
අනුර සහෝදරයා ප්‍රවේශම් වන්න...
අනුර සහෝදරයා ප්‍රවේශම් විය යුතුය. අනුර සහෝදරයා ප්‍රවේශම් විය යුත්තෙ ඔබට විරුද්ධ මත දරන හෝ ඔබට විරුද්ධව සමාජ මාධ්‍යයේ ලියන අපෙන් නොව ඔබව බලයට ගෙනා අද ඔබව උත්කර්ෂයට නගන එවුන්ගෙනි.
ඒ ඇයි...
පහත සිතියම් දෙකෙහි දක්නට ලැබෙන්නෙ 2019 ජනාධිපතිවරණයෙ සහ 2024 ජනාධිපතිවරණයෙ ප්‍රතිඵලය. ඒ සිතියම් දෙක හරියට නිවුන්නු වැනිය. ගෝඨාභය රාජපක්ෂව කර තබාගෙන පැමිණි උන්ම ගෝඨාභයගෙ පස්සට පයින් දී එලවා දැමුවේය.
අද ඔබේ ඩබල් පොකට් එකද ඔවුන්ට ආතල්ය. ඔබේ ගමන බිමනද ඔවුන්ට ආතල්ය. ඔබේ කතා ස්වරූපයද ඔවුන්ට ආතල්ය. ඔබේ ප ඩ සුවඳද ආශ්වාදය කරන්නෙ " හම්මේ අන්‍ර සහෝදරයාගෙ ප ඩේ සුවඳ හරියට Shumukh සුවඳ විලවුන් වලටත් වඩා සුවඳය" කියමින්ය.
ඒ ලබන ආශ්වාදය, ආතල් එක ටික කාලයකි. බඩට බත් ටික, පර්ස් එකට මුදල්, වාහනේට තෙල් ටික හරියට වැටුනේ නැත්නම් සුනාමියක් වන්නෙත් ඔය ආතල් ගත්ත උන්ය.
ඔබ ප්‍රවේශම් විය යුත්තේ ඔවුන්ගෙන්ය..
ඔවුන් ලඟ පිකප්ය. අතෘප්තිකරය. ඉක්මනින්ම විවිධත්වය පතති..
මේ ගෙවෙන්නේ ඔබේ ජනාධිපති ධූරයෙ මධුසමයයි. මධුසමයේදි බි ජ්ජත් රත්තරන්ය. අරක ප්ලැටිනම්ය.
මේ රටේ මිනිස්සුන්ගෙ මෙන්න මේ විඥානය ඔබ තේරුම් ගත යුතුය.
පෙම්වතා කාලයෙ දකුණු ඇ ටේ දැක්ක උපන් ලපය මාර වාසනාවක් යැයි කියු ගැහැණියට ඔහුව එපා වන්නට පටන් ගත් පටන් එම ලපය පේන්නෙ කුෂ්ඨයක් මෙන්ය.
මේ රටේ පිරිමින්ට තමන්ගෙ ගැහැණිය එපා වන්නට ගත් පසු පි@&තමෙ කවදාවත් නොදැනුන ඇඹුල් රසයක් දැනෙන්නට පටන් ගනී.
අපේ රටේ මිනිස්සු ඒ තරම් අන්තවාදී අතෘප්තිකර ජාතියකි.
ලක්ෂ 69 ක්, 52% ක් චන්දය ගත් ජනාධිපති, තිස් වසරක බිහිසුණු යුද්ධයකින් මේ රට බේරා කර ගත් ආරක්ෂක ලේකම්, ලෝකයෙ එතෙක් මෙතෙක් පහල වූ දරුණුතම වසංගතයකින් ජනතාව බේරාගත් ජනාධිපතිව මේ රටේ මිනිස්සු පන්නා දැමුවෙ ජනාධිපති මන්දිරය වට කරමින්ය.
එදා ඒ ජනාධිපති මන්දිරය වට කරපු සෙනඟ ගොඩේ වූහාන් වලට ගුවන් යානා යවා ගෙන්නවා ගත් දරුවන්ද සිටින්නට ඇත. යුද්ධයෙන් නිදහස් වී ගෙදරට වී තම දරුවන්ට උණුසුම දෙන දෙමව්පියන්ගෙ දරුවන් ද සිටින්නට ඇත.
2020 මහ මැතිවරණයේදි ගෝඨාභයට පාර්ලිමේන්තුවෙ 2/3 ක බලයක් ලබා දුන්නා පමණක් නොව මහපාරේ කිරිබත් උයාගෙන කෑවේය. කෑවා පමණක් නොව මහමග යන්නන් නතර කර උන්ටත් බලෙන් කැව්වෙව්වෝය.
එහෙව් ගෝඨාභයව එලවපු උන් ඉන්නා රටක නල ලිඳක්වත් නොහදපු ඔබව එලවා දමන එක උන්ට ෂුම්මාය. උන්ට නතිංය.
දොස්තරවරු, ඉංජිනේරුවරු සහ ඉහල වැටුප් ලබන්නන් ඔබට චන්දය දුන්නෙ පාදඩ දේශපාලන සංස්කෘතිය නිමා කරන්නටවත් වෙන බිබික්කමකටවත් නොව Tax Benefits ලබන්නටය.
ත්‍රීවිල් රියදූරෝ ඔබට චන්දය දූන්නෙ එකලස් කළ වාහන අල්ලන්නටවත් වෙන රෙද්දකටවත් නොව සහන මිලට තෙල් ටිකක් ගහ ගන්නය.. ( ඒවා අල්ලන එක හොඳය)
ගුරුවරු ඔබට චන්දය දුන්නෙ ඔවුන්ට වර්ජන සහ උද්ඝෝෂණ වලදි කඳුළු ගෑස් ගැසූ නිසා පලි ගැනීමට මිසක රට බේරා ගන්නට සපුමල් කුමාරයෙක් ගෙනෙන්නට නොවේය..
( අවුරුදු 25 කින් වැඩි උනේ නැති පඩියක් ගෝඨාභය ඔවුන්ට වැඩි කර දුන්නේය. ඒත් ඔවුන් ගෝඨාභය එලවා දමන්නට පෙරමුණ ගත්තෝය. )
සාමාන්‍ය ජනතාව ඔබට චන්දය දුන්නෙ හාල් ටික, පොල් ටික සහනදායි මිලකට පෝලිමෙ නොසිට ගන්නටය..
හැමෝටම තිබුණේ තම තමන්ගෙ පෞද්ගලික අභිමතාර්ථ මිසක වෙන ලඛ්බක් නොවේය..
මෛත්‍රීපාල සිරිසේනව බලයට ගෙනාවෙත්, සිරිසේනව එලවා දැමුවේත්, ගෝඨාභයව බලයට ගෙනාවෙත්, ගෝඨාභයව එලවා දැමුවේත්, ඔබව බලයට ගෙනාවෙත් එකම කණ්ඩායමකි. ඔබව එලවා දමන්නට පෙරමුණ ගන්නෙත් උන් මිස අප නොවේය.
මක් නිසාදයත් රට අරාජික කරන්නට තුච්ඡ, නිහීන, නින්දිත අරගල වලට අප සහය දැක්වූයේ නැත. විරුද්ධ මතධාරින්ගෙ ගෙවල් වලට අප ගිනි තැබුවේද නැත. අඩුම ගනනෙ විරුද්ධ දේශපාලන මතධාරියෙකුට වැලි කැටයකින්වත් ගසා නැත.
ඔබ ප්‍රවේශම් විය යුත්තෙ උන්ගෙන්ය. උන්ට ඔබව එලවා දමන්නට මහ ලොකු බි ජ්ජක් අවශ්‍ය නැත. ඔබේ දකුණු ඇ ටේ ලපය පමණක් වුවත් ප්‍රමාණවත්ය.
සමහරවිට එදාට ඔබව ආරක්ෂා කරන්නට සිටින්නෙ අද මේ ඔබට විරුද්ධව ලියන අප වැනි උන් වන්නට පුළුවන. මක්නිසාද යත් අප ලඟ පිකප් කොටසක් නොව රට අරාජික වනවාට අකමැති රටට ආදරෙ කොටසක් වන බැවිනි.
ඔබට චන්දය නොදුන් අපට අද ඔබව පට්ට ආතල් එකක් පමණි. එහෙත් ඔබට චන්දය දුන් අයට ඔබව සීරියස්ය..
ඔබ ප්‍රවේශම් විය යුත්තෙ ඔබලා විසින්ම ඇවිලූ ඉරිසියාවෙ, කුහකත්වයෙ, වෛරයෙ ගිනි දැල් වලින්ය. ගින්දර කෑ විට රෙ න්න වෙන්නෙ අඟුරුය.
- නිලන්ත සත්සර ගමගේ ✍️
(අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී.)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..
ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)
ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)
ලෝක කම්කරු දිනය අදයි..
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..
මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි
