
ක්‍රිකට් අතුරු කමිටුව ඉවත් කරන්න කියලා ජනාධිපති කිව්වා - ක්‍රීඩා ඇමැති හෙළිකරයි
පත්කරන ලද ක්‍රිකට් අතුරු කමිටුව ඉවත්කරන ලෙසට කැබිනට් මණ්ඩලයෙන් අනතුරුව ජනපතිවරයා විසින් තමන්ට දැනුම්දුන් බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ අද පාර්ලිමේන්තුවේදී පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ක්‍රීඩා අමාත්‍යවරයා පැවසුවේ සියලු කරුණු සම්බන්ධයෙන් සවිස්තරාත්මක ප්‍රකාශයක් හෙට දිනයේ පාර්ලිමේන්තුවට සිදුකරන බවය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා,
"කැබිනට් මණ්ඩලය ඇතුළේ වෙච්ච සිදුවීම් මට කියන්න බෑ. සාමූහික වගකීම මම ආරක්ෂා කරන්න ඕන. නමුත් ජනාධිපතිතුමා පස්සේ කාර්යාලයට කතා කරලා කිව්වේ කමිටුව පත්කරපු එක අයින් කරන්න. එහෙම නැතිනම් ක්‍රීඩා නීතිය එතුමා යටතට ගන්නවා කිව්වා. මම කිව්වා ජනාධිපතිතුමා ක්‍රීඩා නීතිය නෙමෙයි, ඔබතුමා මාව අස්කරලා කැමති තීන්දුවක් ගන්න කියලා. මම කිව්වා කිසිසේත්ම පත්කරපු කමිටුව ඉවත්කරන්නේ නෑ කියලා. මේ ගොල්ලෝ කරලා තියෙන දූෂණ පට්ට හොරු රැළක්. ගැඹුර පෙන්නේ නෑ. දැන් හෙට අනිද්දා ගහන්න යනවා T 10 කියලා. ඒකෙ මගඩිය තව එකක්. දැන් විගණකාධිපති වාර්තාව ඇවිල්ලා මාස දෙකක්. පොලිස්පතිතුමාට යවනවා තාම විමර්ශනයක් නෑ. නීතිපතිතුමාට දෙනවා නඩු පවරන්න. මට කියනවා තවත් කමිටුවක් දාන්නලු. අධිකරණයට ගියත් විගණනය සම්බන්ධ ගැටලුවකට. අධිකරණයත් අහන්නේ විගණකාධිපතිගෙන්. මිනීමැරුමක්ද කියලා බලන්න දෙන්නේ අධිකරණ වෛද්‍යවරයාට වගේ මේක දෙන්නේ විගණකාධිපතිට. විගණකාධිපති විසින් වැරදියි, දූෂිතයි, නීතිමය දඬුවම දෙන්න කියන පණිවුඩය දීලා තියෙනවා මේ උත්තරීතර පාර්ලිමේන්තුවට. හැබැයි නීතිපති ක්‍රියාත්මක වෙන්නෙත් නෑ."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
