
අතුරු පාලක කමිටුවක් පත්කරන්න ජනාධිපතිගෙන් අනුමැතිය ගන්න ඕනෙ නැහැ... ඕනෙ නම් අස්කරන්න... අර්ජුනට ඇමැතිකම වුනත් දෙනවා - රොෂාන් රණසිංහ කියයි
අර්ජුන රණතුංග මහතා කුමන පක්ෂයකින් හෝ ඉදිරිපත් වන්නේ නම් තම අමාත්‍ය ධුරය ඔහුට පිරිනැමීමට සුදානම් බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.
කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ, අතුරු පාලක කමිටුවක් දැමීමේ දී ජනාධිපතිවරයාගේ අනුමැතිය ලබාගැනීමට අවශ්‍ය නොවන බවය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා,
"ජනාධිපතිතුමාගේ අනුමැතිය ගන්න ඕනේ ඒවා තියෙනවා. අතුරු පාලක කමිටුවක් දැමීමේදී එහෙම අවශ්‍යතාවයක් තිබුණේ නෑ. ඒ අනුව මට තියෙන බලතල ප්‍රකාරව තමා තීන්දුව ගත්තේ. කැබිනට් මණ්ඩලයේ දී වුණේ ව්‍යවස්ථාව සංශෝධනය කරන්න මේ සම්බන්ධයෙන් ඉදිරියේ දී සියලුම ක්‍රීඩකයින් ගෙනල්ලා අදහස් ගන්න කමිටුවක් පත්කළා අලී සබ්රි අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්.
ඇමතිකම තියෙන කල් වැඩේ කරනවා. නැතුව ඇමතිකම රැකෙන්න කියලා අපි හැංගිලා ඉඳලා වැඩක් නෑනේ. මට රට වෙනුවෙන් වගකීමක් තියෙනවා. පොළොන්නරුවේ අහිංසක මිනිස්සු ඒ අය මාව පත්කළේ හරියට වැඩක් කරන්න. ඒ වගකීම හරියටම කරනවා. ජනාධිපතිතුමාට පුළුවන් ඕනේ නම් අස්කරන්න. ඒක එතුමාගේ තීන්දුවක්.
සුදුස්සාට දීලා තියෙනවා. අර්ජුනට දෙන්න සාධක තියෙනවා. එතුමා ලෝක කුසලානය ගෙනල්ලා තියෙනවා. එතුමා යද්දි දෙවැනි පෙළක් හදලා ගියා. අද දෙවැනි පෙළක් නෑ. ඒකෙන් ප්‍රශ්නය. ඒ වගේම මුරලිදරන්ට ප්‍රශ්න එද්දි එතුමා අභියෝග කළා. ඒක තමා නායකත්වය. එතුමාට තැනක් දුන්නේ නෑනේ කවුරුත්. මේ රටේ පාර්ලිමේන්තුවට එතුමා පත්වෙලා ඉන්න කොට කවදාවත් ක්‍රීඩා ඇමතිකම දුන්නේ නෑ. මම කිව්වා මට වඩා දශමයක් හරි ක්‍රීඩා ඇමතිකමට හොඳ පුද්ගලයෙක් ඉන්නවා නම් ඒ අර්ජුන කියලා. අර්ජුනව මොන පක්ෂයෙන් හරි ගන්නවා නම් ජාතික ලැයිස්තුවෙන් හරි මම ඇමතිකම දෙන්න සුදානම්. එහෙම සුදානම් තියෙන මම ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලංකාවට ගෞරවයක් ගෙනාපු මිනිහා සභාපති කරන්නේ වෙන කාවද කරන්නේ. ඒ තීන්දුව මම ගත්තා."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
