News Category
From Date
To Date
Maximum Number of Result

සිරිත් විරිත් හඳුනන්නේ නැති, තැන්තැන්වල රස්තියාදු ගසමින් සිටි අසංස්කෘතික මිනිසුන් පිරිසක් රජය මෙහෙයවමින් සිටින බවත්, රටේ සංස්කෘතික කටයුතු භාරව සිටින අමාත්‍යවරයා රටේ සංස්කෘතික කාරණාවලට අවඥාවෙන් සිනාසුනු පුද්ගලයකු බවත් හිටපු අමාත්‍ය, ආචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

වත්මන් රජය මේ වන විට බිය තුනකින් හෙවත් ‘තුම්බියකින්’ පෙළෙමින් සිටින බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

සෘජු මිලිටරි ප්‍රහාරයකට ලක්ව සිටියදී ඉස්ලාමීය ජනරජයට ස්ථාවරත්වය ප්‍රක්ෂේපණය කළ හැකිද යන්න පිළිබඳව ඉරානයේ නව නායකයා නිකුත් කළ නිවේදනය සැමවිටම පරීක්ෂණයට ලක් වනු ඇත.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය 9 වනදා රාත්‍රියේ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ට කළ දුරකථන ඇමතුම පැහැදිලිවම එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඉරානයට එරෙහිව දියත් කර ඇති යුද්ධයේදී දැනටමත් මතුවීමට පටන් ගෙන ඇති උපායමාර්ගික අවුල් සහගත තත්ත්වයෙන් මිදීමට මාර්ගයක් සෙවීමේ උත්සාහයකි.

ඉන්ධන මිල අසාධාරණ ලෙස ඉහළ දැමීම හරහා වත්මන් රජය ජනතාව මත දැඩි පීඩනයක් පටවා ඇති බවත්, විපක්ෂයේ සිටියදී බදු අඩු කරන ලෙස හඬ නැඟූ පිරිස් අද බලයට පැමිණ පරණ පොරොන්දු අමතක කර "බබා පාර්ට්" දමමින් සිටින බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අද (11) බත්තරමුල්ලේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී කියා සිටියේය.

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සිරදඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු විසින් එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනා විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) අවසන් කළේය.

අමෙරිකානු දේශපාලන කරළිය උඩුයටිකුරු කරමින්, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වහාම ධූරයෙන් ඉවත් කරන ලෙස අමෙරිකානු සෙනෙට් මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.

දැනට රටේ විදුලි පද්ධතිය තුළ ඇති වී තිබෙන ගැටළු මඟහරවා ගැනීම සහ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය විසින් ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අවසන් කර ගැනීම පිළිබඳ ස්ථාවරය පැහැදිලි කරමින් ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය විසින් බලශක්ති අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කර තිබේ.

කොවිඩ් වසංගතයත් සමග චීනය සහ උතුරු කොරියාව අතර වසර හයක් තිස්සේ නවතා දමා තිබූ මගී දුම්රිය සේවය හෙට (12) සිට යළි ආරම්භ කිරීමට නියමිතව තිබේ.


ප්‍රධාන පුවත්

අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි

අනුරාධපුර පූජා නගරය ගොඩනැගීම සඳහා විශාල ආධාර මුදලක් ඉදිරියේදී ඉන්දියානු රජයෙන් ලැබීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..

මාලිමාවට රැවටී තමන් වහන්සේද මාලිමාවට ඡන්දය දුන් බවත්, රට හදනවා කියා, උගන්ඩාවේ සල්ලි ගේනවා කියා, දූෂණ වංචා නොකරනවා කියා, ජනතාවට නැති කිසිවක් අපිට එපා කියා, ජනතාව අන්දවා ඡන්දය ගත් හැටි අද හොඳින් අවබෝධවී ඇති බවත් මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමියෝ පවසති.

රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි

ඇමරිකාව සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ මතු වී ඇති දැඩි ඉන්ධන හිඟයට විසඳුමක් ලෙස, රුසියාව සහ එක්සත් ජනපදය අතර සුවිශේෂී සහ ඓතිහාසික බලශක්ති ගිවිසුමකට එළඹ තිබේ.

2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..

කොළඹ රිච්වේ ආර්යා ළමා රෝහලට දානපතියන්ගේ පරිත්‍යාග ඉල්ලා සිටින ලේඛන රෝහලේ වෙබ් අඩවියේ පසුගිය ඔක්තෝබර් මස 5 දා දක්වා ප්‍රදර්ශනය කර තිබූ බවත්, මේ පිළිබඳව ජනමාධ්‍යයට පැවසූ පසු එම වෙබ්අඩවිය අවහිර කර සෞඛ්‍ය අමාත්‍යවරයාත් අදාළ රෝහලේ අධ්‍යක්ෂකවරයාත් මෙම වෙබ් අඩවියේ ඇත්තේ 2022 වසරට අයත් තොරතුරු බවට පවසන බවත්, එහෙත් 2026 ඔක්තෝම්බර් 5 දක්වා තොරතුරු මෙහි අන්තර්ගතව තිබූ බව සාක්ෂි සහිතව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් කළ බවත් වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.

ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීමේ තීරණය ගනු ලැබුවේ මහා සංඝරත්නය, අමාත්‍යවරුන් සහ එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ පැවති පුළුල් සාකච්ඡාවලින් අනතුරුව බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..

පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කර වෙනත් ඇඳුමකින් සැරසවීම බන්ධනාගාර නීති හා ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසන්නේ, බලවත් ජාතීන්ගේ අවශ්‍යතා මත වර්තමානයේ ලෝකය සහ කලාපය ගමන් කරන මාවත ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් කෙළවර වීමට ඉඩ ඇති බවයි.

ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..

සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව" සහ "නිදහසේ පාද යාත්‍රාව" අද (10) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අබියසින් ආරම්භ විය.

බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..

​නවනීදන් පිල්ලේ (Navi Pillay) මහත්මියට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම සහ ඊට පසුව ඇමරිකා එක්සත් ජනපදය විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (ICC) එරෙහිව සම්බාධක පැනවීම, ජාත්‍යන්තර මානව හිමිකම් පද්ධතියේ පවතින ද්විත්ව ප්‍රමිතීන් (Double Standards) සහ බලදේශපාලනයේ හැඩගැස්ම විදහාපාන වැදගත් සංසිද්ධියකි.

බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?

බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.