News Category
From Date
To Date
Maximum Number of Result

ඩොලර් 50,000 කඩදාසි ගුවන් යානය: ඇමරිකාව බංකොලොත් කිරීමට සැලසුම් කරන ඉරානයේ වීජ ගණිත සමීකරණය

Mar 14, 2026 at 10:17 PM
|

පෘථිවියේ දියුණුම හමුදාව මූල්‍යමය වශයෙන් අඩපණ කළ හැකි තරම් ලාභදායී, සරල සහ බහුලව නිපදවා ඇති ආයුධයක් සම්බන්ධයෙන් සිත යොමු කරන්න. එය අඩු වියදමින් නිර්මාණය කළ විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක ඇති කුමන්ත්‍රණයක් මෙන් බැලූ බැලමට පෙනී යයි. නමුත් භූ දේශපාලන විශ්ලේෂක මහාචාර්ය ජියැං සුඕකින්ට අනුව, එය දැන් අපගේ ඇස් පනා පිට දිග හැරෙන යථාර්ථයකි. ආයුධය කුඩා ඩ්‍රෝනයක් වන අතර එය භාවිතා කරන රට ඉරානයයි. ඔවුන්ගේ ඉලක්කය ඇමරිකානු භූමිය නොව ඇමරිකානු මුදල් පසුම්බියයි.

“මෙය අතින් කරන සටනක් නොවේ. මෙය මොළය මෙහෙයවා කරන සටනක්.” යනුවෙන් පවසන මහාචාර්ය සුඕකින් මෑත කාලීන මත දක්වන වීඩියෝ සාකඡාවකදී, ගෝලීය සුපිරි බලවතෙකුට අභියෝග කිරීමට ඉරානයේ දක්ෂ හා සරල උපාය මාර්ගය ලෙස ඔහු හඳුන්වන  ප්‍රපංචය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු ගෙනහැර දැක්වීය.

ෂහාඩ් හමුවන්න: චොකලට් බාර් එකක් වූ ඩ්‍රෝන් යානා

එක්සත් ජනපද හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලබන මට සිළුටු, මිල අධික රීපර්(Reaper) ඩ්‍රෝන් යානා මදකට අමතක කරමු. ඉරාන අවි ගබඩාවේ තරුවක් බවට පත් වී සිටින්නේ ෂහාඩ් ඩ්‍රෝන් යානයයි. මෙවැනි මිසයිලයක් සෑදීමට ඉරානයට ඩොලර් 35,000 ත් 50,000 ත් අතර මුදලක් වැය වේ. මිලිටරිමය වශයෙන් ගත් කළ, එය සාක්කුවට දැනෙන වෙනසක් ඇති කරයි. එය ෆෙරාරි කාර් රථ උත්කර්ෂයට නැගූ ලෝකයක චොකලට් බාර් එකක අගයකට වැටෙන නිමැවුමකි.  නවීන ඩ්‍රෝනයානයක තාක්ෂණික දියුනුවට ලංවිය නොහැකි වන නමුත් එයට විශාල පරිමාවෙන් නිපදවෙන විනාශකාරී මිසයිල වලින් වන්දි ලබා ගැනීමට හැකියාව ඇති අවියකි.

ඉරානය සෑම දිනකම මෙම ඩ්‍රෝන යානා 500 ක් පමණ නිෂ්පාදනය කරන අතර දියත් කිරීමට සූදානම්ව 80,000 කට ආසන්න තොගයක් ඇති බවට විශ්වාස කෙරේ. ඒවා සිවිල් ට්‍රක් රථයක පිටුපස රඳවා තැබීමට මෙන්ම, ඕනෑම තැනක සිට දියත් කිරීමට සහ පහසුවෙන් සඟවා තැබීමට හැකි තරම් කුඩාවේ. ඒවා ලාභදායී වුවද, "සෙල්ලම් බඩු" නම් වනේ නැත. තනි ෂහාඩ් ඩ්‍රෝනයකට තෙල් නිධියක් විනාශ කිරීමට, ජල බලාගාරයක් අඩපණ කිරීමට හෝ හෝටලයක් සමතලා කිරීමට තරම් බලවත් හැකියාවක් ඇත.

දැන්, එවැනි ලාභදායි තර්ජනයකට එරෙහිව ඇමරිකාවේ ප්‍රධාන ආරක්ෂාව සලකා බලමු. THAAD මිසයිල පද්ධතිය යනු ප්‍රහාරක මිසයිලය පෘථිවියට වැටීමට පෙර ඉහළ අහස් කුසේදී එය විනාශ කර ප්‍රදේශය ආරක්ෂා කරන මිසයිල් ආරක්ෂක පද්ධතියකි. මෙම මිසයිල පද්ධතිය පැමිණෙන තර්ජන පරාජය කිරීමට නිර්මාණය කර ඇති යෝධ, නිශ්චල රොබෝ ගෝල රකින්නෙකු  වැනිය. එය ඇදහිය නොහැකි තරම් දියුණු මිසයිලයකි.මෙවැනි මිසයිලයකට අමෙරිකානු ඩොලර් මිලියනයක් පමණ වැය වෙතැයි ගණන් බලා ඇත.

මෙහි ඇති වීජ ගණිත සමීකරණය වටහා ගනිමු. ඉරානයෙන් එවන ඩොලර් 50,000 ක ඩ්‍රෝන යානයක් නැවැත්වීමට, එක්සත් ජනපදය ඩොලර් මිලියන 1 ක මිසයිලයක් දියත් කළ යුතුය. තවද මෙම THAAD මිසයිල පද්ධති ලාභ සතුරු ඩ්‍රෝන ඉලක්ක රංචු විනාශ කිරීම සඳහා නිර්මාණය කර නොමැති හෙයින් සතුරු ඩ්‍රෝන ප්‍රහාර  බොහෝ විට මග හැරේ. ඉරාන ඩ්‍රෝන විනාශ කර දැමීම සහතික කිරීම සඳහා එකවර THAAD  මිසයිල දෙකක් හෝ තුනක් අවශ්‍ය වේ. ඒ අනුව, ඇමරිකාව, ඉරානයෙන් එවන ඩොලර් 50,000 ක ගැටලුවක් නැවැත්වීමට ඩොලර් මිලියන 2 සිට 3 දක්වා වියදම් කරන තත්වයට පත් වී තිබේ.

“එය මදුරුවෙකුට පහර දීමට දියමන්ති කඩුවක් භාවිතා කරනවා හා සමානයි,” මහාචාර්ය ජියැං සුඕකින්උපහාසය මුසුව පවසයි. “ඉරානය ඩොලර් 1 ක් වියදම් කරන සෑම අවස්ථාවකම ඇමරිකාවට ඩොලර් 60 ක් වැය කිරීමට පොළොඹවනවා. ඒ අනුව ඉරානය මුදල් සමඟ කරන ක්‍රීඩාවෙන් නිසැක ජයක් අත්පත් කර ගනිමින් සිටිනවා.”

සීතල යුද්ධයේ සුරා මතින් ඇතිවන හෝන්දු මාන්දුව සහ දූෂණ උගුල

ලෝකයේ එකම සුපිරි බලවතාට ලාභදායී ආරක්ෂාවක් ගොඩනගාගත නොහැක්කේ ඇයි? යන පැනයට පිළිතුර ලෙස මාහාචාර්ය සුඕකින් ඉදිරිපත් කරන්නේ, ඓතිහාසිකව ගොඩ නැගුණු උනන්දු හීනකම සහ පද්ධතිමය දූෂණයේ විෂ සහිත සංයෝජනය මෙයට  හේතුව ලෙස  බලපා ඇති බවයි.

එක්සත් ජනපද මිලිටරි-කාර්මික සංකීර්ණය සීතල යුද්ධය අතරතුර නිර්මාණය කරන ලද අතර,එය තවත් න්‍යෂ්ටික සන්නද්ධ සුපිරි බලවතෙකු ලෝකයේ නැගීම වැළැක්වීම සඳහා භයානක ලෙස බලවත් ආයුධ තැනීමේ අවශ්‍යතාවය මගින් හැඩකරනු ලැබූ යුගයකි. ඔවුන්ගේ ඉලක්කය වූයේ සතුරාට බියජනක ලෙස පෙනීම සහ කැපී පෙනෙන ලෙස තරඟයක් ජයග්‍රහණය කිරීමයි.අවසානයේදී මෙම ප්‍රවේශය විශාල, දිලිසෙන සහ තාරකා විද්‍යාත්මකව මිල අධික දෘඩාංග තැනීමේ සංස්කෘතියකට මඟ පෑදීය.

දැන් අමෙරිකානු සංස්කෘතියට කාන්දු වූ මෙම මානසිකත්වය ඔවුන්ටම උගුලක් බවට පත්ව ඇත. තවද, ආරක්ෂක කොන්ත්‍රාත්කරුවන්, දේශපාලනඥයින් සහ හමුදා නිලධාරීන්ගේ පුළුල් ජාලයක් මෙම අධික වියදම් පද්ධතියෙන් ඉමහත් ලාභයක් ලබමින් සිටියි. ඩොලර් මිලියනයක මිසයිලයක් දැවැන්ත ආදායමක් සහ දේශපාලන ප්‍රාග්ධනයක් ජනනය කරනු ලබන අතර ඩොලර් 1,000 ක මිසයිලයක් කිසිවක් ජනනය නොකරයි. පද්ධතියම, ලාභදායී, වඩා ඵලදායී විසඳුම් වලට ප්‍රතිරෝධය දැක්වීමට දිරිමත් කර ඇති බව, මහාචාර්ය මහාචාර්ය සුඕකින් අවධාරණය කරයි.

සැබෑ ආයුධය: ජලය

නමුත් මෙම යුද්ධයේ ඩ්‍රෝන් උපාය මාර්ගය යනු වඩා විශාල, වඩාත් භයානක ක්‍රීඩාවක ආරම්භක පියවර පමණි.  මහාචාර්ය සුඕකින්ට අනුව සැබෑ ඉලක්කය ජලයයි. ශුෂ්ක මැද පෙරදිග, පැවැත්ම රඳා පවතින්නේ මුහුදු ජලයෙන් ලවණ ඉවත් කිරීමේ කම්හල් මත ය. ලුණු මිශ්‍රිත ජලය නැවුම් පානීය ජලය බවට පත් කරන යෝධ, ස්ථාවර යන්ත්‍ර මගින් කලාපයේ ජල ආතති මට්ටම් ගණිතමය වශයෙන් එළිදරව් කරයි. කැනඩාව වැනි රටක් ස්වභාව ධර්මය සපයන ප්‍රමාණයට වඩා අඩු ජලය ප්‍රමානයක් භාවිතා කරන රටක් වන අතර අතර, ඩුබායි ක්‍රියාත්මක වන්නේ විශ්මයජනක 17,000% ක ජල පීඩා අගයක් මතය. එනම් එහි ජල අවශ්‍යතාවය පියවා ගැනීම සම්පූර්ණයෙන්ම පාහේ ලවණ ඉවත් කිරීමේ කම්හල් වල යන්ත්‍ර මත රඳා පවතී.

ඩොලර් 50,000 ක ඩ්‍රෝන යානයක්  යොදවා ඩොලර් බිලියන ගණනක ලවණ ඉවත් කිරීමේ කම්හලක් විනාශ කළ විට ඩුබායි නගරයට කුමක් සිදුවේද?.හදිසියේම, මිලියන සංඛ්‍යාත ජනතාවට ජලය නැත. පානීය ජලය නැත, වගාබිම් නැත, ඒ අනුව කිසිදු ජීවිතයක් නැත. ඉරානයට අහසේ සිදුවන බලු පොරයක් ජය ගැනීමට අවශ්‍ය නැත. ඔවුනට අවශ්‍ය වන්නේ යන්ත්‍ර බිඳ දැමීම පමණි. මෙම "ජල බෝම්බය" ජාතියක මූලික අවශ්‍යතාවයට ඔවුන් සතු ලාභම ආයුධයෙන් පහර දීමේ උපාය මාර්ගයකි.

ප්‍රති-ප්‍රහාරය: බෙදීම සහ විනාශය

ඉරානයට තමන්ගේම වූ අවදානම් නොමැතිවාම නොවේ. ඔවුනට තිබෙන ජල පීඩාව තීරණාත්මක 72% ක මට්ටමක පවතී. ඉරානයේ ජල පීඩාව කෙතරම්ද යත් වරක් ලෝකයේ හයවන විශාලතම ලුණු ජල විල වූ උර්මියා විල සම්පූර්ණයෙන්ම පාහේ අතුරුදහන් වීමෙන් සනාථ වේ. ඉරානය යනු කුර්දි, අරාබි සහ තුර්කි ඇතුළු ජනවාර්ගික කණ්ඩායම්වලින් අණ්ඩ දැමූ පොරවනයක් වැනිය.

ඇමරිකාව සහ ඊශ්‍රායලය මෙම ඉරිතැලීම් පිළිබඳව හොඳින්ම දන්නා බවත් ඒවා භාවිත කිරීමට අඳුරු සැලැස්මක් ඇති බවත් මහාචාර්ය ජියැං සුඕකින් පෙන්වා දෙයි. ඉරානයේ ජල මූලාශ්‍ර වියළීම, වාර්ගික ආතතීන් අවුලුවාලීම සහ ඉරානය සටන් කරන කණ්ඩායම් බවට ඵලදායී ලෙස බිඳ දැමීම මෙම අඳුරු සැලැස්මට අයත් වේ. එහි ඉලක්කය වන්නේ කලාපීය තර්ජනයක් එල්ල කිරීමට තරම් බලයකින් ඉරානය තමන් සමඟ සටන් කිරීමට නොහැකි ලෙස ඕනෑවට වඩා කාර්යබහුල කර තැබීමයි.

ඉරාන චෙස් ක්‍රීඩකයාගේ තීරණාත්මක චෙස් ඉත්තා ඇදීම: පැක්ස් ඉස්ලාමිකා හෙවත් ඉස්ලාමීය සාමය

කෙසේ වෙතත්, ඉරානය විනාශ වීමට ඉඩ දී ඉරාන බලධාරීන් බලා සිටින්නේ නැත. එහි ප්‍රති-උපායමාර්ගය ද ඒ හා සමානවම නිර්භීත ය. එනම් ගෝලීයව ඉස්ලාම් ජනයා ආගමික හා දේශපාලනික වශයෙන් නැවත සකස් කිරීමකි. ඇමරිකානු බලපෑමට එරෙහිව ලෝකයේ ෂියා මුස්ලිම් ජනගහනය එක්සත් කිරීම ඉරානයේ අරමුණයි. පකිස්ථානයේ සහ ඉරාකයේ ඇමරිකානු තානාපති කාර්යාලවලට ප්‍රහාර එල්ල කිරීමත් සමඟ අපි දැනටමත් ප්‍රතිඵල දකිමින් සිටිමු.

නමුත් ඉරානයේ අවසාන ඉලක්කය ඊටත් වඩා උන්නතිකාමී වන්නේය. සුන්නි බහුතර රටවල සාමාන්‍ය ජනතාවගේ කෝපය ඔවුන්ගේ එක්සත් ජනපද පිටුබලය ලබන ඒකාධිපතිත්වයන්ට එරෙහිව යොමු කිරීම එම අභිලාශයන් අතර ප්‍රමුඛ වේ. මෙම මුස්ලිම් ජනගහනයන්ට නැගිටීමට උදව් කිරීමෙන්, ඉරානය එක්සත් මුස්ලිම් ලෝකයක නායකයා ලෙස, ඇමරිකානු පාලනයෙන් තොර ඉස්ලාමීය ස්වර්ණමය යුගයක් ලෙස තමන්ව වර නංවා ගනී. මෙම සිහිනයට නමක් ඇත. එය පැක්ස් ඉස්ලාමිකා හෙවත් ඉස්ලාමීය සාමය වන්නේය.

අවසාන ක්‍රීඩාව: කාසි කැටය බිඳ දැමීම

ඩ්‍රෝන යානා, ජල යුද්ධ, ආගමික නැගිටීම් යන මේ සියලු නූල් එක් අවසාන ඉලක්කයකට මඟ පාදයි. එනම් ගල්ෆ් සහයෝගිතා කවුන්සිලයේ (GCC) විනාශ කිරීමයි. සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු ධනවත් ගල්ෆ් රාජ්‍යයන්ගෙන් සමන්විත මෙම ගල්ෆ් සහයෝගිතා කවුන්සිලය ඇමරිකානු ආර්ථිකයේ මූල්‍ය එන්ජිම වන්නේය.

මහාචාර්ය සුඕකින් විස්තර කරන පරිදි දාම ප්‍රතික්‍රියාව පහත පරිදිය.

1)ඩොලර් චක්‍රය: ගල්ෆ් සහයෝගිතා කවුන්සිලයේ රටවල් ඔවුන්ගේ තෙල් ඇමරිකානු ඩොලර් වලින් විකුණන අතර එය ඇමරිකානු මුදල් ගෝලීය වශයෙන් ආධිපත්‍යය දරයි.

2) ආයෝජනය: ඉන්පසු ඔවුන් එම බිලියන ගණනක පෙට්‍රෝඩොලර් ඇමරිකානු කොටස් වෙළඳපොළට නැවත ආයෝජනය කරන අතර ඇපල්, ගූගල් සහ එන්වීඩියා වැනි දැවැන්තයින්ට මුක්කුවක් ලෙස ක්‍රියා කරයි.

3) භේද වීම: ඉරානය ගල්ෆ් සහයෝගිතා කවුන්සිලයේ යටිතල පහසුකම් වලට එනම් ඔවුන්ගේ තෙල් නිධි සහ ලවණ ඉවත් කිරීමේ කම්හල්  වලට පහර දෙනු ලැබුවහොත් ඛනිජ තෙල් ප්‍රවාහය නතර වේ. ඊට සමාන්තරව ඩොලර් ප්‍රවාහය නතර වේ.

4) බිඳවැටීම: ගල්ෆ් සහයෝගිතා කවුන්සිලයේ සාමාජික රාජ්‍යන්ගේ ආර්ථිකයන් වටලා ඇති බැවින්, ගල්ෆ් රාජ්‍යයන්ට වෝල් වීදියේ ආයෝජනය කිරීමට මුදල් නොමැත. ඔවුන් ඒ සියල්ල පැවැත්ම සඳහා වියදම් කළ යුතුය. ඇමරිකාවේ කොටස් වෙළඳපොලට ලැබෙන ප්‍රධාන මුදල් ආධාරය අහිමි වුවහොත් එය විනාශයට බඳුන් වේ. එම විනාශය ඇමරිකා එක්සත් ජනපද ආර්ථිකයටද නරක ලෙස බලපානු ලබයි.

“ඉරානයට එක සොල්දාදුවෙකුවත් ඇමරිකානු භූමියට යැවීමට අවශ්‍ය නැහැ.” මහාචාර්ය සුඕකින් පවසයි. “ඉරානයට කළ යුත්තේ දාමය බිඳ දැමීම පමණයි.”

මෙය හුදකලා ගැටුමක් නොවේ. එය ගෝලීය "ඩොමිනෝ" ක්‍රීඩාවකි.මහාචාර්ය සුඕකින්ට අනුව බිඳ වැටුණු ගල්ෆ් සහයෝගිතා කවුන්සිලය යුරෝපය ශක්තියෙන් තොරව තබනු ඇත. යුරෝපයටද සටනට අවතීර්ණ වීමට බල කරනු ඇත.මක් නිසාද යත් යුක්රේනය  දැනටමත් රුසියාව සමඟ යුද්ධයකට එළැඹී සිටින බැවිනි. අනාගත ආක්‍රමණවලට එරෙහිව ඉරානය තමන්ගේම පලිහක් ලෙස දකින රුසියාවද එම සටනට ඈඳෙනු ඇත. තවද එම ගැටුමේදී චීනයට පැත්තකින් සිට බලා සිටීමට ඉඩ හරින අතර,චීනය අවසාන ජයග්‍රාහකයා සමඟ ව්‍යාපාර කිරීමට සූදානම් වනු ඇත.

මහාචාර්ය ජියැං සුඕකින් විසින් සකස් කරන ලද ආඛ්‍යානය බලයේ ස්වභාවය මූලික වශයෙන් වෙනස් වී ඇති ලෝකයක චිත්‍රයක් පින්තාරු කරනු ලබයි. ජයග්‍රහණය තවදුරටත් විශාලතම බෝම්බය ඇත්තේ කා සතුවද යන්න නොව, ලාභම මෙවලම් සමඟ බුද්ධිමත්ම ආර්ථික යුද්ධයක් කළ හැක්කේ කාටද යන්න මත රඳා පවතිනු ඇත. මෙම "මොළ සටනේ" ප්‍රතිඵලය ඉරානයේ සහ ඇමරිකාවේ ඉරණම තීරණය කරනවා පමණක් නොව, පෘථිවියේ සෑම කෙනෙකුටම බලශක්තිය, ආහාර සහ ගෝලීය ආර්ථිකයේ ස්ථාවරත්වයේ මිල නියම කරනු ඇත. අවසාන පරිච්ඡේදය තවමත් ලියා නොමැති අතර, මහාචාර්ය ජියැං සුඕකින් අනතුරු අඟවන පරිදි, සහතික කළ සතුටුදායක අවසානයක් නම් නොමැත.


මහාචාර්ය ජියැං සුඕකින් යනු චීන-කැනඩා අධ්‍යාපනඥයෙක්, ලේඛකයෙක්, ඉතිහාසඥයෙක් සහ භූ දේශපාලනික විචාරකයෙකු ලෙස කටයුතු කරන්නෙකි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ ඔහුගේ කටයුතු සහ ඉතිහාසය, උපායමාර්ග සහ ගෝලීය දේශපාලනය පිළිබඳ ඔහුගේ ජනප්‍රිය මාර්ගගත දේශන සඳහා ඔහු ලෝක් ප්‍රසිද්ධ වූ බුද්ධිමතෙකි.

මහාචාර්ය ජියැං සුඕකින්ගේ අන්තර් ජාල දේශනයක් ඇසුරෙන් සකස් කළේ ජීවන්ත ජයතිස්ස

සම්බන්ධිත පුවත් | Related News

මෑතකදී ආනයනය කරන ලද ප්‍රමිතියෙන් තොර බාල ගල්අඟුරු හේතුවෙන් රටට රුපියල් බිලියන 15.765 ක මුළු මූල්‍ය අලාභයක් සිදුව ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.
මොරටුව හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු තිලිණ ගමගේ මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.
අතුරුගිරිය නගරයේ 170 බස් නැවතුම්පොළ ඉදිරිපිටදී මෙට්‍රෝ වර්ගයේ බස් රථයක ගැටුණු පුද්ගලික බස් රථයට තාවකාලික ධාවන තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
මාගම්පුර වරාය පරිශ්‍රය ආශ්‍රිත ප්‍රදේශය පිරිසිදු කර ගැනීම සඳහා එහි ගොඩගසා තිබූ කළුගල් තොගයක් මාලදිවයින වෙත අපනයනය කිරීමට 2024 වසරේදී පෞද්ගලික සමාගමකට එක්වරක් පමණක් වලංගු වන විශේෂ බලපත්‍රයක් නිකුත් කර තිබූ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයන් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයන් අතර විශේෂ හමුවක් අද (09) පෙරවරුවේ පවත්වා තිබේ.
බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
සිරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසදාර හිමිට ජනපති පොදු සමාව ලබා දෙන ලෙස ඉල්ලා අත්සන් ලක්ෂ 50කින් යුත් පෙත්සමකට ජනතා අත්සන් ලබා ගැනීම අද (09) දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින් පැවැත්වේ.
ග්‍රීක බැඳුම්කර සිද්ධියට අදාළව තමන්ට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ගොනුකර තිබෙන නඩුව අභියෝගයට ලක් කරමින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගෙන තිබේ.
රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

ප්‍රධාන පුවත්

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.