News Category
From Date
To Date
Maximum Number of Result

නිමාවූ මහ මැතිවරණයේ දී, ජාතික ජන බලවේගය ඓතිහාසික ජයග්‍රහණයක් ලබාගෙන ඇති බවත්, .අභියෝග දිනීම සඳහා මිස ලැබුණු තුනෙන් දෙකේ බලය වෙනත් දෙයකට භාවිත නොකරන බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

දෙවන පරපුර නියෝජනය කළ පළමු පාර්ලිමේන්තු මැතිවරණයේ දී එම පක්ෂය වෙනුවෙන් වටිනා ඡන්ද 16,950 ලබා දුන් ජනතාවට සහ දෙවන පරපුර පක්ෂයේ මැතිවරණ ක්‍රියාකාරී කටයුතු වෙනුවෙන් නන් අයුරින් සහයෝගය ලබා දුන් සියල්ලන්ට දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා සිය ප්‍රණාමය දක්වා තිබේ.

2024 මහ මැතිවරණයේ සමස්ත ප්‍රතිඵලය මේ වනවිට නිකුත්කර තිබේ.

එක්සත් ජනපද ජනාධිපති ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ පසුගිය ජනපතිවරණ ජයග්‍රහණයෙන් පසු දෙවන ධුර කාලය සඳහා සූදානම් වෙමින් පවතින මේ මොහොතේ, ඔහු තම ඉදිරි පරිපාලන කටයුතු සඳහා තෝරාගත් ප්‍රධාන පිරිස් ප්‍රකාශයට පත් කිරීමට පටන් ගෙන තිබේ. මේ දක්වා ඔහුගේ ප්‍රධාන තේරීම් කිහිපයක් මෙන්න:

2024 මහමැතිවරණයේ මේ වන විට නිකුත් කෙරුණු ඡන්ද ප්‍රතිඵල වලට අනුව ජාතික ජනබලවේගයට 10වන පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමිව තිබේ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ජාතික ජන බලවේගය ලබමින් සිටින විශිෂ්ඨ මහමැතිවරණ ජයග්‍රහණය ගැන සටහනක් තබා ඇත.


ප්‍රධාන පුවත්

භාණ්ඩාගාර මංකොල්ලය: වැරැද්ද කාගෙද?.. මහ බැංකුවයි-භාණ්ඩාගාරයයි මූණට මූණ ඇනකොටා ගනී!

ශ්‍රී ලංකා රජය විසින් විදේශීය ණය පියවීම් කටයුතු සඳහා වෙන්කර තිබූ ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක (රුපියල් මිලියන 750කට අධික) රාජ්‍ය මුදලක් සංවිධානාත්මක සයිබර් ප්‍රහාරයක් (Cyber Theft) හරහා සොරකම් කිරීමේ සිදුවීමක් මුල් කරගනිමින්, මහා භාණ්ඩාගාරය (Treasury) සහ ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) අතර බරපතල ආයතනික සහ පරිපාලනමය ගැටුමක් හටගෙන ඇති බව වාර්තා වේ.

විදුහල්පති සේවයට වැටුප් වැඩිකිරීමේ යෝජනාව: ගුරු, විදුහල්පති සේවා වල ස්වාධීනතාවය නැති කරල, වැටුප් විශ්මතාවයක් නෑ කියන්නයි මේ හදන්නෙ - ඒකාබද්ධ ගුරුසේවා සංගමය

ගුරු සේවාවේ උසස් වීමක් ලෙස සලකා විදුහල්පති සේවයට වැටුප් වැඩිකිරීමේ යෝජනාව යනු වෙනත් වටයකින් සමාන්තර සේවා අහෝසි කිරීමට ගන්නා උපක්‍රමයක් බව ඒකාබද්ධ ගුරුසේවා සංගමය චෝදනා කරයි.

ආණ්ඩුවට බැරි බෙදුම්වාදය පරාජය කිරීමේ වගකීම බාරගන්න අපි සූදානම්.. - 'රණවිරු ජනපවුර' ආණ්ඩුවට කියයි..

පසුගිය වසර 30ක යුද්ධයේදී සන්නද්ධ හමුදාවන් සිය වගකීම 100%ක්ම ඉටු කරමින් රට දෙකකට බෙදීමේ තර්ජනයෙන් මුදාගත් බවත්, එලෙස දිනාගත් යුද ජයග්‍රහණය ඉදිරියට පවත්වාගෙන යාම සඳහා බෙදුම්වාදී මතවාද පරාජය කිරීමේ වගකීම බාර ගැනීමට විශ්‍රාමික රණවිරුවන් කිසිසේත් පසුබට නොවන බවත් "රණවිරු ජනපවුර" සංවිධානය අවධාරණය කරයි.

ඉහළ උසාවිවල විනිසුරු පුටු අටක් හිස්..

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරු පුරප්පාඩු අටක් දීර්ඝ කාලයක් තිස්සේ නොපිරවීම හේතුවෙන් අධිකරණ පද්ධතියේ නඩු ගොඩගැසීමෙන් යුක්තිය පසිඳලීමේ කටයුතු වලට බාධා මතුව ඇතැයි අධිකරණ සේවා ආරංචි මාර්ග සඳහන් කරයි.

සාම ගිවිසුමක් සඳහා අමෙරිකාව සහ ඉරානය අවසන් එකඟතාවකට ආවා - පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ්

මැදපෙරදිග කලාපීය යුද්ධය අවසන් කිරීමේ සාම ගිවිසුමක් සඳහා අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අවසන් එකඟතාවයකට පැමිණ ඇති බව පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් පවසයි.

ගෝඨාභය රාජපක්ෂ ඇත්ත මහමොළකරු තේරුම් ගත්තා.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

යුද්ධය අවසන් වූවද බෙම්වාදීන්ගේ මාර්ග සිතියම අවසන් වී නොමැති බවත්, බෙදුම්වාදී මාර්ග සිතියමේ අවසන් සැතපුම යාමට බිඳවැටුනු ආරක්ෂක හමුදාවක් අවශ්‍ය බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

යුක්රේන ගැටුමේදී රුසියාව සමස්ත බටහිර කඳවුරට එරෙහිව තනිව සටන් කරනවා – පුටින්

යුක්රේනය සහ රුසියාව අතර පවතින ගැටුමේදී රුසියාව ඊනියා “සාමූහික බටහිර” (Collective West ) කඳවුරට එරෙහිව තනිව සටන් කරන බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ප්‍රකාශ කළේය.

“පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වූ නිලධාරීන් දැන් මට එරෙහිව පරීක්ෂණ මෙහෙයවනවා”..- සලේ අභියාචනාධිකරණයට කියයි

2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වූ බවට විවිධ විමර්ශන මඟින් හඳුනාගෙන ඇති ෂානි අබේසේකර සහ රවි සෙනෙවිරත්න ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක්, මේ වන විට තමන්ට එරෙහිව විමර්ශන මෙහෙයවමින් සිටින බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, මේජර් ජෙනරාල් සුරේෂ් සලේ සිය නීතිඥවරයා මාර්ගයෙන් පෙරේදා (11) අභියාචනාධිකරණයට දැනුම්දී ඇත.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.