News Category
From Date
To Date
Maximum Number of Result

තම පක්ෂයේ කිසිවෙකුට වත්කම් බැරකම් පිළිබඳ ප්‍රකාශයක් ලබා දීමට අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට පැමිණෙන ලෙස දන්වා නැති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.

ලබන වසර සුභ වෙන්න ප්‍රාර්ථනා කළ ද ලබන අවුරුද්දේ විශාල බාහිර කම්පනයකට මුහුණ දීමට සිදුවන බවත්, දැන් ඉන්නේ ණය නොගෙවන කාල සීමාවක වුවත් 2028 දී ණය ගෙවීමට ශ්‍රී ලංකාව පොරොන්දු වී ඇති බවත් හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

නාවලපිටිය, ගඟ ඉහළ කෝරළය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු කණ්ඩායමක් තමන්ට පහර දුන් බවට ව්‍යාපාරිකයෙකු විසින් කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

දිට්වා සුළිකුණාටුව පහව ගොස් මාසයක් ඉක්මගොස් ඇති නමුත් ඊයේ (29දා) වනවිටත් පවුල් 87,141 ක පුද්ගලයන් තුන්ලක්‍ෂ එක්දහස් අටසිය හැත්තෑ පහක් (301,875) ආරක්‍ෂිත මධ්‍යස්ථාන, ඥාති නිවාස හෝ මිතුරන්ගේ නිවාසවල රැඳීසිටින බවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට වාර්තා වී ඇත.

බංග්ලාදේශයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි එරට හිටපු අග්‍රාමාත්‍යවරියක වන කලීඩා සියා ජීවිතක්ෂයට පත්ව තිබේ.

විගණකාධිපතිවරයා පත් කිරීම සඳහා ජනාධිපතිවරයා කල් බලමින් සිටින්නේ ව්‍යවස්ථා සභාවේ සිටින සිවිල් සමාජ නියෝජිතයින්ගේ කාලය අවසන් වනතුරු බව පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු අමාත්‍යය උදය ගම්මන්පිල චෝදනා කරයි.

යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම හරහා රටේ දරු පරපුරත්, වත්මන් ආණ්ඩුවත් යන දෙකම විනාශ වන බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.

මහජන සෞඛ්‍යයට හානි වන අයුරින් විකෘති සහගත තොරතුරු හා ප්‍රවෘත්ති ප්‍රචාරය කරන මාධ්‍ය ආයතනවල විකාශන බලපත්‍ර අවලංගු කිරීමට පසුබට නොවන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරයි. උත්සව සභාවක් අමතමින් අමාත්‍යවරයා කියා සිටියේ, ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් ලබා දෙන විකාශන බලපත්‍ර තාවකාලික ඒවා බවත්, ඒවා අවලංගු කිරීමේ නීත්‍යානුකූල බලය විෂයභාර අමාත්‍යවරයා සතු වන බවත්ය.

දිට්වා සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාවට ලැබුණු ජාත්‍යන්තර ආධාර පිළිබඳව මාධ්‍ය වාර්තාකරණයේදී රුසියානු මානුෂීය ආධාර නොසලකා හැරීම පිළිබඳව ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලය සිය අවධානය යොමු කර ඇති බව වාර්තාවේ.


ප්‍රධාන පුවත්

ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ සඳහා රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටින හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත්වෙන සත්‍යග්‍රහයට අද (08) ඔහුගේ මව සහභාගී විය.

ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"

පසුගියදා පිලිපීනයේ චීන තානාපති කාර්යාලය නැවත වරක් අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් සඳහන් කළේ, පිලිපීන හමුදා සහ නීතිය බලාත්මක කිරීමේ ආයතන විසින් පිලිපීනයේ වෙසෙන චීන පුරවැසියන් සහ ව්‍යවසායන් ඉලක්ක කරගනිමින් සිදු කරන පරීක්ෂා කිරීම්, හිරිහැර කිරීම් සහ තෝරා බේරා නීතිය බලාත්මක කිරීම් වැඩි වැඩියෙන් සිදුවන බවයි.

සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධානය කළ සත්‍යග්‍රහය අද (08) කොළඹ කොටුව දුම්රිය පොළ පරිශ්‍රයේදී ආරම්භ විය.

සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර වෙත ලිපියක් යොමු කර තිබේ.

මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් ජානිපෙ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සිය මුහුණු පොතේ තබා ඇති සටහනක් පහළින්..

සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..

තමන්ගේ මරණය ආසන්න බව හැඟෙන බැවින් දෑස් දන්දීමට හා සිය අවසන් කැමැති පත්‍රය සැකසීමට අවශ්‍ය ලිපිලේඛන රැගෙන කඩිනමින් එන්නැයි සුරේෂ් සලේ මහතා දැනුම්දුන් බව ඔහුගේ නීතිඥයින් ඊයේ (07) අනාවරණ කර තිබිණි.

වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්

ශ්‍රී ලංකාවේ යුරෝපීය සංගමයේ නියෝජිත කණ්ඩායම විසින් "X" (ට්විටර්) සමාජ මාධ්‍ය තුළ රුසියානු සමූහාණ්ඩුවට එරෙහි කරන ලද නොමඟ යවන තොරතුරු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

යාපනයේ ජාතිව‍ාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්

යාපනය විශ්ව විද්‍යාලයේ වෙසක් උත්සවය සැමරීම වෙනුවෙන් නිර්මාණය කළ වෙසක් කූඩුවක් විනාශ කිරීම සම්බන්ධයෙන් තමන් මුලින්ම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අදාළ සිදුවීම වාර්තා කළ බවත්, මෙම සිදුවීම පාදක කරගනිමින් තමන් ජාතිවාදය අවුස්සන බවට කිහිපදෙනෙකු විසින් ප්‍රකාශ කර ඇති බවත්, එම ප්‍රකාශ හෙළාදකින බවත් යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ අරුන් සිද්ධාර්ත් මහතා පවසයි.

ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

බෙදුම්වාදීන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ආණ්ඩුවත් විපක්ෂයත් බරපතළ ලෙස මානසික බාධක පනවාගෙන සිටින බවත්, එල්.ටී.ටී.ඊ කොටි ත්‍රස්තයන් සැමරීම ඔවුන් විසින් කිසිඳු බාධාවකින් තොරව පාර්ලිමේන්තුව තුළ දී පවා සිදුකරමින් සිටින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.