News Category
From Date
To Date
Maximum Number of Result

ලෝකය මවිත කළ චීනයේ රැඩිකල් බෙහෙත් ප්‍රතිපත්තිය සහ ලංකාවේ රැඩිකල් පඬියෝ

Dec 3, 2024 at 06:33 PM
|

👉👉 මෙය ලංකාවට තරමක් ආගන්තුක හා පුදුම හිතෙන කතාවකි. 

👉 එහෙත් ලංකාව පාඩම් උගත යුතු කතාවකි.

👉 සාමාන්‍යයෙන් ලංකාවේ දේශීය වෛද්‍ය ක්‍රමය සහ බටහිර වෛද්‍ය ක්‍රමය අතර ඇත්තේ විශාල ආරවුලකි. ප්‍රතිවිරෝධයකි.

👉 එහෙත් නූතන විද්‍යාවේ දියුණුව අතින් ලංකාවට හිතන්නටවත් බැරි තැනක සිටිනා චීනය යනු මේ දෙකම ඒකාබද්ධ කොට ඒ දෙකෙන්ම ප්‍රයෝජන ගන්නා පුදුමාකාර රටකි. 

👉 දැන් මේ කියන්නට යන්නේ චීනය සිය දේශීය වෛද්‍ය ක්‍රමයත්, බටහිර වෛද්‍ය ක්‍රමයත් ඒකාබද්ධ කොට ඒ දෙකෙන්ම ප්‍රයෝජන ගැනීමෙන් නොනැවතී, තම පැරණි දැනුම ජාත්‍යන්තරයට පවා ගෙන යාමට කටයුතු කර ඇති ආකාරය ගැනය. 

👉 චීනය ඒ සඳහා අනුගමනය කොට ඇති ක්‍රියාමාර්ග මොනවාද? 

👉 පැරණි චීන වෛද්‍ය ක්‍රමය යනු චීනයේ සාම්ප්‍රදායික දැනුම නමැති දැවැන්ත මාලිගය උසුලාගෙන සිටින ප්‍රධාන කුළුණු කීපයෙන් එකකි. Traditional Chinese Medicine  හෙවත් TMC යනුවෙන් හැඳින්වෙන චීන වෛද්‍ය ක්‍රමයේ ඉතිහාසය ක්‍රිස්තු පූර්ව 14 වන සියවස දක්වා ඈතට විහිදෙයි. 

👉 පාසල් අධ්‍යාපනයේ සිටම සිය වෛද්‍ය ක්‍රමයේ වටිනාකම ගැන එරට දරුවන්ට අවබෝධයක් ලබාදීම චීනයේ ස්ථාවර ප්‍රතිපත්තියකි.

👉 චීනයේ බටහිර වෛද්‍ය විද්‍යාව හදාරන සෑම සිසුවෙක්ම අනිවාර්යෙන් චීන වෛද්‍ය ක්‍රමය හැදෑරිය යුතුය. එමෙන්ම චීනයේ සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රමය හදාරන සිසුන් බටහිර වෛද්‍ය ක්‍රමය පිළිබඳවද උගත යුතුය. 

👉 රෝගවලට ප්‍රතිකාර කිරීමේදී මෙම වෛද්‍ය ක්‍රම දෙක එකට එකතු කර බෙහෙත් දීම චීනයේ ඉතා සුලබ දෙයකි. චීනයේ බටහිර වෛද්‍ය ක්‍රමයට මුල් තැන දෙන රෝහල්වල වුවද අනිවාර්යයෙන් දේශීය වෛද්‍ය ක්‍රමය සහිත අංශයක් දක්නට ලැබේ. එසේම චීන හා බටහිර වෛද්‍ය ක්‍රම සම සමව භාවිත කරන රෝහල් මෙන්ම තනිකරම චීන වෛද්‍ය ක්‍රමය පමණක් භාවිත කරන රෝහල්ද එරට ඇත. 

