
මාලිමා ආණ්ඩුවේ සැඟවුනු නාඩගම් සහ රංගනයන්
මේ 2015 විතර මුහුණුපොතේ තබපු සටහනක්...
සෝමවංශ අමරසිංහ මහතා ජවිපෙන් ඉවත් වෙලා කරපු රූපවාහිනී සංවාදයකදී, ජවිපෙ 2015 ජාතික ලැයිස්තුවටත් රිංගාගත් බටහිර ඒජන්තයන් ගැන සුවිශේෂී හෙළිදරව්වක්ව කරනවා. ජාතික ලැයිස්තුවේ මුලටම රිංගපු ඒ බොහෝ දෙනා ජවිපෙ වෙත කැන්දන් ආවේ අනුර කුමාර කියලයි සෝමවංශ අමරසිංහ කියන්නේ.
ඔහු එහිදී Highlight කරපු නම් දෙකක් තිබ්බා. එකක් අරුණ කීරිෂ්මාල් වර්ණසූරිය. අනෙක උපුල් කුමරප්පෙරුම.
මේ එයින් උපුටා ගත් කොටසක්
"අධිරාජ්‍යවාදයේ වැඩේ තමයි මේ රටේ තිබ්බ සමාජවාදී පක්ෂය අධිරාජ්‍යවාදී ගැති කරගන්න එක. එහෙම කරල ඒක යටත් කරගන්න එක. ඒක සෑහෙන්න දුරට කරල ඉවරයි දැන්.
බලන්න ජාතික ලැයිස්තුව. උපුල් කුමරප්පෙරුම..
එයා මංගල එක්ක ඉන්නේ. එක්සත් ජාතික පක්ෂයේ හොඳ කකුලක්. අනුර කුමාර එක්සත් ජාතික පක්ෂයට ගෙන ගියෙත් එයා"
-සෝමවංශ අමරසිංහ
https://www.facebook.com/kelum.niranjana.5/videos/10158072303609365
-------------
මේ ඒකටම අද එකතු කරන කොටස..👇
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා වූ විගසම සිදුවූ ගානියා බැරිස්ටර් නාඩගම ඔබට මතක ඇති.
සුදු වෑන් එකකින් පැමිණිලා තමන් පැහැරගෙන ගිහින් හිරිහැර කරා කියල ස්වීට්සර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිණියක වන ගානියා බැරිස්ටර් නැමැත්තිය යොදාගෙන රට අපකීර්තියට පත් කිරීමට කරපු අලජ්ජී උත්සහය අධීකරණය හමුවේ හෙළිදරව් වුනා. එදිදී ගානියා බැරිස්ටර් වරද පිළිගත් අතර වසර දෙකක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළ අතර එය වසර පහකට අත්හිටුවීමට නියෝග කළා. මේ ගානියා බැරිස්ටර් නාඩගමේ ගානියාගේ නීතීඥයා තමයි උපුල් කුමරප්පෙරුම.
ඔහු උසාවියේදී කෙස් පැලෙන තර්ක ගෙනාවා ඒ අලජ්ජී උත්සහය යුක්ති යුක්ත කරන්න.
https://runews.lk/news/item/11049-ghanaia-barrister
අවසානයේ අධිකරනය හමුවේ ඒ සියළු රඟපෑම් හෙළිදරව් වුනා...
අද ඔහු ජාතික ජන බලවේගයේ මාතර ලැයිස්තුවේ චන්දය ඉල්ලනවා. ඔහුගේ මිත්‍රයන් නම් ඔහු හඳුන්වන්නේ අනාගත මාලිමා ආණ්ඩුවේ අධිකරණ ඇමති කියල.
චූදිතයන් වෙනුවෙන් පෙනී ඉන්න එක නීතීඥවරුන්ගේ රස්සාව වගේ අදහසක් කාට හරි කියන්න පුලුවන්. ඒත් මේක එහෙම නිකන් රස්සාවට කරපු එකක්ද කියල සෝමවංශගේ කතාවත් එක්ක එකට ගලපල හිතුවම පෙනේවි. අනෙක් පසින් ජවිපෙ ඒ දිනවල මේ පැහැරගැනීම සිදු වුනා කියන එක වෙනුවෙන් පෙනී හිටපු හැටි මතක ඇති බොහෝ දෙනෙකුට. ලාල් කාන්ත වගේ අය ප්‍රසිද්ධියේ කිව්වේ "ඝානියා පැහැරගත්තේ නෑ කියල ඇය විසින්ම කිව්වත් අපි විස්වාස කරන්නේ නෑ. පැහැර ගත්තාම තමයි" කියලා
රස්සාවට නඩු කතාකරන්න කාටවත් බාධාවක් නෑ. හැබැයි එක් පසකින් රටට අවමන් කරන අල්ලජී කුමන්ත්‍රණ යුක්ති යුක්ත කරන්න තමන්ගේ ආත්මය විකුණන ගමන් අනෙක් පැත්තෙන් මහා සමාජ ශෝධකයන් විදියට කරන මේ රඟපෑම කවද හරි සමාජය ඉදිරියේ හෙළිදරව් වේවි සහ එය ජනතාව විසින්ම දිනයක ප්‍රතික්ෂේප කරාවි.
ඒක කාලය පිළිබඳ ප්‍රශ්නයක් විතරයි...
- යටියන ප්‍රදීප් කුමාර
2024-11-11
(මුහුණු පොතෙන් උපුටාගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අනුර නොදකින රනිල් දකින යථාර්ථය (වීඩියෝ)
ගිහි අධිකරණයෙන් භික්ෂුනී සසුන ස්ථාපිත කෙරේ.... බලංගොඩ කස්සප හිමි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊජිප්තුවට කළ දේ ලංකාවටත් කරයිද? - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..
ඊශ්‍රායල් - ඉරාන ගැටුම නිසා මතුවන ලෝක අර්බූද.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ සිදුකරන විග්‍රහය..
ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් මැද පෙරදිග නැති වුණා නම් අමෙරිකාවට සිදුවෙන දේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක හෙළිකරයි.. (වීඩියෝ)
ගැටුම් කලාපයෙන්: ඉරානයේ සන්සුන් භාවය පිළිබඳ රුසියානු විශේෂඥයාගේ නිරීක්ෂණ සහ ඉරානයේ ඊළඟ පියවර
අනුර - මෝදි ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන විසින් ගොනුකරනු ලැබූ පෙත්සම ගැන අධිකරණය අද ලබාදුන් තීරණය මෙන්න..
කොළඹ නගරාධිපති ධුරය මාලිමාවට
ඊශ්‍රායලය, ප්‍රවේශම් වන්න: ඉරානය තවමත් එහි නවතම ආයුධ භාවිතා කර නැහැ!-ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ
විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කැපිල්ල රජයේ ක්‍රියාකාරී සැලැස්මෙන් හැලෙයි..
‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්
තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..
ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ
ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..
‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි
