News Category
From Date
To Date
Maximum Number of Result

ක්‍රිෂ් ගනුදෙනුවේදී රුපියල් කෝටි හතක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කළේ යැයි කියන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ අද අධි චෝදනා පත්‍ර බාරදුන්නේය.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී ඊයේ විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත වුණා.

අගමැති හරිනි අමරසූරිය අධ්‍යාපන ඇමතිවරිය විදියට ඇගේ ලෙඩේ පාසල් දරුවන්ටත් බෝ කිරීමේ උත්සාහයක් නියැලෙමින් සිටින බව ජාතික නිදහස් පෙේමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි. ඊයේ (17) ජාතික නිදහස් පෙරමුණෞ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද පැවසීය.

වත්මන් ආණ්ඩුව බලයට පත්වුණේ අවුරුදු 75ක ආපු ආර්ථික ගමන සම්බන්ධයෙන් බලවත් විරෝධතාවක් සහිතව බවත් එසේ වුවත් 2025 අය වැය ලේඛනය මගින් පෙන්නුම් කර ඇත්තේ එම ආර්ථික ගමනම මොවුන් විසින්ද ඉදිරියට ගෙන යෑම බවත් ආචාර්ය හර්ෂද සිල්වා මහතා පැවසීය.

පොහොසත් රටක් සහ ලස්සන ජීවිතයක් පිළිබඳව පොරොන්දු වූ ජනාධිපතිවරණ වේදිකාවේ ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය සමඟ අද අයවැය කතාව සැසඳිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

මැදගොඩ අභයතිස්ස හිමියන් විසින් තම මුහුණ පොතේ මෙසේ පළකර ඇත. මේ දිනවල සමාජයේ වැඩකළ හැකි, තරුණ යථිවරුන් ඉලක්ක කරගෙන ඉතා පහත් ආකාරයේ අපහාස කරීමේ ක්‍රියාවලියක් දියත් වෙමින් පවතින බැවින් ඉන් ආරක්ෂාවන ලෙස සියලුම භික්ෂූන් වහන්සේලාගෙන් උන් වහන්සේ ඉල්ලා ඇත.

ටූත්විත් චමුදිත යූ ටියුබ් නාලිකාවේ සාකච්චාවකට එක්වන දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සදහන් කරන්නේ මේ වසර අවනායේදී රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂනායක ලෙස පාර්ලිමේන්තුවට පැමිණෙන බවත් සජිත් ප්‍රේමදාස මහතාට විපක්ෂනායක කමද නැතිවීමට ඉඩ ඇති බවත්ය. එමෙන්ම USAID සංවිධානයෙන් මුදල් ලබාගැනීම් සිදුකළ නාම ලේඛනය ද ඔහු විසින් මෙහිදී ඉදිරිපත් කරන අතර සම්පූර්ණ වීඩියෝ පහතින්

සියළු අනන්‍ය හර පද්ධතීන්ට එරෙහිව දියත් කළ අමෙරිකානු ගැඹුරු රාජ්‍ය ප්‍රහාරයේ සත්‍ය කථාව කියවා ගන්නට.. "USAID නිරුවත් වානරයාගේ කථා වස්තුව" බුද්ධිමය සම්මන්ත්‍රණය පෙබරවාරි 19 වන බදාදා දින සවස 3:00 ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේ අංක 3 ශාලාවේ දී පැවැත්වේ. ප්‍රධාන දේශන: මහාචාර්ය ටියුඩර් වීරසිංහ හා ජා.නි.පෙ නායක විමල් වීරවංශ මෙම අවස්ථාවට සපැමිණෙන ලෙස ඔබවහන්සේට / ඔබතුමාට / ඔබතුමියට ගෞරවයෙන් යුතුව ඇරයුම් කර සිටින්නෙමු. සංවිධානය:ජාතික අධ්‍යයන කේන්ද්‍රය විමසීම්: 0767283370

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත දෙවනවර කියවීම අද (17) පාර්ලිමේන්තුවේදී විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත විය.


ප්‍රධාන පුවත්

සුරේෂ් සලේගේ පරිගණක මුරපද CIDයට දීම මිලේනියම් සිටි පාවාදීමටත් වඩා භයානකයි.. රාජ්‍ය බුද්ධි රහස් ඩයස්පෝරාවේ කුලීකරුවන්ට පාවා නොදෙනු! - ජයන්ත සමරවීර

රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානී මේජර් ජෙනරල් තුවාන් සුරේෂ් සලේ මහතා සතු ජාතික ආරක්ෂාවට අදාළ අතිශය රහසිගත බුද්ධි තොරතුරු සහ පරිගණක මුරපද (Passwords) ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව උත්සාහ කරමින් සිටින බවත්, එම තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වත්මන් බලධාරීන්ට ලබාදීම රට පාවාදුන් “මිලේනියම් සිටි” පාවාදීමටත් වඩා භයානක අපරාධයක් හා විනාශයක් රටට අත්පත්කර දීමක් බවත් ජාතික නිදහස් පෙරමුණ අවධාරණය කරයි.

හම්බන්තොට වරාය අසල අක්කර 108ක් සංවර්ධනය කිරීමට විදේශීය ආයෝජකයින් සොයයි..

හම්බන්තොට ප්‍රදේශයේ පිහිටි අක්කර 108ක ඉඩමක් කර්මාන්ත සහ බහාලුම් (container) ව්‍යාපෘතියක් සඳහා වසර 50කට බදු දීමට සහ ඒ සඳහා ආයෝජකයින් කැඳවීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

සූරේෂ් සලේව නිරුවත් කළ බව CIDය පිළිගත්තා.. - සලේගේ බිරිඳගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සූරේෂ් සලේ මහතා රඳවා සිටියදී නිරුවත් කර පරීක්ෂාවකට ලක් කළ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පිළිගත් බව සූරේෂ් සලේ මහතාගේ බිරිඳ, මනෝරි සලේ මහත්මිය පවසන්නීය.

පැල්වත්ත ඩේරි ඉන්ඩස්ට්‍රීස් ආයතනයේ නිර්මාතෘ සහ සභාපති ආරියශීල වික්‍රමනායක 2026 වසරේ ආසියාවේ ශ්‍රේෂ්ඨතම වෙළඳ නාම සහ නායකයන් අතර ගෞරවයට පාත්‍ර වෙයි..

පැල්වත්ත ඩේරි ඉන්ඩස්ට්‍රීස් ලිමිටඩ් ආයතනය 2026 වසරේ ආසියාවේ ශ්‍රේෂ්ඨතම වෙළඳ නාම (Asia’s Greatest Brands 2026) අතරට තේරී පත්ව ඇති අතර, එහි නිර්මාතෘ සහ සභාපති ආරියශීල වික්‍රමනායක මහතා 2026 වසරේ ආසියාවේ ශ්‍රේෂ්ඨතම නායකයන් (Asia’s Greatest Leaders 2026) අතරට නම් කර ගෞරවයට පාත්‍ර කර ඇත.

සුරේෂ් සලේ අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමට එරෙහිව පැරීසියේදී දැවැන්ත විරෝධතාවයක්..

හිටපු බුද්ධි අංශ ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා රහස් පොලිසිය (CID) මගින් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමට එරෙහිව ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් විසින් සංවිධානය කරනු ලබන දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් 2026 ජූනි 24 වන අඟහරුවාද පස්වරු 3.00 ට ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

ඩොලරය අතහැර රුපියල්වලින් ගණුදෙනු කරන්න ඉන්දු - ලංකා අවධානය..

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සිදු කෙරෙන ද්විපාර්ශ්වික වෙළඳ කටයුතුවලදී ඇමෙරිකානු ඩොලරය මත යැපීම අවම කර, දෙරටේ දේශීය මුදල් ඒකක වන රුපියල් භාවිතයෙන් සෘජුවම ගනුදෙනු පියවීම කෙරෙහි අවධානය යොමුව ඇති බව වාර්තා වේ.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්..

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළේය.

උතුරේ සිංහල ජනාවාස දරුණු අර්බුදයක.. පවුල් 300කට වඩා බෞද්ධහරණයට ලක්වෙලා.. - ආචාර්ය චන්න ජයසුමන හෙළිකරන කතාව

උතුරු පළාතේ සිංහල ජනාවාසවල අවසන් සීමාව සනිටුහන් කරන පදවි ගොවි ජනපදයේ බෝගස්වැව ඇතුළු ගම්මාන රැසක බෞද්ධ ජනතාව ඉලක්ක කරගනිමින් ඉතා සූක්ෂම බෞද්ධහරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

වසවිලාන් හමුදා රෝහලේ ඉදිකිරීම් වහාම නවත්වනු! - වලිකාමම් උතුරු ප්‍රාදේශීය සභා සභාපති යාපනය ආරක්ෂක සේනාංක මූලස්ථානය වෙත ලියයි

යාපනයේ වාසවිලාන් ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින නව යුද හමුදා රෝහලේ ඉදිකිරීම් කටයුතු වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කරන ලෙස වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් යාපනය ආරක්ෂක සේනාංක මූලස්ථානය වෙත ලිපියක් මගින් දැනුම් දී තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.