නරේන්ද්‍ර මෝදිට සහ අධ්‍යාපන අමාත්‍යවරයාට ඉල්ලා අස්වන ලෙස දන්වමින් කොංග්‍රස් නායකයෝ දිල්ලියේදී විරෝධතාවයක..
ජාතික මට්ටමේ තරගකාරී විභාගවල සිදුවූ බව කියන අක්‍රමිකතා සහ ඊට එරෙහිව විරෝධතාවයේ යෙදුණු සිසුන්ට පොලිසිය පහරදීමේ සිද්ධිය මුල් කරගනිමින්, ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ මධ්‍යම අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් වහාම ධුරවලින් ඉල්ලා අස්විය යුතු බවට බල කරමින් කොංග්‍රස් පක්ෂයේ නායකයෝ අද නව දිල්ලියේදී දැවැන්ත විරෝධතාවයක නිරත වූ බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කරයි.
ලෝක් සභාවේ විපක්ෂ නායක රාහුල් ගාන්ධි, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රියංකා ගාන්ධි වද්රා සහ පක්ෂයේ මහලේකම් කේ.සී. වේණුගෝපාල් ඇතුළු ප්‍රධාන පෙළේ විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවස පිහිටි ලොක් කල්‍යාන් මාර්ගය අසලට රැස්ව මෙසේ සිය විරෝධතාව පළ කර තිබේ.
මෙම විරෝධතාවයට පෙර, රාහුල් ගාන්ධි මහතා ඇතුළු සමාජවාදී පක්ෂය, ශිව් සේනා (UBT) ඇතුළු විපක්ෂ සන්ධානයේ නියෝජිත පිරිසක් ලෝක් සභාවේ කථානායක ඕම් බිර්ලා මහතා හමුවී ඇති බවත්, එහිදී ඔවුන් සිසුන්ට එල්ල වූ පොලිස් ප්‍රහාරය සහ රටේ විභාග ක්‍රමවේදයේ පවතින ගැටලු පිළිබඳව පාර්ලිමේන්තුවේදී වහාම විවාදයක් ලබාදෙන ඉල්ලා සිටි බවත් වාර්තා වේ.
කථානායකවරයා හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ විපක්ෂ නායක රාහුල් ගාන්ධි මහතා සඳහන් කර ඇත්තේ, සිසුන් මත සිදුකළ පොලිස් ප්‍රහාරය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා දක්වන නිහඬතාව "ඉන්දියානු නොවන" අයුරින් කටයුතු කිරීමක් බවයි.
"ඊයේ සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් මෝදි මහතා අවම තරමින් කණගාටුවක්වත් පළ කර නැහැ. රටේ අධ්‍යාපන සහ විභාග ක්‍රමවේදය ඇතුළතින්ම විනාශ වී ඇති බව මුළු රටම දන්නවා. ඒ වෙනුවෙන් හඬ නඟන තරුණයන්ගේ හඬ මර්දනය කිරීමටයි රජය උත්සාහ කරන්නේ," යනුවෙන් රාහුල් ගාන්ධි මහතා වැඩිදුරටත් පවසා ඇත.
පසුගියදා විභාග අක්‍රමිකතාවලට එරෙහිව සිසුන් ආරම්භ කළ විරෝධතාවලදී පොලිසිය විසින් කඳුළු ගෑස් සහ පොලු ප්‍රහාර එල්ල කර ඇති අතර, එම සිදුවීමත් සමඟ මධ්‍යම රජය සහ විපක්ෂය අතර පවතින දේශපාලන උණුසුම තවදුරටත් දැඩි වී තිබේ.
මූලාශ්‍ර - Times of India
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..