තුනෙන් දෙකට ලංවන මාළිමා බලය ගැන සාලිය පීරිස් කියන කතාව
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ජාතික ජන බලවේගය ලබමින් සිටින විශිෂ්ඨ මහමැතිවරණ ජයග්‍රහණය ගැන සටහනක් තබා ඇත.
එම සටහන මෙසේය,
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයක් ලබාගැනීමේ හෝ එහි එළිපත්තේ සිටින බව මේ වන විට මැතිවරණ ප්‍රතිඵල අනුව පෙනීයයි.
ජාජබ තුනෙන් දෙකක බලයක් ලබා ගන්නේ නම්, සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ එක් පක්ෂයකට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ලබන පළමු අවස්ථාව මෙයයි.
2010 දී පොදු පෙරමුණට සහ 2020 දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලැබුණු බලය තුනෙන් දෙකට මඳක් අඩු වූ අතර, තුනෙන් දෙකක බහුතරයක් ලබාගැනීමට විපක්ෂයේ සමහර මන්ත්‍රීවරුන්ගේ සහාය ලබාගැනීමට සිදුවිය.
මෙම ජයග්‍රහණයේ එකම සමාන්තරය වන්නේ, 1994 අගමැතිනි චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපති ධූරයට පත් වූ ජනාධිපතිවරණයයි.
ශ්‍රී ලංකාවේ විවිධ ජාතීන්ට එකමුතු කළ හැකි නායකයකු වීමට ජනාධිපතිවරයාට හැකිවන පරිදි උතුර නැගෙනහිර ප්‍රදේශයන්හි ද ජාජබ සැලකිය යුතු ජයග්‍රහණ ලබා ඇත.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට දුන් පොරොන්දුව කඩිනමින් ඉටු කිරීමට ජාජබ ආණ්ඩුවට මෙම ප්‍රතිඵලය මග පාදනු ඇත.
අනුර කුමාර දිසානායක ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු රට ගමන් කරන දිශානතිය, විශේෂයෙන්ම දේශපාලන සංස්කෘතියේ වෙනස ගැන බොහෝදෙනා සතුටු වන බවට මෙම අතිවිශිෂ්ට ජයග්‍රහණය සාක්ෂියකි.
කෙසේවෙතත්, විශාල බලයක් සමඟ එන අන්තරායන් ගැන ජාජබ කල්පනාකාරී විය යුතුය.
ජනාධිපතිවරයාම ඊයේ ප්‍රකාශ කළ පරිදි පසුගිය කාලයේ දේශපාලන බලවේග තුනෙන් දෙකක බලයක් භාවිත කරමින් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් කඩකරන නීති සම්පාදනය කළේය.
ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සහ නිදහස ඛාදනය කරන නීති සහ පියවර පැනවීමට සිදුකෙරෙන බලපෑම්වලට එරෙහිවීමට ජාජබට සිදුවනු ඇත.
ආර්ථිකය දියුණු කිරීම, ජනතාවගේ ජීවිත නගාසිටුවීම, උද්ධමනය පාලනය කිරීම, දූෂණය පාලනය කිරීම, ජාතික සංහිඳියාව පිළිබඳ ගැටළු විසඳීම, ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සහ ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීම අපේක්ෂා කරන ඡන්දදායකයන්ගේ අසාමාන්‍ය අපේක්ෂාවන් කළමනාකරණය කිරීමට නව පාලනයට සිදුවනු ඇත.
ජාජබ නායකත්වයට තම නව හා සාපේක්ෂ වශයෙන් අත්දැකීම් අඩු මැති ඇමතිවරුන් සහිත පක්ෂය මෙතෙක් ගෙන ආ ප්‍රතිපත්තිගරුක ස්තවරයන්ගෙන් ඉවත් නොවීමටත්, ඔවුන් සහ ඔවුන්ගේ ආධාරකරුවන් ජනතාව ඔවුන් කෙරෙහි තබා ඇති විශ්වාසය කඩ නොකිරීමටත් වගබලා ගත යුතුය.
විශාල බහුතර බලයකින් ජනතාව විසින් තෝරා පත්කරගත් පසුගිය ආණ්ඩුවලට අත් වූ ඉරණම ජාජබ නායකයන්ට මතක ඇතිවාට සැක නැත.
නව ආණ්ඩුව සාර්ථක වේවායි ප්‍රාර්ථනා කළ යුතුය. ශ්‍රී ලංකාවට තම ආණ්ඩුව නැවතත් අසාර්ථක වීම දරාගත නොහැක.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි