ලංකාවේ දෙමළ ජනයා කරපිටින් ගොස් තමිල්නාඩුවේ ඡන්ද හොයන විජය
‘ශ්‍රී ලංකා ප්‍රශ්නය’ ඉදිරියට ගෙනඒම සඳහා සටනට පිවිසි අලුත්ම පුද්ගලයා වන්නේ, සිය පක්ෂය වන Thamizhaga Vetri Kazhagam (TVK) ආරම්භ කළ සුපිරි නළුවකු සහ පසුව දේශපාලනඥයෙකු බවට පත් වූ වූ විජය යි.
ඔහු පසුගිය ඉරිදා සිය පක්ෂයේ විධායක කමිටු රැස්වීමක් කැඳවා තිබිණි.
භාරතීය ජනතා පක්ෂ (BJP) ආණ්ඩුව ‘එකම ජාතියක්, එක මැතිවරණයක්’ සඳහා ගෙන යන වැඩසටහන ප්‍රජාතන්ත්‍ර විරෝධී යැයි විවේචනය කරමින්, ‘ශ්‍රී ලාංකික දෙමළ ප්‍රශ්නය’ නැවත පණගැන්වීම සිදුකළ යුතු බවට ඉන්දීය මධ්‍යම රජයෙන් ඉල්ලා සිටීමට යෝජනාවක් සම්මත කරගත්තේය.
එසේම තමිල්නාඩුවේ ප්‍රශ්නවලට මැදිහත් වීමට මධ්‍යම රජයට බලයක් නොමැති බවද ප්‍රකාශ කළේය.
සිය විධායක කමිටු රැස්වීමේදී, TVK සිය ප්‍රශ්නවලට ‘ස්ථිර විසඳුමක්’ සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලාංකික දෙමළ ජනතාව අතර ජනමත විචාරණයක් ඉල්ලා සිටියේය.
2011 දී J. ජයලලිතා මහඇමතිවරිය ලෙස කටයුතු කළ සමයේ තමිල්නාඩු ප්‍රාන්ත සභාවේ මෙවැනිම යෝජනාවක් ඒකමතිකව සම්මත විය.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මධ්‍යම රජයේ විදේශ ප්‍රතිපත්තිය තමිල්නාඩු රජය සමඟ සාකච්ඡා කර සකස් කළ යුතු බව TVK පක්ෂය ඉල්ලා සිටියි.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් තමිල්නාඩු ධීවරයින්ට එල්ල කරන ලද ප්‍රහාර ගැන තමන් දැඩිසේ විරෝධය පලකරන අතර, කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට පවරා දීමෙන් පසුව එය තීව්‍ර වූ බවද පක්ෂය කියාසිටියේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි