මහින්දගේ ආරක්ෂාව අඩුකිරීම ගැන ජනාධිපති මාධ්‍ය අංශය කියන්නේ බොරු - නීතිඥ මනෝජ් ගමගේ
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩුකර ඇති බවට පළවෙන මාධ්‍ය වාර්තා අසත්‍ය බවට ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කල නිවේදනය අසත්‍යයක් යයි නීතිඥ මනෝජ් ගමගේ මහතා පවසයි.
කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මෙලෙස අදහස් දැක්වීය.
"මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව ඉවත් කිරීම සම්බන්ධව මුලින්ම අප විසින් අනාවරණය කිරීමෙන් අනතුරුව ප්‍රශ්නසහගත ක්‍රියා කලාපය සම්බන්ධයෙන් වර්තමාන ජනාධිපතිවරයා රජය සම්බන්ධයෙන් දැඩි ජනතා අප්‍රසාදයක් මතුවුණා. මේ නිසා ජනාධිපති මධ්‍යංශයේ තවත් බොරුවක් ජන ගත කිරීමට සැරසෙනවා.
2024.10.31 නියෝජ්‍ය පොලිස්පති,විශේෂ ආරක්ෂක දිශාව (ඩී. වී. පී. අජිත් හේසිරි මහතා ) විසින් මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක කොට්ඨාශය භාරව කටයුතු කරන අධ්‍යක්ෂ විශ්‍රාමික ජනාධිපති ආරක්ෂක කොට්ඨාශය පහ වෙත නිල වශයෙන් ලිපියක් යොමු කර තිබෙනවා. එහි පළවෙනි ඡේදයෙන්ම ජනාධිපති මාධ්‍යංශය විසින් නිකුත් කළ ලිපිය බොරුවක් බව පැහැදිලි වනවා. ප්‍රභූ ආරක්ෂාව සම්බන්ධයෙන් නිලධරයන් අනුයුක්ත කිරීමේ කමිටුව විසින් ගන්නා ලද තීරණය පරිදි මෙම ආරක්ෂාව අඩු කිරීම සම්බන්ධ ලිපිය යොමුකළ බව ඔහු පැහැදිලිව සටහන් කරනවා.
නමුත් ඊයේ දිනයේ ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කරන ලද නිවේදනයේ සඳහන් වන්නේ එම කමිටුවේ තීරණය පරිදි ඉදිරියේදී තීන්දු තීරණ ගැනීමට සහ කටයුතු කිරීමට නියමිත බවයි.
ඒ අනුව ජනාධිපති කාර්යාලයේ නිකුත් කල නිවේදනය අසත්‍යයක්, එසේ නොමැති නම් නියෝජ්‍ය පොලිස්පති තුමා නිකුත් කල නිවේදනය අසත්‍යයක්. මෙය වහාම ජනතාවට පැහැදිලි කල යුතුයි.
ඊයේ දිනයේදී ජනතා විමුක්ති පෙරමුණේ වෛද්‍ය නලින්ද ජයතිස්ස මාහතා විසින් නිසි ආරක්ෂක තක්සේරුවකින් පසුව ආරක්ෂාව අඩු කල බව පිලිගන්නවා. එතුමා කියන්නේ අනුර කුමාර මහතාට හා සමාන ආරක්ෂාවක් මහින්ද රාජපක්ෂ මහතාට තිබෙන බවයි. නමුත් මහින්ද රාජපක්ෂ මහතාට තිබෙන ජීවිත තර්ජනය අනුර කුමාර සහෝදරයාට නැහැ. මේ රටේ තිබුනේ ත්‍රස්තවාදී සංවිධාන දෙකයි. එකක් එල්. ටී ටී. ඊ සංවිධානය, අනිත් එක 88/89 ජනතා විමුක්ති පෙරමුණ. එල්. ටී ටී. ඊ සංවිධානය සමූල ඝාතනය වුණේ මහින්ද රාජපක්ෂ මහතාගේ වීරෝධාර නායකත්වයෙන්. ඒ නිසා මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩු කරන්න නිර්දේශ කල ආරක්ෂක නිර්දේශයක් පෙන්වන්න කියලා අපි ඉල්ලනවා. කවුද මෙතන බොරු කියන්නේ කියලා අපට තේරෙන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට ත්‍රීවිල් එකකුත්, ජීප් දෙකකුත්, බයික් දෙකකුත් දක්වා සහ නිලධාරීන් 60ක් දක්වා ආරක්ෂාව අඩු කරන්නට නිකුත් කල නියෝගයක් අදටත් වලංගුයි. එය තවමත් ආපස්සට කැඳවා නැහැ.නමුත් ජනතා අප්‍රසාදය නිසා මේ නියෝගය ටික ටික ක්‍රියාත්මක කරන්න කියලා උපදෙස් දී තිබෙන බව අපට දැනගන්නට තිබෙනවා.
තමන්ගේ ද්වේශ සහගත අරමුණු වෙනුවෙන් මේ රටේ වැඩිම ජීවිත තර්ජනයක් තිබෙන නායකයාගේ ආරක්ෂාව අඩු කිරීමේ තීරණයක් අරගෙන අවසානයේ ඒ බෝම්බය අතේ පත්තු උනාම සියළුම දෙනා බොරු ප්‍රකාශ සිදු කරනවා. පට අවශ්‍ය රටම ආදරේ කරන රටම ගරු කරන නායකයා ආරක්ෂා කර ගැනීමයි.මෙවැනි තත්වයන්ට මුලු ලෝකයේම උදාහරණ රාශියක් තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය කිසිඳු වගකිවයුතු නිලධාරීයෙකුගේ අත්සනක් හෝ නැතිව මේ නිවේදනය නිකුත් කර තිබෙනවා.එවැනි නිවේදනයක් විශ්වාස කිරීමේ හැකියාවක් තියෙනවද?
මේක අනුර දිසානායක හෝ හරිනි මැතිණිය යුද්ධය ඉවර කරපු රටක් නෙවෙයි. මහින්ද රාජපක්ෂ යුද්ධය ඉවර කරපු රටක්.දෙමල ඩයස් පෝරාව හරහා එල්. ටී. ටී. ඊ. සංවිධායනයේ අදිසි හස්තයන් කැනඩාව,එක්සත් රාජධානිය, යුරෝපය මුල් කර ගනිමින් දෙමළ ඩයස් පෝරාව අදටත් ක්‍රියාත්මක වෙනවා. අදටත් විරෝධතා වලදී මහින්ද රාජපක්ෂ මහතාගේ පඹයෝ හදලා ගිණි තියනවා. ඔවුන්ගේ වෛරය කොච්චරද කියලා අපට අදටත් පේනවා.
මේක ස්විසරලන්තය නෙවෙයි කියලා කියපු උපදෙස් අනුව හරිනි අගමැති තුමියට ආරක්‍ෂාව වැඩිකරගත යුතු නම්, යුද්ධය ඉවර කරපු නායකයාගේ ආරක්ෂාව තර්ජනයක් වන ආකාරයට අඩු කරන්නේ කවුරු පිනවන්නද කියලා අපට අහන්න වෙනවා.
ඒ අනුව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කල ලේඛනයේ සඳහන් වෙන්නෙ සම්පුර්ණයෙන්ම අසත්‍ය කරුණු.දැනටමත් මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට ත්‍රීවිල් එකකුත්, ජීප් දෙකකුත්, බයික් දෙකකුත් දෙන්න නිල වශයෙන් පිළිගත හැකි ලියවිල්ලක් තිබෙනවා.
ඒ ලියවිල්ලේ පොලිස් නිලධාරීන් 180 දෙනෙකු දීල තියෙනවා කියලා සඳහන් වෙනවා,නමුත් 60 දෙනෙකුට වඩා තියාගන්න බැහැ කියලා මුල් ලිපියේ සඳහන් වෙනවා.පක්ෂ විපක්ෂ භේදයකකින් තොරව ජනතා අප්‍රසාදය එල්ල උනායින් පස්සේ තමන් ගත්ත තීරණය වසන් කරන්නට මේ ආකාරයේ බොරු කියන්න එපා කියලා ඉල්ලා සිටිනවා.මේ අවස්ථාවේ අපිට කිසිවෙකුගේ අනුකම්පාව ලබා ගැනීමට හෝ දේශපාලන වාසි ලබා ගැනීමට අවශ්‍යතාවයක් නැහැ.
ලෝකයේ දරුණුම ත්‍රස්තවාදය විනාශ කරපු මැදමුලනේ මහින්ද කියන්නේ සිංහයෙක් වගේ මනුස්සයෙක්.එතුමා කවදාවත් එතුමාගේ ආරක්ෂාව වැඩි කරන්න කියලා ඉල්ලන්නේ නැහැ.නමුත් ඒ සිංහයාව ආරක්ෂා කරගන්න ඕනේ නිසා අපි ඒ දේ ඉල්ලනවා. මහින්ද රාජපක්ෂ කියන්නේ මේ රටේ පුරවෘත්තයක් වන නායකයෙක්.එතුමාගේ ජීවිතය අවදානමක යොමු කරන්න පක්ෂයක් ලෙස අපි ඉඩ ලබා දෙන්නේ නැහැ.ජනතාව ඉඩ ලබා දෙන්නෙත් නැහැ.ඒ නිසා බොරු මාධ්‍ය නිවේදන නිකුත් නොකර නිල වශයෙන් මේ නියෝගය අකුලා ගන්නා ලෙස අපි දැනුම් දෙනවා.
මේ 60ක් කියලා ඉතිරි කරන පිරිසට රියදුරන්,ලිපිකරුවන්, පරිපාලන නිලධාරීන්, ඇතුලු පිරිසක් ඇතුලත් වනවා. මේ සියල්ල ආරක්ෂක කටයුතු වල නිරත වන්නේ නැහැ. රාජකාරි ලැයිස්තුව (Roster) අනුව , වරකට ආරක්ෂාව සැපයිමට නියමිත වන්නේ 20දෙනයි.මේ සියල්ල ආරක්ෂක අංශ වලින් තහවුරු කරගෙන වගකීමෙන් කියන කරුණු.
අනුර කුමාර ජනාධිපතිතුමාටත් වෙඩි නොවදින රථයක් තිබුන නම් හොඳයි කියලා හිතෙන තත්වයට ඇවිත් තියෙනවා නම්,මේ ලෝකයේ බිහිසුණුම ත්‍රස්තවාදය විනාශ කල නායකයාගේ ජීවිතය ආරක්ෂා කරන්නට වරකට 20දෙනෙකු ප්‍රමාණවත් ද?"
– Media unit
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි