News Category
From Date
To Date
Maximum Number of Result

අගමැති හරිනි අමරසූරිය පොළ පොත්වලට වෙබ් ලින්ක් යොදන්න නොකී බවට ඊයේ සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් මහාචාර්ය මහින්ද පතිරණ මහතා තම මුහුණු පොතේ සටහනක් තබමින් පවසන්නේ එය අමූලික බොරුවක් බවය.

රටේ සෞඛ්‍ය සේවයට කාටත් ලගාවියහැකි ආකාරයට දියුණුකිරීම රජයේ වගකීම නමුත් ඒ මුවාවෙන් ‍රජයේ සෞඛ්‍ය සේවය පෞද්ගලික අංශයට ක්‍රමයෙන් ලබාදීමට ආරම්භ කිරීමක්දැයි සැකයක් ඇති බව දෙවන පරපුර පක්ෂයේ මෙහෙයුම් මණ්ඩල සාමාජික වෛද්‍ය සිසිර ලියනගේ මහතා පවසයි.

වෙනිසියුලාවේ ජනාධිපතිවරයා පාවා දුන්නේ කියුබානු ඔත්තුකරුවන්ය යන ලෝකය පුරා පතුරුවන මතය සම්බන්ධව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් පවසන්නේ අමෙරිකානු එක්සත් ජනපදයේ මානසික මෙහෙයුම් භාරව සිටින කණ්ඩායම් අධිරාජ්‍යය විරෝධී ජනයාගේ මනස තුළ කියුබානු ජනයා අධිරාජ්‍ය විරෝධී ජගත් දේශපාලනය තුළ තබා ඇති විශිෂ්ඨත්වයේ සලකුණට කළු පැල්ලම් එකතු කිරීමේ මෙහෙයුමක් දියත් කරමින් සිටින බවයි.

කුඹුරක වුවද අලුත්ම පැලයක් රෝපණය කරන්නේ යම් ක්‍රියාවලියකින් පසුව බවත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුකළ යුත්තේ ද ඒ අනුව බවත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ඇප මත මුදා හැර තිබේ.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පාලම ආරම්භ කිරීමට සවිස්තරාත්මක ව්‍යාපෘති වාර්තාවක් සකස් කිරීමේ ක්‍රියාවලිය සිදු කිරීම සඳහා ශ්‍රී ලංකා රජයට දුන් ඉන්දියාවේ යෝජනාව තවමත් පවතින බව ත් ශ්‍රී ලංකා රජය එයට ප්‍රතිචාර දක්වන තෙක් ඉන්දියාව බලා සිටින බව ත් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා සඳහන් කළේ ය.

වෙනිසියුලාවේ ජනතාවගේ ඡන්දෙන් පත්ව සිටි ජනාධිපති නිකොලස් මධුරෝ අමෙරිකා එක්සත් ජනපදයේ පුටින් පරිපාලනය විසින් පැහැරගෙන යාම සම්බන්ධයෙන් ප්‍රවාහන මහා මාර්ග ඇමැති බිමල් රත්නායක මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකළේය.

6 වසර ඉංග්‍රීසි පොතේ මතභේදයට තුඩුදී ඇති සමලිංගික වෙබ් අඩවියේ සබැඳිය අඩංගු පිටු එලෙසින්ම පෞද්ගලික උපකාරක පංතිවල උගන්වමින් සිටින බව සාක්ෂි සහිතවම පූජ්‍ය උලපනේ සුමංගල හිමි පවසති.

බදුල්ල දිස්ත්‍රික්කයේ සියලුම පාසල්වලට අද (09) පෙ.ව. 11 වනවිට නිවාඩු ලබාදී දරුවන් සහ ගුරුවරුන් පිටත්කර හැරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා දැනුම්දීමක් සිදුකර තිබේ.


ප්‍රධාන පුවත්

ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹීමේ ආදර්ශය අනුගමනය කරමින් රුසියාව සමඟ ආර්ථික සබඳතා යළි ස්ථාපිත කරන ලෙස ජර්මනියේ විපක්ෂ දේශපාලන පක්ෂ දෙකක් ඉල්ලා ඇතැයි වාර්තාවේ.

රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්

රුසියාව සහ යුක්‍රේනය අතර වහාම ක්‍රියාත්මක වන පරිදි බලශක්ති ඉලක්ක වෙත එල්ල කරන ප්‍රහාර අත්හිටුවීමේ එකඟතාවක් ඇති කරගෙන තිබෙන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)

ඊයේ(11) දිනයේ උතුරු නේපාලයට බලපෑ හදිසි මහා ගංවතුර හේතුවෙන් නිවාස හා පාලම් රැසක් ගසාගෙන ගොස් ඇති අතර, පුද්ගලයන් පස්දෙනකුට අධික පිරිසක් අතුරුදන්ව සිටින බව වාර්තා වේ.

ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ

කැනඩාවේ ඔන්ටාරියෝ (Ontario) පළාත් ව්‍යවස්ථාදායකය විසින් 'දෙමළ ජන සංහාරය' (Tamil Genocide) යන සංකල්පය හෝ එය නිල වශයෙන් පිළිගෙන නොමැති බව එරට අධිකරණ තීන්දු මඟින් තහවුරු වී ඇති බව ආචාර්ය නෙවිල් හේවගේ මහතා පෙන්වා දෙයි.

ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..

බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හා භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ කළ පා ගමන අද (12) තෙවන දිනටත් පැවැත්වේ.

"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..

ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීමට පෙර තමන්ට ඇමතුමක් ලබාදී හමුවන ලෙස දැන්වූ බවත්, එහිදී උන්වහන්සේ පැවසුවේ උන්වහන්සේව අත්අඩංගුවට ගත් පසු සිවුර ගැලවීම අනිවාර්යෙන් සිදුකරන බව යැයිද, කළින්ම උන්වහන්සේ මේ පිළිබඳව දැනසිටි බවත්, තමන් සමග මේ සම්බන්ධයෙන් උන්වහන්සේ කතා කළ බවත් නීතිඥ සංජීව වීරවික්‍රම මහතා හෙළිදරව්වක් සිදුකරමින් පවසයි.

අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි

අනුරාධපුර පූජා නගරය ගොඩනැගීම සඳහා විශාල ආධාර මුදලක් ඉදිරියේදී ඉන්දියානු රජයෙන් ලැබීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..

මාලිමාවට රැවටී තමන් වහන්සේද මාලිමාවට ඡන්දය දුන් බවත්, රට හදනවා කියා, උගන්ඩාවේ සල්ලි ගේනවා කියා, දූෂණ වංචා නොකරනවා කියා, ජනතාවට නැති කිසිවක් අපිට එපා කියා, ජනතාව අන්දවා ඡන්දය ගත් හැටි අද හොඳින් අවබෝධවී ඇති බවත් මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමියෝ පවසති.

රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි

ඇමරිකාව සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ මතු වී ඇති දැඩි ඉන්ධන හිඟයට විසඳුමක් ලෙස, රුසියාව සහ එක්සත් ජනපදය අතර සුවිශේෂී සහ ඓතිහාසික බලශක්ති ගිවිසුමකට එළඹ තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.