ආණ්ඩුව පරණ IMF ගිවිසුමම ක්‍රියාත්මක කිරීම ජන වරමට පිටුපෑමක් - සජිත් කියයි
හිටපු රජයේ ජන පීඩිත අයි එම් එෆ් ගිවිසුම ම වත්මන් රජය ක්‍රියාත්මක කිරීම ලැබූ නව ජනවරමට පිටුපෑමක් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ඊයේ (21දා) පැවසීය. ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තු සංකීර්ණයේ සිට මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
වත්මන් රජය එදා මැතිවරණ වේදිකාවේ ඉදිරිපත් කළ යම් යම් කරුණු කාරණා සහ අද පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළ කරුණු කාරණා අතර පරස්පරයක් ඇති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගනුදෙනු කිරීමේ දී, ද්විපාර්ශ්වීය ණය, ස්වෛරී බැඳුම්කර ණය ආදී ක්ෂේත්‍ර ගැන ඉදිරිපත් වූ කරුණු කාරණා ගැන යම් ආකාරයක තිගැස්මකට පත් වූ බවත් ඔහු කීය.
වේදිකාවේ අසන්න ලැබුණේ පවතින අයි. එම්. එෆ්. ගිවිසුම වෙනස් කර නව ගිවිසුමකට යෑම වුවත් මේ වන විට රජය ඉන් බැහැර වී ඇති බවත් එය බරපතල කරුණක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
රටේ ජනතාව ඓතිහාසික වාර්තාගත ජනවරමක් ලබා දීමත් සමග අයි එම් එෆ් ගිවිසුමේ ඇති පීඩාකාරී, අසහනකාරී දේවල්වලට විසඳුමක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කළත් හිටපු ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය අනුගමනය කළ ක්‍රියාදාමය වත්මන් රජය අනුගමනය කරන බවක් පෙනෙන්නට ඇති බවත් එබැවින් ජනතාව තුනෙන් දෙකක වරමක් ලබා දුන්නේ හිටපු ජනාධිපතිවරයා ක්‍රියාත්මක කළ අයි එම් එෆ් ගිවිසුම ක්‍රියාත්මක කරන්නට නොවන බවත් ඔහු කීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි