අලුත් අවුරුදු නැකැත් සීට්ටුව... පුණ්‍ය කාලය අපර භාග 8.57ට... අලුත් අවුරුදු උදාව 14 වැනි සඳුදා දින පූර්ව භාග 3.21ට..
නව සඳ බැලීම
අභිනව චන්ද්‍ර මාස වර්ෂය සඳහා අභිනව සූර්ය වර්ෂ සඳහා මැයි 01 වැනි බ්‍රහස්පතින්දා නව සඳ බැලීම මැනවි.
පරණ අවුරුද්ද සඳහා ස්නානයට
අප්‍රේල් මස 13 වැනි ඉරිදා දින දිඹුල් පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණය කිරීම මැනවි.
අලුත් අවුරුදු උදාව
අප්‍රේල් මස 14 වැනි සඳුදා දින පූර්ව භාග 3.21ට සිංහල අලුත් අවුරුද්ද උදාවේ.
පුණ්‍ය කාලය
අප්‍රේල් මස 13 වැනි ඉරිදා අපර භාග 8.57 සිට පසුදා එනම් 14 වැනි සඳුදා පූර්ව භාග 9.45 දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් 13 වැනි ඉරිදා අපර භාග 8.57ට පළමුව ආහාර පාන ගෙන සියලු වැඩ අතහැර ආගමික වතාවත්වල යෙදීම ද පුණ්‍ය කාලයේ අපර කොටසේ එනම් අප්‍රේල් 14 වැනි සඳුදා පූර්ව භාග 3.21 සිට 14 වැනි සඳුදා පූර්ව භාග 9.45 දක්වා පහත දැක්වෙන පරිදි ආහාර පිස, වැඩ අල්ලා, ගනුදෙනු කිරීම, ආහාර අනුභවය ආදී නැකත් චාරිත්‍ර ඉටුකර ගැනීම මැනවි.
ආහාර පිසීම
අප්‍රේල් මස 14 වැනි සඳුදා පූර්ව භාග 4.04ට තඹ වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිසාව බලා ළිප් බැඳ ගිනි මොළවා කිරි බතක් ද කැවිලි වර්ගයන් ද කිරි සහ විලඳ පිළියෙල කරගැනීම මැනවි.
වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම සහ ආහාර අනුභවය
අප්‍රේල් මස 14 වැනි සඳුදා දින පූර්ව භාග 6.44ට මුතු හා ස්වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම, ආහාර අනුභවය මැනවි.
හිස තෙල් ගෑම
අප්‍රේල් මස 16 වැනි බදාදා දින පූර්ව භාග 9.04ට පච්ච වර්ණ හෙවත් කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිසාව බලා හිසට කොහොඹ පත් ද පයට කොළොන් පත් ද තබා කොහොඹ යුෂ මිශ්‍ර නානු ගා තෙල් ගා ස්නානය කිරීම මැනවි.
රැකී රක්‍ෂා සඳහා පිටත්ව යෑම
අප්‍රේල් මස 17 වැනි බ්‍රහස්පතින්දා පූර්ව භාග 9.03ට රන්වන් පාට වස්ත්‍රාභරණයෙන් සැරසී කිරිබත් ද එළකිරි මිශ්‍ර කැවිලි වර්ගයක් ද අනුභව කර උතුරු දිසාව බලා පිටත්ව යෑම මැනවි.
පැළ සිටුවීම
අප්‍රේල් මස 18 වැනි සිකුරාදා දින පූර්ව භාග 10.16ට විචිත්‍ර වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී නැඟෙනහිර දිසාව බලා පැළ සිටුවීම මැනවි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි