රනිල් - රවී හමුවී සාකච්ඡා කළත් විසඳුමක් ලැබී නැහැලු
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සඳහා මහ මැතිවරණයේදී ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකින් එකකට පත් වූ හිටපු ඇමැති රවි කරුණානායක මහතා ඊයේ (19දා) පෙරවරුවේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු කිහිපදෙනකු සමග මල්පාරේ පිහිටි පක්ෂ කාර්යාලයේදී සිදුකළ සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන් වී ඇත.
ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙක සඳහා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ගෑස් සිලින්ඩරයෙන් තරග කළ පිරිස් ඊයේ සාකච්ඡා කර දෙදෙනකු තෝරාපත් කර ගැනීමට තිබියදී පෙරේදා (18දා) දහවල් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ලේකම් ෂර්මිලා පෙරේරා මහත්මිය විසින් රවි කරුණානායක මහතාගේ නම යෝජනා කරමින් මැතිවරණ කොමිසමට ලිපියක් යොමුකර තිබිණි. එම ලිපිය පාදක කරගෙන රවි කරුණානායක මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ එක් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස නම් කරමින් ගැසට් කිරීමට මැතිවරණ කොමිසම කටයුතු කර තිබුණි.
එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා හෝ ගෑස් සිලින්ඩරයෙන් තරග කළ කිසිවකු දැනුවත් කිරීමකින් තොරව රවි කරුණානායක මහතාගේ නම මැතිවරණ කොමිසමට යැවීමට එරෙහිව පෙරේදා මල්පාරේ පිහිටි පක්ෂ කාර්යාලයට පැමිණි පිරිස් විරෝධය දැක්වූ අතර ඊයේ පෙරවරුවේ තවත් සාකච්ඡාවක් පැවැත්වීමට එහිදී යෝජනා කර තිබුණි.
ඒ අනුව ඊයේ රවි කරුණානායක මහතා සිය ආධාරකරුවන් කිහිපදෙනකු සමග මල්පාරේ පක්ෂ කාර්යාලයට පැමිණ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් සමග පැය 03ක් පමණ සාකච්ඡා කර ඇතත් එම සාකච්ඡා විසඳුමකින් තොරව අවසන් වූ බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පැවසීය.
මේ අතර අනික් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා කංචන විජේසේකර සහ නිමල් ලසාගේ නම් යෝජනාවීමක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද එම මන්ත්‍රී ධුරය ඉල්ලා සිටීමත් ඇතුළු කරුණු කිහිපයක් නිසා එම මන්ත්‍රී ධුරයට කෙනකු නම් කිරීම ද එකඟතාවයකින් තොරව අවසන් වී තිබේ.
- දිවයින
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි