News Category
From Date
To Date
Maximum Number of Result

අමරන් සහ චානක

Nov 23, 2024 at 12:03 PM
|

'අමරන්' කියන්නෙ මේ දවස්වල හුගක් අය කතා කරන ෆිල්ම් එකක්. සත්‍ය කතාවක් ඇසුරෙන් කරල තියෙන දුක්බර අවසානයක් තියෙන ෆිල්ම් එකක්. ඉන්දීය යුද්ධ හමුදා නිලධාරියෙක් සහ ඔහුගේ ආදර කතාව අර්ථාන්විත ලෙස  සමාජයට යොමු කරන චිත්‍ර පටයක්.  

මේ කතාව බැලුවම මට මතක් වුනේ කැප්ටන් සදුන් චානක. මානුශික මෙහෙයුමේ අවසාන කාලෙදි චානක එයාගෙ ජීවිතේ රට වෙනුවෙන් පූජා කලා. 

චානක කියන්නෙ වෘතාන්තයක්. මට චානක මුලින්ම හම්බවෙන්නෙ ස්කෝලෙදි. මට වඩා අව් රුද්දක් බාල පන්තියෙ එයා හිටියෙ. 800m, 1500m රෙකෝඩ් තියපු මලල ක්‍රීඩකයෙක්. හුගක් දුර තිබුන ගෙදර ඉදන් උදේ පාන්දර  ස්කෝලෙට ඇවිත් හැමදාම උදේ 6 වෙනකොට ප්‍රැක්ටිස් පටන් ගන්නවා.  ක්‍රීඩාවෙන් හුගක් ජයග්‍රහණ ස්කෝලෙට අරන් දුන්නා. අධ්‍යාපනේට ක්‍රීඩාව බාධාවක් කරගත්තෙ නෑ. 

චානක ඒලෙවල් කලේ ඇග්‍රි ස්ට්‍රීම් එකෙන්, රිසල්ට් A3 යි. ඔය වයසෙදි කොල්ලෙක්  කැම්පස් සෙලෙක්ට් වෙලා ඉදිද්දි ආමි එකට ජොයින් වෙන්න  තීරණයක් ගන්නෙ හුගක් කලාතුරකින්. අනිත් එක රටේ යුද්ධයක් තියෙන වෙලාවක. ඒක නිසා මම හිතන විදියට චානක කියන්නෙ විරල චරිතයක් සහ උතුම් මනුස්සයෙක්.

චානක කැඩෙට් ට්‍රේනින් සෙලෙක්ට් වෙන්නෙ දියතලාව ඇකඩමි එකේ Intake 59 එකට, මම ආමි එකට ජොයින් වෙන්න මාස හයකට කලින්. නමුත් මට ඇකඩමි එකේදි චානක හම්බවුනේ නැහැ. එයාගෙ දක්ශතාවය නිසා පකිස්තාන් මිලිටරි ඇකඩමි එකේ ශිෂ්‍යත්වයක් ලැබිල ට්‍රේනින් වලට පකිස්තාන් ගිහින් තිබුන.

චානක පකිස්තාන් ඉදල ඇවිත් ඉතා විශිෂ්ට විදියට ට්‍රේනින් ඉවර කරල සපෝට් රෙජිමන්ට් එකක් තෝර ගන්නෙ නැතිව ඉන්ෆන්ට්‍රි රෙජිමන්ට් එකක් වන සිංහ රෙජිමේම්තුව තෝර ගන්නවා. යුද්ධයක් තියෙන කාලෙ තමන්ට ජීවිත අවදානම අඩු සපෝට් රෙජිමන්ට් එකක් තෝරගන්නෙ නැතිව ඉන්ෆන්ට්‍රි රෙජිමන්ට් එකක් තෝරගත්තු චානක මම හිතන විදියට විරල ගතිගුණ තියෙන උතුම් මනුස්සයෙක්.

ඒ කාලෙ මට චානක හම්බවෙලාම නැහැ. එකම එක දවසක් නිවාඩු ඉවර වෙලා යනවෙලාවක කෝල් කරල මගෙන් මැප් එකක් ඉල්ලුවා, ඒක මම කොටුවේ ස්ටෑන්ඩ් එකට යැව්වා. ඕක තමයි මට ආමි එකේ ඉන්නකම් චානක ගැන තියෙන මතකය.

ඊට පස්සෙ වැලිඔයදි චානකගෙ කකුලට වෙඩි වැදිල හොදටම තුවාල වෙනව. ඩොක්ටර්ස් ල චානකගෙ කකුල කපන්න හදද්දි චානකගෙ අම්ම ඒකට තදින්ම විරුද්ධ වෙනව. කාලෙත් එක්ක චානකගෙ තුවාලෙ සනීප වෙලා ඇවිදින්න පුලුවන් වෙනව. වයිද්‍ය වර්ගකිරීම් යටතෙ ආපහු යුද්දෙට යන්නෙ නැතිව ඉන්න පුළුවන්කම තියෙද්දි චානක ආපහු යුද්ධ පෙරමුණට යනවා. ඒ වගේ දෙයක් කරන චානක මම හිතන විදියට විරල ගතිගුණ තියෙන උතුම් මනුස්සයෙක්.

යුද්දෙ අවසාන කාලෙදි පුදුකුඩිරිප්පු වලදි චානක බිම් බෝම්බෙකට ගොදුරු වෙලා රට වෙනුවෙන් තම ජීවිතය පූජා කරනවා. …………..

අමරන් එකේ වගේ නෙමෙයි චානකගෙ වයිෆ් ප්‍රෙග්නන්ට් බව දැනගෙන ඒ වෙනකොට දවස් හතරයි. සමහරවිට ඒ දවස්වල තිබ්බ සන්නිවේදන අපහසුතා නිසා චානක මැරෙනකම්ම ඒක දැනගෙන නැතිව ඇති. චානකගෙ අම්ම අඩල තියෙනවා කකුල තුවාල වුනවෙලාවෙ කපන්න දුන්නනම් අද මගේ පුතා මට ඉන්නව කියල....... පුතාව කොහෙවත් යවන්න බෑ කියපු චානකගේ දෙමව්පියෝ ගෙදර ඉඩමේම චානකව භුමදානය කරනවා.

පොඩ්ඩක් හිතල බලන්න මට හෝ ඔබට මේ වගේ දෙයක් සිදු වුනොත්........

ඊට පස්සෙ 2017 දි මට පකිස්තාන් මාණ්ඩලික නිලධාරි පාඨමාලාව කරන්න අවස්තාවක් හම්බවෙනවා. ඒ කෝස් එකේ හිටිය හුගක් අය චානක හා සමකාලීනව පකිස්තාන මිලිටරි ඇකඩමි එකේ ට්‍රේනින් වුන අය. හුගක් අය මම ලගට ඇවිත් චානක දැන් ඉන්නෙ කොහෙද කියල අහනකොට මම ඒ අයට විස්තරේ කියනවා. විශ්වාස කරන්න සමහර නිලධාරින්ගෙ ඇස් වලට කඳුළු ආවා. චානක මුලු පකිස්තාන් මිලිටරි ඇකඩමි එකේම සුප්‍රසිද්ධ දක්ශ චරිතයක්. ඒ දක්ශකම නිසාම එයා කැඩෙට් ගවමන්ට් එකේ ප්ලැටූන් කමාන්ඩ කෙනෙක් විදියට පත් කරල තිබුන. ඒ ප්ලැටුන් එකේ අය ඇවිත් චානක ඒ අයට පාඩම් කියාදීපු විදිය මෝටිවේට් කරපු විදිය ගැන කතාක රනකොට මට ආපහු කියන්න තියෙන්නේ චානක කියන්නෙ උතුම් චරිතයක්  කියල. ඒ සමහර පකිස්තාන් නිලදාරීන් මගෙ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකෙත් ඉන්නවා.

චානකගෙ ආදර කතාවත් අමරන් එකේ වගේම ලස්සන එකක් වෙන්න ඇති. මේ වගේ හුගක් ආදර කතා යුද්ධ හමුදාව වටා ගෙතිල තියෙනවා . එකම දේ තියෙන්නේ ඒව අමරන් එකේ වගේ මිනිස්සු අතරට නොයන එක.

චානක වගේම කැපකිරීම් කරපු හුගක් අය යුද්ධ හමුදාවෙ තවමත් සේවය කරනවා.

නමුත් හුගක් අවස්ථාවලදි රටේ පිලිගත් උගත් බොහෝ අය පවා අට පාස් ආමි කාරයගෙ පඩිය මෙච්චරයි උගත් උපාධි තියෙන ගුරුවරුන් ගෙ  පඩිය මෙච්චරයි වගේ සමාජ මත නිර්මාණය කරනකොට තවමත් සේවය කරන චානක වගේ අය හිතනව අපි දිවි පරදුවට තියල යුද්ධ කලේ මේ වගේ සමාජයක් වෙනුවෙන්ද කියල.......

ප.ලි. - චානකගෙ පුතා දැන් ලොකුයි.

චානකගෙ පාසල් යාලුවො චානකගෙ පුතාගෙ අධ්‍යාපනය වෙනුවෙන් උදව් කරනවා. එහෙම මිනිස්සුත් මේ සමාජයෙ ඉන්නවා..

- වසන්ත රණසිංහ

සම්බන්ධිත පුවත් | Related News

ඉරානේ කියන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රධානම තේ ආනයනය කරන රටක්.වාර්ෂිකව රුපියල් මිලියන 35,000 කට වඩා වටින තේ ඉරානය අපෙන් මිලදී ගන්නවා.මේ වටිනාකමට බොරතෙල් ඔවුන් අපිට ලබා දෙනවා.පහුගිය ආර්තික අර්බුද කාලේ වැලේ වැල් නැතුව ඉද්දි හුගක් රටවල් ණයට අපිට තෙල් ලබා දෙන එක ප්‍රතික්ෂේප කරද්දි ඉරානය අපිට ණයට තෙල් දුන්නා විතරක් නෙවෙයි ආධාර විදියට තෙල් වෙනමත් ලබා දුන්නා.
ලංකාවේ හමුවුණු විශේෂ ඒ වගේම හරිම ආකර්ෂණීය පුරාකෘතියක් ගැන කියන්නයි මේ සටහන වෙන් වෙන්නේ. ඒ වල්ලිපුරම් හෙවත් වැලිපුර රන් සන්නස ගැන. මේ ගොඩාක් අය මේ ගැන අහලත් ඇති. අපේ උරුමය ගැන බොහොම ලස්සනට ලියන Samarasinghe NH මැතිතුමාත් මේ ගැන වරක් මතක් කරල තිබුනා.
ශ්‍රී ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාර ඉතිහාසය තුළ රන් අකුරින් ලියවූ කාන්තා නාමයක් ලෙස ඉරේෂා පොල්ගම්පල නාමය සැලකිය හැක.එදත් අදත් අනාගතයේදීත් ශ්‍රී ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය තුළ කාන්තාවක ශක්තිය ඇය මගින් මනාව විදහා පානු ඇත.කෑගල්ල ගලිගමුව ප්‍රදේශයේ සිට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට පැමිණි ඉරේෂා පොල්ගම්පල සහෝදරිය ව්‍යවහාරික විද්‍යා පීඨය විද්‍යාර්ථයෙකි.
මේ අවුරුද්දේ ජනවාරි 18 සහ 19 දවස් දෙක ඇතුලේ රේගු පරීක්ෂාවකින් තොරව බහාලුම් 323ක් නීති විරෝධී විදිහට මුදාහරින්න ආණ්ඩුව කටයුතු කළා.ඊට උපදෙස් දුන්නේ ජනාධිපති අනුර කුමාර සහ වරාය ඇමති බිමල් රත්නායක බව කියමින් රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නිවේදනය පවා නිකුත් කළා.ඒ වගේම රේගු වෘත්තීය සමිති එකමුතුවෙන් කිව්වේ මේ බහාලුම් ඇතුලේ මත්ද්‍රව්‍ය,අවි ආයුධ,ප්‍රමිතියෙන් තොර බෙහෙත් සුවඳ විලවුන් වර්ග ඇතුළු නීති විරෝධී බඩු ඕනි දෙයක් තියෙන්න පුලුවන් කියලයි.
හත්දා මගුල් කනවා කිව්වට ඒ මඟුල් මොනවද කියලා හරියටම් දැනන් හිටියෙ නහැනෙ..
ඉරානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරය ඊශ්‍රායලය පමණක් නොව අමෙරිකාවද විමතියට පත්කර ඇති බවත්, පැය කිහිපයක් තුළ සිදුවූ දැවැන්ත විනාශයකින් පසුවත් ඉරානය ඉතා ඉක්මනින්ම ක්‍රියාත්මක වී ඊශ්‍රායලයට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීම කිසිසේත් සුළුකොට තැකිය හැකි කාරණයක් නොවන බවත් ආචාර්ය මහින්ද පතිරණ මහතා පවසයි.
අද වන විට ඊශ්‍රායලය සහ අමෙරිකා එක්සත් ජනපදය ලෙස රටවල් දෙකක් නොමැති බව පැහැදිලිව දැකගත හැකි බවත්, වර්තමානයේ අමෙරිකාවේ පාලනය හොබවන පිරිස යුදෙව් ක්‍රිස්තියානි මූලධර්මවාදීන් බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
අප තරුණ කළ අපට විෂය වූ මාතෘකා දෙකක් වූයේ වියට්නාමය හා පලස්තීනය. වියට්නාමයට අත නොතබනු පලස්තීනයට ජය වගේ සටන්පාඨ අප අතර ජනප්‍රිය වුණා. මා එකල කී විධියට නම් විශ්වවිද්‍යාල ප්‍රවේශ පන්තියේ සිටි කාලයේ අපට අවුරූදු කිහිපයක් ජ්‍යෙෂ්ඨයකු වූ පාසලේ ආදි ශිෂ්‍යයකු වූ ද අල්ලපු වත්තේ ඉංජිනේරු පීඨයේ ඉගෙන ගත් සමසමාජ පාක්‍ෂිකයකු වූ ද බර්නාඩ් සීසර් පෙරේරා මිහිඳුකුලසූරිය විජෙදෝරු සහෝදරයාගේ මග පෙන්වීම යටතේ අපි සටන් පුවරු ඔසවාගෙන මහා මග ගියා. අප කී දේ නොඅසා ඇමරිකාව වියට්නාමයට අත තැබුවා පමණක් නොව අවසානයේ හෝ චී මින් නගරයක නමක් පමණක් බවට පත් කළා. විජේදෝරු සහෝදරයාත් දැන් නැහැ.
ජනාධිපතිතුමාගේ බදු සතිය ආරම්භයේදීම හර්ෂ ද සිල්වා මහතා මුදල් කාරක සභාවේදී ආණ්ඩුවේ එක් නිලධාරී පිරිසක් සිදු කරන කටයුත්තක් මහත් අගේ කරනු දුටිමි .

ප්‍රධාන පුවත්

අනුර නොදකින රනිල් දකින යථාර්ථය (වීඩියෝ)

"ඝන වන මීදුම තුළ සැරිසැරීම: අවට ඇති සියල්ල වෙනස් වන විට තෝරාගත් උපාය මාර්ගම අනුගමනය කළ හැකිද?" යන මාතෘකාව යටතේ SPIEF හි වැල්ඩායි සමාජ වටමේසයේ පළමු සැසියට සහභාගි වෙමින් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා G7 "කුණු කූඩයට" යන ගමනක යෙදී සිටින බව පැවසුවේය.

ගිහි අධිකරණයෙන් භික්ෂුනී සසුන ස්ථාපිත කෙරේ.... බලංගොඩ කස්සප හිමි

බෞද්ධ භික්ෂුණීන්ට සිල් මාතා වෙනුවට භික්ෂුණි යන පිළිගැනීම ලබා දී ජාතික හැඳුනුම්පත් ලබා දෙන ලෙස පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊජිප්තුවට කළ දේ ලංකාවටත් කරයිද? - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) රනිල් වික‍්‍රමසිංහ සහ අනුර කුමාර දිසානායක යන දෙදෙනාගේම රජයන්හි ප‍්‍රධානතම ආර්ථික උපදේශකයෙකුගේ භූමිකාව ඉටු කළ බව හා ඉටුකරමින් සිටින බවත්,

ඊශ්‍රායල් - ඉරාන ගැටුම නිසා මතුවන ලෝක අර්බූද.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ සිදුකරන විග්‍රහය..

2023 ඔක්තෝබර් 07 වැනිදා හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කරන ලද ප්‍රහාරයෙන් පසුව ඊශ්‍රායලය විසින් හමාස් සංවිධානයට සහ පලස්තීනයට එරෙහිව යුද ප්‍රකාශ කරන ලද අතර මෙම ගැටුම අතරතුර පලස්තීනය වෙනුවෙන් නිරන්තරයෙන් පෙනීසිටියේ ඉරානයයි. පසුගිය දා ඊශ්‍රායලය විසින් ඉරානයට ද ප්‍රහාර එල්ල කිරීමත් සමග ලෝකය පුරා දැඩි ව්‍යාකූලත්වයක් නිර්මාණය වී තිබේ.

ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් මැද පෙරදිග නැති වුණා නම් අමෙරිකාවට සිදුවෙන දේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක හෙළිකරයි.. (වීඩියෝ)

ඊශ්‍රායලය නමැති රාජ්‍යයක් මැදපෙරදිග නොතිබුනා නම් ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් නිර්මාණය කිරීමට අමෙරිකාවට සිදුවන බව 1986 දී ජෝ බයිඩන් විසින් ප්‍රකාශකර තිබූ බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසයි.

ගැටුම් කලාපයෙන්: ඉරානයේ සන්සුන් භාවය පිළිබඳ රුසියානු විශේෂඥයාගේ නිරීක්ෂණ සහ ඉරානයේ ඊළඟ පියවර

දැනට ටෙහෙරානයේ පැවැත්වෙන BRICS ආශ්‍රිත සමුළුවකට අනෙකුත් රුසියානු විද්වතුන් සමඟ සහභාගී වී සිටින රුසියානු විදේශ ප්‍රතිපත්ති විශේෂඥයෙකු වන ඇඩ්ලාන් මාගෝව්, හමුදා සහ න්‍යෂ්ටික ඉලක්ක වෙත ඊශ්‍රායලය එල්ල කළ විස්මය ජනක ගුවන් ප්‍රහාරවලින් පසු ඉරාන අගනුවර ඇති මනෝභාවය පිළිබඳව පැහැදිළි චිත්‍රයක් ලෝකයට ඉදිරිපත් කරයි.

අනුර - මෝදි ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන විසින් ගොනුකරනු ලැබූ පෙත්සම ගැන අධිකරණය අද ලබාදුන් තීරණය මෙන්න..

වත්මන් රජය යටතේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජාතික සංවිධාන නියෝජිතයින් විසින් ගොනු කරනු ලැබු මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයෙන් උපදෙස් ලබාගෙන කරුණු දක්වීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අද (ජූනි 16) නීතිපතිවරයාට කල් ලබා දුන්නේ ය.

කොළඹ නගරාධිපති ධුරය මාලිමාවට

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයක් විසින් බහුතර බලයක් හිමි නොවූ කොළඹ මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිවුණි.

ඊශ්‍රායලය, ප්‍රවේශම් වන්න: ඉරානය තවමත් එහි නවතම ආයුධ භාවිතා කර නැහැ!-ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ

ඊශ්‍රායලය දියත් කළ "ඔපරේෂන් රයිසින් ලයන්" මෙහෙයුමට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලයේ හයිෆා වෙත පහර දීම සඳහා හජ් කසෙම් ලෙස හඳුන්වන දියුණු නියාමනය කරන ලද බැලස්ටික් මිසයිලයක් භාවිතා කර ඇති බව ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ ස්පුට්නික් පුවත් සේවය වෙත පැවසීය.

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කැපිල්ල රජයේ ක්‍රියාකාරී සැලැස්මෙන් හැලෙයි..

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල විශ්‍රාම වැටුප් සහ විශේෂ වරප්‍රසාද අහෝසි කිරීම අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ක්‍රියාකාරී සැලැස්මෙන් ඉවත්කර ඇති බව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත හරහා ලබාගත් ලේඛනයකින් පෙනීගොස් තිබේ.

‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්

මේ වසරේ පනවා ඇති බදුවල කිසිදු අඩු කිරීමක් සිදු නොකරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් රජයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

තමන් දේශපාලන සහ සිවිල් අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ යටතේ අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් අත්අඩංගුවේ රඳවා ගැනීමේ සූදානමක් ඇති බව පිවිතුරු හෙළ උරුමෙන් නායක හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..

මේ වන විට ගෝලීය වශයෙන් ඇතිවී තිබෙන යුදමය වාතාවරණය මෙන්ම විශේෂයෙන් ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත පැමිණ ඇති නව ලෝක යුධ වාතාවරණය මගින් ශ්‍රී ලංකාවට එල්ලවන අභියෝග පිළිබඳව ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ් මහත්මිය විසින් කරුණු දක්වා තිබේ.

ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ

ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) ඊයේ(13) ඉරානයට ගුවන් ප්‍රහාර එල්ල කළ අතර, එයට ටෙහෙරානය ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයකින් ප්‍රතිචාර දැක්වීය. මේ අතර බටහිර ජෙරුසලම පැවසුවේ මෙම ප්‍රහාර ටෙහෙරානය න්‍යෂ්ටික අවියක් අත්පත් කර ගැනීම වැළැක්වීම අරමුණු කරගත් බවයි.

ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ලකළ දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවට පළිගැනීමක් ලෙස ඉරානය විසින් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.

‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි

2020 ඔක්තෝබර් 13 වනදා සිට සීනි බද්ධ රුපියල් 50 සිට ශත 25 දක්වා අඩු කිරීමේ සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනවලදී කිසිදු අපරාධමය වරදක් අනාවරණය වී නොමැති බවට නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇති බව අධිකරණයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) දැනුම් දුන්නේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.