රැල්ල තුළින් බලයට ආ අය ඇරියස් කවර් කර ගන්න රුහුණු විශ්ව විද්‍යාලයේ උප කුලපතිව බිල්ලට ගත්තා ද?
මහාචාර්ය විශේෂඥ වෛද්‍ය සුජීව අමරසේන රුහුණු විශ්ව විද්‍යාලයේ උප කුලපති ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් මේ වන විට දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.
ඔහුව මෙම තනතුරෙන් ඉවත් කිරීම පිළිබඳව මුහුණු පොතේ තබා තිබූ සටහනක් පහළින් දක්වා තිබේ.
කොන්දක් ඇති මිනිසෙක් ලෙස ඔහු ගෙදර යයි...
මහාචාර්ය විශේෂඥ වෛද්‍ය සුජීව අමරසේන රුහුණු විශ්ව විද්‍යාලයේ උප කුලපති ධුරයේ බලතල වලින් ඉවත් කර ඇත..
වැරදි අරමුණු වෙනුවෙන් කරන උද්ඝෝෂණවලට බියෙන්,
නිවැරදි මිනිසුන් තනතුරු වලින් අයින් කරනවා නම්,
එය නිවැරදි පාලනයක පිරිසිදු අරමුණු ඉටුකර ගැනීමට හැකි ක්‍රමයක් දැයි මට තේරෙන්නේ නැත..
මහාචාර්ය සුජීව අමරසේනට වංචා දූෂණ පිළිබඳ චෝදනා එල්ල කරනවා නම් ඒ පිළිබඳ සිනහසෙනවා ඇරෙන්නට වෙන කරන්නට දෙයක් නැත..
ඔහු ඒ පිළිබඳ ප්‍රසිද්ධියේම පිළිතුරු දෙන්නේ එවන් චෝදනාවක් හැකිනම් ඔප්පු කරන ලෙසටයි..
රැල්ල තුළින් බලයට ආ සමහරුන් තමන්ගේ ඇරියස් කවර් කර ගැනීමට මේ විශිෂ්ට මිනිසා බිල්ලට ගෙන ඇත..
රටක පාලනය භාරගත්තාට පසු ,
තමන්ට පාලන බලයට ලබා ගන්නට උදව් කළ මිනිසුන්ට ඔවුන්ගේ අරමුණු ඉටු කර දෙනවාට වඩා,
රටට නිවැරදි දේ කිරීම පාලකයන්ගේ වගකීම විය යුතුය...
වඩා හොඳ රටක් අධ්‍යාපන පද්ධතියක් ඇති කිරීම සඳහා යන ගමනට මෙවැනි දේ කෙතරම් ගැළපෙනවාදැයි යන්න ප්‍රශ්නයකි..
අමානුෂික නවක වධයට විරුද්ධ වීම නිසා කොටසක් බොහෝ සමග වෛර බැඳ ගත්හ..
සරසවි පද්ධතිය තුළ න් ජනප්‍රිය වීමට ඒ නවක වධ කණ්ඩායම් සමග එක් වූ පරිපාලනයේ සමහරුන්ටද මොහු මහා කරදරයක් විය..
වැඩ නොකරන වැඩ මඟ හරින අයටද ඔහු කරදරයක් විය..
කිඹුහුමකටත් වර්ජනය කරන කණ්ඩායම් වලටද ඔහු කරදරයක් විය..
වැඩ වර්ජන තුළින් වෛද්‍ය සිසුන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වීම නතර කිරීමට ඔහු පුද්ගලිකවම කෙතරම් උත්සාහ ගත්තාදැයි දන්නා අය දනිති..
එහිදී ඔහුට පෞද්ගලිකවම තර්ජන ගර්ජන එල්ල වද්දී ඒවා ඉදිරියේ ආත්ම ශක්තියෙන් නැගී සිටි ආකාරයද දන්නා අය දනිති....
1980 ගණන්වලින් පසු අප දන්නා මෑත ඉතිහාසයේ වැඩ වර්ජනය නොකළ වෛද්‍යවරයෙක් ලෙසද මහාචාර්ය සුජීව අමරසේන මගේ මතකයේ රැඳී තිබේ..
මේ ඉවත් කිරීමෙන් ඔහුට කිසිදු පාඩුවක් සිදුවන්නේ නැත...
පාඩුව සිදුවන්නේ මෙරට සරසවි පද්ධතියටය..
සරසවි වලට ඇතුළත් වී තමන්ගේ අධ්‍යාපන කටයුතු විකාර වලින් තොරව නිවැරදිව කිරීමට අරමුණු කරගත් දරුවන්ටය....
සුනාමියක් ඉදිරියේ ඒවාට එරෙහිව අදහස් දැක්වීම සෑහෙන්නට බැනුම් අහන්නට වෙන දෙයකි..
කෙතරම් බැනුම් ඇහුවත් හදවතට එකඟව කිව යුතු දේ කිව යුතුමය...
බහුතර මතය හැමවිට නිවැරදි නම් ලෝකය තවමත් පැතිලිය.....
ඔබ ගෙදර යන්නේ ඔබේ කාර්යය නිසි ලෙස ඉටුකළ උපකුලපතිවරයෙක් ලෙස බව අපේ සම්පූර්ණ විශ්වාසයයි..
අනාගතයේදී ඔබේ නිවැරදි බව පැහැදිලි වන බව ඒකාන්තය..
නමුත් මේ තීරණය නිසා වන හානිය ප්‍රතිපූර්ණය කළ නොහැක..
ආයුබෝවන්! මහ ඇදුරුතුමනි...🙏🙏
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..