News Category
From Date
To Date
Maximum Number of Result

හොරකමේ සහ බැරිකමේ වන්දි ජනතාව මත පටවමින් “බුන්වත් ආණ්ඩුව” දැන් “සුන්බුන් විපක්ෂයෙන්” දක්ෂයෝ හිගමනේ යනවා... - විමල් කියයි..

May 12, 2026 at 03:43 PM
|

වර්තමාන පුනරුද ආණ්ඩුව බලයට පත්වීමට පෙර ජනතාවට බොරු කියමින්, ඔවුන් තුළ දහසකුත් එකක් බලාපොරොත්තු මෝදු කරමින් ජනතාවට ලබා දුන් බොරු පොරොන්දු සියල්ල අද “බියකරු මායාකාරී සිහින” ලෙස බිඳවැටී ඇති බවත්, වැඩ බැරි “ජනාධිපති හා ආණ්ඩුව” අද වන විට හොරකමින්, අල්ලසෙන්, දූෂණයෙන් හා නාස්තියෙන් පිරි තම අසාර්ථක පාලන ක්‍රමය ගොඩ ගැනීමට විපක්ෂයේ සහාය යදිමින් සිටින බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. 

අද 12 වනදා පෙරවරුවේ මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේදී විමල් වීරවංශ මේ බව පැහැදිලි කළේ වත්මන් ජනාධිපති බලයට ඒමට පෙර ජනතාව හමුවේ තැබූ පොරොන්දු ඉටුකරදීම සදහා මෙන්ම දිනෙන් දින ගරා වැටෙමින් පවතින ආර්ථිකය ගොඩ ගැනීම සදහා අද “සුන්බුන් විපක්ෂය” යන්වෙන් ගර්හාවට ලක්කළ කණ්ඩායමේ “දක්ෂයන් යැයි” හදුන්වන පිරිසක සහාය යදින තත්ත්වයකට පත්ව ඇති බව විමල් වීරවංශ පෙන්වා දෙයි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය.

"අනුර කුමාර දිසානායක මහතා බලයට එන්න පෙර කිව්වේ හොරකම සහ නාස්තිය නැති කර විදුලි බිල 33%කින් අඩු කරනවා කියායි. නමුත් අද සිදුව ඇත්තේ කුමක්ද? 2025 ජනවාරි මාසයේ රුපියල් 24.20ක්ව තිබූ විදුලි ඒකකයක මිල අද වන විට රුපියල් 37.26ක් දක්වා 54%කින් ඉහළ දමා තිබෙනවා. සිංහල අවුරුද්දෙන් පසු අවස්ථා දෙකකදී විදුලි බිල වැඩි කරමින් මධ්‍යම පාන්තිකයාගේ සහ කර්මාන්තකරුවාගේ කොන්ද කඩා දමා තිබෙනවා."

සුනිත්‍ය බලශක්ති උත්පාදනය ආණ්ඩුව විසින් සිතාමතාම අධෛර්යවත් කරන බවට චෝදනා කළ වීරවංශ මහතා, පෞද්ගලික අංශයේ පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදකයන්ට ගෙවිය යුතු රුපියල් බිලියන 10ක මුදල මේ වනවිට නොගෙවා ඔවුන් ව්‍යාපාරයෙන් ඉවත් කිරීමට ආණ්ඩුව කුමන්ත්‍රණය කරන බවද පැවසීය. මේ හරහා “පොසිල ඉන්ධන මාෆියාව” සහ “ඩබල් පොකට්” දේශපාලනඥයන් තම මඩි තර කරගන්නා බවත්, බාල ගල්අඟුරු ආනයනය හේතුවෙන් සිදුවන අධික ප්‍රමාද ගාස්තු සහ පාඩුව ජනතාව මත පටවා ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.

“මේ වෙනකොටත් ජාතික විදුලිබල පද්ධතියට තමන් නිපදවන සුනිත්‍ය විදුලි බලය ලබා දී තිබෙන ඒ සුනිත්‍ය විදුලි බල නිෂ්පාදකයන්ට රුපියල් බිලියන 10කට වඩා මුදලක් ගෙවන්නේ නැතුව කල් මරමින් ඉන්නවා විදුලිබල මණ්ඩලය. ඒ මගිනුත් කරන්නේ සුනිත්‍ය විදුලි බලය නිපදවන ඒ පෞද්ගලික අංශයේ නිෂ්පාදකයන්ව අධෛර්යයට පත් කරන එක, ඒ ව්‍යාපාරයෙන් පලවා හැරීම. මෙහෙම කරලා පිරිවැය අඩු විදුලිය ජනනය කරන ක්‍රම වලට ප්‍රමුඛත්වය දෙනවා වෙනුවට, ඒවා අධෛර්යයට පත් කරලා, ඒවාට නොතිබුණු බදු අය කරලා, ඒවා නිපදවන මිනිස්සුන්ට ගෙවන ගෙවීම් ප්‍රමාද කරලා තවදුරටත් කරන්නේ පොසිල ඉන්ධන මාෆියාවේ බඩ කට පුරවන එක, ඒ මඟින් තමන්ගේ ඩබල් පොකට් එක පුරවා ගන්න එක. ඒක තමයි ප්‍රධාන හේතුව.

අනිත් එක තමයි මේ රටේ බාල ගල්අඟුරු ගෙනල්ලා ඒ බාල ගල්අඟුරු වලින් නියමිත විදුලි ඒකක නිපදවා ගන්න බැරි වෙලා, ඒ බැරි වෙච්ච ප්‍රමාණය නිපදවන්න ඩීසල් අධික මිලට අරගෙන ඒ ඩීසල් වලින් විදුලිය නිපදවන්න ගියාම පිරිවැය වැඩි වෙන එක වළක්වන්න බැහැ. බාල ගල්අඟුරු ගේන බාල සමාගම තෝරාගත්තේ කවුද? බාල ගල්අඟුරු ගෙනත් දීලා දැන් අද ගණන් හදාගෙන ඉන්නවා නොරොච්චෝල බලාගාරය ගිය මොහොතේ. එක නැවක් බාන්න දවස් හයක් හතක් යනවා වාරකම් වෙලාවේ. නැවෙන් 20%ක් පමණ මුහුදට වැටෙනවා. නැව් පහක් බෑවොත් එක නැවක් මුහුදේ. 

ඒ නැව් ටික බානකල් අනිත් නැව් ටික තියාගෙන ඉන්නවා, ප්‍රමාද ගාස්තු ගෙවනවා ඇමෙරිකානු ඩොලර් වලින්. මේ කාගේ සල්ලිද? 'ඩබල් පොකට්' ගමෙන් ගෙනාපු සල්ලිද? තමුන්ගේ ගමින් අරන් ආපු සල්ලිද?”

රටේ ආර්ථික කළමනාකරණය පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, රනිල් වික්‍රමසිංහ මහතා රට භාර දෙන විට 293ක්ව තිබූ ඩොලරයේ අගය අද 325 ඉක්මවා ගොස් ඇති බවයි. රුපියල අවප්‍රමාණය වීම නිසා පමණක් මෙරට ණය බර රුපියල් බිලියන 1,257කින් ඉහළ ගොස් ඇති බවත්, මූල්‍ය පාලනයක් නොමැති මහ බැංකු නිලධාරීන් ලක්ෂ ගණනින් පඩි ලබමින් සිටින බවත් වීරවංශ මහතා සඳහන් කළේය.

"එදා සාම්පූර් බලාගාරයට විරුද්ධව උසාවි ගිය, උද්ඝෝෂණය කරපු අයම අද ලැජ්ජාවක් නැතිව ඉන්දීය අගමැතිවරයා සමඟ එක්ව එම බලාගාරයටම මුල්ගල් තබනවා. තමන් 'සුන්බුන්' සහ 'වල් පැළ' ලෙස හැඳින්වූ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට අද ආණ්ඩුවට එකතු වෙන්න කියලා ආරාධනා කරන්නේ ආණ්ඩුව පාලනය කරගත නොහැකිව හතරගාතයෙන් වැටී ඇති නිසයි. මේක දැන් බුන්වත් ආණ්ඩුවක්."

මෙම පීඩාකාරී බදු බරට සහ ජීවන බරට එරෙහිව පාරට බැසීමට සූදානම් වන ලෙසත්, මෙම 'බුන්වත්' ආණ්ඩුව පන්නා දමන තෙක් අරගල කළ යුතු බවත් විමල් වීරවංශ මහතා මෙහිදී ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

සම්බන්ධිත පුවත් | Related News

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.
ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල වැඩසටහන යටතේ ස්වයං රැකියා අවස්ථා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සබන් නිෂ්පාදනය සහ පාපිසි නිෂ්පාදනය පිළිබඳ පුහුණු වැඩසටහන් දෙකක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් නවනීදම් පිල්ලේ 2026 වසරේ නොබෙල් සාම ත්‍යාගයෙන් අද (9) පිදුම් ලැබීය.
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව අද (09) පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය වෙත භාර දී තිබේ.
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට, අභියාචනාධිකරණය දුන් නියෝගයට එරෙහිව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
මෑතකදී ආනයනය කරන ලද ප්‍රමිතියෙන් තොර බාල ගල්අඟුරු හේතුවෙන් රටට රුපියල් බිලියන 15.765 ක මුළු මූල්‍ය අලාභයක් සිදුව ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.
මොරටුව හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු තිලිණ ගමගේ මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.
අතුරුගිරිය නගරයේ 170 බස් නැවතුම්පොළ ඉදිරිපිටදී මෙට්‍රෝ වර්ගයේ බස් රථයක ගැටුණු පුද්ගලික බස් රථයට තාවකාලික ධාවන තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

ප්‍රධාන පුවත්

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.