👉 මේ අනුව ගත් කළ චීනයේ වෛද්‍ය විද්‍යාව ඉගැන්වීමේ සිට ප්‍රතිකාර කිරීම දක්වාම මේ වෛද්‍ය ක්‍රම දෙක ඒකාබද්ධ කොට තිබේ. මේ නිසා ලංකාවේ මෙන් චීනය තුළ බටහිර වෛද්‍ය ක්‍රමයට අනිසි ආධිපත්‍යයක් හිමිවීමට ඉඩ තබා නැත. 

👉 චීනයේ ඉහළ සුදුසුකම් සහිත බටහිර වෛද්‍යවරු පවා රෝගීන් සඳහා දේශීය ප්‍රතිකාර නිර්දේශ කිරීමට කිසිවිටෙකත් පසුබට නොවෙති. සාමාන්‍ය රෝගවල සිට බරපතළ රෝග දක්වා සෑම දෙයටම මේ කාරණය වලංගුය. 

👉 චීන ජාතිකයින් බොහෝ විට සුළු රෝග සඳහා විශ්වාසය තබන්නේ චීන දේශීය වෙදකම් ගැනය. බෙහෙත් සොයා, කොටා, තම්බා තනිව සකසා ගැනීමට අසීරු කසාය වර්ග ආදිය චීනයේදී වෙළෙඳපොළ නිෂ්පාදන ලෙස පහසුවෙන් මිලදී ගත හැකිය. 

👉 2018 වන විට චීනයේ ඇති දේශීය ප්‍රතිකාර මධ්‍යස්ථාන ගණන ඊට පෙර වසරේ පැවති ප්‍රමාණයට වඩා 6495කින් වැඩි වී ඇති බව චීනයේ CGTN මාධ්‍ය ආයතනය වරක් වාර්තා කර තිබණි.

👉 කොවිඩ් වසංගතයේදී චීනය කොවිඩ් මර්දනය සඳහා දේශීය වෛද්‍ය ක්‍රම භාවිත කළ ආකාරය ගැන ඒ දිනවල ලෝකය පුරාම කතාබහක් ඇති විය. චීන රජයේ නිල වාර්තා පෙන්වා දෙන පරිදි ඔවුන් කොරෝනා රෝගීන් 90%කට වැඩි ප්‍රතිශතයකට ප්‍රතිකාර කිරීම සඳහා බටහිර ප්‍රතිකාර සමඟ සම්ප්‍රදායික වෙදකමද භාවිත කර තිබේ. 

👉 මේ පිළිබඳ එකල බටහිර මාධ්‍ය විසින්ද විශාල වශයෙන් කරුණු වාර්තා කළ අතර, කොවිඩ් මර්දන කටයුතු සඳහා චීනය විසින් රුසියාවට යැවූ දස දෙනෙකුගෙන් යුත් වෛද්‍ය කණ්ඩායමක තිදෙනෙක්ම දේශීය වෛද්‍යවරු බව ඒ එක් පුවතකින් කියැවිණි. 

👉 මේ සියල්ලෙන් නොනැවතී මේ වන විට චීනය බටහිර රටවල පවා සිය වෛද්‍ය ක්‍රමය ව්‍යාප්ත කිරීමට සමත්ව තිබේ.

👉 බටහිර වෛද්‍යවරු ලෝකයේ පිළිගත් සභාවල චීන වෛද්‍ය ක්‍රමයේ වැදගත්කම ගැන කතා කරන වීඩියෝ රාශියක් අද යූටියුබ් වෙතින් නැරඹිය හැකිය. 

👉 චීනය 2020 වන විට යුරෝපා රටවල් ඇතුළු රටවල් 40කට වැඩි ප්‍රමාණයක් සමඟ චීන වෛද්‍ය ක්‍රමය ඒ රටවල ප්‍රචලිත කිරීමට අදාළ නිල ගිවිසුම්වලට එළැඹ තිබේ. 

👉 අද වන විට කැනඩාව, ඔස්ටේ්‍රලියාව හා විවිධ යුරෝපා රටවල් ඇතුළු රටවල් 30කට වැඩි ප්‍රමාණයක චීන වෛද්‍ය ක්‍රමය සඳහා උපාධි ලබාදෙන ආයතන පිහිටුවා තිබේ. 

👉 චීනය තමන්ගේ සාම්ප්‍රදායික දැනුමින් නිසි ප්‍රයෝජන ගැනීමෙන් නොනැවතී ඒ දැනුම ජාත්‍යන්තරය කරා ගෙන යාමටද කටයුතු කර ඇත්තේ එසේය. 

👉 එහෙත් විද්‍යාත්මක දියුණුව අතින් ප්‍රාථමික මට්ටමේ සිටින ලංකාවේ බොහෝ උගතුන් බටහිර දැනුම අන්ධානුකරණයෙන් වන්දනා කරමින් දේශීය වෛද්‍ය දැනුම හෙළා දකිති. තවත් සමහරු බටහිර දැනුමට අන්තවාදී ලෙස ගරහමින් දේශීය දැනුම පමණක් අතිශයෝක්තියෙන් වර්ණනා කරති. 

👉 මේ අන්ත දෙකෙන් මිදී මේ දෙකේම ප්‍රබලතා දුබලතා හඳුනාගනිමින් ඒවා ඒකාබද්ධ කොට ප්‍රතිකාර කිරීමේ ක්‍රමයක් ලංකාවේද ඇති කළ හැකි නම් එය කෙතරම් පලදායක වේද? 

👉 එවැනි ක්‍රමවේදයක් මගින් බටහිර දැනුම මෙන්ම අපගේ දේශීය දැනුමද දිනෙන් දින දියුණු වනු ඇත. ඖෂධ ආනයනය සඳහා වාර්ෂිකව පිටරටට ඇදී යන මුදල් කන්දරාවක් රට තුළම ඉතුරු වනු ඇත. ලංකාවේ මිනිසුන්ගේ දැනුමට, සෞඛ්‍යයට මෙන්ම ආර්ථිකයටද එවැනි ප්‍රතිපත්තියක් ඉතා යහපත් වනු ඇත. 

👉 අප කියන්නේ පැරණි දැනුම සියල්ල කළ හැකි මැජික් එකක් බව නොව අවශ්‍ය නම් එය යාවත්කාලීන කොට ඉන් සුදුසු ප්‍රයෝජන ගැනීම කළ හැකි බවය.

👉 ඒ සඳහා අප පළමුවෙන්ම කළ යුත්තේ පණ්ඩිතමානී පටු ආකල්පවලින් මිදී සැබෑ ලෝකය දෙස විවෘත මනසකින් ඇස් හැර බැලීම නොවේද? 

