News Category
From Date
To Date
Maximum Number of Result

නම නොදත් ශිෂ්‍යාව

Nov 6, 2024 at 09:43 AM
|

කළු පාට ඇඳුමෙන් මුළු ඇඟම වහගෙන…  ඒ මදිවට  බිල්ලෝ වගේ ඔළුවත් වහගෙන කාන්තාවකට ජීවත්වෙන්න සිදුවෙන්නෙ මොනවගේ සංස්කෘතියක් ඇතුලෙද.?  තරුණියකගෙ හිසකෙස් දැක්කොත් .. කාන්තාවකගේ කකුල් දෙක දැක්කොත් ඒ සංස්කෘතියේ පිරිමියාගේ හිරි ඔතප් බිඳෙනවානම්?   පාලනය කරගන්න බැරි ලිංගික ආශාවන්වලින්  ඒ රටේ පිරිමින්ගෙ හිත් පිරීයනවා නම් ඒ මොනවගේ රටක් ..සංස්ක්‍රෘතියක් විය යුතුද? 

මේකද විසි එක්වෙනි ශතවර්ශයේ ශිෂ්ඨත්වය කියන්නෙ.?

හිස් ආවරණය .. එහෙමත් නැත්තං හිජාබය නිවැරදිව පැලඳගෙන නොහිටියොත් අවුරුදු දහයක් දක්වා හිරේ විලංගුවේ දාන්න පුළුවන් නීති තියන රටක....   පොලීසියට වඩා සංස්කෘතික පොලීසියට බලතල ඇති රටක... හමුදාවට වඩා විප්ලවය සුරැකීමේ හමුදාවට බලය තියන රටක...  ඡන්දෙන් පත්වූ නායකයාට වඩා අධ්‍යාත්මික ආගමික නායකයාට බලය තියෙන රටක ජීවිතය කොයිවගේද.?

ඒ වගේ රටක කාන්තාවකගේ .. ගැහැණියකගේ ජීවිතය කොයිවගේද..? 

මේ පිංතූරයේ දකින්න ඉන්න තරුණිය ටෙහෙරානයේ අසාඩ් විශ්ව විද්‍යලයේ  ( Islamic Azad University IAU- Teheran Iran) විද්‍යා විශයයන් හදාරන ඉරානයේ උපන් තරුණියක්. 

කළු ඇඳගෙන බිල්ලො වගේ ජීවත්විය යුතු රටක ඇයි මේ ශිෂ්‍යාව යට ඇඳුම් පිටින් ප්‍රසිද්ධියේ  විශ්ව විද්‍යාල භූමියේ සැරිසරන්නෙ. ?

ඊට හේතුවෙන සිද්ධිය වාර්ථාවෙන්නෙ දවසකට කලින්.  හිජාබය හෙවත් හිස් ආවරණය නිවැරදිව පැලඳගෙන නොසිටීමේ වරදට ඉරාන  සංස්කෘතික පොලීසිය විසින් මේ තරුණිය අත් අඩංගුවට ගන්නවා වගේම ඇයට හිංසා පීඩා කරන්නෙ දෙනෝදාහක් මැද්දෙ ටෙහෙරාන් වීදියකදී.

එකම වරද හිස් ආවරණය හරහා හිසකෙස් ප්‍රදර්ශණය වීම.  මේ හිසකෙස් දුටු පමණින් සංස්කෘතික පොලීසියේ නිලධාරීන්ගේ ලිංගික ආශාවන් වර්ධනය වෙනවද? ඒ වෙනම සාකච්ඡා කලයුතු ප්‍රශ්ණයක්.

මේ අසාධාරණය... මේ පීඩාව.. මේ හිංසාව දරාගන්න විද්‍යා විශයයන් හදාරන තරුණියක් සමත්වෙන්නෙ කොහොමද.?

ඇය කරන්නෙ  පහුගිය සෙනසුරාදා විශ්ව විද්‍යාලය භූමියේදී  තමන්ගෙ ඇඳුම් උනා දමා යට ඇඳුම් පිටින්  තමන්ගෙ සහෝදර ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉදිරියේ පෙනී සිටීම.

හොසෙයින් රොගානි  ( Hosein Rghani) නම් මාධ්‍යවේදියා තම  ට්වීටර් ගිණුමේ සටහන් කරන්නෙ ඇය ඇතුලත් වීඩියෝව ඉතා ඉක්මනින් සමාජ මාධ්‍යයේ ප්‍රදර්ශණය වූ බවත් සංස්කෘතික පොලීසිය විසින් ඇයව අත් අඩංගුවට ගත් බවත්. ඉන්පසු සිදුවන කිසිවක් තවමත් මාධ්‍යයේ වාර්ථාවෙන්නෙ නැහැ.


හිජාබ් කතංදරේ නිසා මාශා අමීනීට ජීවිතේ අහිමි වෙන්නෙ සංස්කෘතික පොලීසියෙන් පහරදීම මත.

ලෝක කණිශ්ඨ චෙස් ශූරිය වූ දොරේසා රොක්ස්න්ජානි ඉරානයෙන් පලායන්නෙ චෙස් ක්‍රීඩා කරන අවස්ථාවේ හිජාබය පැලඳීම ප්‍රථික්ශේපකිරීම නිසා.

මේ අපි දන්න චරිත. මේ වගේ නොදන්න  අප්‍රසිද්ධ දැරිවියන්.. ශිෂ්‍යාවන්.. තරුණියන්.. කාන්තාවන් දහස් ගාණක්  තවමත් ඉරාන හිරගෙවල් ඇතුලෙ හිරවෙලා.

ඔවුන්ගේ අරගලය මර්ධනය කලේ අවි බලයෙන්.. පැහැර ගැනීම් හා ඝාතනවලින්.

පර්සියාව කියන්නෙ ආභ්‍රහමික් ආගම් බිහිවෙන්න ශතවර්ශ ගණනාවකට කලින් බිහිවූ දක්ශයන්ගෙ ..විශිෂ්ඨයන්ගෙ.. කවියන්ගෙ..කලාකාරයන්ගෙ රටක්.  ඔවුන් ලොවට දායාද කල දැනුම අති විශිෂ්ඨයි.

නමුත් ආගමික ලේබලය අලවාගත් කුඩා මොලයක් ඇති පූජකයා හා පාලකයා මේ රාජ්‍ය විනාශය කරා රැගෙන යන අකාරය දුක්ඛිතයි.

ආගමෙන්.. ඊරිසියාවෙන්.. ලිංගික කුහකත්වයෙන් හැමදාම  ජනතාව  හිරකරලා තබන්න බැහැ.

දශක ගණනාවකට කලින් හිපාශියා වැනි අති දක්ශ කාන්තාවන් මර්ධනය කරන්නත් මේ මිනිස්සුන් යොදාගත්තෙ සාමකාමී ප්‍රේමණීය ආගම. මොන නීති දැම්මත් මොන විකාර ආගම් සංකල්ප හඳුන්වා දුන්නත්  මේ මිනිස්සු කවදා හෝ තමන්ගෙ  නිදහස යොයාගෙන යනවාමයි.

කලිසම.. සාරිය... බුරිය අල්ලගෙන කාන්තා පක්ශය තමන්ට අවශ්‍ය ආකාරයට අන්දවන පලඳවන රටවල් නැතුවාම නෙවෙයි. නමුත් මේ අන්ධ ආගමික රටවලට වඩා එවැනි ජාතීන් ඉන්නෙ ගවු ගණනක් ඉදිරියෙන්.

විශේෂත්වය මේ ජාතීන් සංස්කෘතීන් හැම එකකම තමන්ගෙ අයිතිය වෙනුවෙන් සටන් කරන තරුණියන්.. කාන්තවාන් අදටත් දකින්න ලැබීමයි.

අද අපි ඒ කාන්තාවන් හෙලාදැක්කත්... අද අපි ඒ අයට අඬ තේට්‍ටම් කරත්.. අනාගතේ දවසකදි..  ඒ අය ජීවතුන් අතර නැති දවසකදි අපි ඔවුන් වෙනුවෙන් පිලිරූ .. සමරු ඵලක ගොඩනගනවා සැකයක් නෑ.

නම නොදත් පර්සියානු තරුණිය වෙනුවෙන් සටහනක් තබන්න දෙවරක් හිතන්නෙ නෑ. විකාර ආගම් හා සංස්කෘතික නීති ගැන පච්ච වර්ණනා හා කතංදර  ලියමින් සම්මාන ලබනවාට වඩා ජීවිත කාලෙටම අන්ධ ආගමික භූමියක සංචාරය කිරීම තහණම් වීම වඩා හොඳයි.

(මුහුණු පොතෙන් උපුටා ගන්නා ලදී)

සම්බන්ධිත පුවත් | Related News

"සීනි" කියන්නේ අපේ ජීවිතේට කොච්චර සමීප දෙයක්ද කියලා ඔබ කවදාහරි හිතලා තියෙනවද? උදේට බොන තේ එකේ ඉඳන්, දවල්ට කන බත් එකට දාන සෝස් එක, අතුරුපස, සහ රෑට බොන කිරි එක වෙනකම් හැමදේකම සීනි තියෙනවා.
කොළඹ කොටුවේ චැතම් වීදියේ තියෙන 'New Chinese Shop' එකට කවදාහරි ගිහින් තියෙනවද? එතන ඉන්නවා වින්ග්ලී චෙං මහත්මයා. ඔහුගේ පවුල ලංකාවට ඇවිත් තියෙන්නේ දෙවැනි ලෝක යුද්ධයෙන් පස්සේ. එදා ඉඳන් ඔවුන් මේ රටේ මිනිස්සු. කොළඹ ඉස්කෝල කීපයකටම නිල ඇඳුම් මහන්නේ ඔහු. මේ වගේ කතා ලංකාව පුරාම හැංගිලා තියෙනවා.
නව ප්‍රභූ පන්තියේ වත්කම් හෙළිදරව් වීම වැළැක්වීම සඳහා රජය විසින් නව පනතක් ගෙන ඒමට සූදානම් වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු අනාවරණය කරයි.
ලෝනි විලිසන් (Loni Willison) කියන්නේ "තවත් එක්කෙනෙක්" විතරක් නෙවෙයි.
මීගමුව බන්ධනාගාර ගැටුමට පළිගැනීමක් ලෙස බන්ධනාගාර පොලිස් නිලධාරීන් දිගින් දිගටම රැඳවියන්ගෙන් පළිගැනීමේ චේතනාවෙන් කටයුතු කළ බව නීතිඥ මේජර් අජිත් ප්‍රසන්න පවසයි.
අලුත් රඟහලක ලොව ඇති හොඳම නාට්‍යය එකතුව බලන්න එකතු වෙන්න. අසමා රූපණ සරසවියට එන්න..
අලුත් රඟහලක ලොව ඇති හොඳම නාට්‍යය එකතුව බලන්න එකතු වෙන්න.
සිංහල භාෂාව සම්බන්ධයෙන් ඉන්දියාවේ ලියැවී ඇති පැරණි ලේඛන පිළිබඳව අවධානය යොමු කරමින් වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වේ.
ජාත්‍යන්තර මූල්‍ය ආයතනය (IIF) මඟින් නිකුත් කරන ලද 2026 නවතම වාර්තාවට අනුව, ආයෝජක සබඳතා සහ ණය විනිවිදභාවය (Investor Relations and Debt Transparency) යන අංශවලින් ලොව වේගයෙන්ම ප්‍රගතියක් අත්කරගන්නා (Fastest-Improving) රටවල් අතර හතරවැනි ස්ථානය (4th) ශ්‍රී ලංකාවට හිමිව තිබේ...

ප්‍රධාන පුවත්

ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ජාතික ජන බලෙව්ගයට ලැබී ඇත්තේ අතීතයේ ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබූ වටිනාකම බවත්, මේ සිදුවෙමින් පවතින ක්‍රියාවලිය දෙස බැලීමෙදී අතීතයේ ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැගීමට උරදුන් පුද්ගලයකු ලෙස තමන් ඉතාමත් කණගාටුවට පත්වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..

කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.

''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.

සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..

සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.

විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.

වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්

රටේ පවතින සමාජ, ආර්ථික හා දේශපාලන සංදර්භය හේතුවෙන් පොදු ජනතාව පමණක් නොව නාට්‍යකරුවන් පවා දැඩි අපේක්ෂාභංගත්වයකට පත්ව සිටින බව රාජ්‍ය සම්මානලාභී නාට්‍යවේදී අඛිල සපුමල් මහතා පවසයි.

ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..

ලෝකය තවදුරටත් නොසන්සුන්කාරී සහ අස්ථාවර තත්ත්වයක පවතින, එමෙන්ම වැඩිවන සංවර්ධන අභියෝගවලට මුහුණ දෙන පසුබිමක, වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීන ගෝලීය සංවර්ධන මුලපිරුම (Global Development Initiative - GDI) එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සමඟ ක්‍රමවත්ව ඒකාබද්ධ කිරීමට උත්සාහ කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වැං යී අඟහරුවාදා පැවසීය.

බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම

ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද? නැතිනම් අපරාධ නඩුවිධාන සංග්‍රහය යටතේ පොලිසිය මෙහෙයවනවා ද? යන්න බරපතළ ගැටළුවක් වී ඇති බව නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මෙරට බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර මාලාවේ උච්ඡතම ස්ථානයකට පැමිණ ඇති බවත්, පසුගිය කාලයේ යූටියුබ් සහ සමාජ මාධ්‍ය හරහා භික්ෂූන් වහන්සේලාට නින්දා අපහාස කිරීම මෙන්ම බුදුන් වහන්සේට පවා නින්දා අපහාස කරමින් ආගමික ඉගැන්වීම් පවා විකෘති කරමින් සිටින බවත් එහෙත් ඒ කිසිවකට එරෙහිව පියවර ගැනීම සිදුනොවන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව බෞද්ධ ශිෂ්ටාචාරයට සහ උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමයන්ට එරෙහිව සැලසුම්සහගත ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක වන බවට ජාතික සංවිධාන එකමුතුව චෝදනා කරයි.

පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..

දිගු කලක් පුරා කල් ගොස් ඇති පළාත් සභා මැතිවරණ "හැකි ඉක්මනින්" පවත්වන ලෙසත්, දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටුකිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අදාළ ප්‍රතිපාදන සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන ලෙසත් ඉන්දියාව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

අන්තර්ජාල නාලිකාවක් සමග විශේෂ සංවාදයකට එක්වෙමින් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙන්නේ ඇමරිකාව සහ ඉරානය අතර දැනට පවතින ගැටුම්කාරී තත්ත්වය හුදෙක් කෙටිකාලීන යුද්ධයකට වඩා ගැඹුරු භූ-දේශපාලනික බලපෑම් මත පදනම් වූ සංකීර්ණ සෙවනැලි යුද්ධයක් බවයි.

'පාස්කු ප්‍රහාරය ගැන විමර්ශකයින් පත්කරලා තියෙන්නේ කතෝලික පල්ලියෙන්' - අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණයට කියති..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සමට මැදිහත් වී කරුණු දක්වීම සඳහා ඉදිරිපත් කළ අතරමැදි පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා අද (අගෝ: 04) අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.