
ක්‍රිකට් පාලක මණ්ඩලය වැඩ කරන්නේ ඉන්දියන් ඩීල් කාරයෙකුට ඕනෑ විදිහට... ක්‍රිකට් බෝඩ් එක අපේ ක්‍රිකට් කෑවා - අර්ජුන කියයි
ක්‍රිකට් පාලක මණ්ඩලය වැඩ කටයුතු කරන්නේ ඉන්දියන් ඩීල් කාරයෙකුට වුවමනා ලෙස බවත්, ඔහු ක්‍රිකට් පාලක මණ්ඩලය හරහා ජනාධිපතිට සම්බන්ධ වන්නේ සාගර රත්නායක මහතා මගින් බවත් බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුවේ සභාපති හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා පවසයි.
ක‍්‍රිකට් ක්‍රීඩාව අද වන විට ඇද වැටී ඇති තත්ත්වයට සංගක්කාර සහ මහේල ජයවර්ධන ද වගකිය යුතු බවත් ඔහු පවසයි.
තමන් ඉල්ලන කණ්ඩායමත් සමග ක්‍රිකට් හදන්න තමනට බලය ලබා දුනහොත් මාස හයක් ඇතුළත ප්‍රතිඵල පෙන්වීමට සූදානම් බවද පවසන ඔහු වර්තමාන කණ්ඩායමේ රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමට කැමති අය තියාගෙන අන් සියලු දෙනා එලවා දැමිය යුතු බවද සඳහන් කරයි.
ක්‍රීඩා අමාත්‍යවරයාට ක්‍රිකට් හදන්න ඕන කම ඇතත් ක්‍රිකට් පාලක මණ්ඩලය ඊට ඉඩ නොදෙන බවත්, පාලක මණ්ඩලය විසින් දැන් සිටින අය ගැන පරීක්ෂණ පවත්වා හිරේ දැමිය යුතු බවද අර්ජුන රණතුංග මහතා පවසයි.
ඔහු මෙම අදහස් පළ කර ඇත්තේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
