IMF ඉලක්ක ජය ගැනීමට නම් VAT වැනි බදු අය කර ගැනීම කළ යුතුයි - ජනාධිපති ආර්ථික සහ මූල්‍ය උපදේශක කියයි
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, බෙහෙත් සහ අභ්‍යාස පොත් ඇතුළු පාසල් උපකරණ සඳහා අය කරන වැට් බද්ද සියයට බින්දුව කිරීම කෙරෙහි රජයේ අවධානය දැඩිව යොමු කරන බව ජනාධිපති ආර්ථික සහ මූල්‍ය කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය අනිල් ජයන්ත මහතා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා ව්‍යාවසාය සංවර්ධන කවුන්සලයේ සභාපතිනි සෂිකා ද සිල්වා මහත්මිය විසින් සංවිධානය කරනු ලැබූ ගම්පහ දිස්ත්‍රික් ව්‍යවසායක හමුව මිරිස්වත්තේදී පැවති අවස්ථාවට සහභාගි වෙමින් මහාචාර්යවරයා මේ බව කියා සිටියේය.
පොත්පත්වලට වැට් බදු අයකරන ලෝකයේ එකම රට ලෙස ශ්‍රී ලංකාව හැඳින්වෙන බව මෙම අවස්ථාවට එක්වූ ගම්පහ මින්සර ව්‍යාපාරයේ අධිපතිවරයා ප්‍රකාශ කළේය. ඒ අනුව ඔහු ඉල්ලා සිටියේ පාසල් උපකරණවලින් වැට් බද්ද ඉවත් කිරීමට කටයුතු කරන ලෙසය.
මීට පිළිතුරු ලබාදුන් මහාචාර්ය අනිල් ජයන්ත මහතා “අප මේ වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ විස්තීරණ ණය පහසුකමක් ලබාගෙන එකඟතා මාලාවකට එළඹ තිබෙනවා. ඒ අනුව යම් යම් මිණුම් දඬු සපුරාලීමට එකඟ වී තිබෙනවා. වසර 2025 මෙරට රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 15%ක් දක්වා වැඩිකර ගැනීමට ඉලක්ක කොට තිබෙනවා.
මෙම ඉලක්කය ජය ගැනීමට නම් වැට් බදු වැනි වක්‍ර බදු අය කර ගැනීම කළ යුතුයි. එහි දී පාසල් උපකරණ මෙම බද්දෙන් නිදහස් කර ගැනීම පිළිබඳ ඉතා සියුම්ව අධ්‍යයනය කළ යුතුයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රධාන අප අයි.එම්.එෆ්. සමඟ කළ සාකච්ඡාවේදී මේ සම්බන්ධයෙන් කතා කළා. දැනට 18%ක් වන මේ අංශයෙන් අය කරන වැට් බද්ද 0% කරනවාට වඩා ප්‍රතිශත සියයට හතක්, පහක් දක්වා අඩු කිරීම එක් යෝජනාවක් වුණා.
තවත් යෝජනාවක් වූයේ පාසල් දරුවන්ට උපකරණ මිල දී ගැනීමට මූල්‍ය ප්‍රදානයක් ලබා දීමයි. මෙවැනි යෝජනා අප ඉදිරියේ තිබෙනවා. නමුත් එකවරම ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට තවමත් තීන්දුවක් ගෙන නැහැ. නමුත් රජය ප්‍රතිපත්තියක් වශයෙන් අතවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙහෙත් සහ පාසල් පොත්, පාසල් උපකරණ සඳහා අය කරන වැට් බද්ද සියයට බින්දුව කිරීමට හැකි පළමු අවස්ථාවේදීම පියවර ගන්නවා” යැයි මහාචාර්යවරයා කීය.
මෙම අවස්ථාව අමතා ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු ධුර අපේක්ෂක මහින්ද ජයසිංහ, සෂිකාද සිල්වා ඇතුළු ව්‍යවසායකයන් කිහිප දෙනෙක්ද කතා කළහ.
- ජයසිරි මුණසිංහ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි