ආණ්ඩුව මහින්දගේ ආරක්ෂාව අයින්කරන්නේ ඔහුට කෙනෙහිළිකම් කරන්න... මහින්ද යුග පුරුෂයෙක්... - දිලිත් කියයි
වත්මන් ආණ්ඩුව විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ලබාදී ඇති ආරක්ෂාව ඉවත්කරන්නේ, ඔහුට කෙනහිළිකම් කිරීම සඳහා බව සර්වජන බලය නායක දිලිත් ජයවීර මහතා පවසයි.
දේශපාලන වෙනස්කම් තිබුණද මහින්ද රාජපක්ෂ යනු අමතක කළ නොහැකි යුග පුරුෂයෙක් බවත් ඔහු සඳහන් කරයි.
දිලිත් ජයවීර මේ බව සඳහන් කළේ, ඊයේ (31) පස්වරුවේ කඳාන ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමිනි.
එහිදී අදහස් දැක්වූ ඒ මහතා,
“මහින්ද රාජපක්ෂ මහතාව කිසිදිනක අපට අමතක කරන්න බෑ. අපේ දේශපාලන ආඛ්‍යානය කුමක් වුවත් ඔහුව අමතක කරන්නට බැහැ. ඔහු යුග පුරුෂයෙක්. ඒ නිසා ඔහුව ආරක්ෂාව අයින් කරනවා නම්, ඒ ආරක්ෂාව ඉවත් කරන්නේ නිකන්ම නිකන් කුහකකම නිසාවත්, සාමාන්‍යයෙන් ඔවුන්ට තියෙන ඊර්සියාව නිසාවත් එහෙම නැතුව වෙනත් ව්‍යාපෘතියකටත් වඩා මේ රජය රට යුද්ධයෙන් බේරාගත් මහින්ද රාජපක්ෂ කියන නායකයාට තියෙන විරුද්ධත්වය නිසයි.
මම ඔවුන්ට මතක් කර දෙන්නට ඕනේ, 2008 අයවැයේ දී ඔවුන් අයවැය පරාජය කරන්නට හැදුවා මහින්ද රාජපක්ෂ රජය පෙරළන්න. ඇයි ඒ… යුද්ධයේ අවසාන දින කිහිපයේ දී ඔවුන්ට ඕන වුණේ යුද්ධය නවත්වන්න. මොකද ඒ ඩොලර් සහජීවනය සඳහා. NGO සහජීවනය සඳහා. නැතුව මේ රටේ ද්‍රවිඩ මිනිස්සුන්ට ඇති ආදරයවත් මේ රටේ අනෙකුත් ජාතීන්ට ඇති ආදරයවත් මේ කිසිදෙයක් නිසා නෙමෙයි. අද මම දකිනවා විවිධ වේදිකාවල Ambulance එකත් ගන්නවා. ඒ මනුස්සයාගේ හැරමිටියත් ගන්නවා. මේක ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කැපීමක් නෙමෙයි. මේක මේ රටේ යුද්ධය අවසන් කරපු මහින්ද මහත්තයාට කරන කෙනෙහිලි වැඩක් මිසක් වෙන දෙයක් නෙමෙයි.”
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි