ඩිජිටල් තිර නිසා දරුවන්ට මන්දපෝෂණය, අධිපෝෂණය හැදෙනවා
කුඩා දරුවන් විද්‍යුත් ඩිජිටල් තිර භාවිතයට ඇබ්බැහිවීම නිසා අක්ෂි ආබාධ, මන්දපෝෂණය, අධිපෝෂණය යනාදි රෝග රැසකට ගොදුරුව ඇතැයි සමීක්ෂණ වාර්තාවලින් හෙළිව තිබෙන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා හා යොවුන් මනස පිළිබඳ මනෝ විද්‍යාඥ ස්වර්ණා විජේතුංග පැවසුවාය.
කුඩා දරුවන්ට කෑම කැවීම සඳහා ජංගම දුරකතන තිර ඇතුළු ඩිජිටල් තිර භාවිතයට ලබාදීම නිසා දරුවන් අධි පෝෂණයට මෙන්ම මන්දපෝෂණයට ගොදුරු වන බවත් මවුපිය වැඩිහිටියන්ගේ පහසුව උදෙසා ඩිජිටල් තිර භාවිතයට දරුවන් යොමුකිරීම නිසා දරුවන්ගේ ජීවිත නාස්ති වන බවත් ඇය ප්‍රකාශ කළාය.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඇය මේ බව ඊයේ (20) පැවසුවාය.
ඉස්සර කාලයේ ඖෂධ වට්ටෝරු නිකුත් කරනුයේ බෙහෙත් ලබාදීමට යැයි ද, වර්තමානය වන විට ඖෂධ වට්ටෝරු නිකුත් කිරීමට සිදුව ඇත්තේ මවුපිය වැඩිහිටියන්ට දරුවන් සමඟ සෙල්ලම් කරමින් ඔවුන් සමඟ කාලය ගතකරන්න යැයි ද ඇය ප්‍රකාශ කළාය.
ඩිජිටල් තිර භාවිතය නිසා සමස්ත දරුවන්ගෙන් සියයට 30ක් අවිදුර දෘෂ්ටිකත්වයෙන් පෙළෙන බවත් එම සංඛ්‍යාව සියයට 50ක් දක්වා 2050 වසර වන විට වර්ධනය වන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ඇස්තමේන්තු කර ඇති බවත් රිජ්වේ ආර්යා ළමා රෝහලේ අක්ෂි විශේෂඥ වෛද්‍ය අනූෂා තැන්නේකුඹුර පැවසුවාය.
දරුවන්ට තිබෙන අක්ෂි වපර ගතිය සම්බන්ධයෙන් ද මවුපිය වැඩිහිටියන් අවධානය යොමුකර අදාළ ප්‍රතිකාර සඳහා දරුවන් යොමු කළයුතු බවත් නොඑසේ නම් දරුවා දිගුකාලීනව අක්ෂි ආබාධවලට ලක්වීමට ඉඩ ඇති බවත් ඇය ප්‍රකාශ කළාය.
දරුවකු ඉපදී මාස 18ක් වන තෙක් කිසිදු ඩිජිටල් තිරයක් නැරඹීමට ලබානොදිය යුතු බවත් වයස මාස 18 සිට අවුරුදු 2 දක්වා මවුපියන්ගේ අධීක්ෂණය යටතේ දිනකට පැයක පමණ කාලයක් ඩිජිටල් තිර භාවිතයට ලබාදීම යෝග්‍ය බවට අමෙරිකානු සමීක්ෂණයකින් හෙළිකර ඇති බවත් ඇය පැවසුවාය.
- ceylonwire
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි