News Category
From Date
To Date
Maximum Number of Result

අධිකරණ ඇමැති හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් ‘ආචාර්ය’ යනුවෙන් පාර්ලිමේන්තු වෙබ් අඩවියේ පළ කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව සකස් කරන ලද වාර්තාවක් ජනාධිපති අනුර දිසානායක මහතාට හා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට බාර දී ඇත.

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සුදත් මහදිවුල්වැව මහතා ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයා ලෙස පත්කර තිබේ. එම පත්වීම අද (23) සිට ක්‍රියාත්මක වන පරිදි සිදුකර ඇති බව වාර්තා වෙයි.

සහල් ආනයනය සම්බන්ධයෙන් සහ ETCA ගිවිසුම සම්බන්ධයෙන් වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් විපක්ෂයේ සිටියදී දැක් වූ අදහස් මේ දිනවල සමාජ මාධ්‍ය පුරා පැතිර යමින් තිබේ.

සේවකයින් සඳහා ප්‍රසාද දීමනා ලබාදීමට අවශ්‍ය මුදල් ලංකා විදුලිබල මණ්ඩලය සතුව ප්‍රමාණවත්ව පවතින බව එම මණ්ඩලයේ පොදුජන ප්‍රගතිශීලී සේවක සංගමය

නීතිවිරෝධී මධ්‍යසාර පානය කරන පිරිස් ඉන් ගලවාගැනීම අත්‍යවශ්‍ය කාරණයක් බවට පත්ව තිබෙන පසුබිමක, ඒ පිළිබඳව සැබෑ උවමනාවත් ඇත්නම්, සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් කළයුත්තේ වැටළීම් සිදුකර නීතිවිරෝධී අරක්කු නිෂ්පාදනය අඩාළ කිරීම මිස, කසිප්පු වෙනුවට වෙනත් නිෂ්පාදනයක් අඩු මිලට ලබාදීම නොවන බව මධ්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ වැඩසටහන් අධ්‍යක්ෂ අමරනාත් තැන්න පවසයි.

සණස බැංකුව විසින් ආබාධිත රණවිරුවන්ගෙන් අසාධාරණ ලෙස අයකරනු ලබන ණය වාරික සහ පොලියට විරෝධය දැක්වීම සදහා සණස ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පැවැත්විණි.

හිටපු අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා අද (23) සර්වජන බලයේ සාමාජිකත්වය ලබාගත්තේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනවාරි මාසයේ දී ශ්‍රී ලංකාවේ විශාලතම ද්විපාර්ශ්වික ණය දෙන්නා වන චීනය වෙත සාකච්ඡා සඳහා සංචාරය කරන බව පසුගිය 21 වනදා ප්‍රකාශ කළේ දිගුකාලීන ප්‍රමාද වූ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සම්පූර්ණ කිරීමෙන් පසුවය.

පසුගිය ආණ්ඩුව කාලයේ බාර් පර්මිට් ලබාගත් අයගේ නම් ලැයිස්තුව පමණක් නොව ඔවුන්ට බාර් පර්මිට් ලබාදිය යුතු යැයි නිර්දේශ කළ පුද්ගලයන්ගේ නම් ලැයිස්තුවත් හෙළිදරව් කළ යුතු යැයි ඉලංගෙයි තමිල් අරසු කච්චි මාධ්‍ය ප්‍රකාශක එම්. ඒ. සුමන්තිරන් සඳහන් කරයි.


ප්‍රධාන පුවත්

ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..

මහා සංඝරත්නයට පහරදීමේ ද්වේෂ සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක දේශප්‍රේමී සිංහල නායකයින්ද සිරගත කිරීමේ කුමන්ත්‍රණයක්ද පවතින බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා අනාවරණ කරයි.

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..

ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය බන්ධනාගාරයේ දී ඉවත්කොට අධිකරණයට ගෙන ඒම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ඇතුළු වගඋත්තරකරුවන් 10 දෙනෙකුට එරෙහිව බ්‍රිගේඩියර්(විශ්‍රාමික) අතුල හේමචන්ද්‍ර ද සිල්වා මහතා අභියාචනාධිකරණයේ නඩු අංක CA/WRIT/787/2026 යටතේ අද දින (2026.10.12) නඩුවක් ගොනුකර තිබේ.

චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..

චීන–ලාඕස දුම්රිය මාර්ගය ඔස්සේ සිදුකර ඇති සමස්ත වෙළෙඳ ගනුදෙනුවල වටිනාකම යුවාන් බිලියන 100 (ඇමෙරිකානු ඩොලර් බිලියන 14.9ක් පමණ) ඉක්මවා ගොස් තිබේ. එම මාර්ගය හරහා මේ වන විට ආනයන හා අපනයන භාණ්ඩ ටොන් මිලියන 20.77කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කර ඇති බව වාර්තා වේ.

ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹීමේ ආදර්ශය අනුගමනය කරමින් රුසියාව සමඟ ආර්ථික සබඳතා යළි ස්ථාපිත කරන ලෙස ජර්මනියේ විපක්ෂ දේශපාලන පක්ෂ දෙකක් ඉල්ලා ඇතැයි වාර්තාවේ.

රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්

රුසියාව සහ යුක්‍රේනය අතර වහාම ක්‍රියාත්මක වන පරිදි බලශක්ති ඉලක්ක වෙත එල්ල කරන ප්‍රහාර අත්හිටුවීමේ එකඟතාවක් ඇති කරගෙන තිබෙන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)

ඊයේ(11) දිනයේ උතුරු නේපාලයට බලපෑ හදිසි මහා ගංවතුර හේතුවෙන් නිවාස හා පාලම් රැසක් ගසාගෙන ගොස් ඇති අතර, පුද්ගලයන් පස්දෙනකුට අධික පිරිසක් අතුරුදන්ව සිටින බව වාර්තා වේ.

ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ

කැනඩාවේ ඔන්ටාරියෝ (Ontario) පළාත් ව්‍යවස්ථාදායකය විසින් 'දෙමළ ජන සංහාරය' (Tamil Genocide) යන සංකල්පය හෝ එය නිල වශයෙන් පිළිගෙන නොමැති බව එරට අධිකරණ තීන්දු මඟින් තහවුරු වී ඇති බව ආචාර්ය නෙවිල් හේවගේ මහතා පෙන්වා දෙයි.

ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..

බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හා භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ කළ පා ගමන අද (12) තෙවන දිනටත් පැවැත්වේ.

"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..

ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීමට පෙර තමන්ට ඇමතුමක් ලබාදී හමුවන ලෙස දැන්වූ බවත්, එහිදී උන්වහන්සේ පැවසුවේ උන්වහන්සේව අත්අඩංගුවට ගත් පසු සිවුර ගැලවීම අනිවාර්යෙන් සිදුකරන බව යැයිද, කළින්ම උන්වහන්සේ මේ පිළිබඳව දැනසිටි බවත්, තමන් සමග මේ සම්බන්ධයෙන් උන්වහන්සේ කතා කළ බවත් නීතිඥ සංජීව වීරවික්‍රම මහතා හෙළිදරව්වක් සිදුකරමින් පවසයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.