අරගලයෙන් පස්සේ කංජිපානි ඉම්රාන්ට අධිකරණයෙන් ඇප ලැබුනා. කංජිපාන ඉම්රාන් රටින් පලා ගියා.
Dec 25, 2024 at 11:36 PM
|
අරගලයෙන් පස්සේ කංජිපානි ඉම්රාන්ට අධිකරණයෙන් ඇප ලැබුනා. කංජිපාන ඉම්රාන් රටින් පලා ගියා. මට මතකයි ඒ දවස් වල ඒකට ජවිපයේ සහෝදරයන් මේ මුණු පොතේ බැන්නේ රනිල් වික්රමසිංහට. එවකට මහජන.ආරක්ෂක ඇමති ධුරය දැරැවේ මට මතක විදිහට රනිල් වික්රමසිංහ.කංජිපානිට ඇප ලැබීම අධිකරණයේ පසුබෑමක් සහ නීතීඥයන්ගේ රාජ්
යය සම්බන්ධ වගකීම් විරහිතව පෙනී සිටීමක් නිසා ලෙස කොයි තරම් අපි තර්ක කලත් ජවිපයේ සහෝදරයන් කීවේ කංජිපානිට ඇප ලැබීමට වඩා ඔහු රටෙන්,පලා යන්න රජයේ උදව්වක් නැතුව එහෙම කරන්ක බැරි බව සහ ඒ සියල්ලම සිදුවන්නේ පවතින ආන්ඩුවේ කුඩු සහ පාතාල මාෆියාව සමග තිබෙන අවිච්චින්න සබදතාවය නිසා කියන තර්කය මතුකලා.

ඒ වගේම අපේ ආන්ඩුවකදී කිසිදාක ප්
රමුක පෙළ කුඩු සහ පාතාල නායකයනිට රටිනි පලා යාමට ඉඩක් තබන්නේ නැති බවත් සහතික කරලා කීවා.

ඒත් අද වෙනකොට ජවිප රජයක් යටතේ අධිකරණයෙන් නීතීඥයන් ඇප ලබා ගත්ත කුඩු සලිදු සහ පාතාල නායකයෙක් කියන අතුරුගිරිය පොඩි ලැසී රටින් පලා යනවා. කුඩු සලිදු රටින් පලා ,යන්නේ ඇප ලබා සතියක් ගතවෙන්නත් කලිං.
එහෙමනම් බලය නැති කාලයේ,ජවිපය රටේ ජනතාවට කීව
ඇයි රටේ,ප්රසිද්ධ මැරයෙකුට කුඩු,කාරයෙකුට ඇප ලැබුනම ඔහුරටින් පලා යන්න ඉඩ තිබෙන නිසා බුද්ධිඅංශය යොදවා ඔහු ගැන පසු විපරමක් කරන්න බැරිවුනේ කියන තර්කය ජවාප ආන්ඩුවක්,තුළිනුත් ඉතා කැත විදිහට මග ඇරලා තියනවා.
නැත්නම් ඉස්සර රනිල්ලා මහින්දලා වගේම පාතාලයට රටින් පැන ගන්න ජවිප රජයෙනුත් උදව් දැං ලැබෙනවා.
ඔය දෙක නැත්නම් ජවිප සහෘදයිනි ඔයාලගේ ආන්ඩුවකදී අධිකරණයෙන් ඇප ලැබඅන පාතාල සාමාජිකයන් සතියක් යන්න කලිං රටෙන් පලා යන්නට හැකි වුනේ කොහොමදකායලා අපට පහදන්න.
බලාන ගියහම ඔයාලගේ අනුරත් එහෙමනම්ඔයාලමෙකීව විදිහට රනිල් මහින්ද මෛත්රීපාල වගේම
පාතාලයටත් පරිදිවෙන වැඩ බැරි ටාසන් කෙනෙක් තමයි.
.............. නුවන් මොණරවිළ............