ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දුක ද සිල්වා සීඅයිඩියෙන් ඉවතට... තමන්ට එරෙහිව ඇති විමර්ශනය කඩාකප්පල් කරන්න රවි සෙනෙවිරත්න තමන්ගේ ලේකම් ධූරය භාවිත කරනවා - ගම්මන්පිලගෙන් චෝදනා
මැතිවරණ කොමිසමේත් කනෙන් රිංගා රාජකාරි අවශ්‍යතා මත යනුවෙන් සඳහන් කර සී අයිද්ධියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දුක ද සිල්වා මහතාව සීඅයිඩියෙන් පොලිස් මුලස්ථානයට මාරු කිරීමට රවි සෙනෙවිරත්න මහතා ක්‍රියාකළ බවත්, රාජකාරි අවශ්‍යතා මත යැයි පැවසූවද කිසිම රාජකාරියක් ඔහුට පවරා නැති බවත් සර්වජන බලය කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක සහ පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
ඒ මහතා මේ බව සදහන් කර සිටියේ අද දින (04) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුව හා එක් වෙමිනි.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
"රවි සෙනෙවිරත්න මහතාගේ නොසැලකිල්ල නිසා පාස්කු ප්‍රහාරය සිදු වුණු බවත් ඔහු තනතුරේ සිටිය නිසා මීට පෙර පැවැති කොමිෂන් සභා ඉදිරියේ මේ කාරණය නිසි අයුරින් මතු නොවුණු බවත් විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන මහතා පොලිසියට පැමිණිල්ලක් කරමින් සඳහන් කළා. මේ පිළිබඳ පොලිස් විමර්ශනයක් සිදු කර ඔහුගෙන් සිදුවුණු සාපරාධි නොසැලකිල්ලට දඬුවම් කරන මෙන් පොලිස්පතිතුමාගෙන් ඉල්ලා සිටියා. මේ පැමිණිල්ල විමර්ශනය කරන්න භාර වුණේ සී අයිද්ධියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දුක ද සිල්වා මහතාට, තමන් කළ වරද තමන් දන්න නිසා බොහොම කලබල වුණු රවි සෙනෙවිරත්න මහතා මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කරලා තමන්ව අත්අඩංගුවට ගැනීමේ සුදානමක් තිබෙනවා ඒක වලක්වන්න කියා ඉල්ලීමක් කළා. ඒ නඩුව තවම විභාග වෙනවා. ඒ අතරේ තමයි රවි සෙනෙවිරත්න මහතා පොලිසිය භාර අමාත්‍යාංශ ලේකම් වෙන්නේ.
රවි සෙනෙවිරත්න මහතා පොලිසිය භාර ලේකම් වුණත් පොලිස් විමර්ශනය දිගටම කරගෙන යන්න තරම් ඉන්දුක ද සිල්වා මහතා නිර්භීත වුණා. රවි සෙනෙවිරත්න මහතා මොකද කලේ? මැතිවරණ කොමිසමෙත් කනෙන් රිංගලා රාජකාරි අවශ්‍යතා මත කියලා ඉන්දුක ද සිල්වා මහතාව සීඅයිඩියෙන් පොලිස් මුලස්ථානයට මාරු කළා. රාජකාරි අවශ්‍යතා මත කියලා කිව්වාට කිසිම රාජකාරියක් පවරලා නෑ කියලා තමයි අපට නම් ආරංචි.
ජයවර්ධන ජනාධිපතිතුමා කෙතරම් හිතවතෙක් වුණත් ගෝනවල සුනිල්ව පොලිසිය භාර ලේකම් කලේ නෑ. ප්‍රේමදාස ජනාධිපතිතුමා කෙතරම් හිතවතෙක් වුණත් සොන්ති උපාලිව පොලිසිය භාර ලේකම් කලේ නෑ. චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනපතිතුමිය තමන්ගේ කොතරම් හිතවතෙක් වුනත් බැද්දගානේ සංජීව පොලිසිය භාර ලේකම් කලේ නෑ. මොකද ඒ අය පොලිස් විමර්ශන වල සැකකරුවන් නිසා. නමුත් ඉතිහාසයේ ප්‍රථම වතාවට පොලිස් විමර්ශනයක සැකකරුවෙකුව පොලිසිය භාර ලේකම් බවට පත් කලේ වත්මන් ජනාධිපතිතුමා. ඉතින් අපි සැක කළ අයුරින්ම දැන් තමන්ට එරෙහිව තිබෙන විමර්ශනය කඩාකප්පල් කරන්න රවි සෙනෙවිරත්න මහතා තමන්ගේ ලේකම් ධූරය භාවිතා කරනවා."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි