රුහුණේ හිටපු උප කුලපති කළ අසාධාරණ වැරදි වලට ස්වාධීන පරීක්ෂණයක් පැවැත්විය යුතුයි
රටේ යමෙකුට යම්කිසි අසාධාරණයක් සිදුවූ විට අපේ සිට ගත යුත්තේ ඔහුගේ පැත්තේ විනා අසාධාරණය කළ පුද්ගලයාගේ තනතුර ගැන සිතා ඔහුගේ පැත්තේ නොවේ.
එසේම එයට අප දේශපාලනය ද ඇඳා ගත යුතු නැත.
එසේම වර්තමාන රුහුණේ උපකුලපති වරයා එම තනතුරෙන් ඉවත් කිරීම අගය කළ යුතුව ඇත.
එය ඉගෙනුම ලබන සිසුන්ට කළ බලවත් සාධාරණ ඉල්ලීමකි මෙය අප අවුරුදු ගණනක් තිස්සේ බලාපොරොත්තුව සිටි දෙයකි.
රුහුණු විශ්වවිද්‍යාලය පසුගිය කාලයේ දේශපාලන උන්මත්තකයෙකුගේ හා ඒකාධිපතියෙකුගේ ග්‍රහණයට හසුව තිබිණි.
තමන්ගේ නිල බලය උපයෝගී කරගනිමින් සිදු කරන ලද අසාධාරණ කම් වලට එදා ඔහුට සහාය දුන් ආචාර්ය මණ්ඩලය පවා අවසානයේදී ඔහුට විරුද්ධ විය.
ඔහු උපකුලපති තනතුරෙන් ඉවත් කිරීම අනිවාර්යයෙන් කළ යුත්තකි ඒ දේශපාලන පළිගැනීමක් නොවන බව පැහැදිලිව කිව යුත්තකි මන්ද අප සත්‍යය දැකිය යුතුව ඇත.
වෛද්‍ය සිසුන්ගේ දෙමාපියන් වශයෙන් ඔහුගේ අත්තනෝමතික ක්‍රියා කලාපය පිළිබඳ වසර පහක් තිස්සේ අප වරින් වර ඔහු පිළිබඳ හෙළිකර ඇත්තෙමු.
කරාපිටිය වෛද්‍ය පීඨයේ නවක සිසුන් පිළිගැනීම වෙනුවෙන් එම නවක වෛද්‍ය සිසුවියන්ට සාරිය සහ සිසුන්ට කලිසම සහ අත්දිග ෂර්ට් පැළඳ පිළිගැනීමේ උත්සවයට පැමිණීමට ආරාධනා කිරීම එය සංවිධානය කරන ලද ඊට පෙර කණ්ඩායමේ සිසුන් විශාල පිරිසකගේ පන්ති තහනම් කිරීමට තරම් අදාල උපකුලපතිවරයාගේ ඒකධිපතිවාදය උන්මත්තක භාවය කටෝරවිය.
එපමණක් නොව රජයේ වෛද්‍ය පීඨ සිසුන්ගේ දෙමාපියන් කරාපිටිය වෛද්‍ය පීඨ ශ්‍රවණාගාරය නාට්‍යයක් රඟ දැක්වීමට ඉල්ලූ විට එය නොදුන් අදාල උපකුලපතිවරයා එය පසුව දේශපාලන රැස්වීම්වලට ලබා දුන් බව අපට අමතක නැත.
ඇතැම් නාලිකාවල නිවේදකයන් ඔහු කරේ තියාගෙන වන්දනාවේ ගියාට ප්‍රසිද්ධ වැට මාර සිද්ධිය අධිකරණ වෛද්‍ය වාර්තා මගින් බොරුවක් බව ඔප්පු වූ විට එය ප්‍රසිද්ධ කළේ නැත.
අප රට දිහා බලන්නේ දේශපාලනික කෝණයෙන් නොවේ.
උසස් අධ්‍යාපන අමාත්‍යාංශ භාර අගමැතිවරියගෙන් අප ඉල්ලා සිටින්නේ රුහුණේ සිදු වූ විවිධ අකටයුතුකම් මෙන්ම මූල්‍ය විනය සම්බන්ධයෙන් විධිමත් ස්වාධීන පරීක්ෂණයක් සිදු කළ යුතු බවයි.
එසේම අදාල ඒකාධිපති උපකුලපතිවරයාගේ හිංසනයට ලක් වූ වෛද්‍ය සිසුන් සරසවි සිසුන් සියල්ලන්ටම සාධාරණය ඉටු කළ යුතු බවයි.
තම ජීවිත කාලයේ වසර දහතුනක් පමණ තරගකාරී විභාගවලින් විශ්වවිද්‍යාලට පැමිනෙන සිසුන් පාලනය විසින් අසාධාරණයට පැමිණවීම ඔවුන්ගේ ජීවිතයම අඳුරු කිරීම බලවත් අපරාධයකි ඔවුන් අයුක්තියට එරෙහිවීම දංගෙඩියට හසු වීමට තරම් වරදක් වන්නේ කෙසේද?
එසේම තවදුරටත් අප කියා සිටින්නේ අප අසාධාරණයට එරෙහි විය යුතු සේම කවුරුන් හෝ විශ්ව විද්‍යාලට පැමිණෙන නවක සිසුන්ට නවක වදය ලබාදීමටද අප එරෙහි විය යුතුය.
නවක වදයට එරෙහි අනපනත් අප මීට වඩා දැඩි කළ යුතුව ඇත.
එය කළ යුත්තේ සිසුන්ගෙන් පළිගැනීමට නොව එය වැළැක්වීමටයි.
මෑත ඉතිහාසයේ විශ්ව විද්‍යාලයක සියලු කණ්ඩායම් උපකුලපතිවරයෙකුට එරෙහි වූ අවස්ථාවක් මීට පෙර අප අසා නැත.
එහෙත් වසර ගණනාවක සිට රුහුණේ වෛද්‍ය පීඨ සිසුන්ගේ දෙමාපියන් වශයෙන් පවා අප ඔහුගේ භීෂණයට මුහුණ දෙමින් සිටි බව අපට අමතක නැත.
එපමණක් නොව ඔහු තමන් නියෝජනය කරන ක්ෂේත්‍රය ද බාල්දු කරමින් තමන්ගේ ළඟම ඥාතියෙක් වසර හතරහමාරක වෛද්‍ය අධ්‍යාපනය සිදුකර වෛද්‍ය සභාවට එය පිළිගන්නා ලෙසත් වෛද්‍ය සභාව එය පිළිනොගත් බැවින් වෛද්‍ය සභාවට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ග පවා ගෙන වසර පහක වෛද්‍ය අධ්‍යාපනය වසර හතර හමාරක් කෙටි කිරීමට කටයුතු කර තැනැත්තෙකි. (අපේ රටේ දේශපාලනඥයන් මෙන් තමන්ගේ ළඟම ඥාතියාට ඕනම නීතියක් බිඳීමට හැකියි දේවාලයේ කපුවා මෙන්)
උපකුලපතිවරයා ඉවත් කිරීම සේම ඔහුගෙන් අසාධාරණයට ලක් වූ සිසුන්ට සාධාරණය ඉටු කළ යුතුව ඇත.
නවකවද සිද්ධි දැඩි ලෙස උලුප්පමින් නවක වදයට මුවා වෙමින් තවදුරටත් විශ්ව විද්‍යාල පද්ධතිය දුෂණය කිරීමට ඔහුට ඉඩ දිය යුතු නැත.
එබැවින් මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කරන ලෙස ගරු අගමැතිවරියගෙන් අපි කාරුණිකව ඉල්ලා සිටිමු.
- (හිටපු) රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍යයන්ගේ දෙමාපිය සංගමය
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..