වෙරළ සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ නිසි අවසරයකින් තොරව ත්‍රිකුණාමලය සම්බුද්ධත්ව ජයන්ති බෝධිරාජ විහාරයට යාබදව බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් තැන්පත් කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රිකුණාමලය පොලිසිය විසින් බලංගොඩ කස්සප හිමිපාණන් ඇතුළු භික්‍ෂූන් වහන්සේ සිව් නමකට හා ප්‍රදේශවාසීන් පිරිසකට එරෙහිව ත්‍රිකුණාමලය පොලිසිය මගින් ගොනුකර ඇති පැමිණිලි ඉදිරියට පවත්වාගෙන යෑම වළක්වමින් නියෝගයක් නිකුත් කරන්නේ ද නැති ද යන නියෝගය ලබන 30 වැනිදා නිකුත් කිරීමට අභියාචනාධිකරණය ඊයේ (22දා) පස්වරුවේ දින නියම කළේය.
අතුරුදහන් වු තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ මුලික විමර්ශන මණ්ඩල ප්‍රධානීන් සහ විමර්ශන මණ්ඩල පළමු කණ්ඩායම් සාමාජිකයින් දැනුවත් කිරීමේ ප්‍රථම පුහුණු වැඩසටහන සහ ඔවුන් මුහුණ දී ඇති ගැටළු පිළිබඳව සාකච්ඡාවක් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතාගේ සහභාගිත්වයෙන් වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ (22) පැවැත් වුණු අතර, එහිදී නීතිපතිවරයා සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ පැතිර යන කතා පිළිබඳව මාධ්‍යවේදින් ප්‍රශ්න කර සිටියේය.
ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) ආණ්ඩුවේ බලවත් අමාත්‍යවරයකු වන ලාල් කාන්ත මහතාගේ ඊයේ (ජනවාරි 21) ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශයන් රටේ බෞද්ධ සම්ප්‍රදායට සහ ප්‍රජාතන්ත්‍රවාදයට බරපතල තර්ජනයක් බවට පත්ව ඇති බවත්, රජය 'රාජ්‍ය බලය' අල්ලා ගැනීමේ කුමන්ත්‍රණකාරී මෙහෙයුමක නිරතව සිටින බවත්, නොරොච්චෝලේ බලාගාරය සඳහා බාල ගල් අඟුරු ආනයනය කිරීමේ ජාවාරමක් පිටුපස රජයේ බලවත් අමාත්‍යවරයකු සිටින බවත් විමල් වීරවංශ මහතා පවසයි.
ප්‍රධාන පුවත්
සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..
සුරේෂ් සලේ රෝගී තත්ත්වයකින් කොළඹ ජාතික රෝහලට..
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
යාපනයේ ජාතිවාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?