ඉසුරු ප්‍රසංග

සම්බන්ධිත පුවත් | Related News

ඉරානේ කියන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රධානම තේ ආනයනය කරන රටක්.වාර්ෂිකව රුපියල් මිලියන 35,000 කට වඩා වටින තේ ඉරානය අපෙන් මිලදී ගන්නවා.මේ වටිනාකමට බොරතෙල් ඔවුන් අපිට ලබා දෙනවා.පහුගිය ආර්තික අර්බුද කාලේ වැලේ වැල් නැතුව ඉද්දි හුගක් රටවල් ණයට අපිට තෙල් ලබා දෙන එක ප්‍රතික්ෂේප කරද්දි ඉරානය අපිට ණයට තෙල් දුන්නා විතරක් නෙවෙයි ආධාර විදියට තෙල් වෙනමත් ලබා දුන්නා.
ලංකාවේ හමුවුණු විශේෂ ඒ වගේම හරිම ආකර්ෂණීය පුරාකෘතියක් ගැන කියන්නයි මේ සටහන වෙන් වෙන්නේ. ඒ වල්ලිපුරම් හෙවත් වැලිපුර රන් සන්නස ගැන. මේ ගොඩාක් අය මේ ගැන අහලත් ඇති. අපේ උරුමය ගැන බොහොම ලස්සනට ලියන Samarasinghe NH මැතිතුමාත් මේ ගැන වරක් මතක් කරල තිබුනා.
ශ්‍රී ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාර ඉතිහාසය තුළ රන් අකුරින් ලියවූ කාන්තා නාමයක් ලෙස ඉරේෂා පොල්ගම්පල නාමය සැලකිය හැක.එදත් අදත් අනාගතයේදීත් ශ්‍රී ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය තුළ කාන්තාවක ශක්තිය ඇය මගින් මනාව විදහා පානු ඇත.කෑගල්ල ගලිගමුව ප්‍රදේශයේ සිට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට පැමිණි ඉරේෂා පොල්ගම්පල සහෝදරිය ව්‍යවහාරික විද්‍යා පීඨය විද්‍යාර්ථයෙකි.
මේ අවුරුද්දේ ජනවාරි 18 සහ 19 දවස් දෙක ඇතුලේ රේගු පරීක්ෂාවකින් තොරව බහාලුම් 323ක් නීති විරෝධී විදිහට මුදාහරින්න ආණ්ඩුව කටයුතු කළා.ඊට උපදෙස් දුන්නේ ජනාධිපති අනුර කුමාර සහ වරාය ඇමති බිමල් රත්නායක බව කියමින් රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නිවේදනය පවා නිකුත් කළා.ඒ වගේම රේගු වෘත්තීය සමිති එකමුතුවෙන් කිව්වේ මේ බහාලුම් ඇතුලේ මත්ද්‍රව්‍ය,අවි ආයුධ,ප්‍රමිතියෙන් තොර බෙහෙත් සුවඳ විලවුන් වර්ග ඇතුළු නීති විරෝධී බඩු ඕනි දෙයක් තියෙන්න පුලුවන් කියලයි.
හත්දා මගුල් කනවා කිව්වට ඒ මඟුල් මොනවද කියලා හරියටම් දැනන් හිටියෙ නහැනෙ..
ඉරානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරය ඊශ්‍රායලය පමණක් නොව අමෙරිකාවද විමතියට පත්කර ඇති බවත්, පැය කිහිපයක් තුළ සිදුවූ දැවැන්ත විනාශයකින් පසුවත් ඉරානය ඉතා ඉක්මනින්ම ක්‍රියාත්මක වී ඊශ්‍රායලයට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීම කිසිසේත් සුළුකොට තැකිය හැකි කාරණයක් නොවන බවත් ආචාර්ය මහින්ද පතිරණ මහතා පවසයි.
අද වන විට ඊශ්‍රායලය සහ අමෙරිකා එක්සත් ජනපදය ලෙස රටවල් දෙකක් නොමැති බව පැහැදිලිව දැකගත හැකි බවත්, වර්තමානයේ අමෙරිකාවේ පාලනය හොබවන පිරිස යුදෙව් ක්‍රිස්තියානි මූලධර්මවාදීන් බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
අප තරුණ කළ අපට විෂය වූ මාතෘකා දෙකක් වූයේ වියට්නාමය හා පලස්තීනය. වියට්නාමයට අත නොතබනු පලස්තීනයට ජය වගේ සටන්පාඨ අප අතර ජනප්‍රිය වුණා. මා එකල කී විධියට නම් විශ්වවිද්‍යාල ප්‍රවේශ පන්තියේ සිටි කාලයේ අපට අවුරූදු කිහිපයක් ජ්‍යෙෂ්ඨයකු වූ පාසලේ ආදි ශිෂ්‍යයකු වූ ද අල්ලපු වත්තේ ඉංජිනේරු පීඨයේ ඉගෙන ගත් සමසමාජ පාක්‍ෂිකයකු වූ ද බර්නාඩ් සීසර් පෙරේරා මිහිඳුකුලසූරිය විජෙදෝරු සහෝදරයාගේ මග පෙන්වීම යටතේ අපි සටන් පුවරු ඔසවාගෙන මහා මග ගියා. අප කී දේ නොඅසා ඇමරිකාව වියට්නාමයට අත තැබුවා පමණක් නොව අවසානයේ හෝ චී මින් නගරයක නමක් පමණක් බවට පත් කළා. විජේදෝරු සහෝදරයාත් දැන් නැහැ.
ජනාධිපතිතුමාගේ බදු සතිය ආරම්භයේදීම හර්ෂ ද සිල්වා මහතා මුදල් කාරක සභාවේදී ආණ්ඩුවේ එක් නිලධාරී පිරිසක් සිදු කරන කටයුත්තක් මහත් අගේ කරනු දුටිමි .

ප්‍රධාන පුවත්

අනුර නොදකින රනිල් දකින යථාර්ථය (වීඩියෝ)

"ඝන වන මීදුම තුළ සැරිසැරීම: අවට ඇති සියල්ල වෙනස් වන විට තෝරාගත් උපාය මාර්ගම අනුගමනය කළ හැකිද?" යන මාතෘකාව යටතේ SPIEF හි වැල්ඩායි සමාජ වටමේසයේ පළමු සැසියට සහභාගි වෙමින් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා G7 "කුණු කූඩයට" යන ගමනක යෙදී සිටින බව පැවසුවේය.

ගිහි අධිකරණයෙන් භික්ෂුනී සසුන ස්ථාපිත කෙරේ.... බලංගොඩ කස්සප හිමි

බෞද්ධ භික්ෂුණීන්ට සිල් මාතා වෙනුවට භික්ෂුණි යන පිළිගැනීම ලබා දී ජාතික හැඳුනුම්පත් ලබා දෙන ලෙස පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊජිප්තුවට කළ දේ ලංකාවටත් කරයිද? - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) රනිල් වික‍්‍රමසිංහ සහ අනුර කුමාර දිසානායක යන දෙදෙනාගේම රජයන්හි ප‍්‍රධානතම ආර්ථික උපදේශකයෙකුගේ භූමිකාව ඉටු කළ බව හා ඉටුකරමින් සිටින බවත්,

ඊශ්‍රායල් - ඉරාන ගැටුම නිසා මතුවන ලෝක අර්බූද.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ සිදුකරන විග්‍රහය..

2023 ඔක්තෝබර් 07 වැනිදා හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කරන ලද ප්‍රහාරයෙන් පසුව ඊශ්‍රායලය විසින් හමාස් සංවිධානයට සහ පලස්තීනයට එරෙහිව යුද ප්‍රකාශ කරන ලද අතර මෙම ගැටුම අතරතුර පලස්තීනය වෙනුවෙන් නිරන්තරයෙන් පෙනීසිටියේ ඉරානයයි. පසුගිය දා ඊශ්‍රායලය විසින් ඉරානයට ද ප්‍රහාර එල්ල කිරීමත් සමග ලෝකය පුරා දැඩි ව්‍යාකූලත්වයක් නිර්මාණය වී තිබේ.

ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් මැද පෙරදිග නැති වුණා නම් අමෙරිකාවට සිදුවෙන දේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක හෙළිකරයි.. (වීඩියෝ)

ඊශ්‍රායලය නමැති රාජ්‍යයක් මැදපෙරදිග නොතිබුනා නම් ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් නිර්මාණය කිරීමට අමෙරිකාවට සිදුවන බව 1986 දී ජෝ බයිඩන් විසින් ප්‍රකාශකර තිබූ බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසයි.

ගැටුම් කලාපයෙන්: ඉරානයේ සන්සුන් භාවය පිළිබඳ රුසියානු විශේෂඥයාගේ නිරීක්ෂණ සහ ඉරානයේ ඊළඟ පියවර

දැනට ටෙහෙරානයේ පැවැත්වෙන BRICS ආශ්‍රිත සමුළුවකට අනෙකුත් රුසියානු විද්වතුන් සමඟ සහභාගී වී සිටින රුසියානු විදේශ ප්‍රතිපත්ති විශේෂඥයෙකු වන ඇඩ්ලාන් මාගෝව්, හමුදා සහ න්‍යෂ්ටික ඉලක්ක වෙත ඊශ්‍රායලය එල්ල කළ විස්මය ජනක ගුවන් ප්‍රහාරවලින් පසු ඉරාන අගනුවර ඇති මනෝභාවය පිළිබඳව පැහැදිළි චිත්‍රයක් ලෝකයට ඉදිරිපත් කරයි.

අනුර - මෝදි ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන විසින් ගොනුකරනු ලැබූ පෙත්සම ගැන අධිකරණය අද ලබාදුන් තීරණය මෙන්න..

වත්මන් රජය යටතේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජාතික සංවිධාන නියෝජිතයින් විසින් ගොනු කරනු ලැබු මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයෙන් උපදෙස් ලබාගෙන කරුණු දක්වීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අද (ජූනි 16) නීතිපතිවරයාට කල් ලබා දුන්නේ ය.

කොළඹ නගරාධිපති ධුරය මාලිමාවට

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයක් විසින් බහුතර බලයක් හිමි නොවූ කොළඹ මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිවුණි.

ඊශ්‍රායලය, ප්‍රවේශම් වන්න: ඉරානය තවමත් එහි නවතම ආයුධ භාවිතා කර නැහැ!-ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ

ඊශ්‍රායලය දියත් කළ "ඔපරේෂන් රයිසින් ලයන්" මෙහෙයුමට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලයේ හයිෆා වෙත පහර දීම සඳහා හජ් කසෙම් ලෙස හඳුන්වන දියුණු නියාමනය කරන ලද බැලස්ටික් මිසයිලයක් භාවිතා කර ඇති බව ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ ස්පුට්නික් පුවත් සේවය වෙත පැවසීය.

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කැපිල්ල රජයේ ක්‍රියාකාරී සැලැස්මෙන් හැලෙයි..

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල විශ්‍රාම වැටුප් සහ විශේෂ වරප්‍රසාද අහෝසි කිරීම අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ක්‍රියාකාරී සැලැස්මෙන් ඉවත්කර ඇති බව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත හරහා ලබාගත් ලේඛනයකින් පෙනීගොස් තිබේ.

‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්

මේ වසරේ පනවා ඇති බදුවල කිසිදු අඩු කිරීමක් සිදු නොකරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් රජයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

තමන් දේශපාලන සහ සිවිල් අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ යටතේ අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් අත්අඩංගුවේ රඳවා ගැනීමේ සූදානමක් ඇති බව පිවිතුරු හෙළ උරුමෙන් නායක හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..

මේ වන විට ගෝලීය වශයෙන් ඇතිවී තිබෙන යුදමය වාතාවරණය මෙන්ම විශේෂයෙන් ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත පැමිණ ඇති නව ලෝක යුධ වාතාවරණය මගින් ශ්‍රී ලංකාවට එල්ලවන අභියෝග පිළිබඳව ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ් මහත්මිය විසින් කරුණු දක්වා තිබේ.

ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ

ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) ඊයේ(13) ඉරානයට ගුවන් ප්‍රහාර එල්ල කළ අතර, එයට ටෙහෙරානය ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයකින් ප්‍රතිචාර දැක්වීය. මේ අතර බටහිර ජෙරුසලම පැවසුවේ මෙම ප්‍රහාර ටෙහෙරානය න්‍යෂ්ටික අවියක් අත්පත් කර ගැනීම වැළැක්වීම අරමුණු කරගත් බවයි.

ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ලකළ දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවට පළිගැනීමක් ලෙස ඉරානය විසින් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.

‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි

2020 ඔක්තෝබර් 13 වනදා සිට සීනි බද්ධ රුපියල් 50 සිට ශත 25 දක්වා අඩු කිරීමේ සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනවලදී කිසිදු අපරාධමය වරදක් අනාවරණය වී නොමැති බවට නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇති බව අධිකරණයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) දැනුම් දුන්නේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.