රේගුවට කිව්ව කතාවලට රේගු නිලධාරින් පත්තු වෙලා... මින් ඉදිරියට කටයුතු කරන්නේ රේගු ආඥා පනතේ විධිවිධාන අනුව පමණයිලු
මින් ඉදිරියට රේගු ආඥා පනතේ විධිවිධාන අනුව පමණක් කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා රේගු වෘත්තීය සමිති සන්ධානය සිය සාමාජිකත්වයට දැනුම්දී තිබේ.
එම සන්ධානය පවසන්නේ මෙය ඇතැම් පිරිස් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ලෙස අර්ථ දැක්වීමට උත්සාහ කළ ද එය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් නොවන බවයි.
ශ්‍රී ලංකා රේගු වෘත්තීය සමිති සන්ධානය මෙම ක්‍රියාමාර්ගයට එළඹ ඇත්තේ ව්‍යාපාරිකයන් පිරිසක් පසුගියදා රේගු නිලධාරීන්ට චෝදනා එල්ල කිරීමේ පසුබිමකයි.
ඇමැති විජිත හේරත් පසුගියදා වරාය පරිශ්‍රයේ සංචාරයක නිරතවෙමින් රේගු නිෂ්කාශන කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීමට කටයුතු කර තිබිණි.
එම අවස්ථාවේ ව්‍යාපාරිකයන් චෝදනා කළේ බහාලුම් පරීක්ෂා කිරීමට රේගු නිලධාරීන් වැඩි වෙලාවක් ගතකරන අතර ඇතැම් නිලධාරීන් අල්ලස් පවා ලබා ගන්නා බවයි.
“දිනකට වරාය හරහා බහාලුම් එක්දහස් අටසීයකට ආසන්න ප්‍රමාණයක් නිෂ්කාශනය කරනවා. ශ්‍රී ලංකා රේගුවේ අවදානම් කළමනාකරණ ඒකකය පරිගණක පද්ධතියක දත්ත පද්ධතියක් ඔස්සේ ක්‍රියාත්මක වෙන්නෙ. වඩාත් විනිවිදභාවයෙන් නීතියට අනුව ක්‍රියාත්මක වන පිරිස අපි හඳුනාගෙන තිබෙනවා. ඒ නිසා දිනකට ලැබෙන කන්ටේනර්වලින් දාහක් පමණ පරීක්ෂා කිරීම්වලින් තොරව නිෂ්කාශනය කරන්න පුළුවන් වෙලා තිබෙනවා ස්කෑන් කිරීම වගේ සරල පරීක්ෂාවකින් පසු. එහෙම නීතියට අනුව කටයුතු කරන අයගෙන් අපිට කිසිම චෝදනාවක් ඉදිරිපත් වෙන්නේ නැහැ . අපි හදුනාගෙන තිබෙනවා තවත් පිරිසක් රේගු වැරදිවල නිරත වන. දිනකට එවැනි කන්ටේනර් පන්සියයක් පමණ අපි පරීක්ෂාවට ලක් කරනවා. රේගු නිලධාරීන් විසින් පරීක්ෂා කළ යුතු බවට එසේ පරීක්ෂා කරන කන්ටේනර් රථ අතරින් සියයට හැටක පමණ බරපතළ රේගු වැරදි තිබෙන බවට හඳුනාගෙන තිබෙනවා. මේ පරීක්ෂා කිරීම් නිසා හිත් රිදුණු පිරිසක් සිටිනවා. නිලධාරීන්ට අභූත චෝදනා නගන්නේ එවැනි පිරිස්. විධිමත්ව කන්ටේනරයක් පරීක්ෂා කිරීමට යම් කාලයක් ගතවෙනවා.එම ක්‍රියාවලිය බිඳවැට්ට වීමටයි මේ ක්‍රියා කරන්නේ” යනුවෙන් ශ්‍රී ලංකා රේගු වෘත්තීය සමිති සන්ධානය සඳහන් කළේය.
- ceylonwire
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි