News Category
From Date
To Date
Maximum Number of Result

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරන යටතේ පරිපුර්ණ ලිංගික අධ්‍යාපනය (Comprehensive Sex Educations) සංකල්ප අටක් (08) යටතේ වයස් කාණ්ඩ 04 කට අවුරුදු 5-8, 9-12, 12-15, 15-18 LBGTQ++ප්‍රවර්ධනයට පාසල් විෂය නිර්දේශය යටතේ හදුන්වා දිමට පසුබිම සකස් කොට ඇති බව මේ වන විට හෙළිදරව් වී තිබේ.

දරුවන්ගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මුවාවෙන් අසභ්‍ය සහ සංස්කෘතියට නොගැලපෙන දේ එකතු කිරීමට මෙම රජය දරන උත්සහාහය පිළිබඳව මේ වන විට රටේ ජනතාව සංවේදී වී ඇති බවත්, මෙය මේ වන විට රටේ ඇති වී තිබෙන දරුණු ප්‍රශ්නයක් බවට පත්ව ඇති බවත් මව්වරුන්ගේ පෙරමුණේ ජාතික සංවිධායක නීතිඥ දර්ශනී ලහුඳුපුර මහත්මිය පවසයි.

ඉරානය තුළ මේ වන විට ක්‍රියාත්මක වන රජයට එරෙහි විරෝධතාවලට අමෙරිකානු එක්සත් ජනපදය මැදිහත් වුවහොත්, එය රතු ඉර ඉක්මවා යාමක් ලෙස සලකා පසුතැවීමට සිදුවන ආකාරයේ දැඩි ප්‍රතිචාරයක් ලබා දෙන බව ඉරාන ඉහළ පෙළේ නිලධාරීන් අනතුරු අඟවා තිබේ.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ඉංග්‍රීසි මොඩියුලයේ පමණක් නොව ඉතිහාසය මොඩියලයේද දෝෂ ඇති බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා සඳහන් කරයි.

රුහුණු කතරගම මහා දේවාලයට බැතිමතුන් විසින් පූජා කරන ලද රන් භාණ්ඩ තොගයකින් කොටසක් අලෙවි කර, එමගින් ලැබෙන ආදායම ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ (Rebuilding Sri Lanka) අරමුදලට පරිත්‍යාග කිරීමට තීරණය කර තිබේ.

2026 වසරේ පළමු කාර්තුව සඳහා විදුලි ගාස්තු 11.57%ක ප්‍රතිශතයකින් ඉහළ නැංවීමට අවසර ඉල්ලමින් ලංකා විදුලිබල මණ්ඩලය විසින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත නිල යෝජනාවලියක් ඉදිරිපත් කර තිබේ.

මේ වන විට 6 වසර ඉංග්‍රීසි මොඩියුලයට අසභ්‍ය සමලිංගික වෙබ් අඩවියක ලිපිනයක් ඇතුළු කිරීම පිළිබඳව සමාජයේ පැනනැගුණු ආන්දෝලනය මුල්කරගෙන ජාතික අධ්‍යාපන ආයතනයේ යම් නිලධාරීන්ට දඬුවම් කිරීම සහ ඉල්ලා අස්වීමට බලකිරීම මගින් පැනනැගුන අර්බුදය සමනය කරගැනීමට ආණ්ඩුව උත්සාහ කරන බවට සමාජයේ පවතින කතාබහ පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

දිගු කාලීන ආර්ථික අර්බුදයක් සහ ජාතික මුදල් ඒකකයේ දැඩි අස්ථාවරත්වය හේතුවෙන් ඇති වූ මහජන විරෝධතා රැල්ලකට ඉරානය මේ වන විට මුහුණ දී තිබේ.

හය ශ්‍රේණියේ ඉංග්‍රීසි විෂයයේ මොඩියුලයට ගැටලු සහගත වෙබ් අඩවියක් ඇතුළත් කිරීමට සම්බන්ධව අදහස් දක්විමින් ඒකාබද්ධ ගුරු සේවා සංගමයේ ලේකම් අමිල සඳරුවන් පවසන්නේ මෙම මොඩියුලයේ උපදේශක මණ්ඩලයේ සිටින ආචාර්යවරයකුගේ දුව පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී එන්.පී.පී.යෙන් ඡන්දය ඉල්ලා ඇති බවය.


ප්‍රධාන පුවත්

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..

ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය බන්ධනාගාරයේ දී ඉවත්කොට අධිකරණයට ගෙන ඒම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ඇතුළු වගඋත්තරකරුවන් 10 දෙනෙකුට එරෙහිව බ්‍රිගේඩියර්(විශ්‍රාමික) අතුල හේමචන්ද්‍ර ද සිල්වා මහතා අභියාචනාධිකරණයේ නඩු අංක CA/WRIT/787/2026 යටතේ අද දින (2026.10.12) නඩුවක් ගොනුකර තිබේ.

චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..

චීන–ලාඕස දුම්රිය මාර්ගය ඔස්සේ සිදුකර ඇති සමස්ත වෙළෙඳ ගනුදෙනුවල වටිනාකම යුවාන් බිලියන 100 (ඇමෙරිකානු ඩොලර් බිලියන 14.9ක් පමණ) ඉක්මවා ගොස් තිබේ. එම මාර්ගය හරහා මේ වන විට ආනයන හා අපනයන භාණ්ඩ ටොන් මිලියන 20.77කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කර ඇති බව වාර්තා වේ.

ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹීමේ ආදර්ශය අනුගමනය කරමින් රුසියාව සමඟ ආර්ථික සබඳතා යළි ස්ථාපිත කරන ලෙස ජර්මනියේ විපක්ෂ දේශපාලන පක්ෂ දෙකක් ඉල්ලා ඇතැයි වාර්තාවේ.

රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්

රුසියාව සහ යුක්‍රේනය අතර වහාම ක්‍රියාත්මක වන පරිදි බලශක්ති ඉලක්ක වෙත එල්ල කරන ප්‍රහාර අත්හිටුවීමේ එකඟතාවක් ඇති කරගෙන තිබෙන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)

ඊයේ(11) දිනයේ උතුරු නේපාලයට බලපෑ හදිසි මහා ගංවතුර හේතුවෙන් නිවාස හා පාලම් රැසක් ගසාගෙන ගොස් ඇති අතර, පුද්ගලයන් පස්දෙනකුට අධික පිරිසක් අතුරුදන්ව සිටින බව වාර්තා වේ.

ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ

කැනඩාවේ ඔන්ටාරියෝ (Ontario) පළාත් ව්‍යවස්ථාදායකය විසින් 'දෙමළ ජන සංහාරය' (Tamil Genocide) යන සංකල්පය හෝ එය නිල වශයෙන් පිළිගෙන නොමැති බව එරට අධිකරණ තීන්දු මඟින් තහවුරු වී ඇති බව ආචාර්ය නෙවිල් හේවගේ මහතා පෙන්වා දෙයි.

ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..

බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හා භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ කළ පා ගමන අද (12) තෙවන දිනටත් පැවැත්වේ.

"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..

ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීමට පෙර තමන්ට ඇමතුමක් ලබාදී හමුවන ලෙස දැන්වූ බවත්, එහිදී උන්වහන්සේ පැවසුවේ උන්වහන්සේව අත්අඩංගුවට ගත් පසු සිවුර ගැලවීම අනිවාර්යෙන් සිදුකරන බව යැයිද, කළින්ම උන්වහන්සේ මේ පිළිබඳව දැනසිටි බවත්, තමන් සමග මේ සම්බන්ධයෙන් උන්වහන්සේ කතා කළ බවත් නීතිඥ සංජීව වීරවික්‍රම මහතා හෙළිදරව්වක් සිදුකරමින් පවසයි.

අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි

අනුරාධපුර පූජා නගරය ගොඩනැගීම සඳහා විශාල ආධාර මුදලක් ඉදිරියේදී ඉන්දියානු රජයෙන් ලැබීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.