
රබර්, සීල්ද දැන් දැන්, පැමිණෙන්නේය
රබර්,සීල්ද දැන් දැන්,පැමිණෙන්නේය.
අපි කසන හොරිවල වේදනාව තවම අපට දැනෙන්නේද නැත. ‼️
ඉන්දියාව අරගලයට යෙදවු පිරිවැය සොයා අහවරය. දැන් ලබාගන්නේ, එහි ගිනි පොළියයි.
ඉන්දියාවේ මුදල් කැබිනට් ඇමතිවරිය ආචාර්ය නිර්මලා සීතාරාමන් ලංකාවට එන්නේ එහෙම ගිණිපොළිය ලෙස ඉන්දියාවට වක්‍රව අත්පත් වෙන්න නියමිත දේවල් වල රබර්,සීල් එක තියන්නයි.
පුළුවන් නම්,නෑ කියන්න.
ඉන්දියාව බරපතල විදිහට මේ,වෙනකොට උතුර සහ නැගෙනහිර දෙපලාත එකක් වශයෙන් පිහිටුවා පළාත් සභා,ජන්දය පවත්වන්න බලපෑම කරන්නේ,නෑ කියලා.
ඉන්දියවෙ පුර්ණ බලය බෙදීමක් ලෙස පොළිස් සහ ඉඩම් බලතලද සමග වන බලය විමධ්‍යගත කරණයකට ලංකාව තල්ලු,නොකරනවා කියලා.
ඉන්දියවෙ නිළ නොළත් විදිහට ලංකාවේ දෙමළ ජනවර්ගය බහුතරය වන ප්‍රදේශ ඉන්දීය කැමැත්තට පාලනය වන දේශපාලන මැදිහත් වීමකට පැමිණෙමින් ඉනිනේ,නෑ කියලා.
ඉන්දියාව නිර්මාණය කරලා දුන්න ප්‍රබාකරන්ගේ ඊලමේ රාජ්‍යයේ ඉන්දීය සැළසුමේ අගනුවර වුනේ,ත්‍රිකුණාමලය. ඉන්දියාව අද ක්‍රියාත්මක කරන්නේ ඒ රාජ්‍යය අනියමින් පිහිටුවා රෑකඩ ප්‍රබාකරන්,කෙනෙක් ලවා ඒ,ප්‍රදේශ ඉන්දියානු මෙතඩි එකට පාලනය කිරීමයි.
ඔවුන්,ඒ සදහා ඕනෑම අවස්ථාවක (ලංකා රජය ඉන්දියාවට එරෙහිව යන මොහෙතෙක ) එක්සත් ජාතීන්ගේ සංගමයට ස්වාධීන රටක් ලෙස පවත්වා ගන්න අවශ්‍ය වන පසුබිම තිබෙන බව සනාථ කරන්න අවශ්‍ය සාධක 05 නිර්මාණය කරමින්,පවතිනවා.
01. වෙනම භූමියක් ( උතුරු,නැගෙනහිර ඒකාබද්ධ කිරීමකට බල කරන්නේ ඒ නිශ්චික සාධකයට.
02. වෙනම ආරක්ෂක බලයක් ( පොළිස් බලය හරහා පාහිටුවන පළාත් පොළීසිය අවශ්‍ය ඕනෑම වෙලවෙක මිල්ටරි බලයක් ලෙස පරිවර්ථනය කරන්න හැකිය.)
03. වෙනම පිළිගත් මුදල් ඒකකයක් සහ මුල්‍ය පද්ධතියක්,පැවතීම ( ඉන්දියානු රැපියල ලංකාවෙි ව්‍යවහාර භාවිතයට පළාත් සභාවකට පිළාගැනිමට හැකියාව මුල්‍ය බළය පළාති සහාවට විමධ්‍යගත වීම තුළ පවතී.) එයට අදාලව ඉන්දියානු,බැංකු ශාඛාවක් ත්‍රිකුණාමලය තුළ මුලික කරගෙන පිහිටුවීම ඉදිරියේ යාපනය කිලිනෙචේචිය මන්නාරම ශාඛා අරඹන්න නියමිත වීම එක පැතිකඩකි.
04. වෙනම පරිපාලන පද්ෂතායකි පැවතීම එනම් ඉන්දියාව උතුරු නැගෙනහිර ඉලක්ක කොට අළුත් පානීය ජලපද්ධති විදුලි පද්ධති ඉනිදියාවට යාවෙන දඅමිරිය මහාමාර්ග පද්ංධති සම්මන්ත්‍රණ ශාලා කර්මාන්ත පුර ගුවන්,තොටුපල වරාය යම් සැංළසුමකට අනුව ගොඩනගමින් තිබෙන බව වටහාගත යුතුය.
යමි හෙයක්න් ලංකාවෙි දකුණිනි සැපයුම් නතර කරන විට ස්වයංව ඉන්දියාව හා ගණුදෙංණු කරමින් එකී භූමියට යැපෙන්න යටිතළ පහසුකම් ගොඩනගමින්,තිබේ.
05. පැහැදිලි ජනතාවක් භාෂාවක් සංස්කෘතියක් ජනාවාස වීම.
ඉතා කිෂුක්ෂමව සිංහලයා නැගෙනහිර භූමියෙන් ඉවත්ව පිටව යන තැනට වර්ථමානයේ කටයුකු වන්නේද ඉන්දියාව තමිල්නාඩුව සමග සංස්කෘතිය එකටම ගැටගසන්නේද නිවාස ව්‍යාපෘති ආදිය දියත් කරන්නේද ඉන්දියාවට හිතැති චරිත සහ දේශපාලන පක්ෂ පිහිටුවන්නේද කලමනාකරංණය කරන්නේද ඒ නිසාය.‼️
ලංකාවේ දේශපාලන ආර්ථාක අර්බුදය නිර්මාණය කොට අර්බුදයෙන් වැඩිම වාසි ගන්නේ ඉන්දියාවය. මේ සැළසුමට අනුව ඉන්දියාව නිර්මාණය කරන ඊලමේ,නෙවෙන නමුත් ඒ හා සමාන භූමියකි. එකී භූමිය හරහා සමස්ථ ලංකාවත් වක්‍රව පාලනය කිරීමේ දිගුදුර ව්‍යාපෘතිය අපි කියවාගෙන තිබෙනවාද යන්න ගැටළුවකි.
ඉන්දීය නිළධාරීන් හරහා ස්ථාපිත කරන කලාපීය බලවතා ලෙස ඉන්දියාව දකින හීනයේ ' ගැට " ස්ථාවර බැමි බවට පත්කරන තැන්වල ඉන්දීය කැබිනට් රාජ්‍ය ආරක්ෂක ඇමති, ඉන්දීය කැබිනට් මුදල්,ඇමති, ඉන්දීය අග්‍රාමාත්‍ය වැනි චරිත අවසාන සම්මුතින්ට ඒ ඒ ව්‍යාපෘතියට අදාල ගැලපෙන චරිතය " රබර් සීල් එක ගහන්න " බස්සවන්නේය.‼️
සීතා රාමන් ත්‍රිකුණාමලයේ,යාපනයේ යමින් එමින් කරේ ආන්න ඒවාට අයිති වැඩය.
එසේ නැතුව ඉන්දීය කැබ්නටි මුදල් ඇමති වරිය මල්වතු අස්ගිරි මහනායක දෙෑබෑයන් බලන්න ඉන්දියානු වතු ටදමළ ජනතවෙගේ 200 වැනි ලංකාවට බින්න බැහීම(බැස්සවීම ) සමරන්න ආවා කියලා හිතනවනම් ඒවා ආතල් පමණය
අපි විහින් බෝකරගත හොරි කසන විට දැනට සනීප වුනාට කැසිල්ල . නතරකරන ව්ට දැනෙන වේදනාව අයිති අනාගතයටය.
- නුවන් මොණරවිළ -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අනුර නොදකින රනිල් දකින යථාර්ථය (වීඩියෝ)
ගිහි අධිකරණයෙන් භික්ෂුනී සසුන ස්ථාපිත කෙරේ.... බලංගොඩ කස්සප හිමි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊජිප්තුවට කළ දේ ලංකාවටත් කරයිද? - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..
ඊශ්‍රායල් - ඉරාන ගැටුම නිසා මතුවන ලෝක අර්බූද.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ සිදුකරන විග්‍රහය..
ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් මැද පෙරදිග නැති වුණා නම් අමෙරිකාවට සිදුවෙන දේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක හෙළිකරයි.. (වීඩියෝ)
ගැටුම් කලාපයෙන්: ඉරානයේ සන්සුන් භාවය පිළිබඳ රුසියානු විශේෂඥයාගේ නිරීක්ෂණ සහ ඉරානයේ ඊළඟ පියවර
අනුර - මෝදි ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන විසින් ගොනුකරනු ලැබූ පෙත්සම ගැන අධිකරණය අද ලබාදුන් තීරණය මෙන්න..
කොළඹ නගරාධිපති ධුරය මාලිමාවට
ඊශ්‍රායලය, ප්‍රවේශම් වන්න: ඉරානය තවමත් එහි නවතම ආයුධ භාවිතා කර නැහැ!-ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ
විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කැපිල්ල රජයේ ක්‍රියාකාරී සැලැස්මෙන් හැලෙයි..
‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්
තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..
ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ
ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..
‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි
