලයක් නරක් නොවි තියාගන්න එම තෙල් හයිඞ‍්‍රජනීකරනය කියන ක‍්‍රියාවලියට ලක්කරනවා. එම ක‍්‍රියාවලියේදී හැදෙන ට‍්‍රාන්ස් මේදය ශරීරයේ අහිතකර කොලෙස්ටරෝල් වැඩි කරන්න හේතුවෙනවා. මෙම තෙල් නිසා  ක්ෂණික නූඞ්ල්ස්වල ශක්ති ප‍්‍රමානය අධික වෙලා දීර්ඝකාලීන ක්ෂණික නූඞ්ල්ස් පරිභෝජනය තරබාරු වීමටද හේතු වෙනවා. ක්ෂණික නූඞ්ල්ස් වල තියන අධික ආහාර ආකලන ප‍්‍රමානය කුඩා ලමයින්ගේ ශරීරවල තැන්පත්වීම හින්දා, ක්ෂණික නූඞ්ල්ස් නිතර ආහාරයට ගන්න අවුරුදු 5 ට අඩු කුඩා ළමයින්ගේ විටමින් සහ ඛනිජ ලවන උරාගැනීමේ හැකියාව අඩුවෙනවා කියලා තහවුරු වෙලා තියනවා. එය දරුවන්ගේ බුද්ධි වර්ධනය අඩාල වෙන්න වගේම ඇස් පෙනීම දුර්වල වීමටද හේතු වෙනවා. 

දැන් ඔබට තේරෙනවා ඇති අපි කොච්චර ආසාවෙන් ක්ෂණික නූඞ්ල්ස් කෑවත් ඒවා හරිම ලේසියෙන් පිළියෙල කරන්න පුලූ‍වන් වුනත් ඒවගේ තියන භයානක ප‍්‍රතිපල අති විශාලයි කියලා.  ලංකාව වගේ දියුණුවෙමින් පවතින රටවල් වල ආහාර රටාව වේගයෙන් බටහිරකරනය වෙනවා. ඒකනිසා දවසින් දවස ක්ෂණික නූඞ්ල්ස් පරිභෝජනය වැඩිවෙනවා. ඒකේ ප‍්‍රතිඵලය වෙන්නේ කුඩා දරුවන්ගේ පොෂණ මට්ටම සහ ස්‍යෙඛ්‍යය මට්ටම පිරිහෙන එක. එහෙම වුනාම ඉස්සරහට අපේ රටේ පිලිකා රෝගීන්, දියවැඩියා රෝගීන් , හෘද රෝගීන් සහ තරබාරැ පුද්ගලයන්ගෙ ගණන තව තවත් වැඩිවෙනවා. මේ භයානක තත්වය තේරැම් අරගෙන අපි උත්සාහ කරන්න ඔනේ මේ ක්ෂණික නූඞ්ල්ස් කියන භායානක හතුරගෙන් ගැලවෙන්න.

 ඒසදහා පෝෂණවේදීන් ක‍්‍රම 2ක් යෝජනා කරල තියනවා. පළෙවෙනි එක තමයි ක්ෂණික නූඞ්ල්ස් වෙනුවට තමන්ගේ ගෙදර දි රස කාරක අඩංගු නැති සාමන්‍ය නූඞ්ල්ස් පිළියෙල කරන එක. එතකොට අපිට පුලූ‍වන් තෙල් අඩුවෙන් , රස කාරක නැතිව , එළවලූ‍ වැඩිපුර එකතුකරලා , කුඩා ළමයින්ටනම් බිත්තරයක් හරි මස් හරි මාළු එකතුකරල පෝෂණ ගුණය වැඩිකරලා පිලියෙල කරන්න. ඉලග යොජනාව තමයි ක්ෂණික නූඞ්ල්ස් කනකොට ප‍්‍රමාණය පාලනය කරනඑක. ඔබ වෙනදට ක්ෂණික නූඞ්ල්ස් පැකට් එකක් තනියම කනවනම් අද ඉදන් කාත් එක්කහරි බෙදාගෙන කන්න පුරුදුවෙන්න. 

 මේ ලිපිය කියවන ඔබත් අනිවාර්යයෙන් ක්ෂණික ක්ෂණික නූඞ්ල්ස්වලට ආස කරන කෙනෙක් වෙන්න ඇති. දැන් ඔබත් කල්පනා කරන්න ක්ෂණික නූඞ්ල්ස්වල රස බලලා ඡීවිතේ ලෙඩරෝග වලට බිලිදෙනවද නැතිනම් ක්ෂණික නූඞ්ල්ස්වලින් ඈත් වෙලා බොහෝ කාලයක් නිරෝගීව සතුටින් ජීවත්වෙනවද කියලා. ඔබ හොදින් මතක තියාගන්න අපි ගන්න ආහාරයක් ක්ෂණික වෙන තරමට එකෙන් ශරීරයට තියන අහිතකර බලපෑමත් වැඩිවෙනව කියලා. 




ප‍්‍රදීප් පියතිලක, 

සන්නිවේදන සහ මාධ්‍ය නිලධාරී,

ජාතික මූලික අධ්‍යයන ආයතනය.

උපුටා ගැනීම ප‍්‍රදීප් පියතිලක, ෆේස්බුක් පිටුවෙන් 

සම්බන්ධිත පුවත් | Related News

ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රිනියට චීනයට යන ගුවන් යානයට ගොඩවීමට නොහැකි වූ පුවතක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ සංවාදයක් නිර්මාණය වී ඇත.
ආන්තවාදයට විරුද්ධව කටයුතු කිරීම ආරම්භ කළේ 2002 වසරේදී එක්තරා ක්‍රිස්තියානි දෙමළ පූජකවරයකු විසින් බුදුපිළිමයක් පාගාගෙන සිදුකළ යාඥා කිරීමක් දැකීමෙන් පසුව බවත්, එදා එය දැක දැඩි කෝපයක් ඇති වූ බවත් ගලගොඩ අත්තේ ඥානසාර හිමි විසින් ප්‍රකාශ කරන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
Born Again ඇදහීම ශ්‍රී ලංකාවේ මුලින්ම ආරම්භ වෙන්නේ දශකයකට එකහමාරකට කලින්.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38(2) වගන්තියට අනුව ජනාධිපතිවරයෙකුට එරෙහිව දෝෂාභියෝගයක් (Impeachment) ගෙන ඒමට පැහැදිලි ප්‍රතිපාදන ඇත.
භාස්කර II (භාස්කරාචාර්ය) යනු බ්‍රහ්මගුප්තගෙන් වසර 500කට පමණ පසු, එනම් ක්‍රි.ව. 12 වන සියවසේදී (ක්‍රි.ව. 1150 දී පමණ) විසූ තවත් ශ්‍රේෂ්ඨ ඉන්දීය ගණිතඥයෙකු සහ තාරකා විද්‍යාඥයෙකි. ඔහු බ්‍රහ්මගුප්ත ඉදිරිපත් කළ මූලික ගුරුත්වාකර්ෂණ අදහස් තවදුරටත් පුළුල් කරමින්, සිය සුප්‍රසිද්ධ “සිද්ධාන්ත ශිරෝමණී” නම් ග්‍රන්ථයේ "ගෝලාධ්‍යාය" නම් පරිච්ඡේදය තුළ මේ පිළිබඳව ඉතා පැහැදිලි විද්‍යාත්මක විග්‍රහයක් සිදු කළේය. සර් අයිසැක් නිව්ටන්ට වසර 500කට පෙර, භාස්කර II විසින් ගුරුත්වාකර්ෂණය සහ ආකාශ වස්තූන්ගේ පැවැත්ම ගැන ප්‍රකාශ කළ ප්‍රධාන කරුණු මෙසේය.
2050 වන විට ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනගහණය සිංහල ජනගහණය අභිබවා යන බවත්, සිංහල ජාතිය මහ ජාතිය ලෙස මෙරට තුළ ජීවත්වන අවසාන සියවස මෙය බවත් මුස්ලිම් පූජකවරයකු විසින් පවසන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.
දණපතියන්ගේ කැසිනෝ බදු ඉවත් කර සබන් කැටේ බදු වැඩිකර හාල් මාෆියාව ඇතිකළේ වත්මන් ආණ්ඩුවේම පිරිස බව දේශපාලන වේදිකා තුළ ඇතිවූ කතාබහ ආශ්‍රයෙන් සමාජ මාධ්‍යයේ පළ වූ වීඩියෝවක් පහතින් දැක්වේ.
රනිල් වික්‍රමසිංහ මහතාව බොහෝ දෙනෙකු විශාල ලෙස අපවාදයට ලක්කළ බවත් පහර ගැසූ බවත්, එතරම් අපහාස විඳගත් ජනාධිපතිවරයකු තවත් නොමැති බවත් රංගන ශිල්පී කලන ගුණසේකර පවසයි.

ප්‍රධාන පුවත්

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.