පළාතට බලය බෙදීම පුර්ණව ක්‍රියාත්මක නොවිය යුත්තේම ඇයි කියා ඔබට වැටහෙනවා නම්...
මෙම ආණ්ඩුව හෙවත් ඇමරිකාවේ සහ කැනඩා සහ යුරෝපා දෙමළ ඩයස්පෝරා සහායෙන් පිහිටවු පාලනය සමග අර්චුනා මන්ත්‍රී ප්‍රබාකරන් අපේ දෙවියාය යන මතය සමාජගත කිරීම සිට මෙවර උතුරේ ප්‍රබාකරන්ගේ මහාවීර සතිය පැවැත්වීම වැඩි සුවිශේෂත්වයෙන් සිදුවීමේ සිට දෙමළ ඩයස්පෝරාව රටෙන් එලියේ සෘජුව තමිල් ඊලම ප්‍රදර්ශනය දක්වා අපට වටහා ගත හැකි දෙයක් නම්, පුර්ණ බළය බෙදු සහ එම බලය ලංකා ආණ්ඩුවේ ව්‍යවස්ථාවෙන් සහතික කරපු දිනයක උතුරේ පළමු මහාවීර සතියේ ප්‍රබාකරන්ගේ පිළිරූ සැදීම ඇරඹෙන්නේය..‼️
උතුරේ බළය බෙදු පළාත් සභාවේ පලමු වරට එල් ටී ටී ඊ තහනම පළාතේ බලාත්මක නෙවෙන යොජනා සමිමත වන්නේය ‼️
එසේ ඇරඹෙන ක්‍රියාවලියක් නතර වන්නේ පෙරදාක උතුරේ මහ ඇමති වර්ධරාජා පෙරුමාල් තමිළ් ඊළාම්, කොඩිය ඔසවා ඊළම ප්‍රකාශයට පත්කරා වැනි ක්‍රියාවකිනි.
කිසියම් ජනසමාජයක යුද්ධයකින් හරි මිය ගිය අය සැමරීම වරදක්ද අහන සිංහළ මොඩයන්ට එම මිය යාම් ප්‍රබාකරන්ගේ මහා වීර සතියේම කරන්නේ ඇයිදැයි අපට පහදා දෙන්නත් බැරිය.
ඇමරිකාව අනුර මතට පටවා ඇති එක මරාළයක් වන්නේ අළුත් ව්‍යවස්ථාවක් ලෙස ඇමරිකාව සකස් කර ඇති උගුල ක්‍රියාත්මක කරවීමයි.
එය පරාජය කල යුතුව ඇත්තේ
පළාතට(ප්‍රාන්තයට) බලය විමධ්‍යගත කරවීම තුළ එම පළාතේ බලය හැසිරවීම දියවන්නාවේ පාර්ලිමේන්තුවට මෙන් පළාත් පාර්ලිමේන්තුවකට විතැන් කිරීම හරහා බෙදුම්වාදී මතය තවමත් මිය නොගිය
එය තවමත් රටින් එළියේ පෝෂණය කරන ප්‍රවර්ධනය කරන මහාධනයක් සහ ජාත්‍යන්තර සබදතා ගොඩනගා ගෙන තිබෙන දෙමළ ඩයස්පෝරාවට
රටින් එළියේ ස්ථාපිත කරන එලිදකිවන තමිල්,ඊලම යාපනේ පැල කරවීම පහසුය සරළය.
එය නතර කරවීම මගිනි.
එහෙම කරොත් අනුර අයියාගේ ආන්ඩුව බලාගනී කීවට අනුර අයියගේ ආන්ඩුවට කරන්න පුළුවන් ලබ්බක් එදාට නැත.
ඇමරිකවෙ කැනඩාව යුරෝපා සංගමය ඕස්ට්‍රේලියාව එක පොකඅරට ඒ පාළනය නීත්‍යානුකූල බවට පිළිගන්නේ ඩබල් දාලාය.
එබැවින් අනුර අයියා බළලාට අරං ෆෙඩරල්, ව්‍යවස්ථාවකට කොස් ඇට බාවන කොටසේ අවශ්‍යතාවය හරියටම කැවුම් කන්න යෝධයා වෙච්ච සිංහළයා වටහා ගත යුතුය. ‼️
රටින් එළියේ පිහිටුවා ඇති අන්තර් සිහින තමිල් ඊලාම් රාජ්‍යයේ පාලනය පුර්ණ බලය බෙදු සහ එය ජනාධිපතිවරයාට සෘජුව ආපසු පවරා ගන්න හැකියාව අහිමි කරන ලද ෆෙඩරල් ව්‍යවස්ථාවකින් සම්මත කරන කාලයකදී
සිම්පල් ප්ලාන්ට්,කිරීමක්,වනු ඇත.
මහාවීර සතිය රටින් එළියේද උතුරේද කොහොම හරි ක්‍රියාතිමක කරමින් ඔවුන් මේ,කරන්නේ ආතල් ගැනීමක් නොවේ.
ඔවුන්ගේ ඉලක්කය සම්පුර්ණ වෙනතුරු වෙනම රාජ්‍යයක් යන්නට ඇති සිහිනය මිය යන්නට නොදී පවත්වාගෙන යාමය ‼️
මොඩ සිංහළයා එයටත් දේශපාලන පක්ෂ වලට බෙදී එය සාධාරණීකරණය කරනවා දකින විට අපට සිනහ පහළ වන්නේය.
(මේ ෆොටෝ එක බලලා මේ ලංකාවේ නෙවේ නේද රටින් එළියේ, නේද ඉතිං අපට මෙකෙද නේද අහන සුරතල්ලු කලබළ නොවන්න)
- නුවන් මොණරවිළ -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..