අනුර සහෝදරයා ප්‍රවේශම් වන්න...
අනුර සහෝදරයා ප්‍රවේශම් විය යුතුය. අනුර සහෝදරයා ප්‍රවේශම් විය යුත්තෙ ඔබට විරුද්ධ මත දරන හෝ ඔබට විරුද්ධව සමාජ මාධ්‍යයේ ලියන අපෙන් නොව ඔබව බලයට ගෙනා අද ඔබව උත්කර්ෂයට නගන එවුන්ගෙනි.
ඒ ඇයි...
පහත සිතියම් දෙකෙහි දක්නට ලැබෙන්නෙ 2019 ජනාධිපතිවරණයෙ සහ 2024 ජනාධිපතිවරණයෙ ප්‍රතිඵලය. ඒ සිතියම් දෙක හරියට නිවුන්නු වැනිය. ගෝඨාභය රාජපක්ෂව කර තබාගෙන පැමිණි උන්ම ගෝඨාභයගෙ පස්සට පයින් දී එලවා දැමුවේය.
අද ඔබේ ඩබල් පොකට් එකද ඔවුන්ට ආතල්ය. ඔබේ ගමන බිමනද ඔවුන්ට ආතල්ය. ඔබේ කතා ස්වරූපයද ඔවුන්ට ආතල්ය. ඔබේ ප ඩ සුවඳද ආශ්වාදය කරන්නෙ " හම්මේ අන්‍ර සහෝදරයාගෙ ප ඩේ සුවඳ හරියට Shumukh සුවඳ විලවුන් වලටත් වඩා සුවඳය" කියමින්ය.
ඒ ලබන ආශ්වාදය, ආතල් එක ටික කාලයකි. බඩට බත් ටික, පර්ස් එකට මුදල්, වාහනේට තෙල් ටික හරියට වැටුනේ නැත්නම් සුනාමියක් වන්නෙත් ඔය ආතල් ගත්ත උන්ය.
ඔබ ප්‍රවේශම් විය යුත්තේ ඔවුන්ගෙන්ය..
ඔවුන් ලඟ පිකප්ය. අතෘප්තිකරය. ඉක්මනින්ම විවිධත්වය පතති..
මේ ගෙවෙන්නේ ඔබේ ජනාධිපති ධූරයෙ මධුසමයයි. මධුසමයේදි බි ජ්ජත් රත්තරන්ය. අරක ප්ලැටිනම්ය.
මේ රටේ මිනිස්සුන්ගෙ මෙන්න මේ විඥානය ඔබ තේරුම් ගත යුතුය.
පෙම්වතා කාලයෙ දකුණු ඇ ටේ දැක්ක උපන් ලපය මාර වාසනාවක් යැයි කියු ගැහැණියට ඔහුව එපා වන්නට පටන් ගත් පටන් එම ලපය පේන්නෙ කුෂ්ඨයක් මෙන්ය.
මේ රටේ පිරිමින්ට තමන්ගෙ ගැහැණිය එපා වන්නට ගත් පසු පි@&තමෙ කවදාවත් නොදැනුන ඇඹුල් රසයක් දැනෙන්නට පටන් ගනී.
අපේ රටේ මිනිස්සු ඒ තරම් අන්තවාදී අතෘප්තිකර ජාතියකි.
ලක්ෂ 69 ක්, 52% ක් චන්දය ගත් ජනාධිපති, තිස් වසරක බිහිසුණු යුද්ධයකින් මේ රට බේරා කර ගත් ආරක්ෂක ලේකම්, ලෝකයෙ එතෙක් මෙතෙක් පහල වූ දරුණුතම වසංගතයකින් ජනතාව බේරාගත් ජනාධිපතිව මේ රටේ මිනිස්සු පන්නා දැමුවෙ ජනාධිපති මන්දිරය වට කරමින්ය.
එදා ඒ ජනාධිපති මන්දිරය වට කරපු සෙනඟ ගොඩේ වූහාන් වලට ගුවන් යානා යවා ගෙන්නවා ගත් දරුවන්ද සිටින්නට ඇත. යුද්ධයෙන් නිදහස් වී ගෙදරට වී තම දරුවන්ට උණුසුම දෙන දෙමව්පියන්ගෙ දරුවන් ද සිටින්නට ඇත.
2020 මහ මැතිවරණයේදි ගෝඨාභයට පාර්ලිමේන්තුවෙ 2/3 ක බලයක් ලබා දුන්නා පමණක් නොව මහපාරේ කිරිබත් උයාගෙන කෑවේය. කෑවා පමණක් නොව මහමග යන්නන් නතර කර උන්ටත් බලෙන් කැව්වෙව්වෝය.
එහෙව් ගෝඨාභයව එලවපු උන් ඉන්නා රටක නල ලිඳක්වත් නොහදපු ඔබව එලවා දමන එක උන්ට ෂුම්මාය. උන්ට නතිංය.
දොස්තරවරු, ඉංජිනේරුවරු සහ ඉහල වැටුප් ලබන්නන් ඔබට චන්දය දුන්නෙ පාදඩ දේශපාලන සංස්කෘතිය නිමා කරන්නටවත් වෙන බිබික්කමකටවත් නොව Tax Benefits ලබන්නටය.
ත්‍රීවිල් රියදූරෝ ඔබට චන්දය දූන්නෙ එකලස් කළ වාහන අල්ලන්නටවත් වෙන රෙද්දකටවත් නොව සහන මිලට තෙල් ටිකක් ගහ ගන්නය.. ( ඒවා අල්ලන එක හොඳය)
ගුරුවරු ඔබට චන්දය දුන්නෙ ඔවුන්ට වර්ජන සහ උද්ඝෝෂණ වලදි කඳුළු ගෑස් ගැසූ නිසා පලි ගැනීමට මිසක රට බේරා ගන්නට සපුමල් කුමාරයෙක් ගෙනෙන්නට නොවේය..
( අවුරුදු 25 කින් වැඩි උනේ නැති පඩියක් ගෝඨාභය ඔවුන්ට වැඩි කර දුන්නේය. ඒත් ඔවුන් ගෝඨාභය එලවා දමන්නට පෙරමුණ ගත්තෝය. )
සාමාන්‍ය ජනතාව ඔබට චන්දය දුන්නෙ හාල් ටික, පොල් ටික සහනදායි මිලකට පෝලිමෙ නොසිට ගන්නටය..
හැමෝටම තිබුණේ තම තමන්ගෙ පෞද්ගලික අභිමතාර්ථ මිසක වෙන ලඛ්බක් නොවේය..
මෛත්‍රීපාල සිරිසේනව බලයට ගෙනාවෙත්, සිරිසේනව එලවා දැමුවේත්, ගෝඨාභයව බලයට ගෙනාවෙත්, ගෝඨාභයව එලවා දැමුවේත්, ඔබව බලයට ගෙනාවෙත් එකම කණ්ඩායමකි. ඔබව එලවා දමන්නට පෙරමුණ ගන්නෙත් උන් මිස අප නොවේය.
මක් නිසාදයත් රට අරාජික කරන්නට තුච්ඡ, නිහීන, නින්දිත අරගල වලට අප සහය දැක්වූයේ නැත. විරුද්ධ මතධාරින්ගෙ ගෙවල් වලට අප ගිනි තැබුවේද නැත. අඩුම ගනනෙ විරුද්ධ දේශපාලන මතධාරියෙකුට වැලි කැටයකින්වත් ගසා නැත.
ඔබ ප්‍රවේශම් විය යුත්තෙ උන්ගෙන්ය. උන්ට ඔබව එලවා දමන්නට මහ ලොකු බි ජ්ජක් අවශ්‍ය නැත. ඔබේ දකුණු ඇ ටේ ලපය පමණක් වුවත් ප්‍රමාණවත්ය.
සමහරවිට එදාට ඔබව ආරක්ෂා කරන්නට සිටින්නෙ අද මේ ඔබට විරුද්ධව ලියන අප වැනි උන් වන්නට පුළුවන. මක්නිසාද යත් අප ලඟ පිකප් කොටසක් නොව රට අරාජික වනවාට අකමැති රටට ආදරෙ කොටසක් වන බැවිනි.
ඔබට චන්දය නොදුන් අපට අද ඔබව පට්ට ආතල් එකක් පමණි. එහෙත් ඔබට චන්දය දුන් අයට ඔබව සීරියස්ය..
ඔබ ප්‍රවේශම් විය යුත්තෙ ඔබලා විසින්ම ඇවිලූ ඉරිසියාවෙ, කුහකත්වයෙ, වෛරයෙ ගිනි දැල් වලින්ය. ගින්දර කෑ විට රෙ න්න වෙන්නෙ අඟුරුය.
- නිලන්ත සත්සර ගමගේ ✍️
(අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී.)


සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..
වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්
ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..
බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම
බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!
මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්..
උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..
පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..
ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
'පාස්කු ප්‍රහාරය ගැන විමර්ශකයින් පත්කරලා තියෙන්නේ කතෝලික පල්ලියෙන්' - අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණයට කියති..