News Category
From Date
To Date
Maximum Number of Result

සම්බුද්ධ ශාසනයට එරෙහිව සිදුවන ක්‍රියාදාමයන් අදත් එදත් සිදුවූ බවත්, ධර්මය මගින් සමාජය සබුද්ධික හා ප්‍රබුද්ධික වීමේ දී ශාසනය දූෂණය කරන පුද්ගලයන්ට, වංචනිකයන්ට පවතින්නට නොහැකිවන බවත් මහනුවර දංතුරේ උඩවෙල පුරාණ විහාරාධිපති, හෝමාගම දම්සෙවන ආයතනාධිපති, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්විද්‍යාලයේ සංස්කෘත අධ්‍යානාංශයේ අංශාධිපති, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය, රාජකීය පණ්ඩිත පූජ්‍ය මාවතගම පේමානන්ද ස්වාමීන් වහන්සේ පවසති.

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව අත්පත් කර ගැනීමට සැලසුම් කළේ ජනතා විමුක්ති පෙරමුණ බව එහි දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල්කාන්ත මහතා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇති හෙයින් ඔහු අපරාධ නීතිය යටතේ වහා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කළ යුතු යැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවසීය

එළඹෙන මහමැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් නාම යෝජනා ලබා ගැනීම සදහා අරගලය නියෝජනය කරන තරුණ තරුණියන්ට ආරාධනා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස කුට්ටිආරච්චි මහතා පවසයි.

බංගලාදේශය පුරා ඇතිවී තිබෙන අරාජිකත්වය මැද දේපළ කොල්ලකෑම්, මනුෂ්‍ය ඝාතන, ගිනි තැබීම් රට පුරා ප්‍රදේශ රැසක වාර්තා වෙමින් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එක්සත් රාජධානිය සිවිල් යුද්ධයකට තල්ලුවීමේ අවදානමකට ලක්ව ඇති බව ටෙස්ලා සහ ස්පේස්එක්ස් හි ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක් ප්‍රකාශ කරන්නේ රට තුළ පවතින සංක්‍රමණ විරෝධී විරෝධතා ප්‍රචණ්ඩකාරී බවට පත්ව ඇති බව පෙන්වා දෙමිනි.

ඉන්දුනිසියා - ශ්‍රී ලංකා වරණීය වෙළෙඳ ගිවිසුම (ISLPTA) අත්සන් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනධිපතිවරණ අපේක්ෂයා ලෙස නාමල් රාජපක්ෂ මහතා නම් කර තිබේ.

ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත්කොට තිබිය දී පළාත් සභා මැතිවරණ සංශෝධන කෙටුම්පතක් පාර්ලිමේන්තුවට දෙවන වර කියවීම සඳහා ඉදිරිපත් කිරීමට නියමිත බවත්, එය සුමන්තිරන් මන්ත්‍රීවරයාගේ පෞද්ගලික යෝජනාවක් ලෙස ඉදිරිපත් කළ කෙටුම්පතක් බවත් යුතුකම ජාතික සංවිධානයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා පවසයි.

තමන්ට ද එක් එක් “අප්පොච්චිලා” “ඇමතිකම්-තාන්නමාන්න” සඳහා ඇරයුම් එවා ඇති නමුත් තමන් කිසිවිටෙකත් “තනතුරු පොදියට- ධන කුට්ටියට” රස වැටී තම ප්‍රතිපත්ති පාවා දී නොමැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, සර්වජන බලය විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.


ප්‍රධාන පුවත්

සුරේෂ් සලේ වෙනුවෙන් ඇරඹි සත්‍යග්‍රහය දෙවන දිනටත්.. රණවිරුවන්, දේශපාලනඥයන් සහ සිවිල් සංවිධාන සලේ වෙනුවෙන් පෙරට..

හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ නීති විරෝධීව රඳවාගෙන වධ හිංසා පැමිණවීමට එරෙහි විරෝධතාව සහ සත්‍යග්‍රහය දෙවන දිනටත් අද දිනයේ ක්‍රියාත්මක වේ.

සුරේෂ් සලේට අමානුෂික ලෙස සැලකීම ව්‍යවස්ථා විරෝධියි.. - එජාපයෙන් නිවේදනයක්

රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානී මේජර් ජනරාල් සුරේෂ් සලේ අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමේදී ඔහුට අමානුෂික අන්දමින් සලකා ඇති බව පවසමින් එක්සත් ජාතික පක්ෂය (එජාප) විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

රටේ ආර්ථික අර්බුදයේ ඇත්තම කතාව වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙළිකරයි..

විපක්ෂය ද ලණු දී ආණ්ඩුවට යන ගමන යන්නට ඉඩදී බලා සිටින බවත්, සියල්ල අවුල් කරගන්නා තැනට පත්වන තෙක් ඔවුන්ද බලාසිටින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

එක් නඩුවකින් සරණ ගුණවර්ධනට බරපතල වැඩ සහිත වසර 04 ක සිර දඬුවම්..

අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කර තිබූ දූෂණ චෝදනා වලට වරදකරු කළ සරණ ගුණවර්ධනට එක් නඩුවකින් බරපතල වැඩ සහිත වසර 04 ක සිර දඬුවමක් කොළඹ මහාධිකරණය විසින් නියම කළේය.

සුරේෂ් සලේ වෙනුවෙන් පවත්වන සත්‍යග්‍රහයට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයත් එක්වෙයි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් ආරම්භ කර ඇති සත්‍යග්‍රහය තවදුරටත් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී පැවැත්වේ.

සලේගේ විමර්ශනවලට අදාළව මානව හිමිකම් කොමිසමෙන් CIDයට කැඳවීමක්..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව කරුණු දැක්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට මෙම සතිය තුළ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිශන් සභාව වෙත පැමිණෙන ලෙස දැනුම් දී තිබේ.

පාස්කු ප්‍රහාරයේ නියම සත්‍ය කියන්නේ මාලිමාවට අවශ්‍ය සත්‍ය නෙවෙයි.. සහරාන් වරෙන්තු වී සිටියදී මඩකලපුව අධිකරණයට හංගගෙන ආපු නීතිඥයා ගැනත් හෙළිකරන්න.. - සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රතිචාර

පාස්කු වින්දිතයන්ට පාස්කු ප්‍රහාරයේ සත්‍ය දැනගැනීමට අයිතියක් ඇති බවට සිරිල් ගාමිණී පියතුමා පැවසූ බවත්, එය පිළිගන්නා නමුත් එම සත්‍ය වන්නේ මාලිමා රජයට අවශ්‍ය සත්‍ය හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකට අවශ්‍ය සත්‍ය නොව ඇත්තම සත්‍ය බවත් නීතිඥ මනෝජ් ගමගේ මහතා පවසයි.

සුරේෂ් සලේගේ ආරක්ෂාව වෙනුවෙන් දියත් කර ඇති සත්‍යග්‍රහයට උපරිමයෙන් දායක වන්න.. - ජාතික සංවිධාන එකමුතුවෙන් ඉල්ලීමක්

හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා පෞද්ගලිකව ඉලක්ක කර ගනිමින් ව්‍යාජ චෝදනා එල්ල කිරීම පිටුපස ආරක්ෂක හමුදා බිය වද්දා බෙදුම්වාදී අරමුණු ඉටුකර ගැනීමට අධිරාජ්‍යවාදී බලවේග දියත් කරන කුමන්ත්‍රණකාරී මෙහෙයුමක් පවතින බව ජාතික සංවිධාන එකමුතුව පවසයි.

ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ සඳහා රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටින හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත්වෙන සත්‍යග්‍රහයට අද (08) ඔහුගේ මව සහභාගී විය.

ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"

පසුගියදා පිලිපීනයේ චීන තානාපති කාර්යාලය නැවත වරක් අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් සඳහන් කළේ, පිලිපීන හමුදා සහ නීතිය බලාත්මක කිරීමේ ආයතන විසින් පිලිපීනයේ වෙසෙන චීන පුරවැසියන් සහ ව්‍යවසායන් ඉලක්ක කරගනිමින් සිදු කරන පරීක්ෂා කිරීම්, හිරිහැර කිරීම් සහ තෝරා බේරා නීතිය බලාත්මක කිරීම් වැඩි වැඩියෙන් සිදුවන බවයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.