පරාටේ නීතියෙන් දේපොළ අහිමිවූ 127දෙනෙක් දිවි නසාගෙනලු
ඇතිවූ ආර්ථික අර්බුදයට මුහුණ දීමට නොහැකිව පරාටේ නීතිය යටතේ තමන්ගේ දේපොල අහිමිවූ මේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් 127 දෙනකුට ආසන්න පිරිසක් මේ වනවිට සියදිවි හානිකරගෙන ඇතැයි දිස්ත්‍රික් ඒකාබද්ධ ව්‍යවසාය සංවිධානයේ සභාපති චම්ලි කුමාරසිරි කුරුණෑගලදී ඊයේ (3වැනිදා) පැවැති එම සංගමයේ රැස්වීමකදී සඳහන් කළේය.
තවත් පිරිසක් ඉදිරියේදී සියදිවි හානිකර ගැනීමේ තත්ත්වයක සිටින බවද එහිදී අනාවරණය විය.
දිස්ත්‍රික් ඒකාබද්ධ ව්‍යවසාය සංවිධානයට සම්බන්ධ දිස්ත්‍රික්ක 17 ක නියෝජිතයෝ විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ. ඉදිකිරීම්, වැවිලි, සංචාරය, සහල්, කුකුළු ගොවිපළ ව්‍යාපාරික ක්ෂේත්‍රයන්ට අයත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෝ මීට සහභාගි වූහ.
පාස්කු ප්‍රහාරය, කොවිඩ් අර්බුදය සහ රටේ පැවැති මූල්‍ය අර්බුදය හමුවේ වසර හතරක පමණ කාලයක සිට මේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සියල්ලම විශාල ඇදවැටීමකට ලක් වුණා. නමුත් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර සහනයක් දීමට මෙතෙක් පැවැති කිසිදු රජයක් ක්‍රියා නොකළ බව ද චම්ලි කුමාරසිරි මෙහිදී අවධාරණය කළේය.
මෙම අර්බුදකාරි තත්ත්වය යටතේ ව්‍යාපාර සඳහා ලබාගත් ණය ගෙවීමට නොහැකි වීම හේතුවෙන් මේ වනවිට අධිකරණ නියෝග ලබාගෙන ව්‍යාපාරිකයන් තමන්ගේ ව්‍යාපාරික ස්ථානවලින් එළියට ඇද දැමීම නිසා ඔවුන් අද මෙවැනි අවාසනාවන්ත තත්ත්වයකට ගොදුරු වී සිටින බවත්, පරාටේ නීතියට යටත් කළ කිසිම ව්‍යාපාරිකයකුට කොපමණ ඉල්ලීම් කළත් බැංකුවලින් සහනයක් නොලැබුණ බවත්, හෙතෙම පෙන්වා දුන්නේය.
එබැවින් පසුගිය කාලයේදී සමස්ත රටටම මුහුණ දීමට සිදුවූ ආර්ථික අර්බුදයෙන් විපතට පත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ගොඩ ගැනීම සඳහා වැඩපිළිවෙළක් සකස් කරන ලෙස වත්මන් ජනාධිපතිවරයාගෙන් ද ඉල්ලා සිටින බවත්, චම්ලි කුමාරසිරි පැවැසීය.
දිස්ත්‍රික් ඒකාබද්ධ ව්‍යවසාය සංවිධානයේ ජාතික සංවිධායක අනිල් නිරෝෂණ සහ එහි ලේකම් සාගරිකා වීරසිංහ ද මෙහිදී අදහස් දැක්වූහ.
- අරුණ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි