News Category
From Date
To Date
Maximum Number of Result

යහපාලන රජයේදී ගොඩ ගත්තේ තාජුඩීන්ය. මාළිමා රජයෙන් රටට ගේනවා කියන්නේ අර්ජුන මහේන්ද්‍රන්ය

Dec 21, 2024 at 02:02 PM
|

දන්න ආකාරයට මහ බැංකු බැදුම්කර සිද්ධියට අර්ජුන යහපාලන රජයේදී ගොඩ ගත්තේ තාජුඩීන්ය. මාළිමා රජයෙන් රටට ගේනවා කියන්නේ අර්ජුන මහේන්ද්‍රන් මීට පෙරත් ලංකාවේ මහාධිකරණයකින් වරෙන්තු, කලේය. දැන් නව රජය යටතේත් ඔහු වරෙන්තු කලේය.
මාළිමා පාක්ෂිකයන් එයට සතුටු වන්නේ හරියට අර්ජුන මහේන්ද්රන් ඊලග නඩු වාරයට ලංකාවේ රාළහාමිලා දෙතුන් දෙනෙක් ගිහිං අර්ජුනමහේන්ද්‍රන් කුදලාගෙන ඇවිත් වරෙන්තුකාරයා ඉදිරිපත් කරන සයිස්එකටය 😄😄
අනුරගේ ආන්ඩුව 2029 නැවත ජනාධිපති වරණයකට යනකල් ඔය වරෙන්තුවට අර්ජුන මහේන්ද්ර සිංගප්පුරුවෙන් අපට ගන්න බැරිය. ජාත්යන්තර නීතිය සහ සිංගප්පූරු නීතිය එසේය
ලංකා රජයට ලංකාවේ අධිකරණය වෙනුවෙන් අර්ජුන මහේන්ද්ර සිංගප්පුරුවෙන් අපට දෙන්නේ සිංගප්පූරු නීතියට ඒ නඩු,නිමිත්තට සිංගප්පුරු අධිකරණයේ නඩුවක් විභාග කොට වැරදි කරුවෙක් වුනොත් විතරය .‼️
අනුරගේ රජය වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ කංඩායමක් රාජ්ය ත්රාන්ත්රිකව සිංගප්පූරු අධිකරණයට ලංකා රජය වෙනුවෙන් අර්ජුන මහේන්ද්රට එරෙහිව නඩුවක් පවරන්න අනුර දිසානායක යැව්වා කීවනම් ඔන්න ඒක රටේ හොරු අල්ලන්න වැඩ කරනවා කියන්න පුළුවන.‼️
හැබැයි ජාත්යන්තර නීතිය නොදන්න රටේ සාමාන්ය බයිජවිපාවුන්ගේ ආතල් එකට අර්ජුන මහේන්ද්රට වරෙන්තු,කරා කියලා ප්රවෘත්තියක් දීලා කරන්න පුළුවන් ලබ්බක් නැත.😄😄
ඒක හරියට යහපාලන රජයෙන් තාජුඩීන් ගොඩ ගන්නවා කියනකොටම ඒකට රාජපක්ෂලාගෙන් එකෙක් හිරේ,යනවා කියලා දුන්න ආතල් එකට සමානය. 😄😄
අනුරගේ රජය මගින්ද ඉතාම තීරණාත්මක කාරණා වලට මෙවැනි විසදුම් නම් ඒවා අධිකරණමය කාරණා වලට පමණක්ම ලඝු කරනවානම්.
අනුරගේ රජයට ජනතාවට කීව හොරකම් වලට විසදුම් පෙන්වපං කියනකොට
අන්තිමට අධිකරණයත් හොරු එක්ක පන්නයේ බොලද තර්කයකින් සනසන්නට වනු ඇත්තේය.
ලංකාවේ අධිකරණ 100කින් අර්ජුන මහේන්ද්ර වරෙන්තු කලත් වැඩක් නැත. එතනින් එහාට තිබෙන්නේ රාජ්යයන් දෙක අතර මේ සිද්ධියට අදාලව නීතිපති දෙපාර්තමේන්තු අතර ගණුදෙණුවයි.
ඒක ආරම්භ වීමට නැවත නැවත අර්ජුන මහේන්ද්ර වරෙන්තු වීම අවශ්ය නොවේ. පරණ වරෙන්තු හොදටම ඇතිය. එහෙත් මේ,වෙනතුරු මේ රජය වත් නීතිපති දෙපාර්තමේන්තුව හරහා සිංගප්පූරු රජය සමග මුලින්ම අර්ජුන මහේන්ද්ර සිංගප්පූරු අධිකරණයට ගෙන ඒමට අවශ්ය මැදිහත් වීම කර නැත.
එය සිදු නොවී ලංකාවේ තොවිල් නටා වැඩක්ද නැත.
ජනතාවට යහපාලන රජය කාලේ වගේම මේ රජයත් ආතල් සපයන වගට මේවා පටිටම උදාහරණයන්ය.
............. නුවන් මොණරවිළ..................

සම්බන්ධිත පුවත් | Related News

"සීනි" කියන්නේ අපේ ජීවිතේට කොච්චර සමීප දෙයක්ද කියලා ඔබ කවදාහරි හිතලා තියෙනවද? උදේට බොන තේ එකේ ඉඳන්, දවල්ට කන බත් එකට දාන සෝස් එක, අතුරුපස, සහ රෑට බොන කිරි එක වෙනකම් හැමදේකම සීනි තියෙනවා.
කොළඹ කොටුවේ චැතම් වීදියේ තියෙන 'New Chinese Shop' එකට කවදාහරි ගිහින් තියෙනවද? එතන ඉන්නවා වින්ග්ලී චෙං මහත්මයා. ඔහුගේ පවුල ලංකාවට ඇවිත් තියෙන්නේ දෙවැනි ලෝක යුද්ධයෙන් පස්සේ. එදා ඉඳන් ඔවුන් මේ රටේ මිනිස්සු. කොළඹ ඉස්කෝල කීපයකටම නිල ඇඳුම් මහන්නේ ඔහු. මේ වගේ කතා ලංකාව පුරාම හැංගිලා තියෙනවා.
නව ප්‍රභූ පන්තියේ වත්කම් හෙළිදරව් වීම වැළැක්වීම සඳහා රජය විසින් නව පනතක් ගෙන ඒමට සූදානම් වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු අනාවරණය කරයි.
ලෝනි විලිසන් (Loni Willison) කියන්නේ "තවත් එක්කෙනෙක්" විතරක් නෙවෙයි.
මීගමුව බන්ධනාගාර ගැටුමට පළිගැනීමක් ලෙස බන්ධනාගාර පොලිස් නිලධාරීන් දිගින් දිගටම රැඳවියන්ගෙන් පළිගැනීමේ චේතනාවෙන් කටයුතු කළ බව නීතිඥ මේජර් අජිත් ප්‍රසන්න පවසයි.
අලුත් රඟහලක ලොව ඇති හොඳම නාට්‍යය එකතුව බලන්න එකතු වෙන්න. අසමා රූපණ සරසවියට එන්න..
අලුත් රඟහලක ලොව ඇති හොඳම නාට්‍යය එකතුව බලන්න එකතු වෙන්න.
සිංහල භාෂාව සම්බන්ධයෙන් ඉන්දියාවේ ලියැවී ඇති පැරණි ලේඛන පිළිබඳව අවධානය යොමු කරමින් වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වේ.
ජාත්‍යන්තර මූල්‍ය ආයතනය (IIF) මඟින් නිකුත් කරන ලද 2026 නවතම වාර්තාවට අනුව, ආයෝජක සබඳතා සහ ණය විනිවිදභාවය (Investor Relations and Debt Transparency) යන අංශවලින් ලොව වේගයෙන්ම ප්‍රගතියක් අත්කරගන්නා (Fastest-Improving) රටවල් අතර හතරවැනි ස්ථානය (4th) ශ්‍රී ලංකාවට හිමිව තිබේ...

ප්‍රධාන පුවත්

ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින නිදහස් වෙළඳ ගිවිසුම වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි යාවත්කාලීන කිරීම සඳහා දෙරටේම නියෝජිතයන්ගෙන් සමන්විත ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමක් පිහිටුවීමට එකඟතාව පළ වී තිබේ.

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම ගන්නා වයස සහ ධුර කාලය වෙනස් කිරීම සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තු අනුමැතියෙන් පමණක් සිදු කළ නොහැකි බවත්, ඒ සඳහා ජනමත විචාරණයක් පවත්වා මහජන අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය වන බවත් හෙළි වී තිබේ.

NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් අක්කර දහස් ගණනක භූමි ප්‍රමාණයකින් යුත් ගොවිපළ 32න් 26ක් වසර 30ක කාලයක් සඳහා පෞද්ගලික සමාගම් 7ක් වෙත බදු දීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කෘෂිකාර්මික හා පශු වෛද්‍ය ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයක් සහ විරෝධයක් නිර්මාණය වී තිබේ.

ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ජාතික ජන බලෙව්ගයට ලැබී ඇත්තේ අතීතයේ ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබූ වටිනාකම බවත්, මේ සිදුවෙමින් පවතින ක්‍රියාවලිය දෙස බැලීමෙදී අතීතයේ ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැගීමට උරදුන් පුද්ගලයකු ලෙස තමන් ඉතාමත් කණගාටුවට පත්වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..

කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.

''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.

සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..

සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.

විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.

වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්

රටේ පවතින සමාජ, ආර්ථික හා දේශපාලන සංදර්භය හේතුවෙන් පොදු ජනතාව පමණක් නොව නාට්‍යකරුවන් පවා දැඩි අපේක්ෂාභංගත්වයකට පත්ව සිටින බව රාජ්‍ය සම්මානලාභී නාට්‍යවේදී අඛිල සපුමල් මහතා පවසයි.

ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..

ලෝකය තවදුරටත් නොසන්සුන්කාරී සහ අස්ථාවර තත්ත්වයක පවතින, එමෙන්ම වැඩිවන සංවර්ධන අභියෝගවලට මුහුණ දෙන පසුබිමක, වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීන ගෝලීය සංවර්ධන මුලපිරුම (Global Development Initiative - GDI) එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සමඟ ක්‍රමවත්ව ඒකාබද්ධ කිරීමට උත්සාහ කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වැං යී අඟහරුවාදා පැවසීය.

බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම

ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද? නැතිනම් අපරාධ නඩුවිධාන සංග්‍රහය යටතේ පොලිසිය මෙහෙයවනවා ද? යන්න බරපතළ ගැටළුවක් වී ඇති බව නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මෙරට බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර මාලාවේ උච්ඡතම ස්ථානයකට පැමිණ ඇති බවත්, පසුගිය කාලයේ යූටියුබ් සහ සමාජ මාධ්‍ය හරහා භික්ෂූන් වහන්සේලාට නින්දා අපහාස කිරීම මෙන්ම බුදුන් වහන්සේට පවා නින්දා අපහාස කරමින් ආගමික ඉගැන්වීම් පවා විකෘති කරමින් සිටින බවත් එහෙත් ඒ කිසිවකට එරෙහිව පියවර ගැනීම සිදුනොවන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව බෞද්ධ ශිෂ්ටාචාරයට සහ උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමයන්ට එරෙහිව සැලසුම්සහගත ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක වන බවට ජාතික සංවිධාන එකමුතුව චෝදනා කරයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.