ඇමැති වසන්ත සමරසිංහගේ නඩුවට නියෝජ්‍ය ඇමැති මහින්දයි රන්ජන් ජයලාලුයි පොලිසියට තවම ප්‍රකාශ දීලා නැහැ
නව රජයේ වෙළඳ ඇමැති වසන්ත සමරසිංහ සම්බන්ධ නඩුවකට අදාළව ප්‍රකාශ ලබාදෙන ලෙස දන්වමින් එම නඩුවේ සාක්ෂිකරුවන් දෙදෙනෙකුට දුරකථන ඇමතුම් සහ ලිපි කිහිපයක් යොමුකළ ද මෙතෙක් ඔවුන් දෙදෙනා ප්‍රකාශ ලබා නොදුන් බවට පොලිසිය පසුගිය සිකුරාදා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.
එම සාක්ෂිකරුවන් දෙදෙනාගෙන් එක් අයකු නව රජයේ නියෝජ්‍ය ඇමැතිවරයකු වේ.
දෙමහල් ගොඩනැගිල්ලක් සහිත දෙහිවල පිහිටි දේපළක් බදුදීමට වෙළඳ ඇමැති වසන්ත සමරසිංහ ව්‍යාජ ඔප්පුවක් භාවිත කර ඇති බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් වංචා විමර්ශන කාර්යාංශය විමර්ශන ආරම්භ කර තිබිණි.
නියෝජ්‍ය කම්කරු ඇමැති සහ ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහට සහ ලංකා විදුලිබල මණ්ඩල සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල්ට තමන් ඇමතුම් ලබාදී ලිපි යවා ප්‍රකාශ ලබා දීම සඳහා වංචා විමර්ශන කාර්යාංශය වෙත පැමිණෙන ලෙස දන්වා යවා ඇති බව එම කාර්යාංශයේ පරීක්ෂකයෝ අධිකරණයට ප්‍රකාශ කළහ.
ඔවුන්ගෙන් ප්‍රකාශ ඉල්ලා ඇත්තේ එම ඉඩම රුපියල් ලක්ෂ 36කට බදු දී ඇති බවට ඔප්පුවේ සඳහන් වන බැවිනි.
2020 පෙබරවාරි 10 වැනිදා සිට බදු ඔප්පු තුනක් මගින් ජයසිංහට සහ ජයලාල්ට සමරසිංහ සහ සිරිල් අබයසිරි විසින් දේපළ බදු දී ඇතැයි පරීක්ෂකවරු වැඩබලන මහේස්ත්‍රාත් තරංග සිල්වාට පැවසූහ.
අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් විසල් සේනානායක සමඟ පෙනීසිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න අධිකරණයට දන්වා සිටියේ මෙම දේපළ වෘත්තීය සමිතිය තුළ කිසිදු බලයක් නොමැති පුද්ගලයකු විසින් බදු දී ඇති බවයි.
නඩුව දෙසැම්බර් 20 වැනිදාට කල්තැබූ වැඩ බලන මහේස්ත්‍රාත්වරයා එදිනට නඩුවේ ප්‍රගතිය දැනුම් දෙන ලෙස පොලිසියට නියෝග කළේය.
- ceylonwire
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි