News Category
From Date
To Date
Maximum Number of Result

මුන් දඩයම පටන් අරන්… අනේ අපට පාඩුවේ ඉන්න දීපල්ලා…!

Dec 22, 2024 at 09:29 PM
|

මුන් දඩයම පටන් අරන්… අනේ අපට පාඩුවේ ඉන්න දීපල්ලා…!
ජනප්‍රිිය ලේඛකයෙකු සහ කලාකරුවෙකු වන නීතීඥ කසුන් මහේන්ද්‍ර හීනටිගල සිය ෆේස්බුක් ගිණුමේ තබා ඇති සටහනක් මෙසේය.

අද සවස 6.30 ත් 7ත් අතර යම් වෙලාවක මා පදිංචිව සිටින ‘හබරකඩ නිවස’ පෙනෙන මානයේ ඇති සිල්ලර කඩයකට ගියේ නිවසට අත්‍යාවශ්‍ය බඩුමුට්ටු කිහිපයක් රැගෙන ඒමටයි. කඩයෙන් මා පිටතට එත්ම සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් යැයි කියාගත් තිදෙනෙකු (මට ඔවුන්ගේ මුහුණු ඉතා හොඳින් මතකය) මගේ ගමන් මඟ හරස් කළේය. ඇයි කියා මා ඇසූ විට ගෙවල් කොහෙද කියා ඉන් අයෙකු ඇසීය. ‘අර අතන’ කියා මා නිවස පෙන්වීමි. ‘අයි ඩී ගන්න’ තවකෙකු කී ය.
නිවස ඉදිරිපිට කඩයට ඒමට අයිඩී කුමකටද කියා මම ඇසීමි. ‘මූව දාගනින්’ කියා එවිට තවකෙකු කී ය. මොවුන් ළඟ දැඩි අරක්කු ගඳ ය. මොවුන් රාජකාරියේ නිරතව සිටියේ බීමතින් බව ඉන් දැනුණි. දෙදෙනෙකු බලහත්කාරයෙන් මාගේ අතින් අල්වාගෙන මා ඔවුන්ගේ ‘පොලිස් ත්‍රීවිලයට’ දමාගත් අතර ‘ගෙදෙට්ට යං අයි ඩී එක බලන්න කියා’ කීවේය. මා ඊට එකඟ වූ නමුත් ඔවුන් කෙළින්ම ගියේ මගේ ගෙදරට නොව අතුරුගිරිය පොලීසියට ය.
එන අතරමඟ ත්‍රීවීලයේදී දෙදෙනෙකු මා තරයේ අල්වාගෙන සිටියේ අමානුෂික ආකාරයෙනි. එවිට මා ඔවුන්ට කීයේ, ‘මගේ ශරීරයට අත තැබීමට තමුන්ට අයිතියක් නැති බවත්, මා නීතිවේදියෙකු බවත්’ ය. ‘එවිට තෝ කාගෙ කවුද අපි දන්නවා රට කාපු වේසිගෙ පුත්තු’ කියා මෙම ‘පොලිස් මහතුන්’ මට තග දැමුවේය. ඔවුන් මගේ අතින් අල්වාගෙන හුන් ‘පහරවල්’ වලින් පෙනෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව ‘වධ හිංසාවෙන් මිදීමට’ (Right to Torture) ඇති මගේ නීතිමය රැකවරණය දැඩි ලෙස උල්ලංඝණය වී ඇති බවයි.
අතුරුගිරිය පොලීසියට මා රැගෙන ආ පසු ඔවුන් මාගේ ඇඳුම් පැළඳුම් පිරික්සූ අතර එහි ටොෆී කොලයක් හෝ නොවුණි. මා මගේ දුරකතනය ගෙන මගේ බිරිඳ මාධවී අමතා , ‘බබා හරිවැඩේනෙ වුණේ කඩේට ආපු ටිකට අයිඩී එක නෑ කියල මාව පොලීසියට අරං ආවනෙ’ කීවෙමි. අනේ එවිටත් මේ වන විට ‘දින දහ අටක් පමණක් වයසැති මගේ කිරිදරු පුතාට’ කිරිදෙමින් සිට ඇති ඈ හැරෙන තැපෑලෙන් මගේ අක්කා ද සමඟ පොලීසියට ආවා ය.
ඒ රටක් හඳුනන මගේ, මේ පොලිස් මහතුන් නොදන්නා ‘අනන්‍්‍යතායත හැඳුනුම්පත ද, මගේ පාස්පෝටය’ ද රැගෙන ය. එවිට එය පෙන්වා ‘දැන් හරි නේද සර් එහෙනම් යන්න ද’ අසද්දී පොලිස් ස්ථානාධිපති කවුළුවකින් හිස හොවා මගේ බිරිඳට හේතු රහිතව නොසෑහෙන්න බැනුම් එල්ල කළේය. බිරිඳත්, මාත්, අක්කාත් තුෂ්ණිම්භූතව මුහුණට මුහුණ බලාගත්තෙමු. මාධවී පොලීසියෙන් ඇසුවේ ‘ගේ ඉස්සරහ කඩේට ගිය පලියට මගේ හස්බන්ඩ්ව මෙහෙම පොලීසියට ගෙනාව හේතුව මොකක්ද’ කියා ය.
ස්ථානාධිපති ඉතා නින්දිත ආකාරයෙන් බැනුම් එල්ල කළ පසු මා ඔවුන් දුන් පුටුවක හිඳ සිටියෙමි. එවිට ඒ ආසන්නයෙන් යනෙන පොලිස් මහතුන් මදෙස බලමින් කෝචොක් දමා ‘ජැක්සන් ඇන්තනි පොරක් ද ? කවුද ඒ’ වැනි උපහාස කතා කියමින් වරින්වර ඒ මේ අත යමින් සිටියේය. මා ඒ බිඳකට පිළිතුරු නොදුන් අතර මා කියා සිටියේ ‘මම ලේඛකයෙකු බවත්, නීතිවේදියෙකු බවත්, ගේ ඉස්සරහ කඩේට යද්දී අයිඩෙන්ටිය අමතකව යාම මගේ වරදක් බවත්, නමුත් ඊට දරුණු ගනයේ අපරාධකරුවෙකුට මෙන් මට සැලකීම, බිරිඳට බැනීම ඉතා අසාධාරණ බවත්’ ය.
එවිට පොලිස් නිලධාරියෙකු මට තගදැම්මේ ‘බලය පාවිච්චි කරන්න පොලීසියට පුළුවන්’ කියා ය. නමුත් වසර හතරක් නීති පීඨයේ ඉගෙනුම ලබමින් පොල් නොගෑ නිසා ‘යෙදිය යුතු අවම බලය මෙම සේයාරුවේ සඳහන් දේ’ නොවන බව මම දනිමි. අතුරුගිරිය පොලීසිය විසින් අප මානසිකවත්, මා ශාරීරිකවත් නිරපරාදේ දණ්ඩනයට ලක් කෙරුණි. මෙය හෙට ඔබට, ඔබේ දරුවාට විය හැකිය.
කෙසේ හෝ අවසානයේ මම ඊට පැය දෙක හමාරකට පමණ පසු පොලිස් රැහැනින් මිදී නිවසට පැමිණියෙමි. මගේ බිරිඳ ළඟ නොසිටි සොවින් සහ මව්කිරි අවශ්‍යතාවයෙන් පැය තුනකට ආසන්න කාලයක් එකදිගට හඬ හඬා සිට ඇති මගේ පුතා ක්ලාන්තයෙන් මෙන් සිටින්නේය. මෙතරම් දවසක් හීනෙන් හිනැහුණු මගේ පුතා මේ දැන් සිහිනෙන් එක්දිගට ඉකි ගසන්නේ ය. බිරිඳ හැඬූ කඳුළින් එකදු වරදක් හෝ නොකළ මා දෙස වරදකාරීව බලා ඉන්නී ය.
මා ජීවිතය පුරා ජාතිවාදී, ආගම්වාදී නොවුණු හීනෙකින්වත් රාජපක්ෂලාට ඡන්දය නුදුන්, මෙවර ජනාධිපතිවරණයේදී මාලිමාවටත්, මහ මැතිවරණයේදී කැටිපෙටත් මනාපය දුන් ‘නිදහස් මිනිසෙක්මි. නමුත් මේ සිදුවූ දේ ඉතාම ජඩ ය. කැත ය. පෞද්ගලික පළිගැනීමක් ය. මාධවීගේ අප්පච්චී මේ වන විට ජීවතුන් අතර නොමැති බැව් දන්නෝ දනිති. මිය ගිය මිනිසුන්ට අපහාස කරන්නෝ අසංස්කෘතික අශිෂ්ටයෝ ය. ජැක්සන් ඇන්තනී නම් මහා මිනිසාගේ රංගනය නිසා හෝ මහා දැනුම නිසා හෝ දවසක් හෝ සැනසුණු මිනිසුනි, මොවුන් අප දඩයම් කිරීම අරඹා ඇත්තේ ය. මගේත්, මගේ බිරිඳගේත් දෑතේ ඇත්තේ අනේ ආදරයත්, අපේ කිරිකැටියාත් පමණි.
ලොව වටා සිටින මගේ මිත්‍රවරුනි, නීතිවේදී මහත්ම මහත්මීණි, නව රජයේ සහෝදර සහෝදරියනි, පොලිස්පතිතුමනි, මිත්‍රශීලී පොලිස් මහතුනි, අගමැතිතුමියනි, ජනාධිපතිතුමනි මට ‘පොලිස් වධ හිංසාවට සහ පුද්ගල අපහාසයට විරුද්ධව’ අදාළ නෛතික පියවර සාක්ෂි සහිතව ගත හැකිය. නමුත් මා මයෙ පාඩුවේ පොතක් ලියාගෙන, කලා නිර්මාණයක් කරගෙන නිති සැහැල්ලුවෙන් ජීවත්වීමට ආසා ඇත්තෙක්මි. ‘අයිඩෙන්ටිය නැතිව ගේ ඉදිරිපිට කඩයට යාම වරදක් බව සැබවි. නමුත් ඊට දඬුවම ජැක්සන් ඇන්තනී නාමකායෙන් ඉවර වෙන්නේ කෙසේදැයි’ දේශපාලනික බව දනිමි.
අනේ අපට අපේ පාඩුවේ මේ සුන්දර රටේ ජීවත් වෙන්ට දීපියව් !
| උපුටා ගැනීම: කසුන් මහේන්ද්‍ර හීනටිගල ෆේස්බුක් පිටුවෙන්
 

සම්බන්ධිත පුවත් | Related News

ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රිනියට චීනයට යන ගුවන් යානයට ගොඩවීමට නොහැකි වූ පුවතක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ සංවාදයක් නිර්මාණය වී ඇත.
ආන්තවාදයට විරුද්ධව කටයුතු කිරීම ආරම්භ කළේ 2002 වසරේදී එක්තරා ක්‍රිස්තියානි දෙමළ පූජකවරයකු විසින් බුදුපිළිමයක් පාගාගෙන සිදුකළ යාඥා කිරීමක් දැකීමෙන් පසුව බවත්, එදා එය දැක දැඩි කෝපයක් ඇති වූ බවත් ගලගොඩ අත්තේ ඥානසාර හිමි විසින් ප්‍රකාශ කරන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
Born Again ඇදහීම ශ්‍රී ලංකාවේ මුලින්ම ආරම්භ වෙන්නේ දශකයකට එකහමාරකට කලින්.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38(2) වගන්තියට අනුව ජනාධිපතිවරයෙකුට එරෙහිව දෝෂාභියෝගයක් (Impeachment) ගෙන ඒමට පැහැදිලි ප්‍රතිපාදන ඇත.
භාස්කර II (භාස්කරාචාර්ය) යනු බ්‍රහ්මගුප්තගෙන් වසර 500කට පමණ පසු, එනම් ක්‍රි.ව. 12 වන සියවසේදී (ක්‍රි.ව. 1150 දී පමණ) විසූ තවත් ශ්‍රේෂ්ඨ ඉන්දීය ගණිතඥයෙකු සහ තාරකා විද්‍යාඥයෙකි. ඔහු බ්‍රහ්මගුප්ත ඉදිරිපත් කළ මූලික ගුරුත්වාකර්ෂණ අදහස් තවදුරටත් පුළුල් කරමින්, සිය සුප්‍රසිද්ධ “සිද්ධාන්ත ශිරෝමණී” නම් ග්‍රන්ථයේ "ගෝලාධ්‍යාය" නම් පරිච්ඡේදය තුළ මේ පිළිබඳව ඉතා පැහැදිලි විද්‍යාත්මක විග්‍රහයක් සිදු කළේය. සර් අයිසැක් නිව්ටන්ට වසර 500කට පෙර, භාස්කර II විසින් ගුරුත්වාකර්ෂණය සහ ආකාශ වස්තූන්ගේ පැවැත්ම ගැන ප්‍රකාශ කළ ප්‍රධාන කරුණු මෙසේය.
2050 වන විට ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනගහණය සිංහල ජනගහණය අභිබවා යන බවත්, සිංහල ජාතිය මහ ජාතිය ලෙස මෙරට තුළ ජීවත්වන අවසාන සියවස මෙය බවත් මුස්ලිම් පූජකවරයකු විසින් පවසන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.
දණපතියන්ගේ කැසිනෝ බදු ඉවත් කර සබන් කැටේ බදු වැඩිකර හාල් මාෆියාව ඇතිකළේ වත්මන් ආණ්ඩුවේම පිරිස බව දේශපාලන වේදිකා තුළ ඇතිවූ කතාබහ ආශ්‍රයෙන් සමාජ මාධ්‍යයේ පළ වූ වීඩියෝවක් පහතින් දැක්වේ.
රනිල් වික්‍රමසිංහ මහතාව බොහෝ දෙනෙකු විශාල ලෙස අපවාදයට ලක්කළ බවත් පහර ගැසූ බවත්, එතරම් අපහාස විඳගත් ජනාධිපතිවරයකු තවත් නොමැති බවත් රංගන ශිල්පී කලන ගුණසේකර පවසයි.

ප්‍රධාන පුවත්

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.